Friday, March 20, 2015

Tagged Under: , ,

Mervyn had imported 100 ethanol barrels a month!

By: Prosperity Tech On: 10:25 PM

මර්වින්ගේ රෙදි එළිපිට ගැලවේ

මර්වින් මාසෙකට එතනෝල් බැරල් 100 ගානේ ගෙන්වලා 


ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු එතනෝල් ආනයනය කොට ඇති බවයි. අගමැතිවරයා ඔවුන්ගේ නම් සඳහන් නොකළද අගමැති කාර්යාලයේ නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම පුද්ගලයන් 4 දෙනා නම් මර්වින් සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, අරුන්දික ප්‍රනාන්දු හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන අයවලුන් ය.
මෙයින් හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාහට එතනෝල් බැරල් 100ක් ගෙන්වීම සඳහා බලපත්‍රයක් පුද්ගලිකවම ලබා දී තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

මර්වින්ගෙන් එම එතනෝල් බැරල් 100 මිලදී ගත් තැනැත්තා සඳහන් කර සිටින්නේ මර්වින් එතනෝල්වලින් පමණක් මසකට රුපියල් ලක්ෂ 50ක ශුද්ධ ලාභයක් ලැබූ බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ බලපත්‍රය අනුව මර්වින්ට ආනයනය කළ හැක්කේ එතනෝල් බැරල් 100ක් වුවත් ඔහු විසින් සුරාබදු කොමසාරිස් හපුආරච්චිට ‘බෝලෙ බස්සවා' මසකට එතනෝල් බැරල් 250ක් පමන ගෙන්නවූ බවයි.

ඊට කළගුණ සැලකීමක් වශයෙන් මර්වින් සිල්වා විසින් ‘ලංකා ඩිස්ටලරීස්' හිමි කෝටිපති ව්‍යාපාරික හැරී ජයවර්ධන ලවා සුරාබදු කොමසාරිස්වරයාට මසකට රුපියල් ලක්ෂ 5ක සන්තෝසමක්ද ලබා දී තිබේ.

මෙම සුරාබදු කොමසාරිස්වරයාට එම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දැනුම් දුන්නද බලහත්කාරයෙන් තවමත් එම තනතුරේ රැදී සිටී.

0 comments:

Post a Comment