Sunday, April 12, 2015

Tagged Under: , , ,

I hate good governance now

By: Prosperity Tech On: 9:05 PM

''යහපාලනේ වැඩ දැන් මටත් තිත්ත වෙලා...''

පැතිර යන කටකතාවට නදීෂා පිළිතුරු දෙයි

පසුගිය දා ''නදීෂා හේමමාලී'' දේශපාලනයෙන් සමුගන්නවා කියලා මේ දිනවල පුවතක් පැතිරුණා. ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන මෙන්ම තවත් කරුණු කාරනා කිහිපයක් ගැන පුවත්පත් සාකච්ඡාවක් හා එක්වෙමින් නදීෂා පවසා තිබුණේ මේ විදියට.

"බෙලිගෙඩිය වැටුණාම බය වුණු හාවා වගේ හරියට හොයන්නෙ බලන්නෙ නැතිව සමහරු ඒ ගැන තීරණය කරපු නිසයි ඒ වගේ කතාවක් පැතිරිලා තියෙන්නේ... වසර දෙකක කාලයකට පමණ කලා කටයුතුවලට මුල්තැන දෙන නිසා දේශපාලනයේ යෙදෙන්න වෙන්නේ නැහැ කියලයි මම කිව්වේ.

එහෙම නැතුව දේශපාලනයට සඳහටම සමුදෙනවා කියලා මම කිව්වේ නැහැ...

ජාතික යොවුන් පෙරමුණේ තරුණ හා කලා කටයුතු සම්බන්ධීකාරක සහ එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සංවිධායිකා යන තනතුරු මම මේ වනවිටත් දරනවා. ඉදිරියේදීත් ජාතික යොවුන් පෙරමුණ හරහා දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙන්න මම බලා‍පොරොත්තු වෙනවා.
 

ඒ කියන්නේ ගාලු දිස්ත්‍රික් සංවිධායිකා තනතුරෙන් ඉවත් වීමේ අදහසක් මගේ හිතේ තියෙනවා. ඒ ගැන පක්ෂයත් සමග කතා කරලා ඉදිරියේ දී තීරණයක් ගන්නවා.

ඒ වගේම පෘතග්ජන අය විදිහට අපට ඕනෑම තැනක දී කලකිරීම් ඇතිවෙන්න පුළුවන්.... 100%ක් සම්පූර්ණ දේවල් අපට බලා‍පොරොත්තු වෙන්න බැහැ... යම් යම් අඩුපාඩු නිසා වත්මන් දේශපාලන තත්ත්වය ගැන මට කලකිරීම් තියෙනවා.

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ අදහසක් නම් මට නැහැ.... ඒ නිසා මම ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ....

දේශපාලන කටයුතු නිසා පසුගිය කාලයේ මම තරමක් කාර්යබහුල වුණා. එනිසා වැඩිපුර කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ.... මම දැන් නැවතත් රංගනය හදාරමින් ඒ සම්බන්ධව පුහුණුවීම් කරනවා.

ඉදිරියේ දී මගේම ටෙලිනාට්‍ය නිෂ්පාදනයක් එළිදක්වන්නත් බලා‍පොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ඉදිරියේදීත් තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වෙනවා....''








eGossip.lk

0 comments:

Post a Comment