Monday, January 5, 2015

Tagged Under: , , ,

Miss BumBum contestant Andressa Urach reveals shocking damage caused by fillers

By: Prosperity Tech On: 11:11 PM
ලෝකයේ විවිධ රටවල්වල අපූරු ආකාරයේ තරඟ විවිධ අවස්ථාවන්වලදී පවත්වනවා. මේ කියන්නට යන්නේ ඒ ආකාරයෙන් පැවැත්වූ තවත් තරඟයක් පිළිබඳවයි. නමුත් මෙම තරඟය නිසා සිදුවූ සෝචනීය පුවතකුත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රසීලයේ පැවැත්වන මෙම තරඟය හඳුන්වන්නේ Miss Bum Bum ලෙසිනුයි. එහිදී විශාලම පසුපස ප්‍රදේශය හිමි තරුණිය තේරීම සිදුකරන අතර මේ සඳහා තරුණියන් සහභාගී වන්නේ පොරකමිනුයි.

නමුත් මෙයට ඉදිරිපත්වන කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් තරඟයට සහභාගී වීමට ප්‍රථම විවිධ සැත්කම් වලින් ඔවුන්ගේ පසුපස ප්‍රදේශය විශාල කරගැනීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

මෙවර එම තරඟයෙන් දෙවන ස්ථානය දිනාගත් 27 හැවිරිදි ඇන්ඩ්‍රේසා උරාච් නැමැති තරුණියද සැත්කමකින් තම ශරීර අවයව විශාල කරගෙන තිබෙනවා. කෙසේ නමුත් කල්යත්ම එන්නත් කල ද්‍රව්‍යය නිසාවෙන් ඇයගේ ශරීරයේ මාංශ පේෂින් දිරාපත්ව කුණුවීමකට ලක්ව තිබෙනවා.

පසුව ඇය රෝහල් ගතකොට ඇති අතර දැඩිසත්කාර ඒකකයේද ඇය මාසයක කාලයක් පමණ ප්‍රතිකාර ලබාගෙන දැන් සුව අතට පත්වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇයට එන්නත් කල හයිඩ්‍රෝ ජෙල් මිලිලීටර් 400ක් පමණ ශරීරයෙන් ඉවත් කොට තිබෙනවා. ඇයගේ රෝගී තත්වය පිළිබඳ ඡායාරූප අන්තර්ජාලයේ පලකර ඇත්තේ රූපවාහිනී නිවේදකයෙක් වන අතර ලොව වැඩිම ප්ලාස්ටික් සැත්කම් ප්‍රමාණයක් සිදුකරන රට ලෙස මේ වන විට බ්‍රසීලය නම්වී තිබෙනවා.

ඇයගේ ඡායාරූප පහතින්...



(hirufm.lk)

0 comments:

Post a Comment