Monday, April 13, 2015

Tagged Under: , ,

Sri Lankan Massage Crescents Employee Teen Girls

By: Prosperity Tech On: 12:43 AM

ලංකාවේ මසාජ් සෙන්ටර් වල වැඩ කරන ලිංගික ශ්‍රමිකයන් බහුතරය පාසැල් හා කැම්පස් සිසුවියන්

මෙරට සම්බාහන කටයුතුවල නිරත වන ලිංගික ශ්‍රමිකයන්ගෙන් බහුතරය වයස අවුරුදු 17 ට අඩු පාසල් සිසුවියන් හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුවියන් බව කිවහොත් ඇතැමුන් පුදුම විය හැකියි.

එහෙත් සමාජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නවතම වාර්තා අනුව එය සත්‍යක් බව පැහැදිලි වෙනවා.
සම්බාහන මධ්‍යස්‌ථාන මුවාවෙන් දිවයින පුරා පවත්වාගෙන යන ග‚කා සේවා මධ්‍යස්‌ථානවල සේවය කරන කාන්තා ලිංගික ශ්‍රමිකයන් හරහා සමාජය තුළ සමාජ රෝග පැතිරයැමේ දැඩි අවදානමක්‌ පවතින බව ද සමාජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙනවා.

පාසල් සිසුවියන් හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුවියන් ඔවුනට පවතින ආර්ථීක දුෂ්කරතා මත මෙම මධ්‍යස්‌ථානවල ග‚කා සේවයේ යෙදෙන බව ඔවුනගේ දෙමව්පියන් හෝ හිතවතුන් පවා නොදන්නා බව අනාවරණය වී තිඛෙනවා.

මෙම පිරිස සමාජ රෝග පැතිරීම පිළිබඳ නිසි අවබෝධයකින් පසු නොවීම හේතුවෙන් ඔවුන් එම රෝග නිහ~ව පතුරුවන කණ්‌ඩායමක්‌ බවට පත්ව සිටින බව වෛද්‍යවරු කියා සිටිනවා.

දැනට දිවයින පුරා ග‚කා සේවයෙහි නිරතව සිටින කාන්තා ලිංගික ශ්‍රමිකයන් 40,000 කට අධික සංඛ්‍යාවෙන් බහුතරයද සමාජ රෝග පිළිබඳ නිසි පරිදි දැනුවත් වී නොමැති බව සමීක්‍ෂණවලදී අනාවරණය වී තිඛෙනවා.

0 comments:

Post a Comment