Saturday, February 7, 2015

Tagged Under: , ,

CCTV shows Bangalore child walking with man who would kill her

By: Prosperity Tech On: 4:24 AM

ඉන්දීය දැරියක කෙළෙසා මරාදැමීමේ සිද්ධියට අදාළ සැකකරු දැක්වෙන CCTV දර්ශන

ඉන්දියාවේ බෙන්ගලූරු දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශයක් වන හොස්කටේහිදී දැරියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු සොයා පොලීසීය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, 8 හැවිරිදි දැරියක එලෙස ඝාතනය කර ඇති බව ය.
රථ ගාලක තිබී දැරියගේ සිරුර සොයා ගෙන ඇත්තේ සෙල්ලම් කරමින් සිටි තවත් දරුවන් පිරිසකි.
ප්‍රදේශය භාර පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ දැරිය දූෂණය කර ඉන්පසු ඇයගේ ගෙල සිර කර මරා දමා ඇති බව ය.
මේ අතර එම සිද්ධියට අදාළ CCTV දර්ශන පෙළක් ඉන්දීය පොලීසිය විසින් මාධ්‍යට ලබා දී තිබේ.
දර්ශනවලට අනුව එම ස්ථානට පැමිණෙන යම්කිසි පුද්ගලයෙකු දැරියක් අසල පිහිටි මඩුවක් වැනි ස්ථානයක් තුළට රැගෙන යනු දැක ගත හැකි ය.
පසුව අදාළ පුද්ගයා එම ස්ථානයෙන් පිටතට පැමිණිය ද දැරිය යළි පැමිණෙන ආකාරයක් දැක ගත නොහැකි ය.
කෙසේ වෙතත් සැකකරු ප්‍රදේශයේ  පදිංචිකරුවෙකු නොවන බව පොලීසිය තහවුරු කර ගෙන ඇත.
දැරියගේ දෙමව්පියන් උතුරු කර්නාටක ප්‍රදේශයේ සිට එම ප්‍රදේශයට පැමිණ ඇත්තේ, රැකියාව සඳහා ය.
කෙසේ වෙතත් එම අපරාධයෙන් පසු ප්‍රදේශයේ මව්පියන් සිය දරුවන් සම්බන්ධයෙන් දැඩි තැතිගැන්මකට ලක්ව සිටින බව ද වාර්තා වේ.
(newsfirst.lk)

0 comments:

Post a Comment