Saturday, January 3, 2015

Tagged Under: ,

1000m bet for presidential election

By: Prosperity Tech On: 10:06 PM

ව්‍යාපාරිකයෝ දෙන්නෙක් මහින්දටයි-මෛත්‍රිටයි කෝටි 100ක ඔට්ටුවක් අල්ලති


මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා මහින්ද රාජපක්ෂ මහතාද, නොඑසේ නම් මෛත්‍රිපාල සිරිසේන මහතාද යන්න සම්බන්ධයෙන් මෙරට ප්‍රබල ව්‍යාපාරියන් දෙදෙනකු රුපියල් කෝටි සියයක ඔට්ටුවක් ඇල්ලූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මව්බිම පුවත්පතට හෙළි කරයි.

එය මෙරට මැතිවරණ ඉතිහාසයේ ඉහළම වටිනාකමකින් යුතු ඔට්ටුව වන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ජනාධිපති නීතිඥයකු හමුවේ කොළඹ තරුපහේ හෝටලයකදී ඔවුන් පෙරේදා (1දා) රාත්‍රි අටට එම ඔට්ටුවට අදාළ ගිවිසුම් පත්‍රයට අස්සන් තබා ඇත.

පසුගිය ජනාධිපතිවරණවලට වඩා මෙවර ජනාධිපතිවරණයේදී රට පුරා ප්‍රදේශ රැසකින් විවිධ මූල්‍ය වටිනාකම් ඇති ඔට්ටු ඇල්ලීම් පිළිබඳ වාර්තා වන අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන බල ප්‍රදේශ ලෙස සැලකෙන හම්බන්තොට, මාතර, ගාල්ල, පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් එවැනි ඔට්ටු ඇල්ලීම් රැසක් සිදුවී තිබේ. මේ ඔට්ටු අතරින් ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් රුපියල් කෝටි සියයක ඔට්ටුවක් ඇල්ලූ බව කියන ව්‍යාපාරිකයන් දෙදෙනා මෙරට ප්‍රධාන පෙළේ හෝටල් හිමිකරුවන් දෙදෙනකු වන අතර ඔවුන් දෙදෙනා සතුව තවත් ප්‍රධාන ව්‍යාපාර රැසක්ද තිබේ.

0 comments:

Post a Comment