Saturday, March 21, 2015

Tagged Under: , , ,

Shalani Tharaka's view about marriage

By: Prosperity Tech On: 7:40 PM

පෙළවහක් කරගන්න තාම වයස මදි - ශලනි තාරකා

පසුගිය කාලේ නිහඩ පිළිවෙතක් අනුගමනය කළ පුංචි තිරයේ දිදුලන තරුවක් වූ ඇය දැන් ඒ නිහඩ බවට සමු දෙමින් මේ දිනවල රිදි තිරයේ දිදුලන තාරකාවක් වන්නට පෙරුම් පුරනවා. ඉතින් ඒ ගැන කතා බස් කරන්නට පසු ගිය දවසක මේ තාරකාව අප හා එක් වුණා. ඇය තමයි ශලනි තාරකා.

ශලනි මේ දවස්වල හරිම සතුටකින් සහ උද්‍යෝගයකින් ඉන්න වග නම් පේනවා?
හ්ම්ම්.. දැනට හොඳයි. ඉදිරියත් එහෙම වෙයි කියලා හිතනවා. පසුගිය කාලේ මගේ නිර්මාණ කිසිවක් ටෙලි කාස්ට් වුණේ නැහැ. ඒ නිසා ටික කාලයක් නිහඩව හිටියා. නමුත් ඔන්න දැන් ආයිත් ප්‍රේක්ෂකයන්ට මගේ නිර්මාණ නරඹන්න අවස්ථාව උ‍දා වෙලා තියෙනවා.

මේ වසර නම් ශලනිට සුවිශේෂියි කිව්වොත් මම නිවැරැදියි?
මම ප්‍රධාන චරිතයට කළ 'ස්පන්දන' දැන් තිර ගත වෙන නිසා මේ වසරේ පොඩි සුවිශේෂි බවකුත් තියෙනවා. අනික හෙට ඉඳලා නැවතත් පුංචි තිරයේ 'සඳ එළිය' නමින් අලුත් ටෙලි නාට්‍යයක විකාශය ඇරඹෙනවා.

මේ සතුට ඇත්තටම 'ස්පන්දන' නිසාමද?
'ස්පන්දන'ත් ඊට ඇතුළත්.


මේ නිසා ශලනිගේ හෘද ස්පන්දනයත් වැඩි වෙලා කියලා ආරංචියි?
ඔව් අනිවාර්යෙන්ම. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිසා ප්‍රතිචාර කොහොම වෙයිද කියලා හිතලම මගේ හෘද ස්පන්දනයත් හොඳටම වැඩි වෙලා තියෙන්නේ. බලමු හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.

'ස්පන්දන' මොන වගේ වෙනසක් කරයිද?
මෙය පහු ගිය කාලෙම තිබුණු ඉතිහාස රැල්ලෙන් මිදී වෙනස් මාතෘකාවක් යටතේ දිග හැරෙන චිත්‍රපටයක්. ඉතින් අලුත් මුහුණුවරකින් එන නිසා පොඩි වෙනසක් තියෙනවා.

මයුමි ගේ භූමිකාව ගැන කතා කළොත්?
කෙටියෙන් කිව්වොත් ඇය පොහොසත් පවුලක එකම දියණියක්. නමුත් ඇය හෘද රෝගයකින් පෙළෙන තරුණියක. ඊට වඩා යමක් මයුමි ගැන මම කියන්න යන්නේ නැහැ. ඈ කවුද කියලා චිත්‍රපටය බලලාම තේරුම් ගන්නකෝ. .
'මයුමි' ඔබට අභියෝගයක් වුණු අවස්ථා තියෙනවාද?
එක් අවස්ථාවක් තියෙනවා. නමුත් එය මට විග්‍රහ කරන්න බැහැ. චිත්‍රපටය බැලුවොතින් අභියෝගයක් වුණේ මොන අවස්ථාවේද කියලා තේරුම් ගන්න පුලුවන්. හැබැයි ඒ දේ තේරෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

මේ චරිතයට මීට වඩා සාධාරණයක් ඉෂ්ට කරන්න තිබුණා යැයි හිතෙන්නේ නැද්ද?
කොහොමත් ඕනෑම නිර්මාණයක් පහු කාලීනව බැලුවොතින් ඕනෑම කෙනෙකුට හිතන්න පුළුවන් පොදු කරුණක්. නමුත් ඒ අවස්ථාවේ මම ඊට මගේ උපරිම සාධාරණයක් ඉෂ්ට කළා යැයි හිතනවා.

ඔබ පසුගිය කාලේ එකිනෙකට වෙනස් චරිත රැසක් කළ රංගන ශිල්පිනියක් ඉන් වඩාත් කැමැති හෝ අභියෝගාක්මක වූ චරිතයක් තිබෙනවාද?
කැමැති චරිත ගොඩක් තියෙනවා. නමුත් ඒ අතරින් මේ ඊයේ පෙරේදා 'කා' කියලා ටෙලි සීරිස් එකකට සම්බන්ධ වුණා. එහි මට චරිත හතරක් නිරූපණය කරන්න තිබුණා. එය නම් ටිකක් අභියෝගාත්මකයි.

ශලනි රිදි තිරය සහ පුංචි තිරයෙන් ඔබ වඩාත් කැමැතියි?
මේ වෙද්දි පුංචි තිරයේ යම් දෙයක් මම කරලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර මත මට තීරණය කරන්න පුළුවන් වෙයි මම වඩාත් උචිත රිදි තිරයටද පුංචි තිරයටද කියලා. නමුත් මගේ දැනට තෝරා ගැනීම නම් පුංචි තිරයයි.

ශලනි දැන් ඉස්සරට වඩා පරිණත වෙලා නේ?
ඒක තේරුම අපි වයසට යනවා කියන දේ තමා.

එහෙනම් දැන් පෙළවහකටත් එය වයස හරියි නේද?
අන්න ඒකට තමා තවම වයස නැත්තේ.

මයුමිගේ පෙම්වතා වගේ කෙනෙක් ලැබුණෝතින් ඔය වයස හරි යාවීද?
එහෙම වුණොත් හොඳයි නේද?

0 comments:

Post a Comment