ලංකාවේ කලාවට මාව වටින්නේ සුදු හමයි සිංහල දැනුමයි විතරයි - ක්‍රිස් හෙන්රි ‘රිචඩ්’ සුදු ජාතික තරුණයෙකි. ලංකාවේ රැකියාවක නියුතුව සිටින ඔහුට ‘කුමාරි’ මුණගැසෙනුයේ සිය මිතුරෙකුගේ මාර්ගයෙනි. දෙදෙනාගේ ජීවිත අතර වන සංස්කෘතික බැඳීම්හි පරස්පරතා, ප්‍රේමයෙන් වසා ගනිමින් ඔවුහු පෙමින් වෙළෙති. එහි අවසානය වනුයේ කුමාරිත්, රිචඩ්ත් විවාහ වීමෙනි. මේ විවාහ ජීවිතය තුළ කුමාරි. ජීවිතය දකිනුයේ කෙලෙසක ද? රිචඩ් ජීවිතය දකිනුයේ කෙලෙසක ද? එය විසඳා ගැනීම ජිවිතය දෙස ආදරණීයව හෙළන බැල්මකින් හැකිවෙයි ද? රිචඩ් ජීවිතය බාරගන්නා අයුරු අපූරුය. මේ රිචඩ් කවුදැයි දැන් ඔබට ප්‍රශ්නයක් වනු ඇත. ඔහු අපට මුණගැසෙනුයේ තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිත සනත් ගුණතිලකගේ නවතම සිනමා නිර්මාණය වන ‘සිනහව අතරින්’ චිත්‍රපටයෙනි. රිචඩ් නම් වූ සුදු ජාතිකයාට ජීවය දෙන ඔහු සැබෑම සුදු ජාතිකයෙකි. ඔහු ක්‍රිස් හෙන්රිය. ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් අතර ‘ක්‍රිස් හෙන්රි’ යනු ජනප්‍රිය චරිතයකි. මන්ද ඔහු මීට ප්‍රථම ද ලාංකික නිර්මාණ රැසකට රංගනයෙන් දායකත්වය දැක්වූවෙකු නිසා. සිනහව අතරින් ‘රිචඩ්’ ගැන කතා කරන්නට පසුගිය දිනක අපි ක්‍රිස් හමුවූයෙමු. “සිනහව අතරින්” චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ මගේ මිතුරෙකු වන නිමල් නිසයි. ඔහුත් මමත් මීට පෙර එකට වැඩ කර තිබුණා. ඔහු තමයි මට යෝජනා කළේ මෙහෙම චරිතයක් තිබෙනවා. ඒක කරමු කියලා. මම එකපාරටම කැමැති වුණෙත් නෑ. බලමු කියලා කිව්වා. ඒ කාලේ වෙනකොට මට දින ප්‍රශ්නයකුත් තිබුණා. මම රට ගිහිල්ලත් හිටියා. ඊට පස්සෙ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මං නැතුව කරන්න බෑ කියලා කල් දැම්මා. ඊට පස්සෙ තමයි මම සම්බන්ධ වුණේ. සිනහව අතරින් චිත්‍රපටයේ ‘රිචඩ්’ ගේ චරිතය ක්‍රිස්ට දැනුණේ කොහොම ද? ‘රිචඩ්’ කියන චරිතය ගොඩනැඟෙන වටපිටාව මට අලුත් දෙයක් නොවෙයි. ඒක මගේ සංස්කෘතිය. මම හැදුණු වැඩුණු ජීවත්වන සංස්කෘතිය. ඒ නිසා ඒ චරිතය මට සමීපයි. මේ චිත්‍රපටයේ රිචඩ්ගේ චරිතය මුලින් බලන කෙනෙකුට කොයි වගේ කෙනෙක් ද කියලා දැනගන්න අමාරුයි. එයාගේ හිත වැඩිය එළියට එන්නේ නෑ ඒ චරිතයෙන්. නමුත් එයාගේ චරිතයේ නියම ස්වරූපය දකින්න ලැබෙන්නේ චිත්‍රපටය අවසානයේදී. එතැනදී තමයි ගොඩාක් feel වෙන දේවල් මිනිස්සුන්ට දැනෙන්නේ. මම මේ චරිතයට ගොඩාක් කැමැති වුණේ මම ලංකාවේ හිටියට මගේ culture එක මේ වගේ නිසා. රිචඩ්, කුමාරි විවාහ කරගත්තම ශ්‍රී ලාංකික සැමියෙක් වගේ කුමාරිගෙන් බොහෝ දේවල් අපේක්ෂා කරන්නේ නෑ. ලංකාවේ ගැහැනු විවාහ වුණාම සැමියාගේ රෙදි හෝදනවා. සැමියට උයනවා, පිහිනවා. සැමියා එනකම් කන්නේ නෑ. නිදාගන්නේ නෑ. ඒක ලංකාවේ සංස්කෘතිය. ඒත් රිචඩ්ගේ සංස්කෘතිය ඊට වෙනස්. එයා හැම වෙලාවෙම හිතන්නේ සිය බිරියගේ සතුට, බිරියගේ නිදහස, එයා බිරියගෙන් කිසි දෙයක් අපේක්ෂා කරන්නේ නෑ. රිචඩ් රෑට පාඩම් කරලා ඉවර වෙලා කුමාරි ළඟට නිදාගන්න එන්නේ නැතුව පුටුව උඩ නිදියගන්නේ කුමාරිට ඇහැරෙයි කියලා. ඒත් කුමාරි ඒවා තේරුම් ගන්නේ වෙන විදියකට. මේ සංස්කෘතික ගැටුම තමයි රිචඩ්ගෙත් කුමාරිගෙත් විවාහ ජීවිතේ තියෙන්නේ. ඒ හින්ද තමයි එයාට අහම්බෙන් පන්සලේදී හම්බවෙන විමල්ට එයා ළංවෙන්නේ. නමුත් රිචඩ් ඒකත් මහ ලොකු දෙයක් හැටියට ගණන් ගන්නේ නෑ. ඒක අපේ බටහිර සංස්කෘතියේ හැටි. ඒකෙන් එයා සතුටක් ලබනවනම් ඒකටත් ඉඩ දෙනවා. ‘සිනහව අතරින්’ සනත් සමඟ
මේ චරිතය මටත් feel වුණා. මටත් එවැනි අත්දැකීම් තිබෙනවා. රිචඩ්ගේ චරිතය තුළ වැඩිය කතා කරන්න නෑ. මුහුණේ හැඟීම් ප්‍රකාශ කරන්න තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ නිසා ඒක මට ලැබුණු වෙනස් චරිතයක්. චිත්‍රපටය මුලින් බලත්දි හිතෙන්නේ ‘පර සුද්දා very bad ’ වගේ අදහසක්. ඒ වුණාට අන්තිමට තමයි හිතෙන්නේ ‘රිචඩ්’ හරි කියලා. මම මේ චරිතයට කැමැතියි. ඒත් රංගනය මගේ වුණාට dub කළේ මම නොවෙයි. ඒකට මම කොහෙත්ම කැමැති නෑ. මම මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක දැක්කෙත් පිටරටකදී. චිත්‍රපටයේ සිංහල කතා කරන විදියට නොවේ මම සිංහල කතා කරන්නේ. ඒ නිසා ඒකට මට කනගාටුයි. ඇත්තටම ඔබ සිංහල කතා කරන්න ඉගෙන ගත්තේ කොහොම ද? දෙබස් කියවලාම තමයි. ලංකාවට එනකොට මට සිංහල වචනයක්වත් බෑ. දෙබස් කියවල කියවල දැන් මට සිංහල කතා කරන්න පුළුවන්. ඒ වුණාට ලියන්න කියවන්න බෑ. තවමත් ඉගෙන ගන්නවා. දැන් ලංකාවේ කොච්චර කාලයක් හිටිය ද? ලංකාවට ඇවිල්ලා දැන් අවුරුදු 8 ක් වෙනවා. මේ කාලය ඇතුළත මෙහේ පදිංචි වෙලා හිටියා. ඒත් දැන් ආයේ මම පිටරට පදිංචියට යන්න තීරණය කරලා ඉන්නේ. ඔබ නළුවෙක් වුණේ කොහොම ද? මම නළුවෙක් වුණේ ලංකාවේදී නොවෙයි. මම Newyork වල සහ ලොස් ඇන්ජලීස්වල සිනමා පාසලින් ඉගෙන ගත්ත නළුවෙක්. පළවැනි චිත්‍රපටය කරනකොට මට වයස අවුරුදු 14 යි. ලංකාවට ඇවිත් නළුවෙක් වුණේ කොහොම ද? ඒ කාලේ චන්ද්‍රන් රත්නම්ගේ ෆිල්ම් ලොකේෂන් සර්විස් එකේ ගොඩාක් වැඩ තිබුණා. මම ඉස්සරලම ඒකට join වුණා. ලංකාවේ නිර්මාණවලට දායක වෙන්න ඕනකමක් මට තිබුණෙ නෑ. නමුත් මට TVT එක කතා කළ ‘මහතලා හටන’ කියලා ටෙලි නාට්‍යයක් කරනවා. ඒකේ රඟපාන්න එන්න කියලා. මම ටෙලි නාට්‍යවලට ආස නැති නිසා බෑ කිව්වා. නමුත් ඔවුන් දිගින් දිගටම මට කිව්වා ඒ චරිතෙට මාව ගැළපෙනවා කියලා. ඒ නිසා බාරගත්තා. ඒකෙන් දැක්කට පස්සේ ලංකාවේ තව තව නිර්මාණවලට කතා කළා. ලංකාවේ කරපු ඔබ කැමැතිම නිර්මාණය මොකක්ද? ලංකාවේ නිර්මාණ 40 කට විතර දායක වෙලා තිබෙනවා. චිත්‍රපට ගත්තොත් ‘සිනහව අතරින්’, ‘අනගාරික ධර්මපාල’, ‘ඇහැලේපොල කුමාරිහාමි’, ‘ඉරහඳ යට’, ‘මාතා’, ‘මචං’, ‘රෝස කැලේ’ වැනි නිර්මාණ කරලා තිබෙනවා. ඒ අතරින් ‘සිනහව අතරින්’ චිත්‍රපටයේ තමයි මට යමක් කරන්න තිබුණේ. ටෙලි නාට්‍ය ගත්තොත් විශාල ප්‍රමාණයක් තියනවා. ඒ අතරින් බර්ට්‍රම් නිහාල්ගේ ‘අමරපුරය’, ‘ධවල කඩුල්ල’, ‘රන්ගිර’ වැනි ටෙලි නාට්‍යවලට කැමැතියි. මේ අතරින් ‘අමරපුරය’ ටෙලි නාට්‍යයේ හාමුදුරුවන්ගේ චරිතය විශේෂයි. ඇයි ඒ...? ඒක මට අලුත් අත්දැකීමක්. මම බුදුදහම ගැන මුකුත් දන්නේ නෑ. මම භාවනා කරන්න දැනගෙන හිටියේ නෑ. මම අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා හිටියා ඒ චරිතය කරන්න මට සති දෙකක් භාවනා මධ්‍යස්ථානයක පුහුණුවෙන්න දෙන්න කියලා. ඒ අවස්ථාව මට ලැබුණා. හාමුදුරුවරු කන්නේ බොන්නේ කොහොම ද? ඇවිදින්නේ කොහොම ද? භාවනා කරන්නේ කොහොම ද කියලා මම අධ්‍යයනය කළා. ඒක හොඳට ආවා කියලා මට හිතෙනවා. ඔබට රයිගම් ටෙලිනාට්‍ය උලෙළින් සම්මානයකුත් ලැබුණා නේද? ඔව්. ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. ලංකාවේ සම්මාන උලෙළකින් එහෙම දෙයක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මම ලංකාවේ වැඩිය චිත්‍රපට කරලා නෑ. ලංකාවේ කලාවේ ඉන්න අය අපව එච්චර අගය කරන්නේ නෑ කියල තමයි මට හිතෙන්නේ. මගේ රංගන හැකියාව ගැන ඒ කවුරුත් බලන්නේ නෑ. ඔවුන් බලන්නේ මගේ සුදු හමයි, සිංහල කතා කරන්න පුළුවන් එකයි විතරයි. ඒ ගැන දුකයි. වෙන රටවල්වල වගේ මෙහේ Artiste ට සලකන්නේ නෑ. මට දැනෙන්නේ අපි පාවිච්චි කරනවා කියලා විතරයි. ඔබ රඟපාපු විදේශීය චිත්‍රපට මොනවා ද? අනුෂ්කා ශර්මා - රන්බීර් කපූර් රඟපාපු ‘බොම්බේ වෙල්වට්’ චිත්‍රපටයේ ආමි ලෙෆ්ටිනන් කෙනෙක්ගේ චරිතයක් රඟපෑවා. ඊට අමතරව Captain America, Doom - 3, midnight's children, ක්‍රිස් ඇමෙරිකන් ජාතිකයෙක් ද? මම ප්‍රංශ ජාතිකයෙක්. මගේ තාත්තා ප්‍රංශ ජාතිකයෙක් අම්මා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. මම ඉපදුණේ ජර්මනියේ. ඇමෙරිකාවේ හැදුණේ වැඩුණේ. අවුරුදු 5 - 6 ක් විතර ප්‍රංශයේත් හිටියා. නමුත් අධ්‍යාපනය ලැබුවේ ඇමෙරිකාවේ. මට සහෝදරයෙක් ඉන්නවා. එයා ප්‍රංශයේ ජනප්‍රිය ගායකයෙක්. මම විවාහ වෙලා ඉන්නේ ශ්‍රී ලාංකික කාන්තාවක් සමඟ. හේමාලි විජේරත්න
මංගල රහසිගතව පිරිමි යාලුවා එක්ක නිව්යෝර්ක් නුවර කල දේ ලීක් වෙලා මංගල සමරවීර, 2015 පෙබරවාරි මස ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදි ජනතා මුදල් නාස්ති කල ආකාරය ගැන විස්තර අප වෙත සාක්ෂි සහිතව ලැබී ඇත. ජනවාරි මස විදේශ ඇමති කමට පත් වූ දා සිට ලොව වටා තම සමීප තරුණයකු සමග සවාරි යන මංගල සමරවීර, 2015 පෙබරවාරි මස ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට පැමිණි අවස්ථාවේ දී නැවතීමට තෝරාගත්තේ එම නගරයේ තිඛෙන ඉතාම මිල අධික සුඛෝපභෝගී හෝටලයක් වන ෆොර් සීසන්ස් හෝටලයයි. විවිධ ගණන් වල කාමර තිඛෙන මෙම හෝටලයේ මිල අධිකම කාමරයක් තෝරා ගත් ඔහු ඒ සදහා දිනකට කාමරයට පමණක් ඇමෙරිකානු ඩොලර් /2325 (රු. තුන් ලක්ෂ නවදහස් දෙසිය වීසි පහක්) ගෙවා ඇත. සාමාන්‍යයෙන් මෙම හෝටලයේ නැවතීමට එන්නේ මයික්‍රොසොෆ්ට් අධිපති බිල් ගේට්ස් වැනි කෝටිපති ව්‍යාපාරිකයන් හා අරාබියේ තෙල් රටවල රාජකීය පවුල්වල සාමාජිකයන්ය. පිට රට සංචාර වලදී ඉතා අධික ලෙස මුදල් නාස්ති කළ අයෙකු ලෙසට යහපාලනය විසින් පෙන්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නගරයට පැමිණි අවස්ථාවල නතරවන වන්නේ ,මිලෙනියම් ප්ලාසා හෝටලයෙහිය. මෙහි කාමරයකට ඔහු වියදම් කර ඇත්තේ ඩොලර් 700 (රු. අනු තුන් දහස) පමණකි. මංගල සමග තම සමීප තරුණයා ඇතුළු 6 දෙනකු සඳහා පෙබරවාරි 12 සිට පෙබරවාරි 14 දක්වා මෙම හෝටලය වෙන්කර ගෙන තිබු අතර මොවුන්ගේ කාමර වලට දිනකට ඩොලර් /750 බැගින් ගෙවා ඇත. (මෙයින් දෙදෙනෙකු මාර්තු 15 දින දක්වා නැවතී ඇත.) මේ සමග අප ඉදිරිපත් කර ඇති ඉන්වෝයිසයේ පෙන්වා ඇත්තේ කාමර කුලිය පමණකි. කෑමට සඳහා ගිය වියදම් මෙහි සදහන් කර නොමැත. මංගල වෙනුවෙන් දින 2කට මුදල් ගෙව්වත් සිටියේ එක දිනකි. මංගල ඇතුළු කණ්ඩායමට කාමර කුලිය සඳහා ගිය මුළු මුදල ඩොලර් 15,150 කි. පෙබරවාරි 12 සිට දින 2 කට කාමර වෙන්කර තිබුනත් මෙම කණ්ඩායම හෝටලයේ නැවතීමට පැමිණ ඇත්තේ පෙබරවාරි 13 දාය. කලින් දැනුම් දුන්නේ නම් 13 වැනි දිනට පමණක් මුදල් ගෙවා ඩොලර් 7575 කින් බිල ගෙවීමට හැකිව තිබූ නමුත් මංගල ඇමතිගේ නොසැලකිල්ල නිසා ශ්‍රී ලංකා රජයේ ඩොලර් 7575 ක් නිරපරාදේ නාස්ති කොට ඇත. 13 වන දින වූවත් මොහු එම කාමරය පාවිච්චි කර ඇත්තේ පැය කීපයකට පමණි. මහින්ද රාජපක්ෂ රජයේ දුෂණ , නාස්ති ගැන බොරුත් සමග පෙන්වා දුන් යහපාලන සිරිසේන මහතා තම පදවි ප්‍රාප්ති උත්සවයට රුපියල් 6000 පමණක් වියදම් කල බවට උදම් අනන නමුත් ඔහුගේ ඇමතිවරුන් කරනු ලබන මෙවැනි මුදල් නාස්ති කිරීම් ගැන සොයා බලන්නේද යන්න ජනතාව ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත. රටට ඉසිලිය නොහැකි සුඛෝපභෝගී හෝටල වල නැවතීම සහ නොසැලකිලි ලෙස තම සංචාරයන් සැලසුම් කිරීම නිසා ශ්‍රී ලංකා රජයේ ඩොලර් 10,000 පමණ මොහු නිරපරාදේ විනාශ කොට ඇත. මෙම ඇමෙරිකානු සංචාරය නිසා තව රසවත් කරුණු කීපයක්ද මතු වී ඇත. ඉන්දියානු සවාරියට ගෙනගිය සමීර මනහර කොලු ගැටයා මංගල සමග ඇමරිකාවටද පැමිණ ඇත්ද? මේ සමග අප ඉදිරිපත් කරණ හෝටල් කුවිතාන්සියේ ඇස්. සමීර මනහර නමත්තකුද මෙම කණ්ඩායමේ සිට ඇත . සිරිසේන මෑතකදී පවත් වූ ඉන්දියානු සංචාරයේ ජයාරූප සමහරක මංගලට පිටුපස සිටි කොලු ගැටියෙක් ගැන එම දිනවල ෆෙස් බුක් සාමාජිකයන් අතර තොරතුරු හුවමාරු වී ඇත. 2014 මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසහි සිදු වූ හොරකමකට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ශිරාන් ප්‍රියංකර නම් තරුණයාගේ බිරිඳ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මගින් ඉදිරිපත් කල පෙත්සම් වලද සමීර මනහර කෙනෙකු ගැන සදහන් කොට ඇත . 2015 පෙබරවාරි මස ඇමෙරිකාවට අවේ මෙම සමීරදයි නිව් යෝර්ක් නගරයහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ප්‍රශ්න කරති. මංගල සමරවීර පවසන ආකාරයට ඔහුගේ පුද්ගලික ජීවිතය සහ දේශපාලන ජීවිතය දෙකක් වුවත් ශ්‍රී ලංකා රජයේ ජනතා මුදල් මෙසේ කොලු ගැටයෙකුට වියදම් කිරීම යහපාලන ක්‍රියාවක්දැයි ජනතාව ප්‍රශ්න කිරිමට පටන් ගෙන ඇත. සමීර වෙනුවෙන් මේ දක්වා කොපමණ මුදලක් ශ්‍රී ලංකා රජය විසින් වියදම් කර ඇත්ද ? ගුවනින් මොහු ගමන් කරන්නේ කුමන පන්තියේද? මේ දක්වා මංගල සමරවීර කල තම විදෙස් සංචාර වල වියදම් සවිස්තරව දක්වන මෙන්ද, තම නොසැලකිලි කම නිසා නාස්ති කල මුදල ආපසු රජයට ගෙවන ලෙසටද ‘අපේ රට’ ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටී .
ෆොන්සේකා කළ වීරකමක් නෑ; සෝභිත හිමි දන්න දේශපාලනයක් නෑ – මහාචාර්ය නලින් ද සිල්වා සරත් ෆොන්සේකා මේ දිනවල වීරයෙකු බවට පත්කර ඇති බවත්, ඔහු කළ වීරකමක් නොමැති බවත්, කරනු ලැබුවේ සුදුකොඩි කතාව හරහා රාජපක්ෂලාට බොරු චෝදනා ඉදිරිපත් කිරීම පමණක් බවත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. එලෙස බොරු චෝදනා ඉදිරිපත් කිරීමට තෑග්ගක් ලෙස ඔහුට ‘ෆීල්ඩ් මාෂල්”තනතුර හිමිවූ බවත්,ඒ නිසාම අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකළහොත් රාජපක්ෂලාට එරෙහිව ඔහු විසින් සාක්ෂිදෙනු ඇති බවත් ඔහු පැවසුවේය. මාඳුළුවාවේ සෝභිත හිමියන්ට දේශපාලනය නොතේරෙන බැවින් උන්වහන්සේ ඕනම කෙනෙකුට පාවිච්චි කළ හැකි බවත් මෙම මහාචාර්ය නලීන්ද සිල්වා මහතා පැවසීය. ජාතික ආණ්ඩුවක් නම් ජාතික වැදගත්කමින් යුතු ගැටළුවකදී රටේ සියලුම පක්ෂ එකමුතුවී පිහිටුවා ගත යුතු එකක් බවත්,සභාග ආණ්ඩුවක් නම් රටේ ප්‍රධාන පක්ෂ එකතුවී පිහිටුවා ගත යුතු ආණ්ඩුක් බවත් ඒ කිසිවක් නැතිව මේ ස්ථාපිත වී ඇත්තේ ඉන්දියාවේ අවශ්‍යතාව මත පදනම්වුණු විජාතික ආණ්ඩුවක් බවත්,එය ආරම්භ වූයේ පසුගිය ජනවාරි 09 දින සිටම බවත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. මේ පවතින්නේ නීත්‍යනුකූල ආණ්ඩුවක් නොවන බවත්, අගමැතිවරයා නීත්‍යනුකූල නොමැති බවත්,ඊයේ පත්කෙරුණු නව කැබිනට් මණ්ඩලයද නීත්‍යනුකූල නොමැති බවත් ඔහු පැවසුවේය. මේ මොහොතේ යළි මැතිවරණයක් පවත්වනු ලැබුවහොත් සිංහල ඡන්ද පදනමෙන් 65% ක් ලබාගනිමින් ජයගන්නා බවත්. මහින්ද පරාජයෙන් සිංහල ජාතිය පරාජයට පත් වූ බවත් ඒ මහතා පවසා සිටියේය. මහාචාර්ය නලීන් ද සිල්වා මහතා මෙම හාස්‍ය උත්පාදක රසකතා හමුව අද(24) කොළඹදී පැවත්වීය. සති දෙකකට වරක් රාජපක්ෂ පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම මාධ්‍යහමුවේදී මහාචාර්ය නලීන් ද සිල්වා මහතාගේ රසකතා වලට අමතර බෙංගමුවේ නාලක හිමියන්ගේද මෙවැනි රසකතා ඇසීමට ඉඩ ප්‍රස්තාව සැලසේ.
ජනපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත මියයයි පොරවකින් සිදුවූ පහරදීමකින් බරපතල තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයෙකු වන ප්‍රියන්ත සිරිසේන අද (28) අලූයම මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ අලූයම 3.50ට පමණ ඔහු මිය ගිය බවයි. පොළොන්නරුව - ඇතුමල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ජනාධිපතිවරයාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මිය යන විට වයස අවුරුදු 40ක්. ප්‍රියන්ත සිරිසේනට පොරවකින් පහර දී තිබුණේ 34 හැවිරිදි හපුතන්ත්‍රිගේ ඉෂාන් ලක්මාල් නමැති පුද්ගලයෙක්. පෙරේදා රාත්‍රියේ පෞද්ගලික ආරවුලක් මත ඇති වූ ගැටුමක් දුරදිග යාමෙනුයි මෙය සිදුව තිබුණේ. අනතුරුව පොළොන්නරුව මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ප්‍රියන්ත සිරිසේන පසුව ගුවන් මගින් කොළඹට ගෙන ඒමට කටයුතු කළා.
අනේ තාම ලව් එකක් නෑ. මං විහිළුවක් කළේ. - හිරුනිකා පසුගියදා සිය ෆේස් බුක් ගිණුමේ තමන් ආදර සම්බන්ධයක් ඇති බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ පළාත් සභා මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඒ සම්බන්ධ වෙබ් අඩවි වල ප්‍රචාරය වීමෙන් පසුව ලජ්ජාවට පත්වීම නිසාදෝ එය ඉවත් කරගෙන තමන් තව දුරටත් තනිකඩ බව කියා සිටින අතර තමන් පෙම් සබඳතාවක් ඇරඹූ බව කියා සිටියේ විහිළුවට බව දැන් කියා සිටිනවා.පසුගිය කාලයේ නාමල් රාජපක්ෂ, රන්දිම ගමගේ ආදී හිරුනිකාගේ පෙම්වතුන් බවට විවිධ කතා ප්‍රචාරය වී තිබුණ නමුත් ඇය ඒවා ප්‍රතික්ෂේප කර තිබුණා. ඇගේ පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හදිසි ඝාතනයට ලක්වූ අවස්ථාවේ අවේගශීලීව මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරමින් සිටි අවස්ථාවක ඇය ඇගේ පෙම්වතා රන්දිම ගමගේ බවට ස්වාධීන රූපවාහිනී කැමරාවට මුහුණ පෙන්වමින් ප්‍රකාශයක් කර කියා සිටියේ තමාට වෙනත් අයගේ නම් පට නොබඳින ලෙස ඉල්ලමිනි. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඇගේ දේශපාලන ක්‍රියාකාරකම් වැඩිවීමත් සමග එම සම්බන්ධය බිඳ වැටුණ බවද ඇය පුවත්පත්වලට කියා සිටි නමුත් ඇය වටේ මේ දිනවල කැරකෙන ඇගේ අලූත්ම පෙම්වතා හඳුන්වා දීමට මැළි කමක් දක්වා තිබුණා. ඇගේ රහස ෆේස් බුක් ඔස්සේ සතුටින් ප්‍රකාශ කර තිබුණත් එයට නොසිතූ ප්‍රතිචාර ලැබීම නිසාදෝ ඇය එය ෆේස් බුක් ටයිම් ලයින් වලින් ඉවත් කරන්නට මුලින් කටයුතු කර ඇති බව පැය කිහිපයකට පසුව දක්නට ලැබුණි. මේ අතරවාරයේ ඇයට ලැබුණ කිසියම් උපදෙසක් නිසාදෝ ඇය තවත් පැය කිහිපයකින් තමන් කළේ විහිළුවක් බවට නැවත ප්‍රකාශයක් කර තිබුනේ පහත පරිදිය.
ජනපති මෛත්‍රී ගේ බාල සොයුරු ප්‍රියන්ත සිරිසේනට පොරෝ ප්‍රහාරයක්. තත්වය බරපතලයි පොළොන්නරුව හතරේ ඇළ දී අද සවස හතට පමණ අනතුරකට ලක් වු ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට පොරෝ ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පවසන වෛද්‍යවරු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරති. සිරිසේන මහතා පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඔහු කොළඹට රැගෙන ඒමටද නියමිත බව දැනගන්නට ඇත. මේ අතර ඔහුට පහර දුන් පුද්ගලයා පොලිසියට බාරවී ඇත
මරාදැමූ රත්ගම මනෝජ්ට මිනීමැරුම් 12 ක චෝදනා තිබුණාලූ. වටේම හෝටල්වලින් කප්පම් ගත්තලූ මරා දමා ඇත්තේ "පොඩී ලසී" බව හෙළිවෙයි පෙරේදා රාත්‍රී හික්කඩුව නාරිගම සංචාරක හෝටලයකදී වෙඩි තබා මරා දමන ලද රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් දරුණු ගණයේ අපරාධ රැසකට චෝදනා ලැබ සිටි පුද්ගලයෙකු බව වාර්තා වනවා. රත්ගම ප්‍රදේශයේ පාතාල කල්ලියක් පවත්වාගෙන ගිය බව කියන මනෝජ් මිනීමැරුම්, කප්පම් ගැනීම්, ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම් රැසකට පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙකු වුවත් ඔහුගේ දේශපාලන බලය නිසා ඒවා යටගසාගෙන තිබුණ අයෙකි. සිද්ධිය වූ දා රාත්‍රී 11.45 ට පමණ කඩාවැදුනු සන්නද්ධ කණ්ඩායමක් ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබුණ අතර මෙම අපරාධය ඔහු කර ඇති ක්‍රියාවන් හා සම්බන්ධ පෞද්ගලික ආරවුලක් මත සිදුවී ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී දැන් අනාවරණය වී තිඛෙනවා. වෙඩි තැබීම් සිදුකර ඇත්තේ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන —පොඩි ලසී˜ නමැත්තෙකු බව පොලිසිය දැන් සොයාගෙන ඇත. ඔහු කලක් මනෝඡ් මෙන්ඩිස්ගේ ගෝලයකු ලෙස සිටි අයෙකි. පොඩි ලසී පෙරේදා රාත්‍රී තවත් පුද්ගලයන් තිදෙනකුද සමග හෝටලයට පැමිණ මනෝඡ් සමග පැය භාගයක පමණ කාලයක් කතාබහ කරමින් සිට රාත්‍රී 11.45 ට පමණ මනෝජ් බීමත්වූ පසු ඔහුව කැඳවාගෙන හෝටලයේ වෙනත් ස්ථානයකට ගොස් තිබේ. එහිදී මොවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති අතර පොඩි ලසී මනෝඡ් ට වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර ඇත්තේ එහිදීය. මනෝඡ් මෙන්ඩිස්ගේ මුහුණ සහ පපු ප්‍රදේශය වෙත වෙඩි ප්‍රහාර කීපයක් එල්ල වී තිබූ අතර ඔහු සිද්ධිය වූ ස්ථානයේම මියගියා. වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ සුසන්ත නමැත්තා වෙඩි තැබූ පුද්ගලයන්ට වීදුරු බෝතලයකින් දමා ගසා ඇති අතර ඝාතනයට පැමි‚ පුද්ගලයකු එම ප්‍රහාරයෙන් කැපුම් තුවාල ලබා ඇති බව කියැවුණා. මේ වෙඩි තැබීමෙන් සුසන්ත (42) (කිරිමාමා) සහ සනත් වසන්ත (සංඛ) (36) දෙදෙනා තුවාල ලැබ ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මේ දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. හික්කඩුව පොලිස් වසමේ තොටගමුව ප්‍රදේශයෙහි මොළඔයෙන් වැලි ගොඩ දැමීමේ ආරවුලක් හා හික්කඩුව නගර සභාවේ කැළිකසළ රත්ගම ප්‍රදේශයට දැමීමේ සිද්ධියක් මත මනෝජ් හා පොඩි ලසීගේ කණ්ඩායම අතර විරසකයක් තිබී ඇත. මෙම වෙඩි තැබීම සිදුවී ඇති හික්කඩුව නාරිගම පිහිටි සංචාරක හෝටලයද මනෝඡ් මෙන්ඩිස්ගේ මිතුරකුට අයත් එකකි. හෝටලයේ අයිතිය සම්බන්ධයෙන්ද කලක් ආරවුල් තිබී ඇත වර්තමාන හිමිකරුට හෝටලය ලබා ගැනීම සඳහා උදව් කර ඇත්තේද මනෝජ්ය. සෑම සඳුදා දිනයකම රාත්‍රි කාලයේ මෙම හෝටලයේ විශේෂ සංගීත සාදයක් පැවැත්වෙන අතර මනෝඡ් මෙන්ඩිස් ඊට සහභාගි වීම සිරිතක්වී ඇත. මිනීමැරුම සිදුවූ දාත් මනෝජ් එම සිරිත අනුගමනය කරමින් සාදයට එක්වී ඇත. වෙඩි තැබීම සිදුවෙද්දී හෝටලයේ දේශීය විදේශීය සංචාරකයන් රැසක් මත්පැන් පානය කරමින් විනෝද වෙමින් සිට ඇත. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මනෝඡ් මෙන්ඩිස් අසල සිටි ඔහුගේ සගයන් දෙදෙනාටද වෙඩි තැබූ තුවක්කුකරු හෝටලයෙන් පිටතට දිවගොස් නතර කර තිබූ වෑන් රථයක නැගී පළාගොස් තිබේ. සැකකරුවන් හඳුනාගෙන තිබුණත් ඔවුන් අතුරුදන්ව සිටින නිසා තවමත් පොලිස් දැලට කොටුවී නැත. පසුගිය මැතිවරණ සමයේ දී එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද මනෝඡ් මෙන්ඩිස්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණ. ඊට අමතරව මිනීමැරුම් 12 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව චෝදනා ඇති බව පොලිසිය පවසයි. හික්කඩුව කොස්ගොඩ, නාරිගම, ගාල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක පිහිටි සංචාරක හෝටල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසකින් මාසිකව කප්පම් මුදල් ලබාගත් බවට මොහුට එරෙහිව පවතින තවත් චෝදනාවකි. පසුගිය 2007 වසරේ රත්ගම ප්‍රාදේශීය සභාවට තරග කළ මනෝඡ් මෙන්ඩිස් ඡන්ද හත්දහසකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් තේරී පත් විය. 2011 වසරේ දී පළාත් පාලන මැතිවරණයට තරග කළ මොහු ඡන්ද පහළොස්දහසකට වැඩි ප්‍රමාණයක් ලබාගෙන රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්විය. ඔහු මේ ආකාරයට කප්පම් ගැනීම් වලින් මුදල් ඉපැයීමේ නිරත වන බව කීවත් ඊයේ රූපවාහිනී නාලිකාවල ඔහුගේ බිරිය හැ~ූ කඳුලින් ඛෙරිහන් දුන්නේ "මේ ඔක්කොම බොරු චෝදනා දෙයියනේ...අපේ බැංකු ගිණුම් බලන්න අපේ අල්මාරි බලන්න..අපිට සල්ලි නෑ" යනුවෙනි.
ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි අනිවාර්යයෙන්ම දේශපාලනයට පැමිණෙන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා පවසයි. තමාට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදෙන ඕනෑම පක්ෂයකින් ඉදිරියේදි මැතිවරණය සඳහා තරඟකිරීමට සූදානම් බවද ඔහු සඳහන් කරයි. රාත්‍රී සමාජශාලාවල දී පමණක් තමාගෙන් වැරදි සිදුවි ඇතත් දේශපාලනඥයින්ට පහර දී හෝ දේශපාලන වේදිකා කඩා දමා තමා වැරදිකර නොමැති බව ද මාලක සිල්වා පෙන්වා දෙයි. එමෙන්ම හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තමා ගරු කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ රාත්‍රී සමාජශාලාවක දී බ්‍රිතාන්‍ය ජාතික යුවලකටපහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් වන නඩුවට පෙනී සිටීම සඳහා ඊයේ (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි. VIDEO
ආක්ෂා සුදාරි අත්අඩංගුවට! මේ වතාවේදී නම් අම්මටයි, දුවටයි දෙන්නටම වැඩ වරදින ලකුණු නවක ටෙලි නිළියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ඩ වන හංසි සිතාරාට නුගේගොඩ ප්‍රදේශයේ සැලුන් එකක් තුළදී පහරදීම ඇයව සපා කෑම සහ ඇය සතු වටිනා ජංගම දුරකථනයක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇප මත මුදා හැර සිටි ටෙලි නිළි ආක්ෂා සුදාරිට සහ ඇයගේ මවට වරෙන්තු නිකුත් කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඊයේ නියෝග කර තිබෙනවා. ටෙලි නිළිමේනකා මධුවන්ති, ආක්ෂා සුදාරි හා ඇගේ මවන වන මොහිදින් වහීදා යන තිදෙනා මෙම පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියන් වන අතර, මෙවර මේනකා මධුවන්ති හැර සෙසු සැකකාරියන් දෙදෙනා ඊයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙලෙස වරෙන්තු නිකුත් කිරීමට නියෝග කර තිබෙනවා. ආක්ෂා සුදාරි හා ඇගේ මව අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔවුන් නොමැතිව මෙම නඩුව පවත්වාගෙන යාමට ද අධිකරණය විසින් මිරිහාන පොලීසියේ නිලධාරීයා වෙත අවසරය ලබාදී තිබෙනවා.
e Gossip. lk