Sunday, March 29, 2015

Sangeetha Weeraratne after long time

By: Prosperity Tech On: 5:08 AM

ඒ පූජා... මේ සංගීතා...සුරූපී සංගීතා දිගු කලකට පසු සමඟ

සංගීතා වීරරත්න මේ ‘සරසවිය’ හා එක්වන්නේ දිගු කලකට පසුවය. එසේ වීමට බලපෑ හේතු සාධක බොහොමයකි. ඒ අමිහිරි අතීතය එලෙසම තියෙන්නට හැර සියලු දේ වෙනස් වන ලෝකයේ, නොවෙනස් වූ සෙනෙහසින් සංගීතා නැවතත් ‘සරසවිය’ පිටු අතරින් මෙසේ පාඨක ඔබ හමුවන්නීය.
බාධක, ගල්පර හමුවේ නොනැවතී ගලා යන සිහිල් දිය දහරක් සේ, ජීවන ගිරි දුර්ගයේ කටුක අභියෝගයන් හමුවේ ඇය තවමත් ඒ සුපුරුදු ළෙන්ගතු සිනහව මුව රඳවා සිටින්නීය.
සංගීතා දැන් රඟපෑමෙන් පොඩ්ඩක් ඈත් මෑත් වෙලා වගේ ඉන්නේ නේද?
ඒ මගේ උවමනාවකට නම් නෙවේ. කොහොම වුණත් චිත්‍රපට දෙකක නම් මම රඟපෑවා. එයින් ‘දෝණි’ චිත්‍රපටය තිරගත වුණා. ඒක බබා හම්බ වුණාට පස්සේ කරපු එකක්. ඒ තමයි මම අවසන් වරට රඟපෑ චිත්‍රපටය. ඒ වගේම බූඩි ‘නිම්නයක හුදෙකලාව‘ චිත්‍රපටයත් එන්න තියෙනවා.
සෑහෙන කලකට පෙර සංගීතා රඟපෑ ‘ධීවරී’ චිත්‍රපටයත් මෑතකදී තිරගත වුණා?
මට මතක හැටියට 1997 දී වගේ ඒ චිත්‍රපටය මම කළේ. සෑහෙන කාලෙකට පස්සේ තමයි ඉතින් ප්‍රේක්ෂකයෝ ඒක දැක්කේ. කොහොම වුණත් ‘ධීවරී’ කරන කාලේ මම කාර්යබහුල නිළියක්. හැබැයි ඒ මම ගොඩක් කැමැත්තෙන් රඟපාපු, වෙනස්ම විදිහේ චරිතයක්.

ඇයි ඔයාගේ රංගන දිවියේ අද ඒ වගේ කාර්යබහුලත්වයක් දකින්න නැත්තේ?
හැමදාම එක වගේ නෑනේ. අනෙක බොරු කාර්යබහුලත්වයක් තියනවා කියලා පෙන්වන්න මට ඕනෑ නෑ. අද මම මවක් විදියට වගකීම්, යුතුකම් රැසකට මැදි වෙලා ඉන්නේ. ඒ නිසා කොළඹින් පිට ගිහින් වැඩ කරන්න අපහසුවක් තියෙනවා. අනෙක අසංක අද නළු නිළියෝ ගොඩක් චිත්‍රපටවලට වඩා කාර්යබහුල ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේනේ.
ටෙලි නාට්‍යවලට සංගීතා එතරම්ම දායක වුණේ නැහැ?
මම එච්චර කැමැති නෑ. මුල ඉඳලම මම ටෙලි නාට්‍යවලට වැඩිපුර සම්බන්ධ නොවුණ හින්දා ද මන්දා මට එහෙම ආරාධනා ලැබුණෙත් නෑ. මට ඊඍ චැනල් එකක් තියෙන නිසා වෙන චැනල්වල රඟපාන්න අකැමැතියි කියලත් සමහරු හිතන්න ඇති. මම හිතන්නේ මං කියන දේට වඩා මිනිස්සු හිතන දේවල් තියෙනවානේ මං ගැන. ඒ අනුව ඔවුන්ම යම් යම් දේ තීරණය කරන්න ඇති.
නමුත් තමන් ගැන අවසන් තීන්දුව ගන්න ඕනෑ තමන්මනේ. විශේෂයෙන්ම සංගීතා වගේ කෙනෙක්?
අනිවාර්යයෙන්ම, මගේ රස්සාව රඟපාන එක. හැබැයි එදා ඉඳන් මම කාගෙවත් පස්සේ ගියේ නෑ. ලැබුණු දෙයක් රඟපාලා හිටපු කෙනෙක්. ඒ ස්ථාවරයේ මම අදටත් ඉන්නවා. ආරාධනාවක් ආවොත් මම පිළිගන්නවා. ඒත් බබා නිසා කොළඹින් පිට ගිහින් වැඩ කරන්න ටිකක් අපහසුයි.
පූජා උමාශංකර් ආවාට පස්සේ අපේ ජනප්‍රිය නිළියෝ පැත්තකට විසි වුණා කියලා කතාවක් හැදුණා එක්තරා කාලෙක. ඒ ගැන සංගීතාගේ අදහස?
පූජා කියන්නේ ඇත්තටම දක්ෂ නිළියක්. පූජා වගේ නිළියකගේ අවශ්‍යතාවය සිනමාවට තිබුණා. එතනදි වුණේ ඇය ඉන්දීය නිළියක නිසා ජනප්‍රිය වුණා කියන දේ නෙවෙයි. පූජා හැර තවත් ඉන්දීය නිළියෝ මෙහේ ඇවිත් රඟපෑවා. නමුත් ඉතින් මෙහෙ හිටියේ නෑනේ. පූජාගේ පෙනුම, ඇගේ ආකර්ෂණය නිසා ඒ තැන එයාට හිමි වෙලා තියෙනවා.
පූජාගේ නිහතමානිකමත් ඇගේ ජනප්‍රියත්වයට බලපෑවා?
ඔව්. පූජා කියන්නේ හරිම හොඳ ළමයෙක්. ඒ වගේම හොඳ නිළියක්. පූජාගේ නිහතමානිකම මම ගොඩක් අගය කරනවා. ඇය රසික, රසිකාවන්ටත් ගොඩක් ආදරය කරන නිළියක්. තමන්ගේ ප්‍රතිරූපයට හානියක් නොවන විදිහට පෞද්ගලික ජීවිතයෙත් වැඩ කරගෙන යන සිනමා නිළියක්. ඉතින් ඇගේ කටයුතුවලට සුබ පතනවා හැරෙන්න වැරදි දකින්න අවශ්‍යය නෑනේ. ඒ පූජා මේ මම. අපි දෙන්නා අතරේ ලොකු වයස් පරතරයකුත් තියෙනවා.
එහෙම දෙයක් මට නම් පෙනෙන්නේ නෑ?
ආ . . . ඇත්තද?
කවදාවත් පූජා ඔයාට අභියෝගයක් වුණේ නැද්ද?
එහෙම නෑ. මොකද අපි පරතර දෙකකනේ. අපි සිනමාවට එන්නේ වෙනස් කාලවල. මම හිතන්නේ නෑ එහෙම අපි සංසන්දනය කළ යුතුයි කියලා. නමුත් අනිවාර්යයෙන්ම පූජා කෙනෙකුගේ අවශ්‍යතාවය තිබ්බා ඒ වකවානුව තුළ.
කොහොම නමුත් සංගීතාට අපේ සිනමාවේ නිසි තැන ලැබුණේ නැහැ කියා මම කිව්වොත්?
නිසි තැන හම්බ වුණ නිළියක් කියන්න මට.
රුක්මණී දේවියගේ කාලේ ඉඳන්මද?
රුක්මණී දේවි, මාලිනී ෆොන්සේකා හැරෙන්න.
ඒ කියන්නේ ඔයා ගැන මම කිව්ව දේ හරි කියන එකද?
නෑ එහෙම නෙවෙයි. අපේ සිනමාව හරි පොඩියි. ඊට සාපේක්ෂව බලද්දී මට විවිධ අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කරන්න ලැබුණා. විවිධ වූ චිත්‍රපට ලැබුණා. මගෙත් එක්ක ක්ෂේත්‍රයට ආපු අනෙක් කිසිම නිළියකට එවැනි අවස්ථාවක් ලැබුණේ නෑ. වර්තමානයේ නළු, නිළියෝ ක්ෂේත්‍රයට එක් වෙනවා. අනාගතයේත් එහෙමයි. නමුත් ඔවුන්ට ගාමිණී ෆොන්සේකා කෙනෙක්, එච්. ඩී. ප්‍රේමරත්න කෙනෙක්, වසන්ත ඔබේසේකර කෙනෙක් හම්බ වෙන්නේ නෑ.
එහෙම බලනකොට ඔයා වාසනාවන්ත නිළියක්?
ඔව්. ඒ වාසනාව මට තිබුණා ඇත්තටම. අද පරපුරට ඒ අවස්ථාව නෑ. 70 දසකයේ මාලිනී ෆොන්සේකාට ලැබුණ සිනමාව මට ලැබුණේ නෑ. නමුත් මම ආපු කාලෙට සාපේක්ෂව මට ලැබුණු අවස්ථා ගැන ඇත්තටම මට සංතෝෂයි. මං හිතනවා මම වාසනාවන්තයි. මට ලැබුණු අවස්ථා එමටයි. අවස්ථා නොලැබුණා කියලා කවදාවත් මම පසුතැවුණෙත් නෑ.
ඉතාමත් දක්ෂ නළු නිළියන් අතරින් පතර හෝ අදත් අපි දකිනවා. නමුත් තරු ගුණය සහිත නළු නිළියෝ දැන් ඇත්තෙම නෑ වගෙයි?
ඒක මේ කාලයත් එක්ක එන ප්‍රශ්නයක් නේද?
කාලයත් එක්ක?
ඔව්. සංගා, මහේලගෙන් පස්සේ එක පාරට ඔයාගේ ඔළුවට එන ක්‍රිකට(ර්) කවුද?
ක්‍රිකට් ක්‍රීඩකයොත් අදාළ ද එතකොට මේ ප්‍රශ්නෙට?
ගායන ක්ෂේත්‍රයේ ඔයාගේ ඵබචප කවුද? මේ අද ඉන්න කෙනෙක්ද? මම හිතන්නේ අසංක මේක සිනමාවට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙවේ. අදත් ඔය ස්ටාර්ස්ලා කියලා ඉන්නවා. ඒත් ඔයා ඇත්තටම එයාලට ආදරේද? තරුවක් කිව්වම අපි ඇත්තටම එයාට ආදරය කරන්න ඕනෑ. ඒක තමයි සැබෑ ජනප්‍රියත්වය. ඒක මාධ්‍යවලින් ගොඩ නගපු බොල් ප්‍රතිරූපයක් නෙවේ.
දැන් සංගීතා කියන්නෙත් මම දන්න විදිහට නම් සැබෑම ජනප්‍රිය නිළියක්?
මගේ චිත්‍රපටයක් විසිහත් පාරක් නරඹපු රසිකයෙක් හිටියා. ඒ වගේම මගේ සප්ත කන්‍යා, දොරකඩ මාරාව, දුවක මවක මිස වගේ චිත්‍රපට කීප වතාවත් නරඹපු අයත් ඉන්නවා. ඔවුන්මයි ඒ බව මට කිව්වේ.
ඒ කියන්නේ සංගීතා ගැන උන්මාදයක් එදා අපේ ප්‍රේක්ෂකයන්ට තිබුණා?
ඔව්. ඒක බොහොම සාමාන්‍ය දෙයක්නේ නේද? එහෙම එකක් තිබ්බා. ඉතිං ඒක අද පරපුරේ නළු, නිළියන්ට තියෙනවද කියන්න නම් මම දන්නේ නෑ. හැබැයි මට ඒ අත්දැකීම ලැබුණා.
ඔයාගේ දැනුමට අනුව කොතනින්ද මේ අපේ සිනමාවේ ‘ස්ටාර් කොලිටි’ එක අවලංගු වෙලා යන්නේ?
‘ස්ටාර් කොලිටි’ එක නැතුවා නෙවෙයි. දැන් පූජාගේ ගත්තත්, අනර්කලීගේ ගත්තත් ස්ටාර් කොලිටි එකක් තියෙනවා.
එතකොට අඩු වැඩි වශයෙන් කාටත් තියෙනවා?
සමහර අයගේ නම් නෑ. ඇත්තම කියන්න ඕනෑ. ඔවුන් හරි දක්ෂයන් වෙන්නත් ඇති. නමුත් අරක නෑ.
වාණිජ සිනමාවේ දඟකාර පෙම්වතිය වෙන ගමන්ම ඔයා කලාත්මක සිනමාවේ පොළොවේ පය ගහලා ජීවත් වෙන අපේ කාලයේ කාන්තාවගේ චරිතයත් නිරූපණය කරනවා. අද ඔය දෙකටම ගැළපෙන නිළියෝ නෑ නේද?
මම නිළියක් හැටියට තවත් නිළියකට ධෛර්යයක් දෙනවා මිස මේ සීමාවන් තුළ ඔවුන් කරන කර්තව්‍යයන් පිළිබඳ විවේචනය කරන්න මට අවශ්‍යතාවයක් නෑ. සත්‍ය අපිට හැම තිස්සේම කතා කරන්නත් බෑනේ නේද?
සාමාන්‍යයෙන් අපි හැමෝටම පරමාදර්ශී චරිත තියෙනවා. දැන් මාලිනී ෆොන්සේකාගේ පරමාදර්ශී චරිතය රුක්මණී දේවි. එතකොට ඔයාගේ පරමාදර්හී චරිතය ඇතැම් විට මාලිනී අක්කා වෙන්න පුළුවන්. දැන් එහෙම එක් එක් ආභාෂයන් ලබා ගන්නවානේ?
අනිවාර්යයෙන්ම.
සංගීතා වීරරත්න, තමන්ගේ පරමාදර්ශී නිළිය කරගත් පසු පරපුරක් හිටියා කියලා ඔයාට හිතෙනවාද?
අද පරපුර එහෙම කියන්න තරම් නිහතමානී නෑ නේද? එහෙම ඇති. ඔයාගේ රඟපෑම් හොඳයි. අහවල් චරිතය ඔයා හොඳට කරලා තියෙනවා කියපු නිළියෝ ඉන්නවා. සමහර විට මගේ රඟපෑම් හරහා තමන්ටත් යමක් එකතු කර ගත් නිළියෝ මම දැකලා තියෙනවා. නමුත් ඔවුන් කවදාවත් ඒවා ප්‍රසිද්ධියේ කියන්නේ නෑ.
‘ධීවරී’ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නේ වසර ගණනාවකට පසුව. දැන් ‘බොරදිය පොකුණ’ චිත්‍රපටයත් තිරගත වෙන්නේ රූගත කර වසර දහතුනකට පසුව?
ඔව්. ‘බොරදිය පොකුණ’ චිත්‍රපටයේ මුලින් රඟපාන්න හිටියේ මම. මුලින්ම ඒ චරිතයට ආරාධනා ලැබුණේ මට.
මොන චරිතයද?
මංගලාගේ චරිතය. පස්සේ ඒ චරිතය කළේ ඩිලානි. සත්‍යා කියන්නේ මගේ හොඳම යාළුවෙක්. අදටත් මගේ හොඳම යාළුවෙක්.
ඇයි ‘බොරදිය පොකුණ’ මඟ හැරුණේ?
මම බෑ කිව්වා ඉතින්. එවැනි චරිතයක් නිරූපණය කිරීමේ අවශ්‍යතාවයක් මට තිබ්බේ නෑ ඒ වකවානුව තුළ.
නෑ මගේ ප්‍රශ්නය වෙන්නේ යම් චිත්‍රපටයක් එහෙම ප්‍රමාද වී ප්‍රදර්ශනය වෙද්දී කල් ඉකුත් වීමක් වගේ දෙයක් වෙනවද?
දැන් ‘සප්ත කන්‍යා’ එහෙම කල් ඉකුත් වෙලා තියෙනවාද?
නෑ. ඒක නියමිත කාලේ තිරගත වුණානේ?
ඔව්. ඒත් පස්සේ බැලුවා කියලා එහෙම වෙනවද? මම හිතන්නේ අද බැලුවත්.
මම අහන්නේ කුමන හෝ හේතුවක් නිසා වසර දහයක්, දොළහක් වගේ කාලයක් ඉකුත් වෙලා මහජන ප්‍රදර්ශනයට චිත්‍රපටයක් එක්වීම නිළියකගේ පැත්තෙන් බලන කොට ඔයාට කොයි වගේ ද දැනෙන්නේ කියලයි?
අද මම චිත්‍රපටයක රඟපෑවා කියමුකෝ. හෙටත් මම හොයනවා ඒකේ අඩුපාඩු. ඒක ඉතින් කවදාවත් වෙනස් වෙන්නේ නෑ. මට වඩා හොඳට රඟපාන අය ඉන්නවානේ. මම මදිනේ කියලා හිතනවා. සමහර විට මම හොඳ නෑ කියලා කනගාටු වෙන චිත්‍රපටවලට මට සම්මානත් ලැබෙනවා. ඒත් ෂඞ මේක තමයි මගේ හොඳම රඟපෑම කියලා තෘප්තිමත් වෙන්නේ නෑ නේද කොතනකවත්. ඒක එහෙම වුණත් චිත්‍රපටයක් කවදාවත් කල්ඉකුත් වන්නේ නෑ. ‘කසබලංකා’ අදත් ඔයා බලයි. කල්ඉකුත් වීමක් නෑ. හොඳ නිර්මාණයක් නම් ඒකට එක්ස්පයර් ඩේට් ඒකක් නෑ.
කවුද ඔබේ ප්‍රියතම අධ්‍යක්ෂවරයා. මම ඇහුවේ ඔයාගේ නිර්මාණ දිවියට ආලෝකයක් වුණු?
එහෙම කියනවා නම් මට නම් තියෙනවා නවයකට වැඩිය කියන්න.
නම් නමේකට වැඩිය?
මම එච්චර වාසනාවන්තයි. ඒකයි මම කිව්වේ මට අතපසු වූ අවස්ථාවන් ඇති. නමුත් මට ලැබුණු අවස්ථාවන් ඊට වඩා වැඩියි.
අයියෝ මට මෙයත් එක්ක වැඩ කරන්න බැරි වුණානේ කියලා දුකක්, කනගාටුවක් හිතෙන අධ්‍යක්ෂවරු නැද්ද?
එහෙම ඉන්නවා කීප දෙනෙක්. තිස්ස අබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක තමයි ප්‍රධාන. ඔවුන් එක්ක වැඩ කරපු අය කියන දේවල් අහන කොට මට හරි ආසාවක් ඇති වෙනවා. ඉතිං ඒ අවස්ථා මිස් වුණා. ඒක ගැන නම් අපරාදේ කියලා හිතනවා. හැබැයි තව පැත්තකින් මට ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, ගාමිණී ෆොන්සේකා කියන අපේ රටේ දැවැන්තම නළුවෝ තුන් දෙනා එක්ක රඟපාන්න ලැබුණා. ඉතිං මම කොච්චර වාසනාවන්තද?
ඒ කියන්නේ රජ තුන්කට්ටුව සමඟ?
ඔව්. ඉතින් ඒ අවස්ථාව ලැබුණ එක මම හිතන්නේ ලොකු වාසනාවක්. ඒ වගේම රවීන්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක, රන්ජන් රාමනායක, කමල් අද්දරආරච්චි, දමිත් ෆොන්සේකා වගේ ඊට පසු පරම්පරාවේ නළුවන් එක්කත් මම රඟපෑවා.
ඔයාගේ සිත් ගත්, නැතිනම් ඔයා රඟපාන්න කැමැත්තෙන් සිටි චරිතයක් වෙනත් නිළියක් රඟපානවා දකින කොට මොන වගේ හැඟීමක් ද ඇති වෙන්නේ?
අද කාලේ හැටියට මට හිතෙනවා මගේ අත්දැකීම් එක්ක මට ඒ චරිතය මීට වඩා සාර්ථකව කරන්න තිබුණානේ කියලා. එහෙම මම හිතපු අවස්ථා තියෙනවා. නමුත් කරන්න දෙයක් නෑ. ඒක අධ්‍යක්ෂවරයාගේ අයිතියනේ.
එතකොට අධ්‍යක්ෂවරයාගෙන් ඔයාට අසාධාරණයක් සිදු වෙලා තියෙනවා?
නෑ . . නෑ . . නෑ . . මම හිතනවා වගේම එහෙම තව නිළියෝ කී දෙනෙක් හිතනවා ඇතිද? ඒ හැමෝටම අවස්ථාව දෙන්න බෑනේ. මම එක්කෙනෙක් විතරයි.
සංගීතා අපේ සිනමාව වෙනුනේ ගොඩක් කැප වීම් කළ නිළියක්. ‘කැප කිරීමේ කුමරිය’ කියන නම ඔයාට පටබැඳුණෙත් ඒ නිසයි. චරිතයක් වෙනුවෙන් හිසිකේ පවා මුඩු කළා. අදත් ඒ වගේ කැප කිරීමකට සූදානම්ද?
ඒ කියන්නේ ආයෙත් හිස බූ ගාන්න . . .
ඒ වගේ දෙයකට වුණත්?
මම බොහොම ආදරේ කළ කෙනෙක් මගේ ආච්චි. ඇය දස සිල් මෑණි කෙනෙක්. ඉතින් ඇය වෙනුවෙන් තමයි මම ඒ චිත්‍රපටය කළේ. ඇගේ ජීවන රටාව මම ගොඩක් භාවිතා කළා ඒ චිත්‍රපටය පුරාම. චිත්‍රපටයේ වටිනාකමක් තියෙනවා නම් මට හිස බූ ගානවා කියන එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවේ. නමුත් එවැනි චරිතයක් කරනවා නම් කාලය, ශ්‍රමය හරියට කැප කරන්න ඕනෑ අපි ගරු කරන්නේ චීවරයටනේ. ඉතින් ඒ චීවරය මම පළඳිනවා නම් නැවත වරක් මම ඒ ගෞරවය දිය යුතුයි. දරුවෙක් ගෙදර ඉන්න කොට මට ඒ කැප කිරීම එදා වගේම අදත් කරන්න පුළුවන් ද කියන එක ගැටලුවක්. හිස බූ ගානවා කියන එක සුළු දෙයක්. ඒක ආපහු වැවෙයි. එතන නෙවෙයි මම ඉන්නේ. කොහොමද අපි චීවරයට ගරුත්වය දෙන්නේ කියන තැනයි.
අද සිංහල සිනමාව කඩා වැටිලා කියන මැසිවිල්ල අපට නොයෙක් දෙසින් ඇසෙනවා. සංගීතාට මොකද මේ ගැන හිතෙන්නේ? සිනමාවේ අර්බුදයක් තියෙනවාද?
අර්බුදයක් ඇති නේද? දැන් අවුරුදු හතකින් ‘සරසවිය’ සම්මාන උළෙල තියලා නෑ. සම්මාන උළෙලක් කියන්නේ සිනමාවේ එක් අංගයක් විතරයි. අර්බුදය කියන්නේ ඒකට නෙවෙයි. සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීම අද එක්තරා විදියක අභියෝගයක් වෙලා තියෙනවා. සිනමාකරුවන්ට තමන්ගේ නිර්මාණ ස්වාධීනව කරගෙන යාමට තියෙන අයිතියට කිසිවකු අත නොගැසිය යුතුයි. ඒවාගේම හොඳ නිර්මාණ කිරීමට අවශ්‍ය පසුබිම සැකසෙන්නත් අවශ්‍යයි. මේ දේවල් හරියට කෙරුණොත් අනාගතයේ අපේ සිනමාව සුබදායක මට්ටමකට එයි. අපට අවශ්‍යය නිර්මාණාත්මක සිනමාවක්.
ඇයි එහෙම සිනමාවක් අද නැද්ද?
එහෙම නැතුවා නෙවෙයි. ඒත් හොඳ නිර්මාණ බිහි නොවීම හෝ ඒවාට යම්, යම් බලපෑම් එල්ල වීම අද ප්‍රශ්නයක් බවට පත් වෙලා. අර්බුදයක් තියෙනවා කියලා අපිට පිළිගන්න වෙනවා. අද පොදුවේ ගත්තාම අපි සමහර කලා නිර්මාණවල දකින්නේ විකෘතිභාවයක්. ඒවා මේ මහ පොළවට ගොඩක් ඈතයි.
නළු, නිළියන් ඇතුළු බොහෝ කලාකරුවෝ පසුගිය කාලේ අපි දැක්කා සෘජුවම දේශපාලනයට සම්බන්ධ වී කටයුතු කරනවා. නමුත් සංගීතා නිහඬ පිළිවෙතක් තමයි ඒ ප්‍රවාහය තුළ අනුගමනය කළේ?
මම 2005 දී මගේ දේශපාලන මතවාදය එළිපිට ප්‍රකාශ කළා. එතනින් එහාට මම කට වහගෙන හිටියා. ඊට පස්සේ මම කවදාවත් දේශපාලනය කළේ නෑ. මොකද මට තේරුණා මමයි, දේශපාලනයයි ගැළපෙන්නේ නෑ කියලා. දේශපාලනයයි, මමයි දෙකක්. මට දේශපාලන මත තියෙනවා. ඒවාට මිනිස්සු එකඟ වෙනවද නැද්ද කියලා මම දන්නේ නෑ. නමුත් දේශපාලනයට වඩා නිර්මාණ හරහා මම ඔවුන්ට කතා කරන එක වැදගත් කියලා මම හිතනවා. නිර්මාණකරුවා සදා අමරණීයයි. ඒ නිසා මම 2005 දී කරපු ඒ මෝඩකම ආයේ කවදාවත්ම කරන්නේ නැහැ.

Saturday, March 28, 2015

Work shouldn't Interfere with family

By: Prosperity Tech On: 9:02 PM

කලාවයි පවුලයි හවුල් කරගන්න කැමැත්තක් නැහැ

වත්සලා දියලගොඩ
කොහොමද වත්සලා ?
සුපුරුදු විදිහට ජීවිතේ ගෙවෙනවා. කාලේ යනවා දැනෙන්නේ නැහැ. පහු ගිය 24 වැනි දා දුවට අවුරුද්දක් ලැබුවා. ඉතින් පහු ගිය දවස් ටිකේ නම් දුවගේ උපන්දින සාදේට වැඩත් එක්කයි කාර්යබහුල වෙලා හිටියේ.
එහෙනම් දුවගේ උපන්දිනේ ජයටම සමරලා තියෙන හැඩයි?
සාමාන්‍යයෙන් හැමෝම වගේ තමන්ගේ බබාගේ පළවැනි බර්ත් ඩේ පාර්ටි එක ජයටම ගන්නවානේ. ඉතින් අපේ දුවගේත් පළවෙනි උපන්දින සාදේ නිසා අපිත් ටිකක් ජයට ගත්තා.
වත්සලාගේ ප්‍රසූත නිවාඩු නම් තව ඉවර නැති පාටයි?
නැහැ නැහැ. දැන් ඉවරයි.

එහෙනම් ළඟදීම රංගනයට එන්නයි සූදානම?
ඔව්. ඒත් තවම කවුරුත් දන්නේ නැහැ මං ආයිත් රඟපාන්න සූදානම් කියලා. දැනට රූපවාහිනි වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් ආයිත් රඟපාන්න සූදානම්.
වත්සලාට නැවත පෙම්වතියක් වෙන්න පුළුවන් වෙයිද?
කොහොම ආරාධනා ලැබෙයි ද කියන්න දන්නේ නැහැ. නමුත් තවම පෙම්වතියක් වෙන්න බැරිකමකුත් නැහැ.
එහෙනම් දැන් රූපය ගැනත් වැඩිපුර හිතන්න වෙයි?
මගේ රූපයේ නම් කිසිම වෙනසක් වෙලා නැහැ. දැන් ඉස්සර හිටියටත් වඩා කෙට්ටුයි.
රංගනයෙන් ඈත් වී සිටි කාලය ඒකාකාරී වුණේ නැද්ද?
මුල් කාලේදී නම් ඒකාකාරී බවක් දැනුණා. විවාහ වුණු මුල් කාලේ දී වුණත් ලොකු වගකීමක් නොතිබුණු නිසා නිදහස තිබුණා. නමුත් දුව ලැබුණහම එය ජීවිතයට ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඉතින් දැන් නම් ඒ දේවල් වලට හුරු වෙලා නිසා කාලේ යනවා තේරෙන්නෙත් නැහැ.
දුව වැඩියෙන් හුරතල් වෙන්නේ අම්මා එක්කද තාත්තා එක්කද?
තාත්තාට තමයි දුව වැඩිපුර කිට්ටු. ඒ නිසා තාත්තා එකක් තමයි වැඩිපුර හුරතල් වෙන්නේ.
දුව ගෙදර තියලා ආයෙත් රංගන කටයුතු වලට යොමු වෙන්න දුක නැද්ද?
ගොඩක් දුකයි. දැන් වුණත් ඇයව දාලා වැඩසටහනකට සහභාගී වෙන්න ගියත් මට නිතරම දුව මතක් වෙනවා. ඉතින් ඒ වෙලාවට දූව බලාගන්නේ මගේ අම්මයි සැමියා ගේ අම්මයි. දුවත් එයාලට ගොඩක් හුරුයි. ඉතින් ඒ ගැන හිතන කොට මගේ හිතට දැනෙන්නේ ලොකු සැහැල්ලුවක්.
ඔබේ සැමියා කලාවට සම්බන්ධයි. ඉතින් ඇයි ඔබ ඔහු ගේ වැඩවලට දායකත්වය ලබා නොදෙන්නේ?
ඔහු ගේ වැඩවලදි ප්‍රධාන වශයෙන් නොවූණත් පුංචි පුංචි දේවල් වලින් මම දායක වෙනවා. අපි අතර තියෙන්නේ කලාවට සීමා වූ සම්බන්ධයක් නෙමෙයි නේ. කලාවයි පවුලයි හවුල් කර ගන්න මගේ කැමැත්තක් නැහැ.
ඔබ ක්ෂේත්‍රයේ හිටපු කාලෙත් බොහොම සීමිත නිර්මාණ කිහිපයකටයි සම්බන්ධ වුණේ?
ඔව්. මම ඇත්තටම පොඩි කාලයක් ඇතුළත පොඩි වැඩ කොටසයි කළේ. නමුත් මගේ පළමු ටෙලි නාට්‍යයෙන්ම මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා.
ඉන් පසු සම්බන්ධ වුණු හැම නිර්මාණයක්ම ජනප්‍රිය වුණා. එය මට ලොකු වාසනාවක්. මේ දිනවල නැවතත් 'මුතු කිරිල්ලි' සහ 'අමා' විකාශය වෙනවා ඉතින් ඒ නිර්මාණ නැවත විකාශය වෙන්නේ ලැබුණු හොඳ ප්‍රතිචාර නිසයි. එවැනි නිර්මාණ වලට දායක වුණාහම මිනිසුන්ට මාව අමතක වෙන්නේ නැහැ.
වත්සලා ඔබේ නැඟණිය දැන් ඔබට වඩා ජනප්‍රියයි?
වෙන්න පුළුවන්. ඇය දැන් ගොඩක් නාට්‍ය වලට සම්බන්ධ වෙලා ඉන්නේ. මම බ්‍රේක් එකක් ගත්තා. මේ ඇය ගේ කාලේ.
ඔබේ තාවකාලික සමු ගැන්ම ඔබේ නැඟණියට ක්ෂේත්‍රයට එන්න මඟක් වුණා?
එහෙම වෙන්නත් පුළුවන්. අපි දෙන්නාගේම ස්වරූපය බොහෝ දුරට සමානයි. ඒ අවස්ථාවත් ඇයට ලැබුණා. ඒ වගේම ඇය දක්ෂයි.
කොහොම හරි අක්කාගේ තැන නංගී අරන්?
වෙන්න ඇති. නමුත් මට කිසිම දුකක් නැහැ. මම කලාවෙන් සමු ගත්තේ තාවකාලිකව. ඒ සමු ගැන්ම මගේ ජීවිතයේ එක්තරා කඩඉමක්. ගැහැනියකගේ ජීවිතයේ උතුම් දේ වෙනුවෙනුයි මම මගේ රංගන ජීවිතය තාවකාලිකව කැප කළේ. අනෙක හැමදාම දකිනවාට වැඩියේ ඉඳලා හිටලා දකින එකත් හොඳයි නේ... හැමෝටම කාලයක් එනවා යනවා. කාටවත් සදාකාලිකව ජනප්‍රිය තලයේ ඉන්න බැහැ. තෝරා බේරගෙන වුණත් හොඳ නිර්මාණ වලට සම්බන්ධ වෙලා හොඳ දෙයක් කළොත් මිනිස්සුන්ගේ හිත් වල හැම දාම රැඳිලා තියෙයි.

Chris Henry in Sinahawa Atharin Sinhala Movie

By: Prosperity Tech On: 8:32 PM

ලංකාවේ කලාවට මාව වටින්නේ සුදු හමයි සිංහල දැනුමයි විතරයි - ක්‍රිස් හෙන්රි

‘රිචඩ්’ සුදු ජාතික තරුණයෙකි. ලංකාවේ රැකියාවක නියුතුව සිටින ඔහුට ‘කුමාරි’ මුණගැසෙනුයේ සිය මිතුරෙකුගේ මාර්ගයෙනි. දෙදෙනාගේ ජීවිත අතර වන සංස්කෘතික බැඳීම්හි පරස්පරතා, ප්‍රේමයෙන් වසා ගනිමින් ඔවුහු පෙමින් වෙළෙති. එහි අවසානය වනුයේ කුමාරිත්, රිචඩ්ත් විවාහ වීමෙනි. මේ විවාහ ජීවිතය තුළ කුමාරි. ජීවිතය දකිනුයේ කෙලෙසක ද? රිචඩ් ජීවිතය දකිනුයේ කෙලෙසක ද? එය විසඳා ගැනීම ජිවිතය දෙස ආදරණීයව හෙළන බැල්මකින් හැකිවෙයි ද? රිචඩ් ජීවිතය බාරගන්නා අයුරු අපූරුය. මේ රිචඩ් කවුදැයි දැන් ඔබට ප්‍රශ්නයක් වනු ඇත. ඔහු අපට මුණගැසෙනුයේ තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිත සනත් ගුණතිලකගේ නවතම සිනමා නිර්මාණය වන ‘සිනහව අතරින්’ චිත්‍රපටයෙනි.

රිචඩ් නම් වූ සුදු ජාතිකයාට ජීවය දෙන ඔහු සැබෑම සුදු ජාතිකයෙකි. ඔහු ක්‍රිස් හෙන්රිය. ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් අතර ‘ක්‍රිස් හෙන්රි’ යනු ජනප්‍රිය චරිතයකි. මන්ද ඔහු මීට ප්‍රථම ද ලාංකික නිර්මාණ රැසකට රංගනයෙන් දායකත්වය දැක්වූවෙකු නිසා. සිනහව අතරින් ‘රිචඩ්’ ගැන කතා කරන්නට පසුගිය දිනක අපි ක්‍රිස් හමුවූයෙමු.
“සිනහව අතරින්” චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ මගේ මිතුරෙකු වන නිමල් නිසයි. ඔහුත් මමත් මීට පෙර එකට වැඩ කර තිබුණා. ඔහු තමයි මට යෝජනා කළේ මෙහෙම චරිතයක් තිබෙනවා. ඒක කරමු කියලා. මම එකපාරටම කැමැති වුණෙත් නෑ. බලමු කියලා කිව්වා. ඒ කාලේ වෙනකොට මට දින ප්‍රශ්නයකුත් තිබුණා. මම රට ගිහිල්ලත් හිටියා. ඊට පස්සෙ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මං නැතුව කරන්න බෑ කියලා කල් දැම්මා. ඊට පස්සෙ තමයි මම සම්බන්ධ වුණේ.
සිනහව අතරින් චිත්‍රපටයේ ‘රිචඩ්’ ගේ චරිතය ක්‍රිස්ට දැනුණේ කොහොම ද?
‘රිචඩ්’ කියන චරිතය ගොඩනැ‍ඟෙන වටපිටාව මට අලුත් දෙයක් නොවෙයි. ඒක මගේ සංස්කෘතිය. මම හැදුණු වැඩුණු ජීවත්වන සංස්කෘතිය. ඒ නිසා ඒ චරිතය මට සමීපයි. මේ චිත්‍රපටයේ රිචඩ්ගේ චරිතය මුලින් බලන කෙනෙකුට කොයි වගේ කෙනෙක් ද කියලා දැනගන්න අමාරුයි. එයාගේ හිත වැඩිය එළියට එන්නේ නෑ ඒ චරිතයෙන්. නමුත් එයාගේ චරිතයේ නියම ස්වරූපය දකින්න ලැබෙන්නේ චිත්‍රපටය අවසානයේදී. එතැනදී තමයි ගොඩාක් feel වෙන දේවල් මිනිස්සුන්ට දැනෙන්නේ. මම මේ චරිතයට ගොඩාක් කැමැති වුණේ මම ලංකාවේ හිටියට මගේ culture එක මේ වගේ නිසා. රිචඩ්, කුමාරි විවාහ කරගත්තම ශ්‍රී ලාංකික සැමියෙක් වගේ කුමාරිගෙන් බොහෝ දේවල් අපේක්ෂා කරන්නේ නෑ. ලංකාවේ ගැහැනු විවාහ වුණාම සැමියාගේ රෙදි හෝදනවා. සැමියට උයනවා, පිහිනවා. සැමියා එනකම් කන්නේ නෑ. නිදාගන්නේ නෑ.
ඒක ලංකාවේ සංස්කෘතිය. ඒත් රිචඩ්ගේ සංස්කෘතිය ඊට වෙනස්. එයා හැම වෙලාවෙම හිතන්නේ සිය බිරියගේ සතුට, බිරියගේ නිදහස, එයා බිරියගෙන් කිසි දෙයක් අපේක්ෂා කරන්නේ නෑ. රිචඩ් රෑට පාඩම් කරලා ඉවර වෙලා කුමාරි ළඟට නිදාගන්න එන්නේ නැතුව පුටුව උඩ නිදියගන්නේ කුමාරිට ඇහැරෙයි කියලා. ඒත් කුමාරි ඒවා තේරුම් ගන්නේ වෙන විදියකට. මේ සංස්කෘතික ගැටුම තමයි රිචඩ්ගෙත් කුමාරිගෙත් විවාහ ජීවිතේ තියෙන්නේ. ඒ හින්ද තමයි එයාට අහම්බෙන් පන්සලේදී හම්බවෙන විමල්ට එයා ළංවෙන්නේ. නමුත් රිචඩ් ඒකත් මහ ලොකු දෙයක් හැටියට ගණන් ගන්නේ නෑ. ඒක අපේ බටහිර සංස්කෘතියේ හැටි. ඒකෙන් එයා සතුටක් ලබනවනම් ඒකටත් ඉඩ දෙනවා.
‘සිනහව අතරින්’ සනත් සමඟ
මේ චරිතය මටත් feel වුණා. මටත් එවැනි අත්දැකීම් තිබෙනවා. රිචඩ්ගේ චරිතය තුළ වැඩිය කතා කරන්න නෑ. මුහුණේ හැඟීම් ප්‍රකාශ කරන්න තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ නිසා ඒක මට ලැබුණු වෙනස් චරිතයක්. චිත්‍රපටය මුලින් බලත්දි හිතෙන්නේ ‘පර සුද්දා very bad’ වගේ අදහසක්. ඒ වුණාට අන්තිමට තමයි හිතෙන්නේ ‘රිචඩ්’ හරි කියලා. මම මේ චරිතයට කැමැතියි. ඒත් රංගනය මගේ වුණාට dub කළේ මම නොවෙයි. ඒකට මම කොහෙත්ම කැමැති නෑ. මම මේ චිත්‍රපටයේ ‍ට්‍රේලර් එක දැක්කෙත් පිටරටකදී. චිත්‍රපටයේ සිංහල කතා කරන විදියට නොවේ මම සිංහල කතා කරන්නේ. ඒ නිසා ඒකට මට කනගාටුයි.
ඇත්තටම ඔබ සිංහල කතා කරන්න ඉගෙන ගත්තේ කොහොම ද?
දෙබස් කියවලාම තමයි. ලංකාවට එනකොට මට සිංහල වචනයක්වත් බෑ. දෙබස් කියවල කියවල දැන් මට සිංහල කතා කරන්න පුළුවන්. ඒ වුණාට ලියන්න කියවන්න බෑ. තවමත් ඉගෙන ගන්නවා.
දැන් ලංකාවේ කොච්චර කාලයක් හිටිය ද?
ලංකාවට ඇවිල්ලා දැන් අවුරුදු 8 ක් වෙනවා. මේ කාලය ඇතුළත මෙහේ පදිංචි වෙලා හිටියා. ඒත් දැන් ආයේ මම පිටරට පදිංචියට යන්න තීරණය කරලා ඉන්නේ.
ඔබ නළුවෙක් වුණේ කොහොම ද?
මම නළුවෙක් වුණේ ලංකාවේදී නොවෙයි. මම Newyorkවල සහ ලොස් ඇන්ජලීස්වල සිනමා පාසලින් ඉගෙන ගත්ත නළුවෙක්. පළවැනි චිත්‍රපටය කරනකොට මට වයස අවුරුදු 14 යි.
ලංකාවට ඇවිත් නළුවෙක් වුණේ ‍කොහොම ද?
ඒ කාලේ චන්ද්‍රන් රත්නම්ගේ ෆිල්ම් ලොකේෂන් සර්විස් එකේ ගොඩාක් වැඩ තිබුණා. මම ඉස්සරලම ඒකට join වුණා. ලංකාවේ නිර්මාණවලට දායක වෙන්න ඕනකමක් මට තිබුණෙ නෑ. නමුත් මට TVT එක කතා කළ ‘මහතලා හටන’ කියලා ටෙලි නාට්‍යයක් කරනවා. ඒකේ රඟපාන්න එන්න කියලා. මම ටෙලි නාට්‍යවලට ආස නැති නිසා බෑ කිව්වා. නමුත් ඔවුන් දිගින් දිගටම මට කිව්වා ඒ චරිතෙට මාව ගැළපෙනවා කියලා. ඒ නිසා බාරගත්තා. ඒකෙන් දැක්කට පස්සේ ලංකාවේ තව තව නිර්මාණවලට කතා කළා.
ලංකාවේ කරපු ඔබ කැමැතිම නිර්මාණය මොකක්ද?
ලංකාවේ නිර්මාණ 40 කට විතර දායක වෙලා තිබෙනවා. චිත්‍රපට ගත්තොත් ‘සිනහව අතරින්’, ‘අනගාරික ධර්මපාල’, ‘ඇහැලේපොල කුමාරිහාමි’, ‘ඉරහඳ යට’, ‘මාතා’, ‘මචං’, ‘රෝස කැලේ’ වැනි නිර්මාණ කරලා තිබෙනවා. ඒ අතරින් ‘සිනහව අතරින්’ චිත්‍රපටයේ තමයි මට යමක් කරන්න තිබුණේ. ටෙලි නාට්‍ය ගත්තොත් විශාල ප්‍රමාණයක් තියනවා. ඒ අතරින් බර්ට්‍රම් නිහාල්ගේ ‘අමරපුරය’, ‘ධවල කඩුල්ල’, ‘රන්ගිර’ වැනි ටෙලි නාට්‍යවලට කැමැතියි. මේ අතරින් ‘අමරපුරය’ ටෙලි නාට්‍යයේ හාමුදුරුවන්ගේ චරිතය විශේෂයි.
ඇයි ඒ...?
ඒක මට අලුත් අත්දැකීමක්. මම බුදුදහම ගැන මුකුත් දන්නේ නෑ. මම භාවනා කරන්න දැනගෙන හිටියේ නෑ. මම අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා හිටියා ඒ චරිතය කරන්න මට සති දෙකක් භාවනා මධ්‍යස්ථානයක පුහුණුවෙන්න දෙන්න කියලා. ඒ අවස්ථාව මට ලැබුණා. හාමුදුරුවරු කන්නේ බොන්නේ කොහොම ද? ඇවිදින්නේ කොහොම ද? භාවනා කරන්නේ කොහොම ද කියලා මම අධ්‍යයනය කළා. ඒක හොඳට ආවා කියලා මට හිතෙනවා.
ඔබට රයිගම් ටෙලිනාට්‍ය උලෙළින් සම්මානයකුත් ලැබුණා නේද?
ඔව්. ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. ලංකාවේ සම්මාන උලෙළකින් එහෙම දෙයක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මම ලංකාවේ වැඩිය චිත්‍රපට කරලා නෑ. ලංකාවේ කලාවේ ඉන්න අය අපව එච්චර අගය කරන්නේ නෑ කියල තමයි මට හිතෙන්නේ. මගේ රංගන හැකියාව ගැන ඒ කවුරුත් බලන්නේ නෑ. ඔවුන් බලන්නේ මගේ සුදු හමයි, සිංහල කතා කරන්න පුළුවන් එකයි විතරයි. ඒ ගැන දුකයි. වෙන රටවල්වල වගේ මෙහේ Artisteට සලකන්නේ නෑ. මට දැනෙන්නේ අපි පාවිච්චි කරනවා කියලා විතරයි.
ඔබ රඟපාපු විදේශීය චිත්‍රපට මොනවා ද?
අනුෂ්කා ශර්මා - රන්බීර් කපූර් රඟපාපු ‘බොම්බේ වෙල්වට්’ චිත්‍රපටයේ ආමි ලෙෆ්ටිනන් කෙනෙක්ගේ චරිතයක් රඟපෑවා. ඊට අමතරව Captain America, Doom - 3, midnight's children,
ක්‍රිස් ඇමෙරිකන් ජාතිකයෙක් ද?
මම ප්‍රංශ ජාතිකයෙක්. මගේ තාත්තා ප්‍රංශ ජාතිකයෙක් අම්මා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. මම ඉපදුණේ ජර්මනියේ. ඇමෙරිකාවේ හැදුණේ වැඩුණේ. අවුරුදු 5 - 6 ක් විතර ප්‍රංශයේත් හිටියා. නමුත් අධ්‍යාපනය ලැබුවේ ඇමෙරිකාවේ. මට සහෝදරයෙක් ඉන්නවා. එයා ප්‍රංශයේ ජනප්‍රිය ගායකයෙක්. මම විවාහ වෙලා ඉන්නේ ශ්‍රී ලාංකික කාන්තාවක් සමඟ.

 

Friday, March 27, 2015

Shocking details of Sri Lankan Foreign Minister Mangala Samaraweera’s Secret Affair In USA

By: Prosperity Tech On: 11:02 PM

මංගල රහසිගතව පිරිමි යාලුවා එක්ක නිව්යෝර්ක් නුවර කල දේ ලීක් වෙලා


මංගල සමරවීර, 2015 පෙබරවාරි මස ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදි ජනතා මුදල් නාස්ති කල ආකාරය ගැන විස්තර අප වෙත සාක්ෂි සහිතව ලැබී ඇත.

ජනවාරි මස විදේශ ඇමති කමට පත් වූ දා සිට ලොව වටා තම සමීප තරුණයකු සමග සවාරි යන මංගල සමරවීර, 2015 පෙබරවාරි මස ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට පැමිණි අවස්ථාවේ දී නැවතීමට තෝරාගත්තේ එම නගරයේ තිඛෙන ඉතාම මිල අධික සුඛෝපභෝගී හෝටලයක් වන ෆොර් සීසන්ස් හෝටලයයි. විවිධ ගණන් වල කාමර තිඛෙන මෙම හෝටලයේ මිල අධිකම කාමරයක් තෝරා ගත් ඔහු ඒ සදහා දිනකට කාමරයට පමණක් ඇමෙරිකානු ඩොලර් /2325 (රු. තුන් ලක්ෂ නවදහස් දෙසිය වීසි පහක්) ගෙවා ඇත. සාමාන්‍යයෙන් මෙම හෝටලයේ නැවතීමට එන්නේ මයික්‍රොසොෆ්ට් අධිපති බිල් ගේට්ස් වැනි කෝටිපති ව්‍යාපාරිකයන් හා අරාබියේ තෙල් රටවල රාජකීය පවුල්වල සාමාජිකයන්ය.
පිට රට සංචාර වලදී ඉතා අධික ලෙස මුදල් නාස්ති කළ අයෙකු ලෙසට යහපාලනය විසින් පෙන්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නගරයට පැමිණි අවස්ථාවල නතරවන වන්නේ ,මිලෙනියම් ප්ලාසා හෝටලයෙහිය. මෙහි කාමරයකට ඔහු වියදම් කර ඇත්තේ ඩොලර් 700 (රු. අනු තුන් දහස) පමණකි.

මංගල සමග තම සමීප තරුණයා ඇතුළු 6 දෙනකු සඳහා පෙබරවාරි 12 සිට පෙබරවාරි 14 දක්වා මෙම හෝටලය වෙන්කර ගෙන තිබු අතර මොවුන්ගේ කාමර වලට දිනකට ඩොලර් /750 බැගින් ගෙවා ඇත. (මෙයින් දෙදෙනෙකු මාර්තු 15 දින දක්වා නැවතී ඇත.) මේ සමග අප ඉදිරිපත් කර ඇති ඉන්වෝයිසයේ පෙන්වා ඇත්තේ කාමර කුලිය පමණකි. කෑමට සඳහා ගිය වියදම් මෙහි සදහන් කර නොමැත.

මංගල වෙනුවෙන් දින 2කට මුදල් ගෙව්වත් සිටියේ එක දිනකි.
මංගල ඇතුළු කණ්ඩායමට කාමර කුලිය සඳහා ගිය මුළු මුදල ඩොලර් 15,150 කි. පෙබරවාරි 12 සිට දින 2 කට කාමර වෙන්කර තිබුනත් මෙම කණ්ඩායම හෝටලයේ නැවතීමට පැමිණ ඇත්තේ පෙබරවාරි 13 දාය. කලින් දැනුම් දුන්නේ නම් 13 වැනි දිනට පමණක් මුදල් ගෙවා ඩොලර් 7575 කින් බිල ගෙවීමට හැකිව තිබූ නමුත් මංගල ඇමතිගේ නොසැලකිල්ල නිසා ශ්‍රී ලංකා රජයේ ඩොලර් 7575 ක් නිරපරාදේ නාස්ති කොට ඇත. 13 වන දින වූවත් මොහු එම කාමරය පාවිච්චි කර ඇත්තේ පැය කීපයකට පමණි.

මහින්ද රාජපක්ෂ රජයේ දුෂණ , නාස්ති ගැන බොරුත් සමග පෙන්වා දුන් යහපාලන සිරිසේන මහතා තම පදවි ප්‍රාප්ති උත්සවයට රුපියල් 6000 පමණක් වියදම් කල බවට උදම් අනන නමුත් ඔහුගේ ඇමතිවරුන් කරනු ලබන මෙවැනි මුදල් නාස්ති කිරීම් ගැන සොයා බලන්නේද යන්න ජනතාව ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත.

රටට ඉසිලිය නොහැකි සුඛෝපභෝගී හෝටල වල නැවතීම සහ නොසැලකිලි ලෙස තම සංචාරයන් සැලසුම් කිරීම නිසා ශ්‍රී ලංකා රජයේ ඩොලර් 10,000 පමණ මොහු නිරපරාදේ විනාශ කොට ඇත.

මෙම ඇමෙරිකානු සංචාරය නිසා තව රසවත් කරුණු කීපයක්ද මතු වී ඇත.

ඉන්දියානු සවාරියට ගෙනගිය සමීර මනහර කොලු ගැටයා මංගල සමග ඇමරිකාවටද පැමිණ ඇත්ද?
මේ සමග අප ඉදිරිපත් කරණ හෝටල් කුවිතාන්සියේ ඇස්. සමීර මනහර නමත්තකුද මෙම කණ්ඩායමේ සිට ඇත . සිරිසේන මෑතකදී පවත් වූ ඉන්දියානු සංචාරයේ ජයාරූප සමහරක මංගලට පිටුපස සිටි කොලු ගැටියෙක් ගැන එම දිනවල ෆෙස් බුක් සාමාජිකයන් අතර තොරතුරු හුවමාරු වී ඇත.

2014 මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසහි සිදු වූ හොරකමකට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ශිරාන් ප්‍රියංකර නම් තරුණයාගේ බිරිඳ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මගින් ඉදිරිපත් කල පෙත්සම් වලද සමීර මනහර කෙනෙකු ගැන සදහන් කොට ඇත . 2015 පෙබරවාරි මස ඇමෙරිකාවට අවේ මෙම සමීරදයි නිව් යෝර්ක් නගරයහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ප්‍රශ්න කරති.

මංගල සමරවීර පවසන ආකාරයට ඔහුගේ පුද්ගලික ජීවිතය සහ දේශපාලන ජීවිතය දෙකක් වුවත් ශ්‍රී ලංකා රජයේ ජනතා මුදල් මෙසේ කොලු ගැටයෙකුට වියදම් කිරීම යහපාලන ක්‍රියාවක්දැයි ජනතාව ප්‍රශ්න කිරිමට පටන් ගෙන ඇත.

සමීර වෙනුවෙන් මේ දක්වා කොපමණ මුදලක් ශ්‍රී ලංකා රජය විසින් වියදම් කර ඇත්ද ? ගුවනින් මොහු ගමන් කරන්නේ කුමන පන්තියේද?

මේ දක්වා මංගල සමරවීර කල තම විදෙස් සංචාර වල වියදම් සවිස්තරව දක්වන මෙන්ද, තම නොසැලකිලි කම නිසා නාස්ති කල මුදල ආපසු රජයට ගෙවන ලෙසටද ‘අපේ රට’ ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටී .


Prof. Nalin De Silva's view about Sarath Fonseka & Ven Sobhitha

By: Prosperity Tech On: 10:30 PM

ෆොන්සේකා කළ වීරකමක් නෑ; සෝභිත හිමි දන්න දේශපාලනයක් නෑ – මහාචාර්ය නලින් ද සිල්වා

සරත් ෆොන්සේකා මේ දිනවල වීරයෙකු බවට පත්කර ඇති බවත්, ඔහු කළ වීරකමක් නොමැති බවත්, කරනු ලැබුවේ සුදුකොඩි කතාව හරහා රාජපක්ෂලාට බොරු චෝදනා ඉදිරිපත් කිරීම පමණක් බවත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. එලෙස බොරු චෝදනා ඉදිරිපත් කිරීමට තෑග්ගක් ලෙස ඔහුට ‘ෆීල්ඩ් මාෂල්”තනතුර හිමිවූ බවත්,ඒ නිසාම අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකළහොත් රාජපක්ෂලාට එරෙහිව ඔහු විසින් සාක්ෂිදෙනු ඇති බවත් ඔහු පැවසුවේය. මාඳුළුවාවේ සෝභිත හිමියන්ට දේශපාලනය නොතේරෙන බැවින් උන්වහන්සේ ඕනම කෙනෙකුට පාවිච්චි කළ හැකි බවත් මෙම මහාචාර්ය නලීන්ද සිල්වා මහතා පැවසීය. ජාතික ආණ්ඩුවක් නම් ජාතික වැදගත්කමින් යුතු ගැටළුවකදී රටේ සියලුම පක්ෂ එකමුතුවී පිහිටුවා ගත යුතු එකක් බවත්,සභාග ආණ්ඩුවක් නම් රටේ ප්‍රධාන පක්ෂ එකතුවී පිහිටුවා ගත යුතු ආණ්ඩුක් බවත් ඒ කිසිවක් නැතිව මේ ස්ථාපිත වී ඇත්තේ ඉන්දියාවේ අවශ්‍යතාව මත පදනම්වුණු විජාතික ආණ්ඩුවක් බවත්,එය ආරම්භ වූයේ පසුගිය ජනවාරි 09 දින සිටම බවත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. මේ පවතින්නේ නීත්‍යනුකූල ආණ්ඩුවක් නොවන බවත්, අගමැතිවරයා නීත්‍යනුකූල නොමැති බවත්,ඊයේ පත්කෙරුණු නව කැබිනට් මණ්ඩලයද නීත්‍යනුකූල නොමැති බවත් ඔහු පැවසුවේය. මේ මොහොතේ යළි මැතිවරණයක් පවත්වනු ලැබුවහොත් සිංහල ඡන්ද පදනමෙන් 65% ක් ලබාගනිමින් ජයගන්නා බවත්. මහින්ද පරාජයෙන් සිංහල ජාතිය පරාජයට පත් වූ බවත් ඒ මහතා පවසා සිටියේය. මහාචාර්ය නලීන් ද සිල්වා මහතා මෙම හාස්‍ය උත්පාදක රසකතා හමුව අද(24) කොළඹදී පැවත්වීය. සති දෙකකට වරක් රාජපක්ෂ පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම මාධ්‍යහමුවේදී මහාචාර්ය නලීන් ද සිල්වා මහතාගේ රසකතා වලට අමතර බෙංගමුවේ නාලක හිමියන්ගේද මෙවැනි රසකතා ඇසීමට ඉඩ ප්‍රස්තාව සැලසේ.

President Maithripala Sirisena's brother dies

By: Prosperity Tech On: 9:35 PM

ජනපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත මියයයි

පොරවකින් සිදුවූ පහරදීමකින් බරපතල තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයෙකු වන ප්‍රියන්ත සිරිසේන අද (28) අලූයම මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ අලූයම 3.50ට පමණ ඔහු මිය ගිය බවයි. පොළොන්නරුව - ඇතුමල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ජනාධිපතිවරයාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මිය යන විට වයස අවුරුදු 40ක්.
ප්‍රියන්ත සිරිසේනට පොරවකින් පහර දී තිබුණේ 34 හැවිරිදි හපුතන්ත්‍රිගේ ඉෂාන් ලක්මාල් නමැති පුද්ගලයෙක්. පෙරේදා රාත්‍රියේ පෞද්ගලික ආරවුලක් මත ඇති වූ ගැටුමක් දුරදිග යාමෙනුයි මෙය සිදුව තිබුණේ. අනතුරුව පොළොන්නරුව මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ප්‍රියන්ත සිරිසේන පසුව ගුවන් මගින් කොළඹට ගෙන ඒමට කටයුතු කළා.

Thursday, March 26, 2015

Hirunika lies about her relationship

By: Prosperity Tech On: 9:59 AM

අනේ තාම ලව් එකක් නෑ. මං විහිළුවක් කළේ. -  හිරුනිකා

පසුගියදා සිය ෆේස් බුක් ගිණුමේ තමන් ආදර සම්බන්ධයක් ඇති බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ පළාත් සභා මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඒ සම්බන්ධ වෙබ් අඩවි වල ප්‍රචාරය වීමෙන් පසුව ලජ්ජාවට පත්වීම නිසාදෝ එය ඉවත් කරගෙන තමන් තව දුරටත් තනිකඩ බව කියා සිටින අතර තමන් පෙම් සබඳතාවක් ඇරඹූ බව කියා සිටියේ විහිළුවට බව දැන් කියා සිටිනවා.පසුගිය කාලයේ නාමල් රාජපක්ෂ,
රන්දිම ගමගේ ආදී හිරුනිකාගේ පෙම්වතුන් බවට විවිධ කතා ප්‍රචාරය වී තිබුණ නමුත් ඇය ඒවා ප්‍රතික්ෂේප කර තිබුණා. ඇගේ පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හදිසි ඝාතනයට ලක්වූ අවස්ථාවේ අවේගශීලීව මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරමින් සිටි අවස්ථාවක ඇය ඇගේ

පෙම්වතා රන්දිම ගමගේ බවට ස්වාධීන රූපවාහිනී කැමරාවට මුහුණ පෙන්වමින් ප්‍රකාශයක් කර කියා සිටියේ තමාට වෙනත් අයගේ නම් පට නොබඳින ලෙස ඉල්ලමිනි.
නමුත් කාලයාගේ ඇවෑමෙන් ඇගේ දේශපාලන ක්‍රියාකාරකම් වැඩිවීමත් සමග එම සම්බන්ධය බිඳ වැටුණ බවද ඇය පුවත්පත්වලට කියා සිටි නමුත් ඇය වටේ මේ දිනවල කැරකෙන ඇගේ අලූත්ම පෙම්වතා හඳුන්වා දීමට මැළි කමක් දක්වා තිබුණා.
ඇගේ රහස ෆේස් බුක් ඔස්සේ සතුටින් ප්‍රකාශ කර තිබුණත් එයට නොසිතූ ප්‍රතිචාර ලැබීම නිසාදෝ ඇය එය ෆේස් බුක් ටයිම් ලයින් වලින් ඉවත් කරන්නට මුලින් කටයුතු කර ඇති බව පැය කිහිපයකට පසුව දක්නට ලැබුණි. මේ අතරවාරයේ ඇයට ලැබුණ කිසියම් උපදෙසක් නිසාදෝ ඇය තවත් පැය කිහිපයකින් තමන් කළේ විහිළුවක් බවට නැවත ප්‍රකාශයක් කර තිබුනේ පහත පරිදිය.


President Maitreepala Sirisena's Brother Priyantha Sirisena Attacked In Polonnaruwa

By: Prosperity Tech On: 9:37 AM

ජනපති මෛත්‍රී ගේ බාල සොයුරු ප්‍රියන්ත සිරිසේනට පොරෝ ප්‍රහාරයක්. තත්වය බරපතලයි




පොළොන්නරුව හතරේ ඇළ දී අද සවස හතට පමණ අනතුරකට ලක් වු ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට පොරෝ ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පවසන වෛද්‍යවරු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරති.
සිරිසේන මහතා පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඔහු කොළඹට රැගෙන ඒමටද නියමිත බව දැනගන්නට ඇත.


මේ අතර ඔහුට පහර දුන් පුද්ගලයා පොලිසියට බාරවී ඇත

Wednesday, March 25, 2015

Murder of Rathgama PS Chairman

By: Prosperity Tech On: 4:36 AM

මරාදැමූ රත්ගම මනෝජ්ට මිනීමැරුම් 12 ක චෝදනා තිබුණාලූ. වටේම හෝටල්වලින් කප්පම් ගත්තලූ

මරා දමා ඇත්තේ "පොඩී ලසී" බව හෙළිවෙයි

පෙරේදා රාත්‍රී හික්කඩුව නාරිගම සංචාරක හෝටලයකදී වෙඩි තබා මරා දමන ලද රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් දරුණු ගණයේ අපරාධ රැසකට චෝදනා ලැබ සිටි පුද්ගලයෙකු බව වාර්තා වනවා.
රත්ගම ප්‍රදේශයේ පාතාල කල්ලියක් පවත්වාගෙන ගිය බව කියන මනෝජ් මිනීමැරුම්, කප්පම් ගැනීම්, ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම් රැසකට පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙකු වුවත් ඔහුගේ දේශපාලන බලය නිසා ඒවා යටගසාගෙන තිබුණ අයෙකි.
සිද්ධිය වූ දා රාත්‍රී 11.45 ට පමණ කඩාවැදුනු සන්නද්ධ කණ්ඩායමක් ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබුණ අතර මෙම අපරාධය ඔහු කර ඇති ක්‍රියාවන් හා සම්බන්ධ පෞද්ගලික ආරවුලක් මත සිදුවී ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී
දැන් අනාවරණය වී තිඛෙනවා. වෙඩි තැබීම් සිදුකර ඇත්තේ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන —පොඩි ලසී˜ නමැත්තෙකු බව පොලිසිය දැන් සොයාගෙන ඇත.
ඔහු කලක් මනෝඡ් මෙන්ඩිස්ගේ ගෝලයකු ලෙස සිටි අයෙකි. පොඩි ලසී පෙරේදා රාත්‍රී තවත් පුද්ගලයන් තිදෙනකුද සමග හෝටලයට පැමිණ මනෝඡ් සමග පැය භාගයක පමණ කාලයක් කතාබහ කරමින් සිට රාත්‍රී 11.45 ට පමණ මනෝජ් බීමත්වූ පසු ඔහුව කැඳවාගෙන
හෝටලයේ වෙනත් ස්ථානයකට ගොස් තිබේ. එහිදී මොවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති අතර පොඩි ලසී  මනෝඡ් ට වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර ඇත්තේ එහිදීය.
මනෝඡ් මෙන්ඩිස්ගේ මුහුණ සහ පපු ප්‍රදේශය වෙත වෙඩි ප්‍රහාර කීපයක් එල්ල වී තිබූ අතර ඔහු සිද්ධිය වූ ස්ථානයේම මියගියා.
වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ සුසන්ත නමැත්තා වෙඩි තැබූ පුද්ගලයන්ට වීදුරු බෝතලයකින් දමා ගසා ඇති අතර ඝාතනයට පැමි‚ පුද්ගලයකු එම ප්‍රහාරයෙන් කැපුම් තුවාල ලබා ඇති බව කියැවුණා.
මේ වෙඩි තැබීමෙන් සුසන්ත (42) (කිරිමාමා) සහ සනත් වසන්ත (සංඛ) (36) දෙදෙනා තුවාල ලැබ ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මේ දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
හික්කඩුව පොලිස් වසමේ තොටගමුව ප්‍රදේශයෙහි මොළඔයෙන් වැලි ගොඩ දැමීමේ ආරවුලක් හා හික්කඩුව නගර සභාවේ කැළිකසළ රත්ගම ප්‍රදේශයට දැමීමේ සිද්ධියක් මත
මනෝජ් හා පොඩි ලසීගේ කණ්ඩායම අතර විරසකයක් තිබී ඇත.
මෙම වෙඩි තැබීම සිදුවී ඇති හික්කඩුව නාරිගම පිහිටි සංචාරක හෝටලයද මනෝඡ් මෙන්ඩිස්ගේ මිතුරකුට අයත් එකකි.
හෝටලයේ අයිතිය සම්බන්ධයෙන්ද කලක් ආරවුල් තිබී ඇත වර්තමාන හිමිකරුට හෝටලය ලබා ගැනීම සඳහා උදව් කර ඇත්තේද මනෝජ්ය.
සෑම සඳුදා දිනයකම රාත්‍රි කාලයේ මෙම හෝටලයේ විශේෂ සංගීත සාදයක් පැවැත්වෙන අතර මනෝඡ් මෙන්ඩිස් ඊට සහභාගි වීම සිරිතක්වී ඇත. මිනීමැරුම සිදුවූ දාත් මනෝජ් එම සිරිත අනුගමනය කරමින් සාදයට එක්වී ඇත.
වෙඩි තැබීම සිදුවෙද්දී හෝටලයේ දේශීය විදේශීය සංචාරකයන් රැසක් මත්පැන් පානය කරමින් විනෝද වෙමින් සිට ඇත.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මනෝඡ් මෙන්ඩිස් අසල සිටි ඔහුගේ සගයන් දෙදෙනාටද වෙඩි තැබූ තුවක්කුකරු හෝටලයෙන් පිටතට දිවගොස් නතර කර තිබූ වෑන් රථයක නැගී
පළාගොස් තිබේ.
සැකකරුවන් හඳුනාගෙන තිබුණත් ඔවුන් අතුරුදන්ව සිටින නිසා තවමත් පොලිස් දැලට කොටුවී නැත.
පසුගිය මැතිවරණ සමයේ දී එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද මනෝඡ් මෙන්ඩිස්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණ.
ඊට අමතරව මිනීමැරුම් 12 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව චෝදනා ඇති බව පොලිසිය පවසයි.
හික්කඩුව කොස්ගොඩ, නාරිගම, ගාල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක පිහිටි සංචාරක හෝටල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසකින් මාසිකව කප්පම් මුදල් ලබාගත් බවට මොහුට එරෙහිව පවතින තවත් චෝදනාවකි.
පසුගිය 2007 වසරේ රත්ගම ප්‍රාදේශීය සභාවට තරග කළ මනෝඡ් මෙන්ඩිස් ඡන්ද හත්දහසකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් තේරී පත් විය.
2011 වසරේ දී පළාත් පාලන මැතිවරණයට තරග කළ මොහු ඡන්ද පහළොස්දහසකට වැඩි ප්‍රමාණයක් ලබාගෙන රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්විය.
ඔහු මේ ආකාරයට කප්පම් ගැනීම් වලින් මුදල් ඉපැයීමේ නිරත වන බව කීවත් ඊයේ රූපවාහිනී නාලිකාවල ඔහුගේ බිරිය හැ~ූ කඳුලින් ඛෙරිහන් දුන්නේ "මේ ඔක්කොම බොරු චෝදනා දෙයියනේ...අපේ බැංකු ගිණුම් බලන්න අපේ අල්මාරි බලන්න..අපිට සල්ලි නෑ" යනුවෙනි.

Malaka Silva To Come In To Politics

By: Prosperity Tech On: 12:34 AM

ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි

අනිවාර්යයෙන්ම දේශපාලනයට පැමිණෙන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා පවසයි.

තමාට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදෙන ඕනෑම පක්ෂයකින් ඉදිරියේදි මැතිවරණය සඳහා තරඟකිරීමට සූදානම් බවද ඔහු සඳහන් කරයි.

රාත්‍රී සමාජශාලාවල දී පමණක් තමාගෙන් වැරදි සිදුවි ඇතත් දේශපාලනඥයින්ට පහර දී හෝ දේශපාලන වේදිකා කඩා දමා තමා වැරදිකර නොමැති බව ද මාලක සිල්වා පෙන්වා දෙයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තමා ගරු කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ රාත්‍රී සමාජශාලාවක දී බ්‍රිතාන්‍ය ජාතික යුවලකටපහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් වන නඩුවට පෙනී සිටීම සඳහා ඊයේ (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.