Monday, August 22, 2016

Tagged Under: , , ,

Akalanka ganegama speak about his marriage

By: Prosperity Tech On: 2:58 AM

මම ජනප්‍රියයි කියලා දැනගත්ත ගමන් සචිනි ඇඬුවා – අකලංක

ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌, නළුවෙක්‌ වුණ අකලංක ගනේගම පසුගියදා යුග දිවියට එළැඹුණා. මීගමුව ජෙට්‌වින් බීච් හෝටලයේදී වෙනස්‌ම විදිහට තමයි ඔහුගේ විවාහ උත්සවය පැවැත්වුණේ. වෙනස්‌ම විදිහට විවාහ උත්සවය පවත්වපු අකලංකට සවිනිව හමුවෙලා තියෙන්නෙත් හරි අපූරු විදිහට. ඒ ගැන අකලංක අපිත් එක්‌ක කිව්වේ මෙහෙමයි.

අකලංක වැඩිය සද්දබද්දයක්‌ නැතිවම විවාහ වුණා නේද?

කාටවත් නොකියාම වුණේ. මීට අවුරුදු දෙකකට පෙර තමයි, මම විවාහ ගිවිස ගත්තේ. ඒ වෙලාවේ මම කිව්වා අනිවාර්යයෙන්ම 2016 අගෝස්‌තු මාසයේ විවාහ උත්සවය ගන්නවා කියලා. රූපවාහිනි වැඩසටහන්වලදී පවා මම ඔය කතාව කිව්වා.

ඇගේ විස්‌තර ටිකක්‌ කියමු නේද?

ඇය පදිංචිවෙලා ඉන්නේ ප්‍රංශයේ. ඉපදුණේ ප්‍රංශයේ. ඇය නැවතත් විවාහ උත්සවයෙන් පසුව ප්‍රංශය බලා පිටත්වෙනවා.

ඇගේ නම ?

සචිනි

වෘත්තිය ?

විද්‍යාඥවරියක්‌ වීමට අධ්‍යයන කටයුතු වල නිරතවෙලයි ඉන්නේ.

මේ හමුව කොහේදිද සිදුවුණේ ?

ඇයව මුලින්ම මම දුටුවේ ගාලුමුවදොර පිටියේදී. මගේ මිතුරියගේ මාර්ගයෙන් තමයි ඇයව මට හමුවුණේ.

ඒ වෙලාවේ මොකද හිතුණේ?

මුල්ම දවසේ ඇය මාව වැඩිය ගණන් ගත්තේ නැහැ. මාත් ඇයව වැඩිය ගණන් ගත්තේ නැහැ.

පසුව හොඳ යාළුවෝ වුණා කියන්නේ ?

ඔව්. පස්‌සේ කාලයක අපි හොඳ යාළුවෝ වුණා.

කවුද මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ ?
මම තමයි මුලින්ම ඇයට ආදර යෝජනාව ගෙනආවේ.

ඇය එක පයින් කැමැති වුණාද?

අපොයි නැහැ. අපි හොඳ යාළුවෝ විදිහට හිටියේ. ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා තමයි මට ආදරය ප්‍රකාශ කළේ.

කොච්චර කාලයක්‌ ගියාද ආදරෙයි කියන්න?

අවුරුදු එකහමාරක්‌ විතර කාලයක්‌ ගතවුණා ඇය මට ආදරෙයි කියන්න. එතකං අපි හොඳ යාළුවෝ විදිහට තමයි හිටියේ. හැබැයි ඇය දන්නවා මම ඇයට ආදරෙයි කියලා.

ඔබ දකින ඇගේ සුවිශේෂත්වය ?

පොළවේ පයගහලා ජීවත්වන ඉතාම සරල තරුණියක්‌.

ඔබේ ජනප්‍රියත්වය නිසා නෙමෙයිද කැමැති වුණේ ?

අනේ නැහැ. ඇය මට ආදරෙයි කියද්දීවත් දැනගෙන හිටියේ නැහැ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා. අපි හොඳ මිතුරන් වෙලා ඉන්න කාලේදීවත් ඇය මගේ නමවත් දැනගෙන හිටියේ නැහැ. ඇයව දන්නෙත් ලංකාවේ කිහිපදෙනෙක්‌ විතරයි.

එතකොට ජනප්‍රිය චරිතයක්‌ කියලා දැනගත්තේ ?

ඇය අධ්‍යාපන කටයුත අවසන් කරලා ලංකාවට ආවට පස්‌සේ තමයි මට ආදරෙයි කිව්වේ. ඊට පස්‌සේ දෙපැත්තේම ගෙවල්වලින් අපේ ආදර කතාවට කැමැත්ත ප්‍රකාශ කළා. ඊට පසුව ඇය මගෙත් එක්‌ක සමාජයට ගියහම පසුවයි දැනගත්තේ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා.

ඒ වෙලාවේ ඇය මොකද කිව්වේ?

එතකොට ඇඬුවා. ඇයි මට මුලින් කිව්වේ නැත්තේ කියලා.

ඊට පසුව ?

ඒ කතාව දැනගත්තාට පසුව ඇය මගෙත් එක්‌ක විවාහ වෙන්න පවා බයවුණා.

හේතුව ?

මම ජනප්‍රිය චරිතයක්‌ හින්දා ඇයට මාව අහිමිවෙයි කියලා හිතුවා. මොකද ඇය හරිම සරල චරිතයක්‌.

විවාහයෙන් පසුව විදෙස්‌ගත වෙනවාද?

සැප්තැම්බර් මාසයේ ප්‍රංශය බලා අපි දෙන්නාම පිටත්වෙනවා.

එතකොට රඟපෑම් වැඩකටයුතු ?

හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් භාරගන්නවා. ගොඩක්‌ වෙලාවට චිත්‍රපට තමයි භාරගන්නේ.

එතකොට ක්‍රිකට්‌ ගහන්නේ නැතිද?

මම රටවල් දෙකක ප්‍රාන්තවලට ක්‍රීඩා කරනවා. ඊට අමතරව ලංකාවේ අන්තර් පළාත් ක්‍රීඩාකරන්තත් එනවා.

කවදාද ලංකාවෙන් යන්නේ?

ගොඩක්‌ වෙලාවට ඔක්‌තෝබර් මාසයේ ලංකාවෙන් යනවා. ඒත් ආපහු එනවා.

රියෑලිටි වැඩසටහනනකට ආරාධනාවක්‌ ලැබුණා කියන්නේ ඇත්තද?

ඔව්. මට රියෑලිටි වැඩසටහනකට ආරාධනාවක්‌ ලැබුණා. ඒ වැඩසටහන හොඳයි කියලා හිතුණා.

රඟපෑමට බිරිඳගෙන් සීමාවන් වැටේවිද?

නැහැ. එහෙම දෙයක්‌ නැහැ. මම තමයි තීරණය කළේ ක්‍රිකට්‌ ජීවිතයට වැඩි ඉඩකඩක්‌ ලබාදෙනවා කියලා. හොඳ චිත්‍රපටයක්‌ ලැබුණොත් භාරගන්නවා.

මේ දිනවල මොනවාද කරන්නේ ?

විවාහයේ සුන්දරත්වය විඳිනවා. විවාහ උත්සවය හින්දා ගොඩක්‌ කාර්ය බහුල වුණා.

ගොඩක්‌ තරුණියෝ ඔබට ආදරෙයි කියාගෙන ආපු කාලෙක ඇයට කැමැති වෙන්න තිබුණ විශේෂ හේතුව මොකක්‌ද?

මට ඇය ගැන ලොකු වෙනසක්‌ දැනුණා. අදටත් ඇය මගේ බිරිඳ වුණාට මගේ හොඳම මිතුරිය. මම ගත්ත තීරණය හරි කියල හිතෙනවා.

0 comments:

Post a Comment