Saturday, March 21, 2015

Malaka seen again in the nightclubs after banning

By: Prosperity Tech On: 10:56 PM
අධිකරණ නීතිය නොතකා මාලක ආයෙත් නයිට් ක්ලබ් ගිහින්... 

හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මහතා ඊයේ(20) රාත්‍රියේ දී සිය පෞද්ගලික ආරක්ෂක නිළධාරීන් පස් දෙනෙකු ද සමඟ රාත්‍රී සමාජ ශාලා කිහිපයක ගැවැසී ඇත.

රාත්‍රී සමාජ ශාලාවලට යෑම අධිකරණය විසින් පසුගියදා තහනම් කරනු ලැබුවේ විදේශීය පෙම් යුවලකට හිංසා කිර, විදේශීය තරුණියකට පහර දී ඇතිකරගත් ආරවුල හේතුවෙනි.
එම ආරවුල නම්, විදේශිය තරුණියකට අතවර කරන්නට ගොස් ඇගේ පෙම්වතා අතින් නාස් පොල්ල ද කඩා ගත් මාලක දෙසතියකට වඩා කාලයක් හිරබත් කෑවේ ය. ඒ සති කිහිපය පුරාවටම මර්වින් වියුරු වැටී සිටියේ රාජපක්ෂ පරම්පරාවටම ශාප කරමිනි.


කෙසේ වෙතත් මේ පළහිලව්ව නිසා මාලකගේ නයිට් කලබ් කෙරුවාවන්ට කෙටිකලකට හෝ නීතියෙන් තහනමක් වැටුණ නමුත් ඔහු ඒ කිසිවක් ගණනකට නොගෙන, ඊයේ රාත්‍රියේදී සිය බොඩි ගාඩ්ස්ලා පිරිසත් ඉස්සර කරගෙන Clique, studio4 සහ R&B සමාජ ශාලාවලට ගොස් සිය සුපුරුදු චර්යාවෙන් කටයුතු කර තිබේ.

මේ සමඟවන ඡායාරූප ඊයේ රාත්‍රියේ දී ලබා ගන්න ලද ඒවාය.







eGossip.lk


National Government today

By: Prosperity Tech On: 8:22 PM

ජාතික ආණ්ඩුව හෙට !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ සවස පැවති හදිසි සාකච්ඡාවකින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සහභාගිත්වයෙන් ජාතික ආණ්ඩුවක් හෙට දිනයේදී පිහිටුවීමට තීරණය කර තිබේ. මේ අනුව ශ්‍රීලනිපයට කැබිනට් ඇමති ධූර 15ක් ද, නියෝජ්‍ය ඇමති ධූර 15ක් ද ලබා දීමට නියමිතය.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ සවස පැවති හදිසි සාකච්ඡාවකින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සහභාගිත්වයෙන් ජාතික ආණ්ඩුවක් හෙට දිනයේදී පිහිටුවීමට තීරණය කර තිබේ. මේ අනුව ශ්‍රීලනිපයට කැබිනට් ඇමති ධූර 15ක් ද, නියෝජ්‍ය ඇමති ධූර 15ක් ද ලබා දීමට නියමිතය. අදාළ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් හෙට දිනයේදී ජනපති ඉදිරියේ දිව්රුම් දෙනු ඇත.
මීට අමතරව රාජ්‍ය ඇමතිවරු 10 දෙනෙකු ද පත් කිරීමට නියමිත වුවද ඒ පිලිබඳ අවසන් තීරණයකට මේ වන තෙක් එළඹ නැත. ජාතික ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම ලබන සඳුදා,එනම් මාර්තු 23 පැවැත්වෙනු ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අනුව කැබිනට් මණ්ඩලය ඇමතිවරු 27 සිට 42 දක්වා ඉහල යනු ඇත

(mawbima.lk)

I like it that way

By: Prosperity Tech On: 7:56 PM


මම මට ආසා විදියට ජීවත් වෙනවා - දිල්හානි ඒකනායක

.දිල්හානිගේ අලුත්ම තොරතුරු මොනව ද?
මේ දවස්වල කිසිම නිර්මාණයකට එකතු වෙලා නෑ. නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා. මැයි මාසේ විතර අලුත් අධ්‍යක්ෂවරයකු සමඟ චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
. ඔබ අවසන් වරට රංගනයට එකතු වුණේ මොනවට ද?
අන්තිමට රඟපෑවේ ‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටයේ. ඒක ඓතිහාසික කතාවක්. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ වළගම්බා රාජ්‍ය සමය ගැන කියවෙන කතාවක්. රජ බිසවකගේ චරිතයකුයි මා නිරූපණය කළේ. ඒ අතර ටෙලි නාට්‍යයකට සම්බන්ධව හිටියා ‘දේවිය සුගලා’ කියලා. සුගලා දේවියගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ඒ චරිතයට මම හුඟක් කැමැතියි.

‘සුගලා දේවිය’ ගැන ඔබ අධ්‍යයනය කළා ද?
ඔව්. ඒ ගැන මම බොහෝ දේ කියෙව්වා. ඇය ජීවත්වුණා යැයි පැවසෙන බොහෝ පරිසරයන්හි මම සැරි සැරුවා. එහෙම හොයපු චරිතයක් ප්‍රතිනිර්මාණය කරන්න ලැබීම ගැන මට සතුටුයි.
සමාජයේ කතා බහට ලක්වන දේශපාලනය වැනි ක්ෂේත්‍ර තුළ මැදිහත් ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන ආකාරයක් දිල්හානි සම්බන්ධයෙන් මීට ප්‍රථම අපි අත්දැකලා නැහැ. නමුත් ඔබ මෙවර ජනාධිපතිවරණයේ දී ඔබේ දේශපාලන දැක්ම ප්‍රසිද්ධියේ කතා කළා. ඒකට හේතුව මොකක්ද?
දේශපාලනයට පුළුවන් රටක් නැති කරන්න. ඒ වගේම රටක් ඇති කරන්නත් පුළුවන්. යම්කිසි මොහොතක මේ රට අගාධයට යනවා යන හැඟීම දැනුණා. රට තුළ නිදහසක් නෑ කියන එක දැනෙන්න ගත්තා. සුදුසු වෙලාව පැමිණිලා කියන හැඟීම මට ඇතිවුණා. මම මේ රටේ පුරවැසියෙක්. පුරවැසියෙක් විදියට මට මගේ නිදහස් අදහස්වලට ගැළපෙන දේශපාලන ස්ථාවරත්වයක් දරන්න මට අයිතියක් තිබෙනවා. ඒ වගේම තමයි මම මේ රටේ මිනිස්සුන් ගෙන් ජීවත්වෙන කෙනෙක් හැටියට තව දුරටත් මේවා ඉවසාගෙන නිහඬව සිටිය යුතු නැහැ කියන තැනට ආවා. ඒ නිසා රට වෙනුවෙන්, දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉස්සරහට ආවා.
ඒ වෙනුවෙන් මොනව ද බලාපොරොත්තු වෙන්නෙ?
කිසිම දෙයක් නෑ. මගේ ජීවිතේ කිසි අවස්ථාවක මම කිසි දෙයක් බලාපොරොත්තුවෙන් යමක් කරලා නෑ. මගේ සිනමා ජීවිතේ දී වුණත් මම කිසි කෙනෙක්ගෙන් චිත්‍රපටයක් ඉල්ලලා නෑ. මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක් දෙන්න කියලා ඉල්ලලා නෑ. මට පබ්ලිසිටි දෙන්න කියලා ඉල්ලලා නෑ. දේශපාලන සංස්කෘතිය තුළත් ඒක එහෙමයි. ශීලාචාර දේශපාලන සමාජයක් වෙනුවෙන් කතා කළා. එච්චරයි. මම හැමදාම ස්වාධීනව අභීතව කතා කරන්න පුළුවන් ඒ හින්දයි.
ඔය ප්‍රතිපත්ති ගරුක බව කොහෙන්ද ලැබුණේ?
මං හිතන්නේ ඒක පොඩි කාලේ ඉඳලම මගේ චරිතය තුළ තිබුණ දෙයක් කියලයි. බොහෝ වෙලාවට මම කරන දේවල් ප්‍රසිද්ධ කර කර ඉන්න කෙනෙක් නොවෙයි මම. මාව හොඳට දන්න කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය දන්නවා මම කොහොම කෙනෙක් ද කියලා. මේ දේවල් ඒ විදියට ගොඩනඟා ගන්න බුදු දහමත් මට හේතුවක් වුණා. වැරදි දේ කරන්න මම හරි බයයි. මට ජීවත් වෙන්න අයිතියක් තියනව වගේම කූඹියාටත් ජීවත්වෙන්න අයිතියක් තියෙනවා. සමූහයක් විදියට හිතන්න පුරුදු වුණොත් කාටත් තමන්ගේ ප්‍රතිපත්තිවල ඉන්න අමාරු නෑ. මම ආශ්‍රය කරන කිහිප දෙනෙක් ඉන්නවා. නැතුවා නොවෙයි. නමුත් බොහෝ විට මම හුදකලා චරිතයක්. වැඩිය එළියට යන්න කැමැති නෑ. සමාජගත වෙනවා හරි අඩුයි. සමාජයේ ඇලෙන්නෙ ගැලෙන්නෙ බොහෝ විට වෘත්තිය මට්ටමින්. නමුත් මගෙන් රටට යමක් අවශ්‍ය වෙලාවට පාට පක්ෂ, පුද්ගලයා බලන්නේ නැතුව භේදයකින් තොරව නිවැරැදි දේට උදව් කරනවා.
මේ දේශපාලන මතවාදවලදී ඔබ සහ ඔබේ සැමියා (ප්‍රියංකර) සිටියේ දෙපැත්තක නේද?
ඔව්. අපි දෙන්නා දෙපැත්තක හිටියේ. අපි දෙන්නා අද එක වහලක් යට හිටියට, තැන් දෙකක, දෙපැත්තක දෙයාකාරයකින් ඉපදුණු දෙදෙනෙක්නේ. අපි දෙන්නා එකට ජීවත් වෙනවා. අපි දෙන්නා දරුවෙක් හැදුවා. නමුත් ඒක අපි දෙන්නගේ ස්වාධීන මතය දරන්න ප්‍රතිපත්තිවල ඉන්න බාධාවක් නොවෙයි. මම කියන්නේ එක්කෙනෙක්. ප්‍රියංකර කියන්නේ තව කෙනෙක්.
ඔබ දෙදෙනාගේ දරුවා පිළිබඳ තීරණ ගනිත්දි ඒක වෙනස් වෙන්නෙ කොහොම ද?
දරුවා පිළිබඳ තීරණ ගන්න ප්‍රියංකර බොහෝ විට මට ඉඩ දීලා තිබෙනවා. මොකද දරුවාගේ හැම චලනයක්ම ඉතාම හොඳින් ඉතාම ළඟින් දන්නේ මමයි. ප්‍රියංකර දරුවා සමඟ දුරස්ථයි කියන්න නෙමෙයි මම මේ හදන්නේ. දරුවාගේ සියලු files පුංචි කාලේ ඉඳලම තියෙන්නේ මා ළඟ. ඒ නිසා ප්‍රියංකර සම්පූර්ණ නිදහස දීලා තියෙනවා ඔහු පිළිබඳ තීන්දු තීරණ ගන්න. ඒ සඳහා අවශ්‍ය වන පහසුකම් සපයන්න ඔහු ඕනෑම වෙලාවක ඉදිරිපත් වෙනවා.
පුතා තාම අධ්‍යාපනය ලබනවා ද?
ඔව්. ඔහු දැන් ඉන්නේ ඇමෙරිකාවේ. ඉංජිනේරු තාක්ෂණය පැත්තෙන් වැඩිදුර අධ්‍යාපනය ලබනවා. දැන් එයාට අවුරුදු 20 ක්. ලංකාවෙන් ගිහින් දැන් අවුරුද්දක් විතර වෙනවා. හැම නිවාඩුවටම ලංකාවට එනවා.
පුතා වඩාත් ළඟ අම්මට ද? තාත්තට ද?
මට දැනෙන්නේ එයා මගේම කොටසක් කියලා. සමහරවිට මටත් වඩා එහා ගිය දැක්මක් එයාට තිබෙනවා. මදුරුවෙක්වත් මරන්නෙ නෑ. කවදාවත් බොරුවක් කරන්න, බොරුවක් කියන්න බැරි චරිතයක්. අවුරුදු 18 වෙනකම්ම එයා මගේ ළඟ, මගේ අස්සේ තියාගෙන හැදුවේ. අපි දෙන්නා හිටියේ හරියට යාළුවෝ වගේ. මං හිතනවා එයා මගේ හොඳ ටික ගන්න ඇති කියලා. මට එයා ගැන ආඩම්බරයි. එයාගේ වෘත්තිය මොනව වුණත් මගේ බලාපොරොත්තුව තිබුණේ එයා යහපත් දරුවෙක් විදියට සමාජගත වීමයි. අද ඒක ඒ විදියට ඉෂ්ටවෙලා තිබෙනවා. ඒ හින්දා මට දවසක සතුටින් මැරෙන්න පුළුවන් වෙයි.
තාත්තයි - පුතයි අතර බැඳීම කොයි වගේ ද?
ඒ දෙන්නා අතරේ දැඩි ආදරයක් තිබෙනවා. නමුත් ප්‍රියංකර සාමාන්‍යයෙන් ඕනම දේක ඇලී ගැලී සිටින කෙනෙක් නොවෙයි. පුතාට ආදරේ තිබුණට ඒ වෙනුවෙන් කැපවෙන්න තරම් ඉඩක් එයාට නෑ. උදාහරණයකට කිවුවොත් එයා ලෙඩ වුණොත් එයා ළඟ නිදිමරාගෙන ඉන්න තරම් ප්‍රියංකරට අමාරුයි. අම්ම කෙනෙකුට එහෙම නෑ.
දිල්හානි කවි ලියන්නත් දක්ෂයි නේද?
දැන්නම් හුඟාක් කාලෙකින් ලිව්වෙ නෑ. ලියන්න ඕන කියල හිතුවොත් මට ලියන්න බෑ. ඒක මට ඉබේම එන්න ඕන. සමහරදාට රාත්‍රියේ නින්දෙන් නැගිටලත් ලියලා තියෙනවා. නමුත් පෑනක් කොළයක් දීලා, ලියන්න කීවට මට ලියන්න බෑ. මොනවහරි දෙයක් කරන්න මගේ හිතේ පවතින මානසික මට්ටම බලපවත්වනවා.
ඒ කියන්නේ ඔබේ මානසික තත්ත්වය සුපුරුදු පරිදි නොවෙන්න හේතුවක් තියනව ද?
මට හිතෙනවා මගේ මනස ටිකක් සැලිලා කියලා. ඒකට ප්‍රධාන හේතුව දැනට අවුරුදු 1 1/2 කට කලින් මගේ පුතා මගෙන් දුරස්වීම කියලා හිතෙනවා. පුතාගේ විදේශගත වීම දැඩි විදියට මගේ ජීවිතේට දැනුණා කියලා මට හිතෙනවා. ඒකෙන් පස්සෙ මට සුන්දර දේවල් නෑ කියලා දැනෙනවා. මගේ ජීවිතේට අඩුවක් දැනෙනවා වගේ හිතෙනවා. ඒ දේවල් යටපත් කරගෙන පරිශ්‍රමයෙන් ජීවත්වෙන්න හැදුව ද කියලත් හිතෙනවා. එදිනෙදා ජීවිතේට ඒක ලොකු බලපෑමක් වගේ දැනෙනවා. හරියට තුවාලයක් තිබුණට ඒක හිරිවැටිලා, එහෙම නැතිනම් නිර්වින්දනය වෙලා වගේ දැනෙනවා.
ඔබ බුදුදහමට ගොඩක් සමීප කෙනෙක් නේද?
ඔව්. බුදු දහමට සමීපයි. නමුත් ඒ ජීවිතය කලකිරිලා නොවෙයි. මට බුදුන් වඳින්නත් ජීවිතේ සතුට තිබෙන්න ඕන. මගේ මනස සතුටින් තියෙනකොට තමයි ඒකත් හරියට කරන්න පුළුවන්.
ඔබ සිනමා තිරයේ විවිධ චරිත රඟපෑවා වගේම ඔබේ පෞද්ගලික ජීවිතය තුළ විවිධ භූමිකා නිරූපණය කළා. දියණියක්, තරුණියක්, ප්‍රේමවන්තියක්, බිරිඳක්, මවක් ආදි වශයෙන්. ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලත්දි මොනව ද හිතෙන්නෙ?
සිනමා ක්ෂේත්‍රයේ විශාල නළු නිළි ප්‍රමාණයක් සමඟ භූමිකා රංගනයට එක්වුණා වගේම ජීවිත රඟහලෙත් මම විවිධ භූමිකාවන්ට පණ දුන්නා. තාමත් පණ දෙමින් සිටිනවා. ආපස්සට හැරිලා බලත්දි දුක සැප සමසිතින් දරාගෙන තිබෙනවා. මම ක්ෂේත්‍රයට ආවේ සුන්දර ගමනක් නොවෙයි. අනන්ත අප්‍රමාණ දුක් විඳලා තිබෙනවා. අරගල කරලා තිබෙනවා. ඒ නිසා ශක්තිමත් වෙලා තිබෙනවා. ඒ ගැන මට සතුටුයි. අදටත් මගේ අරමුණ මගෙන් ඉෂ්ට වෙන්න ඕන යුතුකම් නොපිරිහෙළා ඉෂ්ට කිරීමයි. මගේ අම්මා මාත් සමඟ තාම ජීවත් වෙනවා. පුතා විවාහ වුණාට පස්සේ මට ලොකු බැඳීමක් නෑ. ඊට පස්සේ තමයි මට මගේ ගමන මට ආස විදියට ජීවත්වෙන්න පුළුවන් වෙන්නේ. අන්න එදාට මට මුළු ලෝකයක් මං ගැන මොනව කිවුවත් කමක් නෑ. මම මට ආස විදියට ජීවත් වෙනවා.

Shalani Tharaka's view about marriage

By: Prosperity Tech On: 7:40 PM

පෙළවහක් කරගන්න තාම වයස මදි - ශලනි තාරකා

පසුගිය කාලේ නිහඩ පිළිවෙතක් අනුගමනය කළ පුංචි තිරයේ දිදුලන තරුවක් වූ ඇය දැන් ඒ නිහඩ බවට සමු දෙමින් මේ දිනවල රිදි තිරයේ දිදුලන තාරකාවක් වන්නට පෙරුම් පුරනවා. ඉතින් ඒ ගැන කතා බස් කරන්නට පසු ගිය දවසක මේ තාරකාව අප හා එක් වුණා. ඇය තමයි ශලනි තාරකා.

ශලනි මේ දවස්වල හරිම සතුටකින් සහ උද්‍යෝගයකින් ඉන්න වග නම් පේනවා?
හ්ම්ම්.. දැනට හොඳයි. ඉදිරියත් එහෙම වෙයි කියලා හිතනවා. පසුගිය කාලේ මගේ නිර්මාණ කිසිවක් ටෙලි කාස්ට් වුණේ නැහැ. ඒ නිසා ටික කාලයක් නිහඩව හිටියා. නමුත් ඔන්න දැන් ආයිත් ප්‍රේක්ෂකයන්ට මගේ නිර්මාණ නරඹන්න අවස්ථාව උ‍දා වෙලා තියෙනවා.

මේ වසර නම් ශලනිට සුවිශේෂියි කිව්වොත් මම නිවැරැදියි?
මම ප්‍රධාන චරිතයට කළ 'ස්පන්දන' දැන් තිර ගත වෙන නිසා මේ වසරේ පොඩි සුවිශේෂි බවකුත් තියෙනවා. අනික හෙට ඉඳලා නැවතත් පුංචි තිරයේ 'සඳ එළිය' නමින් අලුත් ටෙලි නාට්‍යයක විකාශය ඇරඹෙනවා.

මේ සතුට ඇත්තටම 'ස්පන්දන' නිසාමද?
'ස්පන්දන'ත් ඊට ඇතුළත්.


මේ නිසා ශලනිගේ හෘද ස්පන්දනයත් වැඩි වෙලා කියලා ආරංචියි?
ඔව් අනිවාර්යෙන්ම. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිසා ප්‍රතිචාර කොහොම වෙයිද කියලා හිතලම මගේ හෘද ස්පන්දනයත් හොඳටම වැඩි වෙලා තියෙන්නේ. බලමු හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.

'ස්පන්දන' මොන වගේ වෙනසක් කරයිද?
මෙය පහු ගිය කාලෙම තිබුණු ඉතිහාස රැල්ලෙන් මිදී වෙනස් මාතෘකාවක් යටතේ දිග හැරෙන චිත්‍රපටයක්. ඉතින් අලුත් මුහුණුවරකින් එන නිසා පොඩි වෙනසක් තියෙනවා.

මයුමි ගේ භූමිකාව ගැන කතා කළොත්?
කෙටියෙන් කිව්වොත් ඇය පොහොසත් පවුලක එකම දියණියක්. නමුත් ඇය හෘද රෝගයකින් පෙළෙන තරුණියක. ඊට වඩා යමක් මයුමි ගැන මම කියන්න යන්නේ නැහැ. ඈ කවුද කියලා චිත්‍රපටය බලලාම තේරුම් ගන්නකෝ. .
'මයුමි' ඔබට අභියෝගයක් වුණු අවස්ථා තියෙනවාද?
එක් අවස්ථාවක් තියෙනවා. නමුත් එය මට විග්‍රහ කරන්න බැහැ. චිත්‍රපටය බැලුවොතින් අභියෝගයක් වුණේ මොන අවස්ථාවේද කියලා තේරුම් ගන්න පුලුවන්. හැබැයි ඒ දේ තේරෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

මේ චරිතයට මීට වඩා සාධාරණයක් ඉෂ්ට කරන්න තිබුණා යැයි හිතෙන්නේ නැද්ද?
කොහොමත් ඕනෑම නිර්මාණයක් පහු කාලීනව බැලුවොතින් ඕනෑම කෙනෙකුට හිතන්න පුළුවන් පොදු කරුණක්. නමුත් ඒ අවස්ථාවේ මම ඊට මගේ උපරිම සාධාරණයක් ඉෂ්ට කළා යැයි හිතනවා.

ඔබ පසුගිය කාලේ එකිනෙකට වෙනස් චරිත රැසක් කළ රංගන ශිල්පිනියක් ඉන් වඩාත් කැමැති හෝ අභියෝගාක්මක වූ චරිතයක් තිබෙනවාද?
කැමැති චරිත ගොඩක් තියෙනවා. නමුත් ඒ අතරින් මේ ඊයේ පෙරේදා 'කා' කියලා ටෙලි සීරිස් එකකට සම්බන්ධ වුණා. එහි මට චරිත හතරක් නිරූපණය කරන්න තිබුණා. එය නම් ටිකක් අභියෝගාත්මකයි.

ශලනි රිදි තිරය සහ පුංචි තිරයෙන් ඔබ වඩාත් කැමැතියි?
මේ වෙද්දි පුංචි තිරයේ යම් දෙයක් මම කරලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර මත මට තීරණය කරන්න පුළුවන් වෙයි මම වඩාත් උචිත රිදි තිරයටද පුංචි තිරයටද කියලා. නමුත් මගේ දැනට තෝරා ගැනීම නම් පුංචි තිරයයි.

ශලනි දැන් ඉස්සරට වඩා පරිණත වෙලා නේ?
ඒක තේරුම අපි වයසට යනවා කියන දේ තමා.

එහෙනම් දැන් පෙළවහකටත් එය වයස හරියි නේද?
අන්න ඒකට තමා තවම වයස නැත්තේ.

මයුමිගේ පෙම්වතා වගේ කෙනෙක් ලැබුණෝතින් ඔය වයස හරි යාවීද?
එහෙම වුණොත් හොඳයි නේද?

Friday, March 20, 2015

Ashika Mathasinghe 3rd baby

By: Prosperity Tech On: 11:24 PM

අශිකාට අහම්බෙන් තවත් බබෙක්

අශිකා මතසිංහ ටෙලි නට්‍ය වල දගකාර චරිත හරහා පේ‍්‍රක්ෂක ප‍්‍රසාදය දිනා ගත් රංගන ශිල්පිණියකි. එම චරිතවලටම ඔබින ආකාරයේ දගකාර හුරුබුහුටි පෙනුමක් ඇති ඇය මේ වන විට දෙදරු මවකි.

එමෙන්ම ඇය තවත් මසකින් පමණ තුන්වන දරුවාද ප‍්‍රසූත කිරීමට සූදානමින් පසුවේ. නමුත් ඇය පවසන්නේ තමා තම සැමියා දරුවන් දෙදෙනෙකු ලැබුණු පසු තවත් දරුවකු බලාපොරොත්තු නොවුණ බවත් මෙම තුන්වන දරුවා අහම්බයකින් ලැබුණු බවත් ය. නමුත් දරුවකු යනු සම්පතක් බැවින් ඔවුන් එම දරුවා ලැබෙන තුරු ආදරයෙන් බලා සිටී.
"පළමුවැනි බබා ලැබෙද්දි එයා ගැනම හිත හිත හිටියා. එයා විතරයිනෙ එතකොට.

දෙවැනියා ලැබෙන්න ඉද්දි ලොකු එක්කෙනත් බලාගෙන තමයි වැඩ කරන්න වුණේ. දැන් ඉතින් මේ දෙන්නවම බලාගෙන තුන්වෙනියා ගැන හිතනවා. මම කාර්යබහුලයි ඉතින්.

මේ දරුවා අහම්බයක්. අපි හිතාගෙන හිටියේ බබාල දෙන්නෙක් හදනවා කියලා. ඒත් තව එක්කෙනෙක් බලෙන්ම වගේ ආවා. ඒ අපි හිතුවෙවත් නැති වෙලාවක. එයා ආවෙ අපි ළගට එන්න ඕන නිසානේ. එයාවත් කොහොම හරි හදනවා.”









Mervyn had imported 100 ethanol barrels a month!

By: Prosperity Tech On: 10:25 PM

මර්වින්ගේ රෙදි එළිපිට ගැලවේ

මර්වින් මාසෙකට එතනෝල් බැරල් 100 ගානේ ගෙන්වලා 


ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු එතනෝල් ආනයනය කොට ඇති බවයි. අගමැතිවරයා ඔවුන්ගේ නම් සඳහන් නොකළද අගමැති කාර්යාලයේ නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම පුද්ගලයන් 4 දෙනා නම් මර්වින් සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, අරුන්දික ප්‍රනාන්දු හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන අයවලුන් ය.
මෙයින් හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාහට එතනෝල් බැරල් 100ක් ගෙන්වීම සඳහා බලපත්‍රයක් පුද්ගලිකවම ලබා දී තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

මර්වින්ගෙන් එම එතනෝල් බැරල් 100 මිලදී ගත් තැනැත්තා සඳහන් කර සිටින්නේ මර්වින් එතනෝල්වලින් පමණක් මසකට රුපියල් ලක්ෂ 50ක ශුද්ධ ලාභයක් ලැබූ බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ බලපත්‍රය අනුව මර්වින්ට ආනයනය කළ හැක්කේ එතනෝල් බැරල් 100ක් වුවත් ඔහු විසින් සුරාබදු කොමසාරිස් හපුආරච්චිට ‘බෝලෙ බස්සවා' මසකට එතනෝල් බැරල් 250ක් පමන ගෙන්නවූ බවයි.

ඊට කළගුණ සැලකීමක් වශයෙන් මර්වින් සිල්වා විසින් ‘ලංකා ඩිස්ටලරීස්' හිමි කෝටිපති ව්‍යාපාරික හැරී ජයවර්ධන ලවා සුරාබදු කොමසාරිස්වරයාට මසකට රුපියල් ලක්ෂ 5ක සන්තෝසමක්ද ලබා දී තිබේ.

මෙම සුරාබදු කොමසාරිස්වරයාට එම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දැනුම් දුන්නද බලහත්කාරයෙන් තවමත් එම තනතුරේ රැදී සිටී.

Prision Break - Mission Impossible Dog Style¡¡¡¡

By: Prosperity Tech On: 9:53 PM

බල්ලෙක් ගිය උඩ! (VIDEO)බලු කූඩුවකින් අපූරු ආකාරයකට බල්ලෙකු පැන යන ආකාරයේ වීඩියෝවක් කෙරෙහි ලොව පුරා ජනතාවගේ අවධානය යොමුව තිබේ. එම කූඩුවෙහි බල්ලන් කිහිප දෙනෙකු සිටින අතර එක් බල්ලෙකු දොර අසලට පැමිණ ඉන් පැන යාමට උත්සහ කරයි. එහෙත්, උගේ උත්සහය වරදී. කෙසේ වෙතත්, උත්සහය අත් නොහරින බල්ලා කූඩුවෙන් පැන යන ආකාරය සිත් ගන්නාසුලු ය.

Malshi Nimasha

By: Prosperity Tech On: 8:32 PM

මගේ අනාගතය අම්මා තීරණය කරයි

නව පරපුරේ රංගන ශිල්පිනියක වන මල්ෂි නිමාෂා විටෙක නිවේදිකාවක් විලසින් ද අප හමුවට පැමිණෙන්නීය.
* කොහොමද මල්ෂි?
වරදක් නැහැ. මම හොඳින්.
* මොනවද මේ දිනවල ඔබගේ කලා කටයුතු?
අංකල් සෑම් නාට්‍යයේ දිගටම ෂූටිං. ඒ අතරතුර සිරස නාළිකාවේ සිරස ආලින්දය වැඩ සටහන මෙහෙයවනවා.
* මල්ෂි ක්ෂේත්‍රයට එන්නේ සිරස කුමරිය හරහා නේද?
ඔව්. එහි දෙවැනි අදියරේ අවසන් දොළොස් දෙනාට මාව තේරුණා. ඒත් එක්කම සිරස නාළිකාවේ නිවේදිකාවක විදිහට වැඩ කරන්න කතා කළා. කැදැල්ල, රෙඩ් කාපට් මා මෙහෙය වූ වැඩසටහන් අතරින් කිහිපයක්.
* චායා හරහා ඔබ රංගනයට ද පිවිසෙනවා?
ඒක වුණේ නිල්වලා ආයතනයේ ඇරැයුමින් එහි අංජුට රඟපෑවේ මම. නමුත් චායා නාට්‍යයෙන් පස්සේ මම ටෙලි නාට්‍ය කළේ නැහැ.
* ඇයි ඒ?
මම මේ වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. ඒ හේතුවෙන් මුල් කාලයේදීම නාට්‍යවලින් ඈත් වුණා.
* මල්ෂා වැඩිපුරම ආස රංගනයට ද, නිවේදනයට ද?
රංගනයට.
* හේතුව?
රංගන ශිල්පිනියක් විදිහට මට විවිධාකාර චරිත රඟපාන්න පුළුවන්. එතකොට මාව මිනිස්සු දකින්නේ නොයෙක් විදිහට. නමුත් නිවේදනයේදී එහෙම වෙන්න බැහැ. මට එම වෘත්තිය හරි ඒකාකාරියි.
* ඔබ ඔහොම කිව්වට නිවේදිකාවකට විවිධාකාර පරාසවලට යන්න පුළුවන්නේ?
පුළුවන්. රංගනයේදී තරම් බැහැ. උදාහරණයක් විදිහට අපි මියුසික් වැඩසටහනක් කරන කොට එය මෙහෙය වන්නේ හැමදාමත් එකම ආකාරයෙන්නේ. එය චේන්ජ් කරන්න අපහසුයි. ඒ වුණාට රංගනයේදී චරිතයෙන් චරිතයට අපට වෙනස් වන්නට හැකියාවක් තිබෙනවා.

* මල්ෂි අද ඉන්න තැන ගැන සතුටුයිද?
මොකද නැත්තේ. මෙලෝ දෙයක් දැනගෙන නෙවෙයි මම මේ ක්ෂේත්‍රයට ආවේ. එතකොට මට අවුරුදු දහසයයි. එදා පටන් ක්‍රම ක්‍රමයෙන් මම විසින්ම හැදෑරීම් කළා. අද වෙන කොට මම ලබාගෙන තිබෙන දැනුමේ ප්‍රමාණය ගැන මම සෑහීමකට පත් වෙනවා. මම ගොඩක් සතුටින් ඉන්නේ අද මම ඉන්න තැන ගැන.
* මල්ෂිට මේ වෙනකම් සිනමාපටයක් සඳහා ඇරැයුම් ලැබුණේ නැහැ. ඇයි ඒ?
ඒකට හේතුව කියන්න මම දන්නේ නැහැ. හැබැයි කෙටි චිත්‍රපටයක නම් රඟපෑවා.
* කෙටි චිත්‍රපටවල රඟපෑවට සිනමාපටවල රඟපෑවා තරම් ජනප්‍රිය වන්නේ නැහැනේ?
මම එහි රඟපෑවේ ජනප්‍රියත්වය තකා නෙවෙයි. මට හිතුණා ඒ චරිතය රඟපාන්න මට පුළුවන් කියලා. ඒකයි එය බාර ගත්තේ.
* ඔබ ජනප්‍රියයිද?
ඒකට මට සෘජු පිළිතුරක් දෙන්න බැහැ. මොකද ජනප්‍රියත්වය අපට ලබා දෙන්නේ අපේ ප්‍රේක්ෂකයෝ.
* ඔබ රඟපෑ පළමු දර්ශනය දාහත් පාරක් ගත්තලු. මතක් කරමු ඒ අතීත කතාව?
මට එදා තිබුණේ කණ්ණාඩියක් ඉස්සරහ තියනවා වගේ රඟපාන්න. ඉතින් මට එවකට රංගන අත්දකීම් නැහැනෙ. මට පුළුවන් විදිහට රඟපෑවා. එකක්වත් හරි ගියේ නැහැ. අන්තිමේ දාහත් වැනි වතාවේ තමයි ටේක් එක ඕකේ වුණේ.
* ආරංචියක් ආවා මල්ෂිට පෙම්වතෙක් නැහැ කියලා?
ඔව්. මම තවම නිදහස් කිරිල්ලියක්.
* පෙම්වතෙක් ඉන්නවා කියන්නේ ජීවිතයට බාධාවක් කියලනෙ ඔබ ඒ නොකියම පැවසුවේ?
මම හිතනවා මට තවම පෙම්වතියක් වෙන්න තරම් වයසක් නැහැ කියලා. අනික මම තවම ඉගෙන ගන්නවානේ. ඉදිරියේදී ඒ ගැන අම්මා තීරණයක් ගනීවි.
* ඒ කියන්නේ මල්ෂිගේ අම්මා තමයි ඔබේ අනාගත සහකරුවා තීරණය කරන්නේ?
මෙහෙමයි, අම්මා හොයලා දෙන කෙනා හොඳයි නම් මම ඔහුට කැමැති වෙනවා. නැතිනම් මෙනවා හරි අඩුපාඩුවක් හොයලා එයාව එපා කියනවා.
* මල්ෂි අවසන් වතාවට නරඹපු සිංහල චිත්‍රපටය මොකක්ද?
කුස පබා.
* ඔබේ සුරතල් නාමය?
බබා
* කැමැතිම ඇඳුම?
ඩෙනිමයි ටී ෂර්ට් එකයි.
* ඒ කියන්නේ ඔබ සරල කෙනෙක්?
ඔව්.
* ඔබ හැත්තෑව දශකයේ සිටියා නම් පෙම්වතා ලෙසින් රඟපාන්න තෝරා ගන්නේ කවුද?
ආයේ කතා දෙකක් නැහැ, විජය කුමාරතුංග
* මල්ෂි, ශිරෝමිකා ප්‍රනාන්දුගෙන් ගුටි කාපු කතාව මොකක්ද?
අංකල් සෑම් නාට්‍යයේ එක සීන් එකක් තිබුණා ශිරෝමි මට ගහන. ඇය එහිදී ඇත්තටම මට ගැහුවා. අවසානයේදී ඒ තැළුම් වේදනාව යවා ගත්තේ කැඩුම් බිඳුම් වෙද මහත්තයෙක් ළඟට ගිහින්. මගේ අම්මාවත් එච්චර ගහලා නැහැ.
* මල්ෂීගේ ගම කොහෙද?
කැලණිය.
* ලග්නය?
මිථුන.
* ස්තුති කරන්න ඕනෑ කාටද?
නිල්වලා ආයතනය, සිරස ටී. වී. හා අම්මාට.
* මල්ෂි මොන වගේ කෙනෙක්ද?
ටිකක් නපුරු, ඒ වාගේම හොඳ කෙනෙක්.
කොහොම නමුත් අවසානයේදී මල්ෂි නම් කිව්වේ එයාව හොඳ ළමයෙක් විදිහට හඳුන්වා දෙන්න කියලා.

Thursday, March 19, 2015

Srilankan National Anthem in Tamil

By: Prosperity Tech On: 3:00 AM

ජාතික ගීය දෙමළ බසින් අහන්න (වීඩියෝ)

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමේ බාධාවක් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා (17) ඊයේ පැවති විධායක සභාවේදී ප‍්‍රකාශ කර තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා ඇත්තේ ඉදිරියේදී ජාතික ගීය දමිළ බසින් ගැයීමට ව්‍යවස්තානුකුලව අයිතිය ලබාදෙන බවයි.

දෙමළ භාෂාවෙන් ගායනා කරන ජාතික ගීය 


Sinhala Lyrics of the Anthem
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
 
Tamil lyrics of the Anthem
ஸ்ரீ லங்கா தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நல்லெழில் பொலி சீரணி
நலங்கள் யாவும் நிறை வான்மணி லங்கா
ஞாலம் புகழ் வள வயல் நதி மலை மலர்
நறுஞ்சோலை கொள் லங்கா
நமதுறு புகலிடம் என ஒளிர்வாய்
நமதுதி ஏல் தாயே
நமதலை நினதடி மேல் வைத்தோமே
நமதுயிரே தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நமதாரருள் ஆனாய்
நவை தவிர் உணர்வானாய்
நமதோர் வலியானாய்
நவில் சுதந்திரம் ஆனாய்
நமதிளமையை நாட்டே
நகு மடி தனையோட்டே
அமைவுறும் அறிவுடனே
அடல்செறி துணிவருளே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நமதோர் ஒளி வளமே
நறிய மலர் என நிலவும் தாயே
யாமெல்லாம் ஒரு கருணை அனைபயந்த
எழில்கொள் சேய்கள் எனவே
இயலுறு பிளவுகள் தமை அறவே
இழிவென நீக்கிடுவோம்
ஈழ சிரோமணி வாழ்வுறு பூமணி
நமோ நமோ தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
(nethfm.com)

The 10 Most Unbelievably Colorful Places On Earth

By: Prosperity Tech On: 2:21 AM

දුටුවන් මවිත කරවන ලෝකයේ වර්ණවත් ම ස්ථාන 10 (PHOTOS)


දුටුවන් මවිත කරවන ලෝකයේ වර්ණවත් ම ස්ථාන 10 (PHOTOS) මේ දර්ශන ග්‍රැෆික් නිර්මාණ හෝ සිහින ලොවක දර්ශන නොවේ.
මේ, පෘථිවිය විචිත්‍රවත් කරමින් නිර්මාණය වූ සැබෑ දර්ශන පෙළකි.
ලොව විචිත්‍රවත් ම ස්ථාන 10ක් මෙහි දැක්වේ.
1. ලැවෙන්ඩර් උයන – ප්‍රංශය (Lavender Fields, France)
ප්‍රංශයේ පිහිටි මෙම ලැවෙන්ඩර් උයන ග්‍රීෂ්ම ඍතුවේදී මල් පිපුණු පසු දැක්වෙන්නේ මෙසේ ය.

1.Lavendarfields
2. ප්‍රොසිඩා – ඉතාලිය (Procida, Italy)
ඉතාලියට අයත් මෙම කුඩා දූපතෙහි නානාප්‍රකාර වර්ණයෙන් යුත් නිවාසවල පැහැයෙන් මධ්‍යධරණී මුහුද ද විචිත්‍රවත්ව දිස්වේ.
2. Cano cristale
3. කැනෝ ක්‍රිස්ටල්ස් නදිය – කොලොම්බියාව (Caño Cristales River, Colombia)
මෙම නදිය විචිත්‍රවත්ව දිස්වන්නේ, ඉවුර දෙපස පිහිටි දුර්ලභ පැළෑටිවලින් වැටෙන මල්වල පැහැයෙනි. මෙය පාට පහේ නදිය ලෙස ද හැඳින්වේ.
3. five color river
4. රෙට්බා ඇළ – සෙනගල් (Lake Retba, Senegal)
මෙම ඇළෙහි ජලය රෝස පැහැයට හැරී ඇත්තේ, එම ජලයෙහි ඇති මිනිසුන්ට අහිතකර නොවන බැක්ටීරියාවක් හේතුවෙනි.
4. retba lake
5. ටියුලිප් උයන – ඕලන්දය (Tulip Fields, Holland)
වස්සාන කාලයේ මෙම උයනේ පිපෙන ටියුලිප්, ඩැෆඩිල්ස් සහ හයිසින්ත් මල් යායවල් හේතුවෙන් මෙම විචිත්‍ර දර්ශනය මැවේ.
5. tulip fields
6. ග්‍රේට් බැරියර් කොරල් පරය – ඔස්ට්‍රේලියාව (Great Barrier Reef, Australia)
මෙම කොරල් පරය ආශ්‍රිතව කොරල් විශේෂ 400ක්, මුහුදු ශාක විශේෂ 500ක් සහ මත්ස්‍ය විශේෂ 1500ක් ඇතැයි විද්‍යාඥයෝ පවසති.
6. corol
7. ලූපිං – චීනය (Luoping, China)
නැගෙනහිර චීනයේ කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි කැනොලා ශාකවල මල් හට ගත් විට මෙම මනෝරම්‍ය දර්ශනය මැවේ.
7. louping
8. ෆ්ලවර්ස් ජාතික උද්‍යානයේ මල් නිම්නය – ඉන්දියාව (Valley of Flowers National Park, India)
හිමාල කන්ද ආසන්නයේ පිහිටි මෙම නිම්නය ලෝක උරුමයක් ලෙස පිළිගෙන තිබේ.
8. himalaya
9. ෂිබසකුරා කඳුකරය – ජපානය (Shibazakura Hill, Japan)
ෆීජි ගිනි කන්ද ආසන්නයේ පිහිටි මෙම කඳුකර ප්‍රදේශයේ පිහිටි සකුරා ගස්වල මල් බිම පතිත වීමෙන් මෙම විචිත්‍රත්වය මැවී පෙනේ.
9. zakura
10. නේට්‍රන් ඇළ – ටැන්සානියාව (Lake Natron, Tanzania)
ටැන්සානියාවේ පිහිටි මෙම ඇළෙහි ලවණ සාන්ද්‍රණය ඉතා අධික වන අතර කිසිදු ජලජ පැළෑටියක් නොවැවෙයි. ජලජ ජීවීන් ද නොමැත.