නිළි කවීෂාගේ ජීවිතය උදුරාගත් මාරක රිය අනතුරේ ඡායාරූප - Photos

News, Gossip & Headlines in Sri Lanka. Sinhala & English news in sri lanka. gossipnews, gossip lanka, breaking news today, sinhala gossip, gossip lanka sinhala, lanka hot news, c news, e gossip
''අන්තිම මොහොතේ මගේ පියා ළඟ සිටිය යුතුයැයි මගේ සිත මට බල කළා. ඒ නිසා අපේ ඉරණම වෙනස් වුණා''යැයි එයාර් ඒෂියා ගුවන් යානා විපත සැලවූ විගස ගොරෙටි විදෙස් මාධ්‍ය හා ප්‍රකාශ කර තිබුණේ අවසන් මොහොතේ තම දෛවෝපගත ගමන වෙනස් වූ අන්දම සිහිපත් කරමින් වැලපෙමිනි. ඇය දැන් එයාර් ඒෂියා යානයේ සිය අවසන් ගමන ගිය මගීන් වෙනුවෙන් දුක් වන්නීය.
“එදා අපිට විද්යුත් තැපෑල පරීක්ෂා කිරීම අතපසු වුණා. නියමිත වේලාවට යානයට යන්න බැරිවූ නිසා අපේ පවුලේ දස දෙනාගේ ජීවිත බේරුණා.” යැයි එදා අනූනවයෙන් දිවි බේරාගත් ක්‍රිස්ටියානාවටී පවුලේ සාමාජිකයෙක් එයාර් ඒෂියා ගුවන් අනතුර සැලවූ වහාම බීබීසී මාධ්‍යයට පැවසීය.
බෝයිං වර්ගයේ එයාර් ඒෂියා ගුවන් යානය අනතුරට පත්වන මොහොතේ සුරබයා සිට සිංගප්පූරුව බලා පිටත්වී පැයක් ගතවීමට මත්තෙන් රේඩාර් තිරයෙන් අතුරුදන් විය. ඒ වෙද්දී යානයට ගමනාන්තය කරා ළඟාවීමට ඉතිරිව තිබුණේ පැය දෙකක කාලයකි.
“මං දැල් දාපු මුහුදු සීමාවේ වෙනදා නොදකින රතු පාට සුදු පාට කළු පාට ලෝහ කැබලි වගයක් පාවෙනවා මං දැක්කා.” ඔහු වාසය කරන බෙලින්යු ගම්මානය කරා සවස් යාමයේ පැමිණි මොහොමඩ් පැවසීය. එහෙත් එසේ තමා දුටුවේ ගුවන් යානයක කැබලි බව ඔහු දැන ගත්තේ පසුවය.
“යානයේ යැයි සිතිය හැකි සුන්බුන් සමඟ සිරුරු හත අටක් පාවෙනවා මා දුටුවා. ඉන් සිරුරු තුනක එකිනෙකාගේ අත් අල්ලාගෙන සිටියා” යැයි ඔහු විස්තර කළේය.
එම සුන්බුන් හඳුනා ගැනීමත් සමඟ මැලේසියානු බලධාරීහු ඒවා අතුරුදන් වූ එයාර් ඒෂියා යානයේ සුන්බුන් බවට තහවුරු කළහ.
Get our all latest update from our facebook page, Its free and speedy