Showing posts with label Featured. Show all posts
Showing posts with label Featured. Show all posts
Friday, February 13, 2015
Thursday, February 12, 2015
Saturday, February 7, 2015
Vimukthi Kumaratunga ready to Enter Politics
By:
Prosperity Tech
On: 4:41 AM
විමුක්ති කුමාරතුංග දේශපාලනය ඇරඹීමට සියල්ල සූදානම්
විමුක්ති කුමාරතුංග අත්තනගල්ලෙන් මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව වාර්තා වෙයි.
මාදම්පාගම අස්සජි හිමි සහ විජය කුමාරතුංග ගේ සොහොයුරිය වන රූපා කුමාරතුංග මහත්මිය මෙම වැඩපිළිවෙලට නායකත්වය ලබාදී ඇති බවත් සඳහන්. මෙම පිරිස පසුගිය සති කිහිපය පුරාම ඒ සඳහා අවශ්‍ය විවිධ ක්‍රියාමාර්ග ගත් අතර සාකච්ඡා කළ බොහෝ දෙනකුගෙන් ඊට යහපත් ප්‍රතිචාර ලැබී තිබුණු බව සඳහන්. බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිස් වූ ගම්පහ දිස්ත්‍රික්කයට අලුත් ජනප්‍රිය තරුණ චරිතයක් ගෙන ඒම බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්ව ඇත.
විමුක්තිගේ මව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගෙන්ද ඒ සඳහා අවශ්‍ය අවසරය ඉල්ලා ඇති බව වාර්තා වේ. විමුක්ති කුමාරතුංග ගේ පියා වන විජය කුමාරතුංග මහතාද මෙරට දේශපාලනයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළේය.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ මෙන්ම බණ්ඩාරනායක සහ කුමාරතුංග පරම්පරාවේ ඔටුනු පලන් පුත් කුමරා වන විමුක්ති කුමාරතුංගද එම දේශපාලනික ප්‍රවේශය සඳහා සූදානමින් සිටින බවත් සඳහන්.
කෙසේවෙතත් මේ වන විට විමුක්ති කුමාරතුංග ගේ දේශපාලනික ප්‍රවේශය වෙනුවෙන් සමාජ ජාල ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් ෆේස්බුක් පිටුවක්ද නිර්මාණය වී තිබෙන අතර නමුත් එය තවමන් ඔහුගේ නිළ සමාජ ජාල ෆේස්බුක් පිටුවද යන්න තහවුරු කළ නොහැකිය.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ අත්තනගල්ල ආසනය බණ්ඩාරනායකලාගේ සාම්ප්‍රදායික ඡන්ද බල කණුවක් හේතුවෙන් විමුක්ති කුමාරතුංග සඳහා එය වඩාත් යෝග්‍ය අවස්ථාවක් ලෙසත් සැලකේ.
විමුක්ති කුමාරතුංග එක්සත් රාජධානිය තුළ සිය උසස් අධ්‍යාපනය හැදෑරූ අතර මෙරට තුළ සත්ත්ව හිංසනය පිටු දැකීම වෙනුවෙන් ක්‍රීයාකාරීවීමක් ඉකුත් කාලයේදී දක්නට ලැබුණි.
Monday, January 26, 2015
Yureni noshika speak about her boyfriends
By:
Prosperity Tech
On: 7:11 PM
මට මුණගැහුණු පෙම්වතුන් මගේ විශ්වාසය බිඳ දැම්මා
යුරේනි නොෂිකා
ඇය තවමත් කෙළිදෙලෙන් පසුවන යොවුන් බවෙන් පිරිපුන් හැඩකාර කටකාර තරුවක්. මේ දවස් වල ඇගේ වැඩි සද්ද බද්දයක් නැතත් ඔන්න හෙට අනිද්දම ජීවිතේ තවත් එක් කඬුල්ලක් පනින්නයි සූදානම. ඒ තමයි යුරේනි නොෂිකාගේ උපන් දිනේ ළඟ ළඟම එනවයි ලැබුණු ආරංචිය. දිනෙන් දින වයසට යෑම බොහෝ අයගේ සිත් තුළ යම් කිසි සියුම් වේදනාවක් ඇති කළත් යුරේනී නම් ඒ ගැන වගක් වගක් නැති හැඩයි.යුරේනි, උපන් දිනෙත් ළඟයි නේ. මෙදා පාර මොනවද කරන්න හිතන් ඉන්නේ?
ඔව්. ජනවාරී 29 හැබැයි උපන් දිනේ කියලා මුකුත් විශේෂයක් කරන්න නම් තවම හිතලා නැහැ. ලබන මාසේ ඩුබායි ටුවර් එකක් තියෙන නිසා ඒකටත් සූදානම් වෙනවා.
උපන් දින සාදේ එහේ ගන්නද කල්පනාව?
නැහැ. නැහැ මම යන්නේ වායෝ බෑන්ඩ් එකේ ප්‍රසංගයකට නර්තනයෙන් හා ගායනයෙන් සහභාගී වෙන්න.
යුරේනිට සින්දු කියන්නත් පුළුවන් කියලා අපි දැනන් හිටියේ නැහැනේ?
ලොකුවට නෙමෙයි. ෂේප් එකේ සින්දුවක් දෙකක් කියා ගන්න පුළුවන්.
ඇත්තටම දැන් යුරේනිට වයස කීයක් විතර ඇතිද?
තවම හිතින් දහ අටයි. තවම ඉස්කෝලේ යන කාලේ වගේමයි.
ඇයි ඔච්චර වයස හංගන්නේ?
ඉතින් එහෙම වයසක් පේන්නේ නැහැ නේ. හිත පිරිසුදු නම්, කලට වෙලාවට ව්‍යායාම කරලා සැහැල්ලු ජීවිතයක් ගත කරනවා නම් හැමදාම තරුණ වෙලා ඉන්න පුළුවන්.
යුරේනි කියන්නේ ජීවිතේ අරමුණක් නැති තරුණියක් කියන්නේ ඇත්තද?
ගොඩක් අරමුණු තියෙනවා. මාව ජීවත් කරවන්නේ ඒ අරමුණු තමයි. සමහර වෙලාවට ඩිස්ට්‍රැක්ට් වෙනවා. නමුත් වටේ ගිහින් ආයිත් ඒ අරමුණුවලට එන අවස්ථා තියෙනවා.
හීන වලට ආදරය කරන යුරේනි මේ දවස්වල දකින හීනය ගැනත් කියමුකො බලන්න ?
ජාත්‍යන්තර තලයේ නිළියක් වීමයි මගේ අරමුණ. හොලිවුඩ්, බොලිවුඩ් නොවුණත් වෙනත් විදේශීය රටක කලාකාරිනියක් ලෙස ජාත්‍යන්තරයට යන්න මම කැමැතියි. මේ දවස්වල හීන මවන්නේත් ඒ වෙනුවෙන්මයි. ඒ හීනේ හැබෑ කර ගන්න ශාරීරික සහ මානසික ඒකාග්‍රතාව ඉතාම හොඳ මට්ටමක තිබිය යුතුයි. ඒ වෙනුවෙන් මම දැනටමත් සූදානම් වෙනවා.
එතකොට අර ක්‍රිකට් පිස්සුව දැන් හොඳ වෙලාද?
දැන් මම හොඳ ක්‍රිකට් ෆෑන් කෙනෙක්. ඉස්කෝලේ යන කාලේ මට පුදුම පිස්සුවක් තිබුණේ. ඒ කාලේ ඉඳන්ම ක්‍රිකට් සෙල්ලම් කළා. හැබැයි දැන් බැට් එකක් අල්ලපු කාලයක් මතක නැහැ.
තවමත් යුරේනිගේ හොස්ස ළඟින් මැස්සන්ට යන්න බැහැලූ නේද?
ඒ තරුණ කාලේ, තරුණ ලේ වල තියෙන ගතිය නේ. පොඩි කාලේ ඉඳන් මම හැදුණේ වැඩුණේ තනියම. මාව ගයිඩ් කරන්න වැඩිහිටියෙක් මගේ ජීවිතේ කවදාවත් මට ඉඳලා නැහැ. ඉතින් මම වැරැදි කර කර හැදිච්ච කෙනෙක්. දැන් නම් ඔය කියපු දේ නැත්තටම නැති ගානයි. තරහ ගියත් ඒ ගැන දේපාර තුන්පාර හිතනවා.
යුරේනිට වඩාත් විශ්වාසවන්තම කෙනා ගැන මම ඇහුවොත්?
දෙවියන් වහන්සේ හැර ලොකු විශ්වාසයක් තියන්න පුළුවන් කෙනෙන් නම් මගේ ජීවිතයේ නැහැ.
දුක සහ සතුට යුරේනිගේ ජීවිතයේ බෙදී යන්නේ ?
ඒ දෙකම තිබෙනවා. මාව දකින අය මම පොඩි කාලේ ඉඳලා හරිම සැපට හැදිච්ච සැප විඳපු කෙනෙක් කියලා හිතනවා ඇති. මම ජීවිතයේ සැපට හැදිච්ච කෙනෙක් නෙමෙයි. මගේ ජීවිතේ වැඩි බරක් තියෙන්නේ කටුක අත්දැකීම්. නමුත් ඒ කටුක අත්දැකීම් දිහා කිසිම වෙලාවක මම අප්‍රසන්නව බලන්නේ නැහැ. ඒවායින් මගේ ජීවිතයට ලොකු පන්නරයක් ලැබෙනවා. ඒ නිසා ඒ කටුක බව මට ලැබුණු ආශිර්වාදයක් ලෙසයි සලකන්නේ.
ඔබ මෙතෙක් අත් විඳී සුන්දරතම අත්දැකීම මම ඇහුවොත්?
මම කොහොමත් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. රෑට හොඳට නිදා ගෙන උදේට සැහැල්ලු නිදහස් මනසකින් ඇහැරෙන්න මට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි. ඉතින් ඒ සැහැල්ලු බවම මම අත් විඳින සුන්දරම අත්දැකීමක්.
සැහැල්ලුවෙන් සහ සතුටින් ඉන්න තාවකාලික සතුටක් පසු පස යන අයත් ඉන්නවා?
මම ඒය දකින්නේ තමා තමාවම රවටාගෙන තමාවම මෝඩයාට අන්දවා ගැනීමක් විදිහටයි. සැහැල්ලුවෙන් ජීවත්වීම කියන්නේ හිත රවටගෙන ජීවත් වීම නෙමෙයි. හිතට එකඟව සතුටින් ජීවත් වීමයි.
ඔබ හරිම විවෘතයි. ඒ නිසාම වැරදුණු අවස්ථා ඇති නේද?
මගේ විවෘත බව නිසා මට වැරදුණු තැන් ඇතියි. ඒත් මගේ මේ විවෘත බව වෙනස් කරන්න කැමැති නැහැ. සමාජෙට පේන්න කෙනෙකුයි ඇතුෙළන් වෙනම කෙනෙක් වෙන්න මට වුවමනාවක් නැහැ. යුරේනි යුරේනි විදිහටයි ඉන්නයි ඕනේ.
යුරේනිගේ කට නිසත් දවසක නහින්න වෙයි?
ඇත්ත. නමුත් කට නිසත් නැහෙන වගේම කට නිසාම බේරුණු අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා ලොකු අවුලක් නැහැ.
ඔබේ යම් යම් ගුණාංග ඔබට හොඳ පෙම්වන්තියක් වෙන්න බාධාවක් නොවේද ?
පෙම්වතියක් ලෙස අනිවාර්යෙන්ම මට මගේ විශ්වාසය රකින්න පුළුවන්. හැම දාම එහෙම තමයි හිටියේ. නමුත් මගේ ජීවිතේට ආපු පෙම්වතුන් නම් මගේ විශ්වාසේ බිඳලා ගිහින් තියෙනවා. ප්‍රේමයේදී මම පොඩි ළමයෙක් වගෙයි. ඇත්තටම මගේ ආදරය ලබන කෙනා හරිම වාසනාවන්තයි.
එහෙනම් යුරේනී පවුලක් වෙන්න හදන හැම අවස්ථාවකම මොන හරි අවුලක් වෙන්නේ ඇයි?
මට ලැබුණු සහකරුවෝ රැඳිලා හිටියේ නැහැ. ඒ මම පෙර කරපු අකුසලයක් නිසා වෙන්න ඇති. ආදරෙන් මම බොහෝ විට අත්වින්ඳේ විරහවයි. දැන් මම ඒ දේවල් අවබෝධ කර ගෙන ඉන්නේ. නමුත් මේ සමාජයට අනුව මමත් විවාහ විය යුතුයි නේ. සමහර වෙලාවට ජීවිතයේ දැනෙන තනිකම දරා ගන්න අමාරුයි. මටත් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි. හැබැයි ගෙදරට වෙලා සම්පූර්ණයෙන්ම සාම්ප්‍රදායික ගෘහණියක් වෙලා ඉන්න මගේ කැමැත්තක් නැහැ. හොඳ පවුල් ජීවිතයක් ගත කරන ගමන්ම සමාජයට ලොකු දෙයක් කරන්නයි මට අවශ්‍ය.
යුරේනිට කුසල් අකුසල් ගැන දැඩි විශ්වාසයක් තියෙන හැඩයි?
ඔව්. කුසල් අකුසල් ගැන මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. ගිය ආත්මකදි කරපු අකුසල් නිසා වෙන්න ඇති මේ ආත්මේදී මට දෙමාපියන්, සහෝදර සහෝදරියන් නොලැබුණේ. අපි හැමෝගේම ජීවිත වල මොනයම් හෝ උස් පහත් වීම් තියෙනවා. මොනව හරි ප්‍රශ්නයක් මගේ ජීවිතේට ආපූ ගමන් මම දන්නවා මම පෙර ආත්මෙකදී කරපු පවක් තමයි මේ ගෙවෙන්නේ කියලා.
ටානියා මෝසස්
Galat Baat Hai Video Song | Main Tera Hero | Varun Dhawan, Ileana D'Cruz, Nargis Fakhri
By:
Prosperity Tech
On: 6:58 PM
"නර්ගීස් සේක්ස් කරන්න අකමැති කවුරු එක්කද ?(Video)"
වර්තමාන බොලිවුඩ් සිනමාවේ වඩාත්ම සාර්ථකව නැඟී එන නිළිය ලෙස සිනමා විචාරකයන් නර්ගීස්ව හඳුන්වන්නේ ඇය රඟපෑ චිත්‍රපට සියල්ලම අතිසාර්ථක වූ නිසයි.
පසු ගිය දිනක නර්ගීස් Koffee With Karan වැඩසටහනට සහභාගි වුනා.එහිදී කරන් ඇයගෙන් ඇසුවා පිරිමි ඇයව පොලඹවා ගන්න හදලා තියෙනවද? කියලා.
ජනප්‍රිය නිළි නර්ගීස් එකට දුන්නේ මෙන්නේ මේ වගේ උත්තරයක්
" මට හුඟාක් පිරිමි යාළුවෝ ඉන්නවා. එයාලා ගොඩක් සෙක්සි. ඒත් එයාලා මට මුලින්ම Try කරනකොටම මම කියනවා ඔයා මගේ යාළුවෙක්. මට ඔයාගෙන් සේක්ස් එපා ප්ලීස් කියලා.
(shaafm.lk)
Subscribe to:
Posts (Atom)