Saturday, January 3, 2015

Tagged Under: ,

unofficial affair with Maithripala Sirisena

By: Prosperity Tech On: 10:46 PM

තම දරුවා රූපවාහිනී මඩ ප්‍රචාරණය සඳහා යොදාගත් බවට මවකගෙන් පොලිස් පැමිණිල්ලක්

පසුගිය දිනවල රූපවාහිනියේ ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වූ අයිතම දෙකකින් විස්තර වූයේ ජනපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන චමිලා නමැති කාන්තාවක මේ දිනවල සිරකර තබා සිටින සිද්ධියක් ගැනය..
මෙම  චෝදනාවට පොලිස් පැමිණිල්ලක් කරනු වෙනුවට චමිලාගේ සැමියා කියන ජනක සුසිල කුමාර නමැත්තෙකු රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටිමින් මේ ගැන කියා සිටියේ ඇමතිවරයාට චමිලා හා අනියම් ඇසුරක්ද පැවති බව කියමිනි.
මෙම ප්‍රවෘත්තිය හා යාවුණ දෙවැනි අයිතමයෙන් කියැවුනේ චමිලාගේ පුත්‍රයා සිරකර සිටින බව කියන තම මව බේරාදෙන ලෙස හ~මින් කරන ආයාචනයකි. එයද රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වුණා.
මේ කියන චමිලා සහ ජනපති අපේක්ෂකයා අතර සම්බන්ධයක්
තිබුනේද ඇයව ඇත්තටම සිරකර තිබුනේද යන්න ගැන ඉන් එහාට කිසිදු පරීක්ෂණයක් හෝ විස්තරයක් එම නාලිකාවල පළවුයේ නැත.
නමුත් ඊයේ මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයට චමිලා කුමාරි දිසානායක නමැති මවක පැමිණිල්ලක් කර තිබුණා. ඇය කියා සිටියේ තම දරුවා මේ කියන කතා බොරු බවත් ඔහුව තම පවුලෙන් වෙන්ව සිටින පියා විසින් පැහැරගෙන ගොස් සිරකර තබාගෙන දේශපාලන වාසියක් ගන්නට මේ දෙවල් කියන බවකි.

හිඟ=රක්ගොඩ රාජකීය විද්‍යාලයේ සිසුවෙකු බව කියන පවිත්‍ර කුලසේකර නමැති මෙම දරුවා මිත්තනිය සමග සිටි අවස්ථාවේ ඇය රවටා දරුවා රැගෙන ගොස් ඔහුගේ මව මෛත්‍රීපාල සිරිසේන විසින් බලහත්කාරයෙන් රඳවාගෙන ඇතැයි පවසා ඇය නිදහස් කරන ලෙස දරුවා හ~මින් කරනු ලබන ඉල්ලීමක් රූප ගත කොට ඇති බව කියැවුණා.

කිසියම් කටයුත්තක් සඳහා කොත්මලේ තම සොයුරාගේ නිවසට ගොස් සිටි චමිලා නමැති මව තම දරුවා රවටා පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, ඔහුට කායික සහ මානසික වධ හිංසා පැමිණවීම සහ අපහරණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් තම දරුවා වහාම තමා වෙත ලබා දෙන ලෙසත් ඉල්ලා මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය වෙත මෙම පැමිණිල්ල සිදු කර ඇත.

චමිලාගේ පැමි‚ල්ලේ සඳහන් වන්නේ තමන් තම සැමියා වන ජනක සුසිල කුමාර නමැත්තාගෙන් වෙන්ව දරුවාත් ඔහුගේ මිත්තනියත් සමග හිඟ=රක්ගොඩ ජීවත් වන බවකි.තමා මෛත්‍රිපාල ඇමතිවරයා හෝ කිසිවෙකු විසින් සිරකර නොසිටි බවත් නැවත විදේශ ගතවීම සඳහා අවශ්‍ය ලිපිලේඛන ගැනීමට සොයුරාගේ කොත්මලේ නිවසට ගිය අවස්ථාවක හි`ගුරක්ගොඩ නිවසට දරුවාගේ පියා තවත් කිහිප දෙනෙකු සමග පැමිණ අලිමංකඩ බලන්න යන්න එන්නැයි දරුවාට බොරුවක් කියා දරුවාව පැහැරගෙන ගොස් ඇති බවයි. දරුවාව පසුව ඇය දැක ඇත්තේ රූපවාහිනී ප්‍රවෘත්ති වලිනි.

පොලිසිය ඇයගේ පැමි‚ල්ල පිලිබඳව බී වාර්තාවක් කොළඹ අංක 9 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත්කර තිබුණ අතර දරුවාව සොයාගැනීමට වැඩි දුර පරීක්ෂණ සිදුකිරීමට අධිකරණය නියෝග කර ඇත.
මවගේ සහ දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ ලක්ෂාන් ඩයස් පෙනී සිටිනවා.

පහත පළවන්නේ මෙම දරුවා හ~මින් ප්‍රවෘත්ති ප්‍රකාශය තුළ සිදු කරන ලද ආයාචනයයි

0 comments:

Post a Comment