Sunday, April 12, 2015

Tagged Under: , ,

Doctor raising money for first human head transplant has a volunteer

By: Prosperity Tech On: 9:56 PM

ඉතාලි දොස්තර හිසක් බද්ධ කිරීමට යයි


සිරුරකින් වෙන්කරගත් මිනිස් හිසක් තවත් සිරුරකට බද්ධ කෙරෙන විස්මිත සැත්කමකට ඉතාලි ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

නමින් සර්ජියෝ කනෙවෙරෝ නම් වන මේ වෛද්‍යවරයා ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ලොව පිළිගත් ප‍්‍රවීණයෙක් වන අතර අසීරු සැත්කම් කිහිපයක්ම සාර්ථකව නිමා කර අත්දැකීම් ලබා ඇති අයෙකුද වේ.
ඔහු පවසන ආකාරයට මිනිස් හිසක් තවත් මිනිස් සිරුරක් හා බද්ධ කළ හැකිය.සැත්කමේදී වඩාත් සැළකිලිමත් විය යුත්තේ බද්ධ කෙරෙන හිසේ මොළයෙන් පිටතට විහිදෙන සුෂුම්නාව එම හිස සවිකෙරෙන සිරුරේ ඇති සුසුම්නාව හා බද්ධ කිරීමේදී බව කියන ඔහු ඒ සදහා තමන් නව ක‍්‍රමයක්ද සොයාගෙන තිබෙන බවද පවසයි.

බද්ධ කෙරෙන සිරුර සදහා තෝරාගැනෙන්නේ අනතුරකට ලක්ව මොළය මියගොස් නමුත් සිරුර නිරුපද්‍රිතව ඇති පුද්ගලයෙකුගේ සිරුරකි.

අනතුරුව සිදුකෙරෙන බව පැවසෙන්නේ රුධිර වාහිනී ආදිය සම්බන්ධ කිරීමය.මෙසේ හිස හා සිරුර සම්බන්ධ කෙරුණු පසු සති කිහිපයක් රෝගියා කෝමා, එනම් සිහිමුර්ජා තත්ත්වයේ තබා තුවාළ සුවවූ පසු පියවි සිහියට ගැනීම සිදුකෙරෙන බව සදහන්ය.

සර්ජියෝගේ සැත්කම සදහා දැනටමත් පුද්ගලයෙකු ඉදිරිපත්ව සිටින අතර විරල ගණයේ ස්නායු ආබාධයකට ලක්ව අත්පා අඩපණව සිටින ඔහු රුසියා ජාතිකයෙකි.

වැලරි ස්පිව්ඩිනොව් නම් ඔහු පවසන ආකාරයට මේ සම්බන්ධයෙන් වෛද්‍ය සර්ජියෝ හා අවස්ථා රාශියකදී සාකච්ඡා කිරීමට ඔහු කටයුතු කර තිබේ.

සැත්කම සාර්ථකව සිදුකළ හැකිවේයැයි ලොකු විශ්වාසයක් වැලරිගේ සිතේ ඇත.

සැත්කම සදහා වැයවනු ඇතැයි අපේක්ෂිත මුදල පවුම් ලක්ෂ 75 කි.

සාර්ථක ශල්‍ය වෛද්‍යවරයෙකු වුවද, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙකු වුවද සර්ජියෝගේ මේ උත්සාහය දෙස ඔහුගේ සමකාලීනයෝ බලන්නේ අවඥාවෙනි. ඇතැමුන් ඔහු පිස්සෙක් යැයිද හදුන්වාදී ඇත.

අතීතය සැළකුවහොත් 1970 තරම් ඈත සමයේ වදුරෙකුගේ හිසක්,වෙනත් වදුරු සිරුරක් හා බද්ධ කිරීමක් සිදුව තිබෙන අතර එය යම් තරමකට සාර්ථක ප‍්‍රතිඵල අත්කරදී තිබේ.මෑතකදී චීන විද්‍යාඥයින් පිරිසක් මූසිකයෙකුගේ හිසක් වෙනත් මූසිකයෙකුගේ සිරුරක් හා බද්ධ කළ අතර එම සැක්කමද සාර්ථක වුනි.

නමුත් කිසිවෙක් මිනිසා ඇසුරින් මෙවන් සැත්කමක් සිදුකළ හැකිදැයි අත්හදා බැලීමක් සිදුකර නොමැති නිසා මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ කළ නොහැකි බව මධ්‍යස්ථ මතධාරීන් පවසයි. 2759A12100000578-3029376-image-a-2_1428445453372 2759994700000578-3029376-Mr_Spiridonov_I_don_t_do_this_because_I_don_t_have_a_life_but_I_-a-32_1428448339300

0 comments:

Post a Comment