Sunday, February 8, 2015

Things you shouldn't tell your husband

By: Prosperity Tech On: 7:25 PM
“ගෑනියෙකුගෙයි, මිනිහෙකුගෙයි හැලහැප්පිලි, රණ්ඩූ සරුවල් තියෙන්නෙ බත් මූටිටිය ඉදෙන කල් විතරයිනෙ” ගැමියන් අතර කියමනක් ඇත.
එය බොහෝ දුරට සැබෑවකි. කටින් පිටවෙන වචනයකින්, දෙකකින් පවූල් අවූල් වන අවස්ථාත්, ඉහිරෙන අවස්ථාත් ඇතිවන වග නොදන්නා කෙනෙක් නැ.


“ඔයත් ඔයාගෙ අම්ම වගේම තමා”යි බිරිඳක් කිසියම් විටක ඇයගේ සැමියාට කිව්වොත්, එයින් ඔහූගේ සිත තදින්ම පෑරෙන්නට ඉඩ ඇත්තේ නැන්දාත්, ලේලිත් අතර නිරතුරුවම වාගේ ගැටූම් පවතින හෙයිනි.


පවූල් ජීවිතය සතුටින්. සාමයෙන්, සන්තෝෂයෙන් ගත කිරීමට නම් බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් මොනවාදැයි පවූල් ප්‍රශ්න බේරුම් කරන්නන් මෙන්ම මානසික විද්‍යාඥයන්ද සොයා බැලු අතර බිරිඳක් කිසිවිටෙක සිය සැමියාට නොකිය යූතු දේවල් හැටියට මානසික විද්‍යාඥ ආචාර්ය මයිකල් ලිලිබ්‍රිජ් නිර්දේශ කරන දේවල් දහය මෙසේය.


1. මේක මෙහෙම වෙනව කියල මම ඔයාට කිව්වෙ නැද්ද? – සැමියාට වඩා ඔබට දැනූම තේරුම ඇති බවක් එයින් ඇඟවෙන අතර සැමියාගේ නායකත්ව ලක්ෂණයට එයින් වදින්නේ පහරකි. තම බිරියන් තමන්ගේ බූද්ධියට පහර ගසනවාට සැමියන් තුළ කැමැත්තක් නැත.


02. ඒයි මම මෝඩියෙක්ද? ” – ඔබ අතින් නිතරම වාගේ අත්වැරදීම් සිදුවෙනවා අහන්න, දකින්න සැමියා කැමති නැති අතර ඒවාට නිතරම වගේ අනූකම්පා අයැද සිටීමෙන්, අත්විය හැක්කේ වෙනත් ප්‍රතිඵලයකි.


3. ඔයාගෙ අම්මයි, තාත්තයි මට කිව්ව දේවල් මොනවද කියලා ඔයා කවදාවත් හිතන්නේ නෑ. ඔහූට හෙළිදරව් නොකෙරුණූ පවූලේ කරුණූ කාරණා රැසක් ඔබේ හිතේ තබාගෙන සිටින බැව් හිතී ඔහූගේ හිතේ නූරුස්සනා ගතියක් ඇතිවීම සාමාන්‍ය දෙයකි.


4. ඔයා ඇත්තටම මට ආදරයක් නෑ ” – ස්වකීය ආදරය පූන පූනා කියා සිටින්නට පිරිම අය එතරම් කැමැත්තක් නොදක්වන අතර ස්වකීය හැඟීම් ඔප්පූ කර පෙන්වන ලෙසට නිරතුරුව කෙරෙන ඉල්ලීම් ද ඔවූන්ට හිසදරයකි.


5. මං හිතන්නෙ එයා මට ඇත්තටම ඇදිලා ආව කියලයි ” – පිරිමියකුට තවෙකකු ගැන ඊර්ෂ්‍යා ගතියක් ඇතිවූණොත්, ඔහූ කුමන විධියකින් ප්‍රතික්‍රියා දක්වයි දැයි හරියාකාරව කීමට නොහැක. සමහර පිරිමින් ඔවූන්ට හූරුපූරුදු කාමූක ක්‍රියාවලින් ඊට පලිගැනීම සාමාන්‍ය දෙයකි.


6.”ඔයා ඒ කාලෙ ඔයිට වැඩියෙ හැඩ වැඩ ඇතුව හිටිය” – තමන්ගේ ශරීරයේ පෙනූම ගැන ගැහැණූ අය පරිද්දෙන් පිරිමි අයද සංවේදීතාවක් දක්වන අතර අන් කෙනෙකු හා සමග හෝ තමන් ඉස්සර සිටි ස්වභාවය කා සමග හෝ අහිතකර අන්දමින් සසඳනවාට ඔවූන් බොහෝ දෙනකු තුළ එතරම් කැමැත්තක් නැත.


7.” මේක කාටවත් කියන්නෙ නෑ කියල පොරොන්දු වෙන්ඩ ” – මිතුරකුගේ හෝ මිතුරියකගේ හෝ පෞද්ගලික ජීවිතය පිළිබඳ විස්තර තොරතුරු කියනවා නම්, ඒවා සඳහා ඔබ ඔබේ සැමියාගේ එවැනි තොරතුරු ඇයට හෝ ඔහූට හෝ කියන්නට ඇතැයි සැමියා ගැන සැකයක් ඇති වන්න බැරිකමක් නැත.


එහි අවසන් ප්‍රතිඵලය වන්නේ සැමියාගේ විශ්වාසය පළුදුවී යාමය


8. ඔයා හොඳ නෑ” – ඔබ සැමියාට එසේ කියන්නේ කේන්ති ගතියක් ඇතිවීම නිසා නම්, ප්‍රශ්නය නිරාකණය කරගත යූත්තේ එවැනි කතා කියා නොව වෙනත් ආකාරයකිනි.


9. “මම දන්නෙ නෑ මොනවද කරන්ඩ ඕනෑ කියලා, කරන්ඩ ඕන දෙයක් කියන්ඩ ” – මෙවැනි කතාවලින් සිදුවන්නේ, යමක් වැරදුණොත් ඔබට දොස් පවරන්න ඔහූට ඉඩකඩ සැලසීමයි. ඔබ කළ යූත්තේ තීරණයක් ගෙන කරන්න තියන දේ කිරීම පමණය.


අඹූ සැමියන් අතර විවිධ හේතූන් මත ඇතිවන කතා බස් දුරදිග යාමෙන් ආරවූල් පවා ඇතිවන අතර ආරවූල් දුරදිග යාමෙන් අඬදබර, දික්කසාද ආදිය ඇතිවන්නේ පවූල් සංස්ථාව දෙදරුම් කවමිනි. බිරිඳ දෙකේ කොළයට ගෙන සැළකීමට සමහර සැමියන් පූූරුදු වී සිටින නිසා බිරියන්ගේ සිත් පෑරී සැමියන් අමතා යම් යම් අවස්ථාවල යම් යම් වචන කියනවා වන්නට පූළුවන. එවැනි වචනවලට කේන්ති යන කේන්තියෙන් බිරිඳට හා දරු මල්ලන්ට ගුටි බැට දෙන, සමහර අවස්ථාවල ගෙදර බඩූමූටිටූ පවා පොඩි පටිටම් කරන සැමියනූත් සිටින වග නොදන්නා කෙනෙක් නැත.

එම නිසා, සැමියාගේ සිතට වද දෙන සිත පෑරෙන හෝ කණස්සල්ලට පත්කරන වචන පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම යහපත් බිරිඳකගේ වගකීමයි. (shaafm.lk)

Udari Kaushalya Speaks about her Pets

By: Prosperity Tech On: 2:24 AM

අම්මාගෙ ආදරේ තියෙන නිසා වෙන ආදරේක අවශ්‍යතාව දැනෙන්නෙ නැහැ



මොනවද අනූෂගේ අලුත්ම තොරතුරු?
“සිංහ මචං චාලි” චිත්‍රපටයේ ෂූටිං ඉවරවෙලා ගෙදර ආවේ දවස් දෙක තුනකට කලින්. තවම අලුත් කටයුත්තකට දායක වුණේ නම් නැහැ.
“සිංහ මචං චාලි” චිත්‍රපටයේත් අනූෂා පෙම්වතිය විදියට රඟනවා. ඒ අතරම නටනවා......
(හිනැහී) ඔව්. මට තවමත් ලැබෙන්නේ වාණිජ සිනමාවේ පෙම්වතියගේ චරිතයමයි. ඒ වගේම ඒ නිර්මාණවල අවම වශයෙන් මගෙ නර්තන එකක් හෝ ඇතුළත්  කරනවාමයි.
තිරගත වීමට නියමිත චිත්‍රපට ප්‍රමාණය කොපමණද?
චිත්‍රපට 7ක් තිරගත වෙන්න තියෙනවා.
 එතකොට ටෙලි නාට්‍ය?
ටෙලි නාට්‍ය නම් දෙකක් විතරයි. අනූෂා පුංචි තිරයට දක්වන උනන්දුව අඩුයි.
පුංචි තිරය කියන්නේ ගෙදර ආලින්දයේ තියෙන රූපවාහිනියේ නිතරම ලැබෙන නිර්මාණ. සිනමාව ඊට වඩා ගොඩක් පුළුල්. මිලක් වැය කරලා අඳුරු සිනමා ශාලාවක දැවැන්ත තිරයකිනුයි ඒ අත්දැකීම ලබන්නේ. සිනමා නිළියක් විදියට ක්‍ෂේත්‍රයට
පැමිණි මම හැමදාම  උනන්දු වුණේ සිනමා නිළියක් විදියටම ඉන්න. ඒත් ඉතින් පවතින තත්ත්වය තුළ තෝරා බේරාගෙන රඟපාන්න බැහැනේ. අවුරුද්දට චිත්‍රපට කීයද නිර්මාණය වෙන්නේ. ඒ වගේ පසුබිමක තෝරා බේරා ගැනීම් කරන්න බැහැ. ඒ නිසා හොඳ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණොත් බාර ගන්නවා.
අනූෂාගේ ජීවිතයම රැඟුම හා නැටුමටම  කැපවෙලා. ජීවිතය සම්පූර්ණ වීමට තව දේවල් අවශ්‍යයි නේද?
ඔය කියන්නේ විවාහය, සැමියා දරුවෝ ගැන විය යුතුයි. ඔය වගේ දේවල් තීරණය කරන්නේ ෙදෙවය.
දෙදෙවයට හැමදේම භාරදීලා නිහඬවීම හරිද?
කවුරු කොහොම කිවුවත් අපේ ජීවිතවල තීරණය ෙදෙවය සතුයි. ඉපදිලා හැදිලා වැඩිලා නියමිත කාලයට විවාහ වෙලා දරුවෝ ලබලා ඉන්පස්සේ ජීවිතයෙන් නික්ම යන අය ඉන්නවා. ඒක ‍පොදු තත්ත්වය. ඔය අතර ඔය සාමාන්‍ය තත්ත්වයට එහා ගිය අය ඉන්නවා. ස්වභාවධර්මය ඒ අය මේ ලෝකයට එවල තියෙන්නේ වෙනත් හේතුවකට. උදාහරණයකට ගනිමු භාරතීය ගායිකා ලතා මංගේෂ්කාර්. ඇයට  විවාහය, දරුමල්ලෝ ෙදෙවය හිමි කළේ නැහැ. ස්වභාවධර්මය ඇයව මෙලොවට එව්වේ වෙනත් දෙයකට. ඒ හින්දා පුද්ගලික ජීවිතයේ  හිමිවිය යුතු දෑ ඇයට අහිමි කළා. ඉතින්  මම දන්නෑනේ මගෙ ෙදෙවය මගේ ජීවිතයට මොන වගේ තීන්දුවක් දීලා තියෙනවාද කියලා.
ආදරයේ අඩුව ජීවිතයට දැනිලම නැද්ද?
මට මගේ අම්මගේ ආදරේ තියෙනවා. ඒක මගේ ජීවිතයටම ලොකු ශක්තියක්. අම්මගෙ ආදරේ තියෙන නිසා වෙන ආදරේක අවශ්‍යතාවය දැනෙන්නෙ නැහැ.
පෙම්වතාගෙන් සැමියාගෙන් ලැබෙන ආදරය මවගෙන් ලැබෙන ආදරයට වඩා වෙනස්...
ඇත්ත. ඒ වුණත් මගේ මුළු ජීවිතයම බැඳිලා තියෙන්නේ අම්මගෙ ආදරය වටා. මට අද හිතෙනවා පෙම්වතෙකු හෝ සැමියකු මගෙ ජීවිතයට  ළංවුණා කියන්නේ එයා  මගෙ අම්මයි මමයි අතරට ආවා කියන එක. එතකොට මට මගෙ අම්මට දෙවැනි තැන දෙන්න සිදුවෙනවා. මම ඒකට කැමති නැහැ.
උතුම් මව් පදවිය ගැන බොහෝ කාන්තාවන් කතා කරනවා. මවක් වන්නට අකමැති ගැහැනියක් නැහැ...
ඇත්ත. මාතෘ පදවිය ලැබිම උතුම් දෙයක්. ඒත් ඉතින් මට ළමෙක් හිටියත් මම එයා වෙනුවෙන් කැපවීම මොන වගේ වෙයිද දන්නෑ. මොකද මට හිතෙන්නේ මමත් තවම ළමයෙක් වගේ කියලා. මගෙ වයසේ යාළුවෝ බැඳලා දැන් ළමයිත් ඉන්නවා. ඒත් මම තවමත්  ළමයෙක් (හිනැහේ)

ආරියවංශ කුලතිලක
(lakbima.lk)

Saturday, February 7, 2015

Gota rents a house for 1.2 M

By: Prosperity Tech On: 10:27 PM
















(lankadaily.com)

Monthly astrology horoscope - February 2015

By: Prosperity Tech On: 8:26 PM

2015 පෙබරවාරි මාසය ඔබේ ලග්නයට කොහොමද? 

ලග්න 5කට සුබ ඵල අනෙක් ඒවාට මිශ්‍ර ඵල

දැනට මකර රාශියේ ගමන් කරන රවි පෙබරවාරි 13 කුම්භ රාශියට සංක්‍රමණය වේ. දැනට කුම්භ රාශියේ ගමන් කරන කුජ 12 දින මීන රාශියටද, දැනට කුම්භ රාශියේ ගමන් කරන සිකුරු 16 දින මීන රාශියටද සංක්‍රමණය වේ.
මාසය තුළ එක් එක් ග්‍රහයන් සැරිසරන රාශි, භාව හා දෘෂ්ටි ආදී ‍ජ්‍යොතිෂ රීතීන්  සලකා බලා එක් එක් ලග්න හිමියන්ට සිදුවිය හැකි යයි අනුමාන කරන සරල පලාපල ප්‍රකාශනයක් පහත දැක්වේ.
කිසිවෙකු කිසිවිටෙක මෙම ශුභා ශුභ ප්‍රකාශයන්  නියත ලෙස ස්වකීය ජීවිතයට බද්ද වේ යැයි සිතිය යුතු නැත.
පෙර සසර කුසල අකුසල පලදෙන ආකාරය පිළිබඳව ගොඩනැගී ඇති  ‍ජ්‍යොතීර්වේදයේ එවැනි දුබල ඵල විපාක මග හරවා ගෙන සුඛිත මුදිත ජීවිතයක් ගොඩනගා ගන්නා ආකාරය ලොව පිළිගත්  සෑම ආගම දහමකම මැනවින් පහල දී තිබේ.
කරුණාව, දයාව පෙරටු කරගත් නිවැරදි ජීවිත මාර්ගයක් තුළින් සියලු අරිටු දෝෂ මග හරවා සාර්ථක ජීවිතයක් ගොඩනගා ගත හැකි බව සිතට ගන්න.

මේෂ ලග්නය

චිත්ත ධෛර්ය වැඩිවීමක්


ධෛර්යමත් ස්වභාවය මෙන්ම නිසල සැනසිලිදායක ස්වභාවයෙන් යුක්ත මානසික තත්ත්වයක් ගොඩනැගේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවීම මෙන්ම ඒ පිළිබඳව වැඩි දුරටත් කරුණු සොයා බැලීම සඳහා වැඩි උනන්දුවක් ඇතිවේ. මේ සඳහා අතහිත දෙන ධෛර්යය ලබාදෙන මිතුරු කැලකගේ ඇසුරද ඇතිවේ.
නිවසේ සාමාජිකයන් අතර සුළු මත භේද ඇතිවුවත් ඒවා පහසුවෙන් නිරාකරණය කර ගෙන නිවස තුළ සතුට හා සාමය ආරක්ෂා කර ගෙන කටයුතු කිරීමේ  හැකියාව ඇතිවේ.
උදාසීන ගති හා බාධක ආශ්‍රයන් ඇතිවීම වැනි හේතූන් අනුව ඉගෙනීමේ කටයුතු වලට තරමක බාධා සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් උනන්දුවෙන් කටයුතු කළ යුතුය.
රැකියා කටයුතුවලදී බාධක සුළු සිද්ධීන් ඇති වුවද එමගින්  ඔබේ ධෛර්යයේ හෝ කැපවීමේ අඩුවක් සිදු නොවන නිසා සියලු දෙනාගේ ප්‍රසාදය ලබා ගනිමින් කටයුතු කිරීමේ  හැකියාව ඇතිවේ. ආදායම්වල හොඳ ප්‍රගතියක් සිදුවේ. හදිසි ධන ලාභවලටද වාසනාව තිබේ.
ප්‍රබල රෝගාබාධ නැත. ඌෂ්ණය ආශ්‍රයෙන් ඇතිවන උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

වෘෂභ ලග්නය

රැකියා කටයුතුවල දියුණුවක්


උදේ‍යා්ගය සහ ධෛර්යය ඉහළ ආකාරයෙන් පවතී. මේ තත්ත්වය අධිවේගී ස්වභාවයට පත් වීමෙන් අනවශ්‍ය ගැටලුද ඉස්මතු වීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. බාධක මිතුරන්ද කිට්ටු වන අතර ඔවුන්ගෙන් ඔබට අවැඩක් නොවන ලෙස නිසි අවවාද අනුශාසනා ලබාදෙන ප්‍රමුඛ මිතුරු කැලකගේ ඇසුරද ඇතිවේ.
නිවස තුළ නොසන්සුන්තාවයන් ඇති කරන බාහිර බලවේග ඇතිවුවත් ඒවා පිළිබඳව නිසි අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීමේ  ශක්තිය ඇති වන නිසා සාමය සමගිය ආරක්ෂා කර ගැනීමට හැකිවේ.
ඉගෙනීම පිළිබඳව උනන්දුවේ සහ කැපවීමේ අඩුවක් සිදු නොවුණත් බාධක ආශ්‍රයන් නිසා පසුබෑම් ඇතිවිය හැකි බැවින් සැළකිලිමත් වන්න.
රැකියා කටයුතු පිළිබඳව හොඳ ප්‍රගතියක් ඇතිකර ගැනීමට හැකිවේ. ඔබ ඒ පිළි
බඳව හොඳ උනන්දුවකින් හා කැපවීමෙන් කටයුතු කරයි. මේ නිසා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ ප්‍රසාදය දිනා ගනිමින් කටයුතු කරගෙන යාමට හැකිවේ. ආදායම්වල දියුණුවක් සිදුවේ. හදිසි ධනලාභවලටද වාසනාව තිබේ.
සෙම හා රුධිරය ආශ්‍රිත රෝග, උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

මිථුන ලග්නය

යහපත් ගෘහ ජීවිතයක්


සිතිවිලිවල කැළඹිලි ස්වභාවයක් මෙන්ම අධිවේගී ස්වභාවයක් උද්ගත වීමට ඉඩ තිබේ. මාසයේ මධ්‍ය භාගයේ සිට මෙම තත්ත්වය ක්‍රමයෙන් මග හැරී යයි. ඔබට නිසි අවවාද අනුශාසනා ලබා දී ඔබට යහමග පෙන්වා දෙන ලෙන්ගතු මිතුරු පිරිසකගේ ඇසුරද ලැබේ.
මේ සියලු තත්ත්වයන් තුළ ඔබට සතුටින් සෙනෙහසින් පිරි ගෘහ ජීවිතයක් ගත කිරීමේ වාසනාවද ලැබේ. එකිනෙකා අතර හොඳ සහයෝගයක් හා සාමදානයක් පවතී.
උදාසීන ගති, බාධක ආශ්‍රයන් ඇතිවීම යන හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවලට අවහිරතාවයන් ඇතිවිය හැකි බැවින් සැලකිලිමත්ව කටයුතු කළ යුතු වේ.  ගුරු, දෙමාපිය, වැඩිහිටි ආදීන්ගෙන් ඉගෙනීමේ කටයුතු සඳහා ඔබට හොඳ සහයෝගයක් ලැබේ.
රැකියා කටයුතුවලදී සුළු බාධක හා කලකිරීම් ඇතිවුවත් ඒවා බාධාවක් නොකරගෙන සාර්ථකව කටයුතු කරගෙන යාමේ හැකියාව ඇතිවේ. ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ නොමඳ පැසසුම් ලැබේ. ආදායම්වල ඉහළ දියුණුවක් සිදුවෙයි. හදිසි ධනලාභ වාසනාවද තිබේ.
සෙම් රෝග, උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ස්නානය හා ආහාර පාන ගැන සැලකිලිමත් විය යුතුය.

කටක ලග්නය

ආවේගශීලී මානසික ස්වභාවයන්


වරින් වර සිතිවිලිවල චංචල නොසන්සුන් ස්වභාවයන් ඇතිවුවත් බහුලව ආගමික පුද පූජාවන්ට නැඹුරු වන නිසා ඒවා මැඩ පවත්වා ගෙන යහපත් මානසික තත්ත්වයක් ගොඩනගා ගැනීමට හැකිවේ. ඒ සඳහා උදව් උපකාර කරන ඔබ උනන්දු කරවන මිතුරු පිරිසකගේ කිට්ටු ඇසුරද ඇතිවේ.
ඔබේ ආවේගශීලී ස්වභාවයන් නිසා පවු‍ලේ සාමාජිකයන් අතර අමනාපකම් ඇතිවුවද ඉහත කී මානසික ස්වභාවය අනුව තරමක නම්‍යශීලී ගතියක් ගොඩනැගෙන නිසා බරපතළ අර්බුද ඇති නොවේ.
උදාසීන ගති ඇතිවීම , බාධක ආශ්‍රයන් ඇතිවීම යන කාරණාවන්  හේතුකොට ගෙන ඉගෙනීමේ කටයුතුවල තරමක පසුබෑමක් සිදුවීමට ඉඩ තිබෙන නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න.
සුළු කාරණාවන් ඇති වුවත් ඒවා මැඩ පවත්වා ගෙන උනන්දුවෙන්  සාර්ථකව රැකියා කටයුතු  කරගෙන යාමේ අවස්ථාව සැලසේ. ප්‍රධානීන්ගේ සහ හිතවතුන්ගේ සහය ඒ සඳහා ඔබට ලැබේ. ආදායම්වල ඉහළ යාමක් සිදුවන අතරම අනපේක්ෂිත වියදම්  යෙදීමටද ඉඩ තිබෙන නිසා කල්පනාවෙන්  කටයුතු කරන්න.
ප්‍රබල රෝගාබාධ නැත. සෙම් දෝෂ ආශ්‍රයෙන් හිස සහ ඒ අවට ප්‍රදේශවල රෝගී තත්ත්වයන් ඉස්මතු විය හැකි නිසා ප්‍රවේශම් වන්න.

සිංහ ලග්නය

වියදම් වැඩිවීමක්


වරින් වර සුළු නොසන්සුන්තාවයන් හා උදාසීන ගති ඉස්මතුවීමට ඉඩ තිබේ. මේ තත්ත්වය ඔබේ වැඩ කටයුතුවලට බාධාවන් ඉඩ නොතබන උත්තේජනයන් ඇති කරන ළෙන්ගතු  මිතුරු පිරිසකගේ ඇසුර ලැබිම ඔබට ආශීර්වාදයක් වන්නේය.
විවිධ සුළු ප්‍රශ්න හේතු කොට ගෙන පවු‍ලේ සාමාජිකයන් අතර සිත් බිඳීම්වලට ඉඩ තිබෙන නිසා ඔබේ මතයම ඉස්මතු නොකර අන්‍යයන් ගේද අදහස් විමසා බලමින් ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ.
සුළු වශයෙන් ඉගෙනීමේ  කටයුතු සඳහා අවධානය අඩුවීමේ  දුර්වලකමක් පවතින අතර මේ තත්ත්වය මග හරවා ගත්විට උසස් ප්‍රතිඵල ලබා ගැනීමේ  හැකියාව ඇතිවේ.
රැකියා කටයුතු වඩාත් සාර්ථකව කරගැනීමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගේ. ඒ සඳහා ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ උපරිම සහයෝගය ලැබේ. ආදායම් සුපුරුදු ආකාරයෙන් පවතින අතර වියදම්වල ඉහළ යාමක් සිදුවීමට ඉඩ තිබෙන නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.
රුධිරය හා සෙම රෝග ආශ්‍රිත රෝග වලට ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

කන්‍යා ලග්නය

අධ්‍යාපනයට බාධාවන්


සිතිවිලිවල ආවේගශීලී ස්වභාවයක් හා නොසන්සුන්තාවයක් ඉස්මතු වීමට ඉඩ තිබෙන නිසා වැඩි කාලයක්  ආගම දහමට නැඹුරු වී කටයුතු කිරීම අවශ්‍ය වේ. මේ සඳහා වාසනාවකට මෙන් ඔබට අත හිත දෙන ඔබ සුමගට යොමු කරන  ලෙන්ගතු මිතුරු පිරිසකගේ කිට්ටු  ඇසුර ලැබේ.
සුළු මත ගැටුම් ඇතිවුවත් ගෘහ ජීවිතයේ සාමයට එය අභියෝගයක් නොවන අතර අවසානයේ සියල්ලන් සතුටින් එකමුතු වන තීන්දු තීරණවලට එළඹීමේ හැකියාව ඇතිවේ.
උදේ‍යා්ගය හා අවධානය අඩුවීම , බාධක ආශ්‍රයන් වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතු වලට බාධා සිදුවිය හැකි බැවින්  සැලකිලිමත්ව කටයුතු කරන්න.
රැකියා කටයුතුවල සුළු නොසන්සුන්තාවයන් හා චංචල වීම් සිදුවීමට ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන්  කටයුතු කළ යුතුය. ප්‍රධානීන් හා හිතවතුන් අතරද මත ගැටුම් ඇතිවිය හැක. ආදායම්වල ඉහළ යාමක් සිදුවන අතරම අතිරේක වියදම්වල ඉහළ යාමක් සිදුවීමටද ඉඩ තිබේ.
රුධිරය ආශ්‍රිත රෝග හා උදරාබාධ ආදියට වැඩි ඉඩක් පවතී.

තුලා ලග්නය

සෞඛ්‍ය යහපත්


අතිධාවන සිතුම් පැතුම් හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ඇති වීමටත් ඒ අනුව අනවශ්‍ය ගැටලු ඇතිවීමටත් ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. මේ අතර ඔබට ප්‍රමුඛ අවවාද අනුශාසනා ලබා දෙමින්  ඔබට නිසි මග පෙන්වා දෙන හිතවත් මිතුරු කැලකගේ ඇසුරද ලැබේ.
සියලු කාරණාවන් අතර ඔබට ඔබේ නිවස තුළින් හොඳ ගැම්මක් හා ආශිර්වාදය හිමි වන පරිසරයක්  නිර්මාණය වේ.
සංයමය හා අවධානය අඩුවීම වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා සිදුවිය හැකි තත්ත්වයක් ඇතිවිය හැකි නිසා සැලකිලිමත් වන්න.
මේ සියලු දුර්වලතාවයන්  අතර වුවද රැකියා කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගී පවතී. ඒ සඳහා අන්‍යයන්ගේ අනුග්‍රහයද මැනවින් ලැබේ. ආදායම් වල දියුණුවක් සිදුවන අතර අතිරේක ආදායම් මාර්ගද හෙළි පෙහෙලි වෙයි.
ප්‍රබල සෞඛ්‍ය දුර්වලතාවයන් නැත.

වෘශ්චික ලග්නය

අධ්‍යාපනයට යහපත්


වරින්වර අධෛර්යමත් නොසන්සුන් ස්වභාවයන් ඉස්මතු වුවත් ඔබ ප්‍රබලව ආගමික කටයුතුවල නිරත වන නිසා එම මන්දගාමී තත්ත්වය මග හරවා ගැනීමට හැකිවේ. මේ සඳහා ඔබ දිරිමත් කරන යහපත් මිතුරු කැලකගේ උදව් උපකාර හා ආශිර්වාදයද ලැබේ.
ඇතැම් මත ගැටුම් ඇති වුවත් සමස්තයක් ලෙස සාමකාමී වට පිටාවක් නිවස තුළ පවතී. එකිනෙකා හොඳ අවබෝධයෙන්  හා සහයෝගයෙන් කටයුතු කරයි.
ඉගෙනීමේ කටයුතු පිළිබඳව හොඳ උනන්දුවක් හා කැපවීමක් ඔබ තුළ ගොඩ නැගේ. මේ සඳහා දෙමාපියන්, ගුරුවරුන් හා වැඩිහිටි යන්ගේද නොමඳ සහයෝගය හා ආශිර්වාදය ලැබේ.
සුළු බාධාවන් ඇති වුවද ඒවා අභිබවා උනන්දුවෙන් හා තෘප්තියෙන් යුක්තව  රැකියා කටයුතු කරගෙන යාමේ අවස්ථාව සැලසේ. ප්‍රධානීන්ගේ හා හිතවතුන්ගේ නොමඳ සහය ඒ සඳහා ලැබේ. ආදායම් වල වැඩි දියුණුවක් සිදුවෙයි. අතිරේක ආදායම් මාර්ග ඇතිවේ.
උදරාබාධ, සෙම් රෝග ආදියට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

ධනු ලග්නය

කළණ මිතුරු ඇසුරක්


මනස කළඹන සුළු සිද්ධීන් ඇතිවුවත් ඒවා යටපත් කරගෙන සාර්ථකව ජීවිතයට මුහුණ දීමේ පරිසරයක් ගොඩ නැගේ. ඔබ නිරතුරුව අදහන ඒ සඳහා ඇප කැප වන ආගමික කටයුතුවලින් ලබන පන්නරය මේ සඳහා හේතු සාධක වේ. ඔබට උපකාර  කරන ආසිරි පතන කළණ මිතුරු කැලක්ද ඔබ සමග එක්වේ.
නිවස තුළ සුළු ආරවුල්  තත්ත්වයක් හා මතභේද නිවස තුළ ඇති වුවත් ඒවා ප්‍රවේශමෙන් යටපත් කරගෙන සුහදශීලී වාතාවරණයක් ගොඩ නගා ගැනීමට හැකිවේ.
ඉගෙනීමේ කටයුතු පිළිබඳ සුළු දුර්වලතාවයක් ඇති වන්නේ උනන්දුව අඩුවීම හා උදාසීන ගති ඉස්මතු වීම නිසාය. මෙය නිසි ලෙස අවබෝධ කරගෙන උනන්දුවෙන් කටයුතු කරන්න.
රැකියා කටයුතුවල සුළු අවුල් තත්ත්වයන් ඉස්මතු වුවත් ඔබ ඒවා බාධාවන් කර නොගෙන සාර්ථකව කටයුතු කරගෙන යාමට අවස්ථාව සකස් කර ගනී. මේ නිසා අන්‍යයන්ගේ ප්‍රසාදයට පත් වෙමින් තෘප්තිමත්ව රැකියා කටයුතු කළ හැකිවේ.
ආදායම් සුපුරුදු තත්ත්වයේ පවතින අතර අනවශ්‍ය වියදම් වල ඉහළ යාමක් සිදුවිය හැකි නිසා ප්‍රවේශම් වන්න.
සෙම හා රුධිරය ආශ්‍රිත රෝගවලට වැඩි ඉඩක් තිබේ.

මකර ලග්නය

ආදායම්වල වර්ධනයක්


වරින් වර මානසික උද්වේගකාරී ස්වභාවයන් ඉස්මතු වුවත් ඒවා සමනය කර ගෙන කටයුතු  කිරීමේ හැකියාව ඇතිවේ. දැඩිව පවතින ආගමික  විශ්වාසයන් හා ඒ ඔස්සේ කටයුතු  කිරීම මෙසේ සමතුලිතභාවය ගොඩ නගා ගැනීමට ඉමහල් වේ. එම කටයුතු සමග සම්බන්ධ මිතුරු පිරිසකගේ උදව් උපකාර  හා ආශිර්වාදයද ඔබට හිමිවේ.
පවු‍ලේ සාමාජිකයන් හොඳ අවබෝධයක් හා එකමුතු කමක් ගොඩනැගේ. මේ නිසා තෘප්තිමත්ව ගෘහ ජීවිතයේ කටයුතු කරගෙන යාමට හැකිවේ.
බාධක ආශ්‍රයන් නිසා ඉගෙනීමේ කටයුතුවල ප්‍රමාදයන්  සිදුවීමට ඉඩ තිබෙන නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. මේ තත්ත්වය අවබෝධ කරගෙන ප්‍රවේශමෙන් කටයුතු කළොත්  හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වකවානුවකි.
රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය වේ. සියල්ලන්ගේ සහයෝගය හා ආශිර්වාදය ලබා ගනිමින් තෘප්තිමත්ව කටයුතු කළ හැකි වේ. අතිරේක ආදායම් මාර්ග ඇතිවේ. ආදායම් ඉහළ යයි. හදිසි ධන ලාභ පවතී.
සෙම ආශ්‍රිත රෝගවලට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

කුම්භ ලග්නය

කාර්යශූර ජීවන රටාවක්


ධෛර්යය, උනන්දුව හා සිතේ සහනශීලී ස්වභාවය යන ගුණාංග පවතී. මේ නිසා තෘප්තිමත් සමාජ ඇසුරක් මෙන්ම කාර්යශූර ජීවන රටාවක්ද ගොඩනැගේ. ඔබට අතහිත දෙන හා ආසිරි පතන මිතුරු කැලකගේ  ඇසුරද ඇතිවේ.
පවු‍ලේ සාමාජිකයන් අතර ඔබේ මතයම ඉස්මතු කරමින් අන්‍යයන්ගේ අදහස් යටපත් කර කටයුතු කිරීමට උත්සාහ ගැනීම නිසා අනවශ්‍ය අවුල් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
උදාසීන ගති උනන්දුව අඩුවීම හා බාධක ආශ්‍රයන් වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවල දුර්වලතාවයන් ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන්, උදේ‍යා්ගයෙන් කටයුතු කරන්න.
ආයතනයේ සියලු දෙනාගේ සහයෝගය හා ආශිර්වාදය ඇතිව රැකියා කටයුතු කරගෙන යාමේ වාසනාව ලැබේ. ආදායම් වල ඉහළ යාමක් සිදුවෙයි. අතිරේක ආදායම් මාර්ග ඇතිවෙයි. හදිසි ධන ලාභ වලට වාසනාව තිබේ.
සෙම් රෝග, උදරාබාධ ආදියට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් වන්න.

මීන ලග්නය

නොසන්සුන් මානසික ස්වභාවයක්


පසුතැවිල්ල, කලකිරීම හා නොසන්සුන්තාවය වැනි මානසික ස්වභාවයන් වරින් වර ඉස්මතු වේ. එහෙත් ඔබ තුළ පවතින දැඩි ආගමික විශ්වාසය හා ඒ සඳහා කරන වැඩි කැප කිරීම් නිසා එමගින් ලැබෙන ශක්තියෙන් සහනය සලසා ගැනීමේ හැකියාව ඇතිවේ.නිවසේ එකිනෙකා අතර  විවිධ මත ගැටුම් ඇතිවීමේ ඉඩකඩ  පවතින නිසා බුද්ධිමත්ව විමසිලිමත්ව කටයුතු කළ යුතුවේ. සියල්ලන්ගේ අදහස්වලට සවන් දෙමින්  බුද්ධිමත්ව තීන්දු තීරණ ගැනීම අවශ්‍යය.
ඉගෙනීමේ කටයුතුවලින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්ථාව සැලසී තිබේ. දෙමාපිය, ගුරුවර, වැඩිහිටි ආදීන්ගේ නොමද සහය ඒ සඳහා ඔබට ලැබේ.
රැකියා කටයුතු වඩාත් සාර්ථකව  හා තෘප්තිමත්ව කරගෙන යාමේ අවස්ථාව සැලසේ. හිතවතුන්ගේ හා ප්‍රධානීන්ගේ නොමද සහය ඒ සඳහා ඔබට ලැබේ. ආදායම් සුපුරුදු ආකාරයට පවතින නිෂ්ඵල වියදම් ඉහළ යාමේ ඉඩක් පවතින නිසා සැලකිලිමත් වන්න.
නහර ස්නායු ආශ්‍රිත රෝග හා උෂ්ණය නිසා වැළඳෙන රෝග ආදියට ඉඩ තිබේ.

‍ජ්‍යොතිර්වේදී ශාස්ත්‍රාචාර්ය
අමරසේන වේගිරිය


(lakbima.lk)

Women Should Save Their Virginity For Marriage

By: Prosperity Tech On: 7:48 PM

පිරිමියාගෙන් පරිස්සම් කරගෙන පිරිමියාටම පුදන පතිවත

 

Abortion for a 11 years old girl

By: Prosperity Tech On: 7:39 PM

මස්සිනා නිසා එකොළොස් වියැති දැරියට ගබ්සාවක් කරන්න වෙයි 

වැඩිමහල් සොයුරියගේ සැමියා අතින් දූෂණයට ලක්‌ව ගැබිනියක වී සිටින නොවැඩුණු 11 හැවිරිදි දැරියකගේ ජීවිත අවදානම් තත්ත්වය සලකා ඇය ගබ්සාවට ලක්‌කිරීම සඳහා නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. එම්. මහසෙන් මහතා හැටන් මහෙස්‌ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා ඇත.
 
මෙරට නීතිය අනුව ගබ්සාව තහනම් අතර මෙවැනි විශේෂිත හේතුවක්‌ අනුව එවැනි අවස්‌ථාවන්හි අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටිය අනුව මෙම දැරියගේ ගබ්සා කිරීම සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ හා මානසික වෛද්‍යවරුන් දෙදෙනකුගේ අනුමැතිය හා අධිකරණ අවසරය මෙලෙස ඉල්ලා ඇත.
 
මෙම දැරිය වැඩිමහල් සොයුරියගේ සැමියා අතින් මෙසේ ගැබ්ගෙන ඇතැයි පොලිසිය සිදුකළ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.
 
ඊට පෙරද දැරිය ප්‍රදේශයේ තරුණයකු අතින් අතවරයට ලක්‌ව ඇතැයි අනාවරණය වී ඇත.
 
කෙසේ නමුත් තුන්මස්‌ ගැබිනියක්‌ වූ ඇය දික්‌ඔය රෝහලෙන් නාවලපිටිය රෝහලට එවා ඇති අතර එහිදී ඇය දරුවකු ප්‍රසූත කිරීමට තරම් ශරීරය නොවැඩුණු කෙනෙකු බවත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවත් නිගමනය වීම නිසා මෙසේ ගබ්සාවට තීරණය වී ඇත.
 
ඒ අනුව දැරිය නාවලපිටිය රෝහලෙන් මහනුවර මහ රෝහල වෙත යවා තිබේ.
 
ගම්පොල - සුරංග දිල්හාන් (උපුටා ගැනීම දිවයින)
(nethfm.com)

Vimukthi Kumaratunga ready to Enter Politics

By: Prosperity Tech On: 4:41 AM

විමුක්ති කුමාරතුංග දේශපාලනය ඇරඹීමට සියල්ල සූදානම්


විමුක්ති කුමාරතුංග අත්තනගල්ලෙන් මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව වාර්තා වෙයි.
මාදම්පාගම අස්සජි හිමි සහ විජය කුමාරතුංග ගේ සොහොයුරිය වන රූපා කුමාරතුංග මහත්මිය මෙම වැඩපිළිවෙලට නායකත්වය ලබාදී ඇති බවත් සඳහන්. මෙම පිරිස පසුගිය සති කිහිපය පුරාම ඒ සඳහා අවශ්‍ය විවිධ ක්‍රියාමාර්ග ගත් අතර සාකච්ඡා කළ බොහෝ දෙනකුගෙන් ඊට යහපත් ප්‍රතිචාර ලැබී තිබුණු බව සඳහන්. බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිස් වූ ගම්පහ දිස්ත්‍රික්කයට අලුත් ජනප්‍රිය තරුණ චරිතයක් ගෙන ඒම බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්ව ඇත.
විමුක්තිගේ මව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගෙන්ද ඒ සඳහා අවශ්‍ය අවසරය ඉල්ලා ඇති බව වාර්තා වේ. විමුක්ති කුමාරතුංග ගේ පියා වන විජය කුමාරතුංග මහතාද මෙරට දේශපාලනයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළේය.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ මෙන්ම බණ්ඩාරනායක සහ කුමාරතුංග පරම්පරාවේ ඔටුනු පලන් පුත් කුමරා වන විමුක්ති කුමාරතුංගද එම දේශපාලනික ප්‍රවේශය සඳහා සූදානමින් සිටින බවත් සඳහන්.
කෙසේවෙතත් මේ වන විට විමුක්ති කුමාරතුංග ගේ දේශපාලනික ප්‍රවේශය වෙනුවෙන් සමාජ ජාල ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් ෆේස්බුක් පිටුවක්ද නිර්මාණය වී තිබෙන අතර නමුත් එය තවමන් ඔහුගේ නිළ සමාජ ජාල ෆේස්බුක් පිටුවද යන්න තහවුරු කළ නොහැකිය.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ අත්තනගල්ල ආසනය බණ්ඩාරනායකලාගේ සාම්ප්‍රදායික ඡන්ද බල කණුවක් හේතුවෙන් විමුක්ති කුමාරතුංග සඳහා එය වඩාත් යෝග්‍ය අවස්ථාවක් ලෙසත් සැලකේ.
විමුක්ති කුමාරතුංග එක්සත් රාජධානිය තුළ සිය උසස් අධ්‍යාපනය හැදෑරූ අතර මෙරට තුළ සත්ත්ව හිංසනය පිටු දැකීම වෙනුවෙන් ක්‍රීයාකාරීවීමක් ඉකුත් කාලයේදී දක්නට ලැබුණි.

 

CCTV shows Bangalore child walking with man who would kill her

By: Prosperity Tech On: 4:24 AM

ඉන්දීය දැරියක කෙළෙසා මරාදැමීමේ සිද්ධියට අදාළ සැකකරු දැක්වෙන CCTV දර්ශන

ඉන්දියාවේ බෙන්ගලූරු දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශයක් වන හොස්කටේහිදී දැරියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු සොයා පොලීසීය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, 8 හැවිරිදි දැරියක එලෙස ඝාතනය කර ඇති බව ය.
රථ ගාලක තිබී දැරියගේ සිරුර සොයා ගෙන ඇත්තේ සෙල්ලම් කරමින් සිටි තවත් දරුවන් පිරිසකි.
ප්‍රදේශය භාර පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ දැරිය දූෂණය කර ඉන්පසු ඇයගේ ගෙල සිර කර මරා දමා ඇති බව ය.
මේ අතර එම සිද්ධියට අදාළ CCTV දර්ශන පෙළක් ඉන්දීය පොලීසිය විසින් මාධ්‍යට ලබා දී තිබේ.
දර්ශනවලට අනුව එම ස්ථානට පැමිණෙන යම්කිසි පුද්ගලයෙකු දැරියක් අසල පිහිටි මඩුවක් වැනි ස්ථානයක් තුළට රැගෙන යනු දැක ගත හැකි ය.
පසුව අදාළ පුද්ගයා එම ස්ථානයෙන් පිටතට පැමිණිය ද දැරිය යළි පැමිණෙන ආකාරයක් දැක ගත නොහැකි ය.
කෙසේ වෙතත් සැකකරු ප්‍රදේශයේ  පදිංචිකරුවෙකු නොවන බව පොලීසිය තහවුරු කර ගෙන ඇත.
දැරියගේ දෙමව්පියන් උතුරු කර්නාටක ප්‍රදේශයේ සිට එම ප්‍රදේශයට පැමිණ ඇත්තේ, රැකියාව සඳහා ය.
කෙසේ වෙතත් එම අපරාධයෙන් පසු ප්‍රදේශයේ මව්පියන් සිය දරුවන් සම්බන්ධයෙන් දැඩි තැතිගැන්මකට ලක්ව සිටින බව ද වාර්තා වේ.
(newsfirst.lk)

Friday, February 6, 2015

Shreya Ghoshal marries beau Shiladitya Mukhopadhyaya in a low key affair

By: Prosperity Tech On: 8:56 PM

ශ්‍රියා ගෝෂාල් යුගදිවියට - Photos

shreya ghoshal
ඉන්දීය රසික රසිකාවියන් අතර පමණක් නොව ශ්‍රී ලංකාව තුලත් ඉමහත් ප්‍රසිද්ධියට පත් ඉන්දීය ගීත කෝකිලාවියක් වූ ශ්‍රියා ගෝෂාල්ගේ විවාහය ඊයේ (05) දිනයේ සිදුවී තිබෙනවා.

ඇයගේ අතගත් වාසනාවන්තයා වූයේ  Shiladitya නම් වූ ආයතනයට ප්‍රධාන විධායක නිලධාරියෙකුයි. කෙසේ නමුත් ඇයගේ විවාහයට සහභාගී වී ඇත්තේ පවුලේ ඥාතීන් හා ළඟම මිතුරන් පමණයි.

ඇය විවාහය පිළිබඳව නිල ෆේස්බුක් ගිණුම ඔස්සේද ඡායාරූපයක් පලකරමින් කියා සිටියා. විවාහ වන විට ඇයගේ වයස අවුරුදු 30ක්. බෙන්ගාලී සංස්කෘතියට අනුව මෙම විවාහ උත්සවය පවත්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .

විවාහයේ ඡායාරූප කිහිපයක් හා ඇය පෙම්වතා සමඟ සිටින ඡායාරූප පහතින්....


Ada Derana Alindaya With Nadeeshani Nilukshika

By: Prosperity Tech On: 12:57 AM


ආදර යෝජනා බාර ගන්න බෑ......


ආදර යෝජනා බාර ගන්න බෑ...... * මේ දවස්වල කොහොමද වැඩ කටයුතු?
මේ දවස්වල වැඩ කිහිපයක් කරගෙන යනවා. ටෙලි නාට්‍යය තමයි ගොඩාක් තියෙන්නේ. තව චිත්‍රපටියක් එන්න තියෙනවා ඉස්සරහට. “ කොම්බි“ ටෙලි නාට්‍ය යේ රූපගත කිරීම් එක්ක මේ දවස්වල ටිකක් කාර්යය බහුලයි.

* කොහොමද කොම්බිගෙන් ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම මම හිතුවේ නෑ කොම්බිට මේ තරම්  ප්‍රතිචාර ලැබෙයි  කියලා. ප්‍රතිචාර ගොඩාක් හොඳින් තියෙනවා.

* ඔබ හිතනවාද ඔබ ඒ චරිතයට සාධාරණයක් ඉටු කළා කියලා?

මම හිතනවා ඒ චරිතයට ගොඩාක් හොඳ සාධාරණයක් කළා කියලා.  පොඩි ළමයා පවා දැක්කම අන්න කොම්බි අක්කා යනවා කියලා කියනවා. ඒ වගේ ඇත්තටම ප්‍රේක්ෂකයින්ගෙන් හොඳ ප්‍රතිචාර සහ ආදරය ලැබුණා.  මගේ දෙවැනි රංගනයෙත් අනිවාර්යයෙන් පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ දේවල්  අනිවාර්යයෙන් හැමෝගෙම ජීවිතවල තියෙනවා. ඉතින් ඒවා හදාගෙන ඉස්සරහට යන එක තමයි හොඳ.

* සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යයක් ඉවර වුණාමද අනෙක් ටෙලි නාට්‍යය බාරගන්නේ? එහෙම නැත්නම් දිගටම වැඩ බාර ගන්නවාද?

නෑ. මම කොහොමත් බාගෙට වැඩ කරගෙන යන්නේ නෑ. ඇත්තටම ටෙලි නාට්‍යයක් ඉවර වෙනකන් අපිට ඉන්න බෑ. මොකද බාරගත්ත වැඩ තියෙන නිසා.ඒවත් බාරගෙන වැඩ ටික පිළිවෙළට කරගෙන යනවා.

* මේ වෙලාවේ “වරිග පොජ්ජ“ ගැනත් මතක් කරන්නම වෙනවා?

වරිග පොජ්ජ ගැන කතා කරනවානම් ඇත්තටම නවක නිළියකට නොලැබෙන්න තියෙන  දේවල් මට ලැබුණා. ඒ කියන්නේ මගේ පළවෙනි චිත්‍රපටියෙන්ම මම ප්‍රධාන චරිතකට රඟපෑවා. එහෙම දේවල් ගොඩාක් කට්ටියට ලැබෙන්නේ නෑ. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට මුළින්ම මම ස්තූතිවන්ත වෙනවා. ඒ තුෂාර තෙන්නකෝන් අයියා සහ කැමරා පැත්තෙන් ගත්තොත් ඒ අයට.

* රංගන ක්ෂේත්‍රය තුළ මේ යන ගමනේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

අවසානයේ බලාපොරොත්තු වෙන්නේ  කොහොම හරි රතු පළසක් මතින් ගිහින් සම්මානයක් ගන්න තමයි. නමුත් එතනින් නතර වෙන්න නෑ . මම ආසයි මගේම කියලා නිර්මාණයක් ගොඩනගා ගන්න. ඉස්සරහට බලමු ඒක කොයිවිදියටද වෙන්නේ කියලා.

* නදීෂානි ජීවිතය තුළ  අනුකරණය කරන්නේ කවුද?

කවුරුහරි එහෙම කිව්වාද? නෑ මම එහෙම කවුරුවත් අනුකරණය කරන්නේ නෑ. අනුකරණය කරනවානම් අනිවාර්යයෙන් හරි දේ අනුකරණය කරන්න ඕන. හැබැයි මේ වෙනකන් මං කාවවත් අනුකරණය කරලා නෑ.

* කොහොමද ඔබගේ ඉදිරි ගමන?

මං මුලින්ම ක්ෂේත්‍රයට ආවේ නිරූපණ ක්ෂේත්‍රයෙන්. ඊට පස්සේ  නිවේදිකාවක් විදියට පෞද්ගලික ආයතනයක නිවේදනය කළා. ඊට පස්සේ වෙළ ඳ දැන්වීම් ගණනාවකම පෙනී සිටියා.ඉදිරියට බාරගත්ත වැඩත් තියෙනවා. ඉතින් ඒ විදියට තමයි ඉදිරි ගමන යන්නේ.

* කලාව ජාත්‍යන්තරයට අරගෙන යන්න යම්කිසි උත්සහයක් ගන්නේ නැද්ද?

ඇත්තටම මම තාම මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. මං තවමත් ක්ෂේත්‍රයට පුංචි පුරුකක් කියලා තමයි හිතන්නේ . ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් අපිට අනිවාර්යයෙන්ම ලොකු අත්වැලක් තියෙනවා.  මගේ “කොම්බි“ නාට්‍ය යේ ටෙලි නාට්‍යයටත් එහෙමයි. මං හිතනවා මට ජාත්‍යන්තරයට යන්න ලැබුණොත් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා. එහෙම ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන් තව කෙනෙකුගේ අත්වැලක් අවශ්‍යයි. ඒකට අනිවාර්යයෙන් හොඳ අධ්‍යක්ෂකවරයෙක් ඉන්න ඕන.එහෙම නැත්තනම් ජාත්‍යන්තරයට විතරක් නොවෙයි ලංකාවෙවත් හරියට දෙයක් කර ගන්න බැරිවෙනවා. ඉතින් හොඳ නිර්මාණයක් කරන්න හොඳ අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම හොඳ තිරපිටපතක් අපිට තියෙන්න ඕන.

* කොහොමද   ඉස්සර වගේම ආදර යෝජනා එනවද?

වරිග පොජ්ජ චිත්‍රපටිය කාලය වගේම ඒ දේවල් මේ කාලයෙත් අනිවාර්යයෙන්ම එයි. දැනටක් ලැබෙනවා ඒ ප්‍රතිචාර. ඉතින් ඒ දේවල් මං හිතනවා ගෙදර අම්මයි තාත්තයි බලාගනියි කියලා.

* ගිය පාරනම් කිව්වා සුදු අයටනම් කැමති නෑ කියලා. දැන් නම් අපිට ආරංචි වෙනවා සුදු කට්ටියගෙන් ගොඩක් ආදර යෝජනා ලැබෙනවා කියලා?

මෙහෙමයි  ඇත්තටම ජනප්‍රිය වෙනකොට කටකතා හැදෙනවා.ඒක සාමාන්‍ය දෙයක්. මං හිතනවා ජනප්‍රියත්වයේ එක පුරුකක් තමයි කටකතා හැදෙන එක. හැබැයි ඒ කටකතා සමහරක්දේවල් ඇත්ත වෙන්නත් පුළුවන් ඇතැම්විට බොරු වෙන්නත් පුළුවන්. මේ වෙනකොට මට කවුරුවත්නම් කෙලින් කිසි දෙයක් කියලා නෑ. සමහරක් විට කෙලින් කිව්වේ නැති වුණාට පිටිපස්සේ ඉඳලා කියන දේවලුත් ඇති.


* එතකොට ඔබට ආදරය කරපු කෙනෙක් ඉඳලා නැද්ද?

ආදරය කරපු කෙනෙක් ඉඳලා තියෙනවා . මං පාසල් ගිය කාලේ.  පාසල් කාලේනම් හරිම සුන්දරයි. මට ආයෙමත් පාසල් යන්න තිබුණානම් අනාවර්යයෙන් මං බෑග් එකකුත් දාගෙන පාසල් යනවා.

* දැනට ආදර යෝජනා කොච්චර විතර ඇවිත් තියෙනවාද?

ආදර යෝජනා නම් ගොඩක් හම්බවෙනවා. නමුත් ඒ හැම ආදර යෝජනාවක්ම බාර ගන්න බෑ .මොකද ආදරය කියන්නේ ගොඩාක් හොඳ දෙයක් සහ  ආදරය මනුස්සයාගෙන් ගත්තත් සතෙකුගෙන් ගත්තත් ඒක ගොඩාක් වටිනා දෙයක්. ඉතින් මේ වෙනකොට එනවා ආදර යෝජනා ඒ හැම දෙයක්ම අම්මා තමයි බලන්නේ.

* හරි එහෙනම් ඔයා කැමති මොනවගේ කෙනෙකුටද?

ඇත්තටම අපිට ආදරය කරන්න කලුද සුදුද කියලා භේදයක් නෑ. අපි නිතරම බලන්න ඕන මගේ ආදරයට වඩා ඒ කෙනාගේ ආදරය ගැන තමයි. මොකද මගේ අම්මයි තාත්තයි මේ වෙනකොට ගොඩාක් ආදරයෙන් ඉන්නවා.  ඉතින් ඒ ආදරයත් එක්කම මං නිතරම බලන්නේ මගේ තාත්තා වගේ කෙනෙක්  මට හම්බවෙනවානම් ගොඩාක් හොඳයි කියලා හිතෙනවා. මොකද ඒ ආදරය ගැන මට කියන්න වචන නෑ. එයාලා ඒ තරම් ගොඩාක් ආදරයෙන් ඉන්නවා. ඉතින් ඇත්තටම මං හිතනවා ආදරය කරනකොට දෙන්නට දෙන්න තේරුම් ගැන්න ඕන. අනිත් එක තමයි රූපයත් ගොඩාක් වැදගත් වෙනවා . මොකද මුලින්ම  සිතුවිලි වගේ දේවල් තේරුම් ගන්නේ පස්සේ. ඊට කලින්  මුලින්ම දැක්මෙන් තමයි අපිට ඒ කෙනා කෙරෙහි ආදරයක් ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි අපි තීරණය කරන්නේ මේ කෙනා මට ගැලපෙනවාද නැද්ද කියලා.

* කලින් නම් කිව්වේ සුදු අයටනම් කැමති නෑ කියලානේ?

ඇත්තටම කසුන් සුදුද කලුද කියලා නෙවෙයි වැදගත් වෙන්නේ. තමන්ට ඒ කෙනත් එක්ක ඉන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් මං හිතනවා මං ගොඩාක් වාසනාවන්තයි. මං හිතනවා ඒ කෙනා ලැබෙයි කියලා.

(adaderana.lk)