Saturday, December 20, 2014
A letter from Anarkali
By:
Prosperity Tech
On: 4:05 AM
අනර්කලී වෙතින් ඉතා ආදරයෙන්
පසුගිය දිනක විවාහ දිවියට ඇතුළත් වූ අනර්කලී ආකර්ෂා සරසවිය පාඨකයන්ට ඇයගේම අත් අකුරින් ආදරණීය සටහනක් තිබුණා.අපි එය එලෙසින්ම පළ කරන්න හිතුවා.
කියවලා බලන්නකො ලියපු ලියුම.
Tuesday, December 16, 2014
I don't have any affair with politicians
By:
Prosperity Tech
On: 10:33 AM
දේශපාලනඥයන් සමඟ අනවශ්‍ය සුහදතා මගේ ළඟ නෑ - දිල්කා සමන්මලී
ඔව්, ඒක ඇත්ත. මීට කලින් දේශපාලනික සංවාද ඇතුළත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට කාන්තාවන් ඉදිරිපත් වුණේ නෑ. යම් යම් අවස්ථාවලදී කෙටිකාලීනව ඇතැම් මාධ්‍යවේදිනියන් දේශපාලනික වැඩසටහන්වලට සම්බන්ධ වුණත් 360 වැනි වැඩසටහන් දීර්ඝ කාලයක් ඉදිරිපත් කරන එකම මාධ්‍යවේදිනිය මම කියලයි මට හිතෙන්නේ.
• කොහොම ද ඔබ මුලින්ම 360 වැඩසටහනට සම්බන්ධ වුණේ?
මම ටී. වී. දෙරණ නාළිකාවට එක්වුණේ ප්‍රවෘත්ති නිවේදන කටයුතුවලට. පූර්ණකාලීනව ප්‍රවෘත්ති අංශයේ වැඩ කරන විට තමයි ටී. වී. දෙරණ ආයතනයේ ප්‍රධානීන් මට කිව්වේ ‘360’ වැඩසටහන මෙහෙයවන ලෙස. දේශපාලනය කියන විෂය මගේ ජීවිතයට කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ.
උසස් පෙළට මම කළේ ජීව විද්‍යා විෂයන්. ඊට පසුව මම මනෝ විද්‍යාව හැදෑරුවා. මාධ්‍ය ක්ෂේත්‍රයට තිබුණු කැමැත්ත නිසා ටික කලක් මම නිදහස් මාධ්‍යවේදිනියක ලෙස ‘සිළුමිණ’ පුවත්පතේ වැඩ කළා. ඉන් පසුව ටී. වී. ලංකා ආයතනයටත් පසුව දෙරණ ආයතනයටත් සම්බන්ධ වුණා. මේ කොහෙදිවත් දේශපාලනය මම කැමැති විෂයක් වුණේ නෑ.
ඒ නිසයි දෙරණ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානීන් 360’ වැඩසටහන ඉදිරිපත් කරන්න කියල මට කළ යෝජනාව මම ප්‍රතික්ෂේප කළේ. නමුත් මේ වැඩසටහනට මීට කලින් සම්බන්ධ වෙලා සිටි කෙනෙකු වෙතින් මට එල්ල වුණු අභියෝගයක් නිසා තමයි මම 360 මෙහෙයවන්න ඉදිරිපත් වුණේ. දැන් අවුරුදු 7 ක් තිස්සේ මම මේ වැඩසටහන කරගෙන යනවා. මගේ ප්‍රධානීන් මෙම වැඩසටහනින් බලාපොරොත්තු වූ දේ ලබා දෙන්න මට හැකිවෙලා තියෙනවා කියල මම විශ්වාස කරනවා.
• 360 වැඩසටහනේදී ඔබ ආරාධිත දේශපාලනඥයින්ගෙන් කරන ඇතැම් ප්‍රශ්න කිරීම් සැර වැඩියි කියලා හිතන්නේ නැත්ද?
නැහැ මම එහෙම හිතන්නේ නෑ. මම නියෝජනය කරන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. ඒ මිනිසුන්ට තිබෙන ප්‍රශ්න තමයි මම වැඩියෙන්ම දේශපාලනඥයින්ට ඉදිරිපත් කරන්නේ. මහජනතාව දේශපාලනඥයින්ගේ කටයුතු පිළිබඳ අපෙන් ප්‍රශ්න කරන ආකාරයටම මමත් ඇතැම් ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. සැර වැඩියි කියල හැඟෙන්නේ එවැනි ප්‍රශ්න වෙන්න ඇති. ඇතැම් දේශපාලනඥයින් එහෙම ප්‍රශ්න කරනවට කැමැතියි.
එවැනි අය මට කියල තියෙනවා දිල්කා ඔයා ඔය විදියට ප්‍රශ්න අහන එකට අපි කැමැතියි, ඒක අපට උත්තර දෙන්නත් පහසුවක් කියලා. 360 වැඩසටහනේ ස්වරූපය තමයි ඒක.
• 360 වැඩසටහනින් ඔබට හමුවුණු පළමු දේශපාලනඥයා කවුද?
වාසුදේව නානායක්කාර මහතා. මගේ පළමු 360 වැඩසටහනට සහභාගි වන ආරාධිතයා එතුමා කියලා දැනගත් විට මට තරමක චකිතයක්, තැති ගැන්මක් ඇතිවුණා. ඒ මොකද වාසුදේව නානායක්කාර මහතා කියන්නේ ලංකාවේ දේශපාලනය තුළ දැවැන්ත චරිතයක්. ඒ වගේම ඔහුගේ දේශපාලනික දැනුම ඉතාම ඉහළයි. වයස අතිනුත් වාසුදේව මහතා මගේ වයස මෙන් දෙගුණයකටත් වඩා වැඩිමහල්. ඉතින් එවැනි පුද්ගලයකුගෙන් සෘජුව ප්‍රශ්න කරන්නේ කෙසේ ද කියන ගැටලුව මට තිබුණා.
නමුත් මම පාසල් යන කාලෙ පටන් හැප්පිලා වැඩ කරන්න පුළුවන් චරිතයක්. ඒ නිසා මම පුංචි චකිතයකින් වුණත් අධිෂ්ඨානශීලීව මගේ පළමු වැඩසටහන ඉදිරිපත් කළා. එය සාර්ථක වුණා. ඉන් පසුව මට ලංකාවේ සිටි ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් සියලුම දෙනා සමඟ 360 ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා.
මුල් යුගයේ ඉඳලම මම මේ වැඩසටහනට එන ආරාධිතයා පිළිබඳ හොඳ හැදෑරීමක් කරල තමයි වැඩසටහනට ගියේ. ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය පුස්තකාලය මෙම වැඩසටහන ඉදිරිපත් කළ මුල් කාලයේ මට එය සාර්ථකව ඉදිරිපත් කරන්න කරුණු සොයා ගන්න බෙහෙවින් උපකාර වුණා. ඒ වගේම එදා ඉඳල ෂෙහාන් බරණගේ සහ දිනූෂ ජයකොඩි යන මහත්වරු ඇතුළු දෙරණ කණ්ඩායමෙන් මට ලැබෙන්නේ උපරීම සහයෝගයක්.
• 360 වැඩසටහනට ආරාධනා කළ විට එය ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයින් සිටිනවා ද?
360 ට ගෙන්වන ආරාධිතයා පිළිබඳ තීරණය කරන්නේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානීන්. එසේ කළ ආරාධනා ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයින් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද සිටිනවා. ඔවුන්ගෙන් ඇතැමෙක් කියල තියෙනවා “දැන්ම ආරාධනය බාරගන්න බැහැ, පස්සේ බලමු” කියලා.
• මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමේදී ඔබ විශේෂ ක්‍රම අනුගමනය කරනවා ද?
ඔව්. මෙහිදී වැඩසටහන ආරම්භයට පෙර හෝ වෙළෙඳ දැන්වීම් සඳහා වැඩ සටහන නවත්වන කෙටි කාලය තුළදී හෝ මම ආරාධිතයා සමඟ ආගිය තොරතුරු කතා කරන්නේ නෑ. ඒක මගේ හැටි. ඒක පහසුයි මට වැඩසටහන කරගෙන යන්න. ඒ මොකද ආරාධිතයා සමඟ එම අවස්ථාවේදී අනවශ්‍ය සුහදතාවක් වර්ධනය වුණොත් මට සෘජුව ප්‍රශ්න කරන්න හැකි වෙන්නේ නෑ. ඒ නිසයි මම එහෙම කරන්නේ.
මේ ළඟදී 360 ට ආව ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් මගේ ආයතනයේ ප්‍රධානියකුට කියල තිබුණා “දිල්කා හරිම දුෂ්ට චරිතයක්, දැන්වීම් විවේකයකදීවත් සුහදව වචනයක්වත් කතා කරන්නේ නැතැයි” කියලා.
ඒකට පිළිතුරු විදියට මගේ ප්‍රධානියා කියල තිබුණා “දිල්කා දුෂ්ට කෙනෙක් නෙමෙයි, ඒ; එයා වැඩසටහන ඉදිරිපත් කරන හැටි. 360 වැඩසටහනින් පිට ඔබව හමු වුණාම දිල්කා ඔබ සමඟ කතාකරයි. ” කියලා. ඒක තමයි ඇත්ත කතාව.
• 360 වැඩසටහනේදී තරහ ගිය දේශපාලනඥයින් සිටිනවා ද?
ඔව් එවැනි දේශපාලනඥයින් සිටිනවා. 360 මම කරන්න පටන්ගන්න මුල්ම දවස්වල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරයා සමඟ කළ වැඩසටහන මට අමතක වෙන්නේ නෑ.
ඔහු වැඩසටහනට ගෙන්වනවා කියල දැනගත්තාම අපේ ආයතනයේම ඇතැමුන් මට කිව්වා ඔහු සමඟ වැඩසටහන කරන්න ලේසි වෙන එකක් නැහැ කියලා. එක්කෝ දිල්කා, එක්කෝ ජෙයරාජ් කියලත් ඇතැමුන් කිව්වා. මමත් දැනගෙන හිටියා ඔහු කට සැර පුද්ගලයෙක් කියලා. කොහොමහරි එදා වැඩසටහන ආරම්භ කළ පළමු ප්‍රශ්නයේ ඉඳලම ජෙයරාජ් ඇමැතිවරයා හිටියේ කෝපයෙන්.
මෙම වැඩසටහනේදී දේශපාලනඥයින් අමාරුවේ දමන ප්‍රශ්න අහනවා කියන හැඟීමකින් ඔහු එදා පැමිණ සිටි බවයි මට පෙනී ගියේ. කොහොමහරි මගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ තරහින්, වේගවත්ව. මම ඔහුගෙන් කෙළින්ම ඇහුවා “ඔබතුමාට කේන්ති ගිහිං නේද?” කියලා. එතකොට කිව්වා නැහැ එහෙම එකක් නැහැ කියලා. ඊට පසුව මම කිව්වා, එහෙමනම් ඔය ඔබට කේන්ති ගිහිං නෙමෙයි ඔය ඔබගේ හැටි නේද කියලා. “ඔව් ඒ මගේ හැටි” කියලා පෙරළා පිළිතුරු දුන්නා. ඉන් පසුව ජෙයරාජ් ඇමැතිවරයා ඉතාම සුහදව වැඩසටහනට සහභාගි වුණා.
• මෙම වැඩසටහනේදී ඔබට තර්ජනය කළ දේශපාලනඥයින් සිටිනවා ද?
ඔව් එහෙම අවස්ථාත් තියෙනවා. ඇතැමුන්ගෙන් මම කළ ප්‍රශ්න කිරීම්වලදී වැඩසටහන අතරතුර පිළිතුරු දෙන්න බැරිව, මට බනින්න බැරිව, වැඩසටහන අතරතුර තිබෙන සුළු විවේක කාලවලදී දරුණු වාග් ප්‍රහාර එල්ල කළ අවස්ථා තිබෙනවා. ඒ වගේම පූර්ණ කාලීනව දේශපාලන ක්ෂේත්‍රයේ නොසිටින වෙනත් වෙනත් දේවල් කරල දේශපාලනයට පැමිණි පුද්ගලයින් තර්ජනය කළ අවස්ථාත් තිබුණා. නමුත් පූර්ණ කාලීන දේශපාලන ක්ෂේත්‍රයේ සිටින පරිණත දේශපාලනඥයින් ගෙන් කිසිම විටෙක තර්ජන එල්ල වී නෑ.
ගාමිණී සුසන්ත
ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්න
(silumina.lk)
Teenage girl collapses and dies after first kiss
By:
Prosperity Tech
On: 3:29 AM
ප්‍රථම හාදුව දෙන්නට ගොස් යුවලක් මරුදකී
සිය ප්‍රථම හමුවිමෙන්ම පෙම්වතුන් වු තරූණ යුවළකට සිය ප්‍රථම හාදුවේ රසය විඳිමින් සිටියදි අනපේක්ෂිත ලෙස මිය යෑමට සිදුවු පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ.
එංගලන්තයේ ලන්ඩන් නුවර හෝටලයකදී මෙම තරුණ පෙම්වතුන් යුවළට තම ජීවිතයට සමුදීමට සිදුව ඇත්තේ එම හෝටලයේ හයවෙනි මහලේ සඳලු තලය මත සිට එකිනෙකා සිප ගැනීමට ගොස් පය ලිස්සා අඩි 60 පහළට ඇද වැටීමෙනි.
එම අවස්ථාවේ ඔවුන් දෙදෙනාම අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවද වර්තා වේ. ඔවුන් එම හෝටලයේ පැවති උත්සවයකට සහභාගී වී සිට ඇති බවටද වාර්තා වේ.
මිය ගිය තරූණයා නමින් (18) මිගෙල් රාමොස් නම් වන අතර ඔහු මෙක්සිකෝ දේශපාලකයෙකුගේ පුතෙකි. නමින් (19) ඇනාස්ට්‍රිෂියා ටුටීක් වන මිය ගිය යුවතිය රුසියනු ජාතික ශිෂ්‍යාවක් වන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.
Monday, December 15, 2014
Miss South Africa Rolene Strauss crowned Miss World 2014
By:
Prosperity Tech
On: 9:35 PM
දකුණු අප්‍රිකාවේ ස්ට්‍රෝස් ලෝක රූ රැජිණ කිරුළ දිනා ගනී (PHOTOS)
දකුණු අප්‍රිකානු ජාතික රොලීන් ස්ට්‍රෝස් මෙවර ලෝක රූ රැජිණ තරගයේ කිරුළ දිනා ගත්තා ය.
ඊයේ ලන්ඩන් නුවරදී අවසන් මහා තරගය පැවැත්විය.
22 හැවිරිදි රොලීන් ස්ට්‍රෝස් මේ වන විට වෛද්‍ය සිසුවියක ලෙස අධ්‍යාපනය හදාරන්නී ය.
රූ රැජිණ තරගයේ දෙවන හා තෙවන ස්ථාන ජයග්‍රහණය කළේ, හංගේරියානු රූමතියක වන එඩ්නා කල්ස්කර් හා අමෙරිකානු රූමතියක වන එළිසබත් සෆ්රිට ය.
(newsfirst.lk)
Subscribe to:
Comments (Atom)






