Wednesday, October 22, 2014

Tagged Under: , ,

Mr. President, Don't Touch My Girlfriend - Mike Jones to Obama

By: Prosperity Tech On: 9:18 PM
අනුන්ගේ පෙම්වතියක් නිසා ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පසුගියදා ඡුන්ද මධ්‍යස්ථානයක් තුළදී තරමක් අපහසුතාවට පත්වුණා.
එ් චිකාගෝහි පැවැති ඡන්ද මධ්‍යස්ථානයක් තුළදීයි.

බරක් ඔබාමාට අනෙක් පසින් සිටි තරුණියගේ පෙම්වතා සිය ඡන්දය භාවිත කොට ඔබාමා පසුකර යද්දී ‘මගේ පෙම්වතිය අල්ලන්න එපා’ යැයි තරමක් තර්ජනාත්මක ස්වරයෙන් නමුත් සිනාමුසු මුහුණින් පැවැසී ය.

එසැණකින්ම ජනාධිපති ඔබාමා ඔහු දෙස නොබලාම ‘මගේ එහෙම කිසිම සැලසුමක් නෑ’ යනුවෙන් ප‍්‍රතිචාර දැක්වීය.

මෙහිදී තරුණිය ජනාධිපතිවරයාගෙන් සිය පෙම්වතා වෙනුවෙන් සමාව අයැද තිබිණ.

‘මයික්. ඔහු ඇත්තටම කළේ මෝඩ වැඩක්. මට සමාවෙන්න’ තරුණිය ඔබාමාගෙන් සමාව අයැද සිටියේ ය.

ඡුන්දය භාවිත කිරීමෙන් පසු තරුණිය වැළඳගත් ජනාධිපති බරක් ඔබාමා තරුණියට මෙසේ පවසා තිබේ. ‘දැන් ඔබ මාව සිපගන්න හදනවා නම් ගිහින් ඔහුට කතා කළ හැකි තරමේ දෙයක් දෙන්න. මොකද ඔහු දැන් ඉන්නේ දැඩි ඊර්ෂ්‍යාවෙන්’ යැයි ජනාධිපතිවරා සිනාසෙමින් පැවැසී ය.

එම තරුණිය පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ සිය පෙම්වතා අමනෝඥ කි‍්‍රයාවක් කළ නමුත් ජනාධිපතිවරයා එම උපහාසය හාස්‍යයෙන්ම අවසන් කළ බවයි.

ඔබාමාට පෙම්වතාගෙන් තර්ජනයක්
http://www.eurweb.com/wp-content/uploads/2014/10/dont-touch-my-girlfriend.jpg
ගණනකට නොගත් ඔබාමා ප‍්‍රතිචාරය දක්වමින් ඡන්දය දෙයි
http://www.bet.com/content/betcom/news/politics/2014/10/21/something-to-talk-about-obama-s-ballot-box-love-triangle/_jcr_content/image.custom1200x675x20.dimg/102114-Politics-Obama-Votes-Chicago-Midterm.jpg
'ඔහු වෙනුවෙන් මම සමාව ඉල්ලනවා' - තරුණිය
http://a2.img.talkingpointsmemo.com/image/upload/c_fill,fl_keep_iptc,g_faces,h_365,w_652/h8go9i8yqzdqfdsrzzml.jpg
‘ඔහු දැන් ඉන්නේ දැඩි ඊර්ෂ්‍යාවෙන්’  - ඔබාමා

http://i.ytimg.com/vi/7575itwz_ko/0.jpg
(rivira.lk)

0 comments:

Post a Comment