Wednesday, January 21, 2015

Tagged Under: , ,

Why does jacqueline so close to salman khan

By: Prosperity Tech On: 8:37 PM

ජැකලින් සල්මන්ට ළංවුණේ ඇයි?

බොලිවුඩ් චිත්‍රපටවල රඟපෑවත් හින්දි භාෂාව නිවැරැදිව කතා කිරීමට අපහසුව සිටි නිළියක් තමයි, ජැකලින් ෆර්නැන්ඩස්. මේ අපහසුවට හේතුව කවුරුත් දන්නවා. ඇගේ පියා ශ්‍රී ලාංකිකයෙක්. මව, මැලේසියානු සහ කැනේඩියානු සම්භවයන්ට අයත් කාන්තාවක්. බහරේන් හිදී උපන් ජැකලින්ට හින්දි භාෂාව පිළිබඳ දැනුමක් තිබුණෙ නැහැ. ඇය බොලිවුඩ් පුරයට එද්දී හින්දි භාෂාව කතා කරන්න දැනගෙන හිටියේ නැහැ.
ටික කාලයක් ගත වෙද්දී ජැකලින් වරද්ද වරද්දා හින්දියෙන් කතා කරන්න උත්සාහ කළා. ඒ උත්සාහය අත් නොහැරිය නිසා මේ වන විට ජැකලින්ට හින්දි බස හොඳින් කතා කිරීමේ හැකියාව ලැබිලා. මේ හැකියාව ජැකලින් ලබා ගත්තේ තනිවම නොවෙයි. සුපිරි නළු සල්මන් ඛාන් ගේ නොමඳ සහායෙන්.
සල්මන් ඇයට හින්දි භාෂාවෙන් වචන උච්චාරණය කරන හැටි අඩුවක් නැතිව කියා දුන්න බවයි ආරංචි. දැන් ජැකලින් හොඳින් හින්දි බස කතා කරන බව සල්මන් පවසන්නේ ආඩම්බරයෙන්.
සල්මන් සහ ජැකලින් පහුගිය දිනවල වගේම මේ දිනවලත් නොයෙකුත් අවස්ථාවලට පැමිණෙන්නේ එකටයි. දෙදෙනා දැන් හරිම මිත්‍රයි. මෙය මිත්‍රකමක් ද එහෙම නැතිනම් වෙනත් සමීප කමක්දැයි තවමත් කියන්නට බැහැ. කොහොම වෙතත්, පහුගිය දවසක ‘රෝයි’ නම්වූ චිත්‍රපටයේ ප්‍රචාරාත්මක රූපවාහිනී වැඩසටහනකට ජැකලින් පැමිණ සිටියේ අර්ජුන් රම්පාල් එක්කයි. ළඟදීම තිරගත වීමට නියමිත, වික්‍රම්ජිත් සිං අධ්‍යක්ෂණය කළ ‘රෝයි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජැකලින්, රන්බීර් කපූර් සහ අර්ජුන් රම්පාල්.
මේ චිත්‍රපටයේ වතගොත හෙළි කරන කතාබහ ඇතුළත් වුණේ රියැලිටි වැඩසටහනකයි. මේ වැඩ සටහන ඉදිරිපත් කළේ වෙන කවුරුවත් නොවෙයි. සල්මන් ඛාන්. රියැලිටි වැඩ සටහනට අර්ජුන් පැමිණ සිටියත් සල්මන්, ඔහු සමඟ වැඩි කතා බහක් කළේ නැහැ. වැඩ සටහන පටිගත කරද්දී නම් ‘රෝයි’ චිත්‍රපටයට අදාළ කරුණු ගැන ඔහු අර්ජුන් එක්ක සාකච්ඡා කළේ වෘත්තිය මට්ටමින් පමණයි. ඒත්, ජැකලින් නම් වැඩ සටහන පටිගත වෙන්න කලින් සල්මන් එක්ක
බොහොම කුළුපඟව කතාබහ කළා.

0 comments:

Post a Comment