Tuesday, January 6, 2015

Tagged Under: ,

Michael Schumacher - Latest news updates

By: Prosperity Tech On: 8:17 PM

හිම ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට ලක් වීමෙන් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ලෝක මෝටර් රථ ධාවන ශූර මයිකල් ශූමාකර් ඉතාමත් සෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටී.

2013 වසරේ සිදු වූ අනතුරින් පසු ශූමාකර් සිය බිරිඳ සහ දරුවන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ශූමාකර් බිරිඳ සහ දරුවන්ගේ කඩ හඬ ශ්‍රවණය වීමත් සමග කදුළු වැගීරීමට පටන් ගෙන ඇති අතර පසුව ඔවුන් හඳුනාගත් බව ද එම වාර්තාවේ සඳහන් ය.
මේ අනුව ශූමාකර් ඉතා සෙමෙන් වුව ද සුවඅතට හැරෙමින් සිටින බව එම වාර්තාවේ වැඩිදුරට ත් සඳහන් ය.
2013 වසරේ දෙසැම්බර් 29 වන දා ප්‍රංශයේ ඇල්ෆ් කඳුවැටියේ හිම ක්‍රීඩාවේ නිරතව සිටියදී ලිස්සා යාමෙන් සිදු වූ අනතුරකින් පසු හිසට තුවාල සිදුවීමෙන් ෆෝමියුලා – 1 ධාවන ශූර මයිකල් ශූමාකර් බරපතළ තුවාල ලැබී ය.
එහිදී මොළයට බරපතළ හානි වීමෙන් ශූමාකර් මාස 6ක් කෝමා තත්ත්වයෙන් පසු විය.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ශූමාරක් පසුගිය ඔක්තෝබර් මාසයේ රෝහලේ සිට නිවසට රැගෙන ආවේ ය.
ඒ අනුව ඔහු මේ වන විට නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටී.
මේ අතර පසුගිය වසර තුළ ශූමාකර්ගේ තත්ත්වය පිළිබඳව පවුලේ සාමාජිකයෝ වැඩි තොරතුරු හෙළි නොකිරීමට වග බලා ගත්හ.
කෙසේ වෙතත් ශූමාකර්ගේ කළමනාකරිය පවසා ඇත්තේ, ෂූමාර් සම්පූර්ණ සුවය ලැබීමට තව ත් දිගු කලක් ගත වනු ඇති බව ය.
MICHAEL SCHUMACHER ON A SKIING HOLIDAY WITH HIS WIFE CORRINA ON THE MADONNA DI CAMPIGLIO IN THE DOLOMITES, ITALY - 16 JAN 2003

0 comments:

Post a Comment