Monday, October 6, 2014

Tagged Under: , ,

Akalanka Ganegama disappointment with cricket

By: Prosperity Tech On: 6:20 PM

ක්‍රිකට් ගැන කලකිරීමෙන් මම ලංකාව හැරයනවා - අකලංක ගනේගම

http://www.rivira.lk/online/images/2014/10/05/akalanka%201.jpgඅකලංක ගනේගම කියන්නේ 2001 වර්ෂයේ ජනප්‍රිය ක්‍රිකට් තරුවක්. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙලා තුන් ඉරියව්වෙන් ක්‍රීඩා කළ ඔහු වේග පන්දු යවන්නෙක් හැටියටත් දක්ෂතා දැක්වූවා.
වරින් වර ජාතික කණ්ඩායමට එකතු වුණ අකලංක දැන් ක්‍රිකට් තරුවක් විදියට නමෛයි ජනප්‍රිය. රංගන ශිල්පියෙක් හැටියටයි. පසුගිය කාලයේම ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නම් ලැයිස්තුවට අකලංකගේ නම තහනම් වූ නිසාම අකලංක ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමු අරගෙන විදෙස්ගත වෙන්න සූදානම් කියලා ආරංචියි. ඒ ගැන අකලංක අපිත් එක්ක කතා කළේ මේ විදියටයි.

අකලංක විදෙස්ගත වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ඔබේ නම ඇතුළත් නොවන නිසාද?
ඇත්තටම මට ලංකාවේ ක්‍රිකට් ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ. ඒ නිසා මම තීරණය කළා ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමුගන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමුගත්තාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ නැහැ නේද?
නැහැ. මම ක්‍රිකට්වලට ආදරෙයි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවෙන් දැන්මම සමුගන්නේ නැහැ. මේ වෙනකොට මට රටවල් කිහිපයකින් ඇරයුම් ලැබුණා ක්‍රීඩා කරන්න. මම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමකට එකතුවෙලා ක්‍රීඩා කරන්න බලා‍පොරොත්තු වෙනවා. බොහෝ දුරට මම මේ වසර අවසානයේ දී ඒ කණ්ඩායමට එකතු වෙනවා. කොහොමත් මේ වසර අවසානයේ දී මම විදෙස්ගත වෙනවා. ඒ පදිංචියට.

ශ්‍රී ලංකා සංචිතයට ඔබේ නම ළඟදීම ඇතුළත් වුණොත්?
මගේ නම ඇතුළත් වෙයි කියලා බලා‍පොරොත්තු වෙන්නේ නැහැ. මම ක්‍රිකට්වලින් බැහැරව බාහිර වැඩ කළ නිසා ක්‍රිකට් තේරීම් කමිටුව හිතන්න ඇති මම ක්‍රිකට්වලට උනන්දුවක් නැහැ කියලා. කොහොම වුණත් අවුරුදු දොළහක් තිස්සේ ක්‍රීඩා කළ එන්.සී.සී. ක්‍රීඩා සමාජයෙන් පසුගිය වර්ෂයේ මම ඉවත්වෙලා සී.සී.සී. ක්‍රීඩා සමාජයට එකතු වුණා. දැන් ඒ ක්‍රීඩා සමාජයට පමණයි ක්‍රීඩා කරන්නේ. මේ දිනවල සුපුරුදු විදියට පුහුණුවීම් කරනවා. ඒ වගේම මම 2001 වර්ෂයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වුණත් එක්දින තරග හයකට පමණයි ක්‍රීඩා කළේ. ඊට පස්සේ අවස්ථා කිහිපයකම සංචිතයට නම ඇතුළත් වෙලා විදෙස්ගත වුණත් තරග කරන්න ලැබුණේ නැහැ. ඒ දේවල් එක්ක මට ලොකු කලකිරීමක් ඇති වුණා. ඒ නිසා ගන්න තීරණය වෙනස් කරන්නේ නැහැ.

අකලංක පසුගිය දා විවාහ ගිවිස ගත්තා. විවාහය කියන සංකීර්ණ බැඳීමේ වගකීම දැනෙනවද?
මගේ බිරිඳ ශෂිණි මහබමුණගේ ගනේගම. එයාගේ පදිංචිය ප්‍රංශයේ. තවම ඉගෙන ගන්නවා. ඒ නිසයි විවාහ ගිවිසගෙන එයා ගියේ. මේ අත්දැකීම ඇත්තටම අලුත්. සැහැල්ලුවෙන් තවම ජීවත් වෙනවා. ලොකු වගකීමක් දැනෙන්නේ නැහැ. ඒත් ජීවිතේ ගැන අනාගතය ගැන මට වඩා ශෂිණි වගකීමෙන් හිතනවා. එයා එක්ක ජීවත් වෙන්න පටන්ගත්තාට පස්සේ මමත් ජීවිතේ ගැන මීට වඩා වගකීමෙන් හිතනවා.

විවාහ මංගල උත්සවය ගන්නේ ප්‍රංශයේ ද?
ලබන අවුරුද්දේ අගෝස්තු මාසේ අපේ මංගල උත්සවය පවත්වන්න හිතාගෙන ඉන්නවා. සැලසුම් කරනවා. ඒ ප්‍රංශයේ දී. ඊට පස්සේ ලංකාවේදීත් මංගල උත්සවයක් ගන්න අදහසක් තියෙනවා.

ඇයව හඳුනාගන්න ලැබෙන්නේ කොහොමද කියලත් මතක් කරමු..
එයාව මට මුණගැහෙන්නේ 2012 වර්ෂයේ. එයාගේ නෑදෑ කෙනෙක්ගේ මාර්ගයෙන්. අපි හඳුනාගෙන කතාබහ කළා. යාළුවෝ වගේ හිටියා. මම මගේ ආදරය කිහිප වතාවක් යෝජනා කළා. ඒත් එයා මට කිව්වේ ඉගෙන ගන්න නිසා බැහැ කියලයි. 2013 වර්ෂයේ මම ආයෙමත් යෝජනා කළා. ඒ වෙනකොට අධ්‍යාපන වැඩකටයුතු ටිකක් දුරට ඉවරයි. එයා කැමැති වුණා. ඊට පස්සේ තමයි විවාහ ගිවිසගත්තේ.

අකලංක රංගනයෙන් දායක වුණ නිර්මාණ තියෙනවද?
සින්ඩරෙල්ලා චිත්‍රපටයට පස්සේ රශ්මි කියලා ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. රූගත කරලා ඉවරයි. ඒ නිර්මාණ දෙක විකාශය වෙන්න තියෙනවා. ඊට අමතරව වෙන නිර්මාණ භාරගත්තේ නැහැ.

රංගනයෙනුත් ඉවත් වෙනවද?
යන්න කලින් හොඳ චිත්‍රපටයක් ලැබුණොත් භාරගන්නවා. රංගනයෙනුත් සමුගන්න වෙයි. විදෙස්ගත වුණොත් ආයෙමත් රඟපාන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.
හර්ෂණී වීරරත්න
ඡායාරූප- මීෂා ගුණවර්ධන
http://www.rivira.lk/online/images/2014/10/05/akalanka%203.jpg




(Rivira.lk)

 

0 comments:

Post a Comment