Saturday, February 7, 2015

Tagged Under: , ,

Vimukthi Kumaratunga ready to Enter Politics

By: Prosperity Tech On: 4:41 AM

විමුක්ති කුමාරතුංග දේශපාලනය ඇරඹීමට සියල්ල සූදානම්


විමුක්ති කුමාරතුංග අත්තනගල්ලෙන් මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව වාර්තා වෙයි.
මාදම්පාගම අස්සජි හිමි සහ විජය කුමාරතුංග ගේ සොහොයුරිය වන රූපා කුමාරතුංග මහත්මිය මෙම වැඩපිළිවෙලට නායකත්වය ලබාදී ඇති බවත් සඳහන්. මෙම පිරිස පසුගිය සති කිහිපය පුරාම ඒ සඳහා අවශ්‍ය විවිධ ක්‍රියාමාර්ග ගත් අතර සාකච්ඡා කළ බොහෝ දෙනකුගෙන් ඊට යහපත් ප්‍රතිචාර ලැබී තිබුණු බව සඳහන්. බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිස් වූ ගම්පහ දිස්ත්‍රික්කයට අලුත් ජනප්‍රිය තරුණ චරිතයක් ගෙන ඒම බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්ව ඇත.
විමුක්තිගේ මව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගෙන්ද ඒ සඳහා අවශ්‍ය අවසරය ඉල්ලා ඇති බව වාර්තා වේ. විමුක්ති කුමාරතුංග ගේ පියා වන විජය කුමාරතුංග මහතාද මෙරට දේශපාලනයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළේය.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ මෙන්ම බණ්ඩාරනායක සහ කුමාරතුංග පරම්පරාවේ ඔටුනු පලන් පුත් කුමරා වන විමුක්ති කුමාරතුංගද එම දේශපාලනික ප්‍රවේශය සඳහා සූදානමින් සිටින බවත් සඳහන්.
කෙසේවෙතත් මේ වන විට විමුක්ති කුමාරතුංග ගේ දේශපාලනික ප්‍රවේශය වෙනුවෙන් සමාජ ජාල ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් ෆේස්බුක් පිටුවක්ද නිර්මාණය වී තිබෙන අතර නමුත් එය තවමන් ඔහුගේ නිළ සමාජ ජාල ෆේස්බුක් පිටුවද යන්න තහවුරු කළ නොහැකිය.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ අත්තනගල්ල ආසනය බණ්ඩාරනායකලාගේ සාම්ප්‍රදායික ඡන්ද බල කණුවක් හේතුවෙන් විමුක්ති කුමාරතුංග සඳහා එය වඩාත් යෝග්‍ය අවස්ථාවක් ලෙසත් සැලකේ.
විමුක්ති කුමාරතුංග එක්සත් රාජධානිය තුළ සිය උසස් අධ්‍යාපනය හැදෑරූ අතර මෙරට තුළ සත්ත්ව හිංසනය පිටු දැකීම වෙනුවෙන් ක්‍රීයාකාරීවීමක් ඉකුත් කාලයේදී දක්නට ලැබුණි.

 

0 comments:

Post a Comment