Tuesday, October 7, 2014
Lahiru Perera's Kessata Kos Eta Sinhala Music Video
By:
Prosperity Tech
On: 7:26 PM
වීඩියෝ ප්‍රයෝග මගින් අලි රැලකට පණ දුන් ළහිරුගේ "කැස්සට කොස් ඇට"
නව පරපුරේ ගායක ළහිරු පෙරේරා අලූතින් "කැස්සට කොස් ඇට" නමින් මියුසික් වීඩියෝවක් නිර්මාණය කර තිඛෙනවා. එම වීඩියෝව නවතම වීඑෆ්එක්ස් වීඩියෝ ප්‍රයෝග සහිතව නිර්මාණය වූවකි.
නූතන චිත්‍රපටවලට යොදාගන්නා අධිතාක්ෂණික ක්‍රම භාවිතයෙන් එහි පසුබිම සකස් කර ඇති අතර සජීවීව නටන අලි රැළක්ද එහි සිටිනවා. ළහිරු සමග එක්වූ
නිර්මාණ ශිල්පී අයේෂ් විෙජ්රත්නට මේ නිර්මාණය සම්පූර්ණ කිරීමට වසර 2 ක් පමණ ගත වූ බවද කියැවුණා.
එම වීඩියෝ නිර්මාණය පහතින් - නිර්මාණ පසුබිම් ඡායාරූප එකතුව ඊට පහතින්
නව පරපුරේ ගායක ළහිරු පෙරේරා අලූතින් "කැස්සට කොස් ඇට" නමින් මියුසික් වීඩියෝවක් නිර්මාණය කර තිඛෙනවා. එම වීඩියෝව නවතම වීඑෆ්එක්ස් වීඩියෝ ප්‍රයෝග සහිතව නිර්මාණය වූවකි.
නූතන චිත්‍රපටවලට යොදාගන්නා අධිතාක්ෂණික ක්‍රම භාවිතයෙන් එහි පසුබිම සකස් කර ඇති අතර සජීවීව නටන අලි රැළක්ද එහි සිටිනවා. ළහිරු සමග එක්වූ
නිර්මාණ ශිල්පී අයේෂ් විෙජ්රත්නට මේ නිර්මාණය සම්පූර්ණ කිරීමට වසර 2 ක් පමණ ගත වූ බවද කියැවුණා.
එම වීඩියෝ නිර්මාණය පහතින් - නිර්මාණ පසුබිම් ඡායාරූප එකතුව ඊට පහතින්
Monday, October 6, 2014
Sampath Jayaweera speak about flying fish movie
By:
Prosperity Tech
On: 6:36 PM
ලිංගික දර්ශන සහිත චිත්‍රපටයකට ආයෙත් ආරාධනා ලැබුණොත් දෙපාරක් හිතනවා - සම්පත් ජයවීර
ශ්‍රී ලංකාව තුළ විකාශනයට වාරණය වූ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය තරමටම එහි ප්‍රධාන චරිතයට පණ දුන් සම්පත් ජයවීරත් පසුගිය කාලය පුරාවට ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා. පුංචි තිරයෙන් හා වේදිකාවෙන් විවිධ චරිත ඔස්සේ නිතර දකින සම්පත් රංගන ශිල්පීන් අතර දක්ෂ රංගන ශිල්පියෙක්. මේ ඔහු සමග කළ සංවාද සටහනයි.සම්පත් මේ දිනවල වේදිකාව නිසා කාර්ය බහුල වෙලා නේද?
‘ලෝරන්ස්ගේ මනමාලි’ එක්ක කාර්යබහුල වෙනවා සති අන්තයේ දී. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයක රූපගත කිරීම් කරනවා. රූපගත කළ ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා.
සම්පත් ජයවීරව රිදී තිරයෙන් දැන් ප්‍රතික්‍ෂේප වෙලාද?
‘සුළඟ අප රැගෙන යාවි’ ළමා චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඊට අමතරව චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැහැ. මට ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. කිසිම නිර්මාණයක් මම ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. ඒ සඳහා කොහොම හරි කාලය හදාගන්නවා. රිදී තිරයෙන් මාව ප්‍රතික්‍ෂේප වෙලා නැහැ.
ඔබ කලාව තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණේ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය නිසා කිව්වොත්?
ඊට කලින් ඉඳලා සම්පත් ජයවීර කියන්නේ කවුද, මොනාද කළේ කියන කාරණා හා මගේ දක්ෂතා ප්‍රේක්ෂකයන් දන්නවා. ඉගිලෙන මාළුවෝ නිසා මම ජනප්‍රිය වුණේ නැහැ. නමුත් කතාබහට ලක්වුණා.
ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර ගැන දැන් මොකද හිතන්නේ?
ප්‍රතිචාර විවිධයි. මේ චිත්‍රපටය නිර්මාණයක් විදියට බැලුව අයගේ ප්‍රතිචාර හොඳයි. කිසි දෙයක් නොදන්න අය විවිධ මත පළ කළා. ඒ ප්‍රතිචාර නිසා ඇත්තටම මම කරදර ගොඩකට මුහුණ දුන්නා. දැන් නම් කතා කරන්න අකැමැති නීරස අත්දැකීමක් ඒක.
නැවතත් ලිංගික දර්ශන සහිත චරිතයක් ලැබුණොත් ඔබ එය භාරගන්නවාද?
රංගන විෂය තුළ මම වාරණ දාගෙන නැහැ. ඒත් මම හිතනවා ඒ වගේ චරිතයක් ලැබුණොත් සැලකිලිමත් වෙන්න ඕන චරිත තෝරා බේරාගැනීම ගැන. මීට පස්සේ එවැනි චරිත ලැබුණොත් ඒ ගැන හොඳින් හිතලා බලනවා. හොඳයි කියලා හිතුණොත් විතරක් භාරගන්නවා. නැත්නම් ප්‍රතික්‍ෂේප කරනවා.
ඔබ විවාහකයෙක්. ඔබේ බිරිඳ ඔබට දැක්වූ ප්‍රතිචාර කොයි වගේද?
එයත් හුඟක් අපහසුතාවට ලක් වුණා. නමුත් මම ඔය චරිතය භාරගන්නකොට ඇය මගේ පෙම්වතියවත් බිරිඳවත් නමෛයි. චිත්‍රපටය රූගත කරලා කාලයක් ගියාට පස්සේ තමයි මට මගේ බිරිඳව මුණගැහෙන්නේ. චිත්‍රපටය නිසා එයා අපහසුතාවකට පත් වුණත් මට දොස් කීවේ නැහැ. එය නිර්මාණයක්, නිර්මාණ දායකත්වයක් කියන එක තේරුම් ගත්තා.
එතකොට ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය නිසා ඔබේ පවුල දෙකඩ වුණා කියන කතාව බොරුවක් ද?
ඒක බොරුවක්. මට අද වෙනතුරු අනවශ්‍ය විදියට කටකතාවක් හැදිලා නැහැ. එහෙම කටකතාවක් තිබුණා කියලත් මම ඇහුවමයි. ඔය කටකතාවක් මිසක ඇත්තක් නමෛයි. මගේ පුංචි පවුල තවම සුරක්ෂිතයි.
ඔබේ බිරිඳ මාධ්‍යයට සම්බන්ධයි. ඒ ගැනත් කියමු..
මගේ බිරිඳ රුවිනි හේවගේ. ඇය සිරස ගුවන්විදුලියේ නිවේදිකාවක්. එයාව මට මුණගැහෙන්නේ 2012 අවුරුද්දේ සිරසට ගිය වෙලාවක. එතැන දී හඳුනාගෙන ආදරය කළා. 2013 අවුරුද්දේ අපි විවාහ වුණා. අපිට දැන් පුංචි පුතෙක් ඉන්නවා. අපේ පුතා මේඝන ආදිත්‍ය ජයවීර. වයස මාස නවයයි.
දරු සුරතල් බලන්න සම්පත්ට වෙලාවක් නැතිව ඇති නේද?
අපි දෙන්නම කාර්ය බහුලයි. ඒත් බිරිඳ රුවිනි හවස් වරුව පුතා එක්ක කාලය ගත කරනවා. මමත් පුළුවන් හැම වෙලාවකම දරුවා එක්ක ඉන්නවා. එයා හුරතල් වයසක ඉන්නේ. ඒ හුරතල් බලන්න කොහොම හරි වෙලාව හදා ගන්නවා. වැඩි කාලයක් දරුවා එක්ක ඉන්න ලැබෙන්නේ නැති එක ගැන නම් දුකක් තියෙනවා.
සම්පත් නිර්මාණයක් භාර ගනිද්දී නිර්මාණයේ හා චරිතයේ ගුණාත්මක බව බලනවද?
මීට පෙර බිහි වුණ නිර්මාණවලට සාපේක්ෂව හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයි. නමුත් මම නම් නිර්මාණයක හොඳ නරක බලනවා අඩුයි. ලැබෙන ඕනෑම නිර්මාණයක් භාරගන්නවා. මොකද මම දන්න කර්මාන්තය මේක. මෙයින් පිට පනින්න මට බැහැ. මට මුදල් ඕන නම් තෝරාබේරා ගැනීම් කරන්න බැහැ. නිර්මාණයේ ගුණාත්මක බව තේරුම් අරගෙන මම මගේ චරිත කොලිටියට කරනවා. මම මුල්තැන දෙන්නේ චරිතයට
නිර්මාණයට වඩා මුදලට මුල්තැන දෙන නිසා ගාස්තුව වැඩි ඇති?
නළුවන් අතර ඉහළ මිලක් අය කරන අයගේ නම් ලැයිස්තුවට මගේ නම තියන්න මම හීන දකින්නේ නැහැ. මම සාධාරණ මුදලක් අය කරන්නේ. අපිට වටිනාකමක් නිකම් ලැබෙන්නේ නැහැ. ඒක ඇති කරගන්න ඕන. මම මගේ වටිනාකම රඳවාගන්න උත්සාහ ගන්නවා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප-ප්‍රදීප් දඹරගේ
(rivira
Akalanka Ganegama disappointment with cricket
By:
Prosperity Tech
On: 6:20 PM
ක්‍රිකට් ගැන කලකිරීමෙන් මම ලංකාව හැරයනවා - අකලංක ගනේගම
වරින් වර ජාතික කණ්ඩායමට එකතු වුණ අකලංක දැන් ක්‍රිකට් තරුවක් විදියට නමෛයි ජනප්‍රිය. රංගන ශිල්පියෙක් හැටියටයි. පසුගිය කාලයේම ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නම් ලැයිස්තුවට අකලංකගේ නම තහනම් වූ නිසාම අකලංක ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමු අරගෙන විදෙස්ගත වෙන්න සූදානම් කියලා ආරංචියි. ඒ ගැන අකලංක අපිත් එක්ක කතා කළේ මේ විදියටයි.
අකලංක විදෙස්ගත වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ඔබේ නම ඇතුළත් නොවන නිසාද?
ඇත්තටම මට ලංකාවේ ක්‍රිකට් ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ. ඒ නිසා මම තීරණය කළා ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමුගන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමුගත්තාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ නැහැ නේද?
නැහැ. මම ක්‍රිකට්වලට ආදරෙයි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවෙන් දැන්මම සමුගන්නේ නැහැ. මේ වෙනකොට මට රටවල් කිහිපයකින් ඇරයුම් ලැබුණා ක්‍රීඩා කරන්න. මම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමකට එකතුවෙලා ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ දුරට මම මේ වසර අවසානයේ දී ඒ කණ්ඩායමට එකතු වෙනවා. කොහොමත් මේ වසර අවසානයේ දී මම විදෙස්ගත වෙනවා. ඒ පදිංචියට.
ශ්‍රී ලංකා සංචිතයට ඔබේ නම ළඟදීම ඇතුළත් වුණොත්?
මගේ නම ඇතුළත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ක්‍රිකට්වලින් බැහැරව බාහිර වැඩ කළ නිසා ක්‍රිකට් තේරීම් කමිටුව හිතන්න ඇති මම ක්‍රිකට්වලට උනන්දුවක් නැහැ කියලා. කොහොම වුණත් අවුරුදු දොළහක් තිස්සේ ක්‍රීඩා කළ එන්.සී.සී. ක්‍රීඩා සමාජයෙන් පසුගිය වර්ෂයේ මම ඉවත්වෙලා සී.සී.සී. ක්‍රීඩා සමාජයට එකතු වුණා. දැන් ඒ ක්‍රීඩා සමාජයට පමණයි ක්‍රීඩා කරන්නේ. මේ දිනවල සුපුරුදු විදියට පුහුණුවීම් කරනවා. ඒ වගේම මම 2001 වර්ෂයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වුණත් එක්දින තරග හයකට පමණයි ක්‍රීඩා කළේ. ඊට පස්සේ අවස්ථා කිහිපයකම සංචිතයට නම ඇතුළත් වෙලා විදෙස්ගත වුණත් තරග කරන්න ලැබුණේ නැහැ. ඒ දේවල් එක්ක මට ලොකු කලකිරීමක් ඇති වුණා. ඒ නිසා ගන්න තීරණය වෙනස් කරන්නේ නැහැ.
අකලංක පසුගිය දා විවාහ ගිවිස ගත්තා. විවාහය කියන සංකීර්ණ බැඳීමේ වගකීම දැනෙනවද?
මගේ බිරිඳ ශෂිණි මහබමුණගේ ගනේගම. එයාගේ පදිංචිය ප්‍රංශයේ. තවම ඉගෙන ගන්නවා. ඒ නිසයි විවාහ ගිවිසගෙන එයා ගියේ. මේ අත්දැකීම ඇත්තටම අලුත්. සැහැල්ලුවෙන් තවම ජීවත් වෙනවා. ලොකු වගකීමක් දැනෙන්නේ නැහැ. ඒත් ජීවිතේ ගැන අනාගතය ගැන මට වඩා ශෂිණි වගකීමෙන් හිතනවා. එයා එක්ක ජීවත් වෙන්න පටන්ගත්තාට පස්සේ මමත් ජීවිතේ ගැන මීට වඩා වගකීමෙන් හිතනවා.
විවාහ මංගල උත්සවය ගන්නේ ප්‍රංශයේ ද?
ලබන අවුරුද්දේ අගෝස්තු මාසේ අපේ මංගල උත්සවය පවත්වන්න හිතාගෙන ඉන්නවා. සැලසුම් කරනවා. ඒ ප්‍රංශයේ දී. ඊට පස්සේ ලංකාවේදීත් මංගල උත්සවයක් ගන්න අදහසක් තියෙනවා.
ඇයව හඳුනාගන්න ලැබෙන්නේ කොහොමද කියලත් මතක් කරමු..
එයාව මට මුණගැහෙන්නේ 2012 වර්ෂයේ. එයාගේ නෑදෑ කෙනෙක්ගේ මාර්ගයෙන්. අපි හඳුනාගෙන කතාබහ කළා. යාළුවෝ වගේ හිටියා. මම මගේ ආදරය කිහිප වතාවක් යෝජනා කළා. ඒත් එයා මට කිව්වේ ඉගෙන ගන්න නිසා බැහැ කියලයි. 2013 වර්ෂයේ මම ආයෙමත් යෝජනා කළා. ඒ වෙනකොට අධ්‍යාපන වැඩකටයුතු ටිකක් දුරට ඉවරයි. එයා කැමැති වුණා. ඊට පස්සේ තමයි විවාහ ගිවිසගත්තේ.
අකලංක රංගනයෙන් දායක වුණ නිර්මාණ තියෙනවද?
සින්ඩරෙල්ලා චිත්‍රපටයට පස්සේ රශ්මි කියලා ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. රූගත කරලා ඉවරයි. ඒ නිර්මාණ දෙක විකාශය වෙන්න තියෙනවා. ඊට අමතරව වෙන නිර්මාණ භාරගත්තේ නැහැ.
රංගනයෙනුත් ඉවත් වෙනවද?
යන්න කලින් හොඳ චිත්‍රපටයක් ලැබුණොත් භාරගන්නවා. රංගනයෙනුත් සමුගන්න වෙයි. විදෙස්ගත වුණොත් ආයෙමත් රඟපාන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.
හර්ෂණී වීරරත්න
ඡායාරූප- මීෂා ගුණවර්ධන
(Rivira.lk)
Sunday, October 5, 2014
Boy hangs himself on webcam
By:
Prosperity Tech
On: 3:43 AM
ගෙල වැලලාගන්නා ආකාරය වීඩියෝ කල තරුණයා මරුට
ගෙල වැලලාගන්නා ආකාරය ලැප්ටොප් පරිගණකයේ වීඩියෝ වන අයුරින් එය සකසා ගෙල වැලලාගෙන මියගොස් සිටි බවට සැක කරන පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් ගලේවෙල, තලකිරියාගම, කිරලගොල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක තිබී ඊයේ (05) සොයාගත් බව ගලේවෙල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ උසස්පෙළ විභාගයට ඉගෙන ගන්නා පාසල් සිසුෙවක් වන ක්‍රිෂාන් දිල්හාන් (17) නැමැති අයය. මව හා පියා නිවසේ නැති අවස්ථාවක පරිගණකය පුටුවක් උඩින් තබා ක්‍රියාත්මක කර ඊට ඉදිරිපිටින් සිටිමින් ලනුවක් ගෙලේ ගැටගසා කාමරයේම වහලේ එල්ලී ඇති බව පොලිසිය කියයි. මෙසේ වීඩියෝ කර ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවිට එක් කිරීමටදැයි සැකයක් මතුව ඇත. දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා පැමිණ පරික්ෂා කර බලන විට ලැප්ටොප් පරිගණකයේ රහස් අංකයක් යොදා ඇතුළුවීම වළකා තිබීම නිසා එය ක්‍රියාත්මක කිරීමට දන්නා අයකු ලවා පරික්ෂා කර අධිකරණයට දන්වන ලෙස නියෝග කරන ලදී.
මියගිය සිසුවාගේ පියා වන උපාලි ජයලත් මහතා කියා සිටියේ තම දරුවාට සියදිවි හානි කර ගැනීමට තරම් කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවය. ඔහු නිතර තනිව සිටීමට කැමැත්තක් දක්වන සිසුවෙක් බවද කියයි. ගගලේවෙල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො.පරීක්ෂක සාගර රාජකරුණා මහතා ඇතුළු කණ්ඩායමක් මේ ගැන පරීක්ෂණ මෙහෙයවයි.
මියගිය සිසුවාගේ පියා වන උපාලි ජයලත් මහතා කියා සිටියේ තම දරුවාට සියදිවි හානි කර ගැනීමට තරම් කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවය. ඔහු නිතර තනිව සිටීමට කැමැත්තක් දක්වන සිසුවෙක් බවද කියයි. ගගලේවෙල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො.පරීක්ෂක සාගර රාජකරුණා මහතා ඇතුළු කණ්ඩායමක් මේ ගැන පරීක්ෂණ මෙහෙයවයි.
Saturday, October 4, 2014
Balumgala 2014-10-03 Italy Brother (Audio)
By:
Prosperity Tech
On: 7:27 PM
30 කෑලි හොයන ඉතාලියෙන් පැමිණි අනංගයා
ඉතාලියෙන් එන ප්‍රේමවන්තයා ගැන දැන ගන්න අද බැලුම්ගල අහන්න.
Sajin Vass assaulting Dr.Chris Nonis
By:
Prosperity Tech
On: 7:19 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස්ට පහර දීමේ සිද්ධිය පිළිබඳ අවසන් ප්‍රතිඵලය නිකුත් කොට තිබේ.
පරාජය වී ඇත්තේ ක්‍රිස් නෝනිස්ය.ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් බාරගෙන ඇත.
ඒ අනුව ක්‍රිස් නෝනිස්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ
පරාජය වී ඇත්තේ ක්‍රිස් නෝනිස්ය.ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් බාරගෙන ඇත.
ඒ අනුව ක්‍රිස් නෝනිස්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ
Can ven Sobitha win the presidential election in Sri Lanka
By:
Prosperity Tech
On: 6:45 PM
සෝභිත හිමිට ජනාධිපතිවරණය දිනන්නට පුළුවන් ද?
රනිල්ට ජනාධිපතිවරණය දිනන්නට බැරි බවත්, දිනන්නට පුළුවන් පොදු අපේක්ෂකයා තමන් බවත් මාදුළුවාවේ සෝභිත හිමි විශ්වාස කරන බව ඔහු විසින් කරනු ලබන ප්‍රකාශවලින් පෙනේ.
රනිල්ට දිනන්නට පුළුවන් ද, බැරි ද යන කරුණ පැත්තකින් තියමු.
මාදුළුවාවේ සෝභිත හිමිට ජනාධිපතිවරණය දිනන්නට පුළුවන් ද?
මෙහිදී තිබෙන පළමු ප්‍රශ්නය වන්නේ මාදුළුවාවේ සෝභිත හිමි යනු කවුරු ද යන්නයි. ඔහු විසින් ඔහු ම පොදු අපේක්ෂකයා ලෙස පත් කර ගෙන ඇති බව පෙනේ. ප්‍රධාන විරුද්ධ පක්ෂ වන එජාප, දෙමළ ජාතික සන්ධානය හා ජවිපෙ යන පක්ෂ තුන ම ඔහු පොදු අපේක්ෂක ලෙස පිළි ගෙන නැත. පිළි ගන්නා බවක් පෙනෙන්නට ද නැත. ජනාධිපතිවරණය දිනන්නට පෙර මාදුළුවාවේ සෝභිත හිමියන් උත්සාහ කළ යුත්තේ විරුද්ධ පක්ෂයේ සහයෝගය දිනා ගන්නට ය.
ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මුල් වටයේ ඔහු හැසිරුණේ එක්සත් ජාතික පක්ෂය කියා පක්ෂයක් රටේ නැති අන්දමිනි. එහෙත්, ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු එජාපය සිය මුද්‍රාව තදින් තබා තිබේ.
මාදුළුවාවේ සෝභිත හිමිගේ අපේක්ෂකත්වය යෝජනා කරන පාර්ශ්ව වනාහි පුද්ගලයෝ මිස දේශපාලන පක්ෂ හෝ බලවේග නො වේ.
ඔහු යෝජනා කිරීමේ එක ම අරමුණ පවත්නා ජාතිවාදී හා ආගම්වාදී රැල්ල සමග බද්ධ වී සිවුර විකුණා මහින්ද රාජපක්ෂ පරාජය කිරීම බව පෙනේ. හරියට විසෙන් විස නසනවා වැනි ය.
ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම පිණිස මිස මහින්ද රාජපක්ෂගෙන් පළි ගන්නට නො වේ.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස ප්‍රබල ඉතිහාසයක් ඇති අයෙකු ය. සෝභිත හිමියන්ගේ දේශපාලනයේ කූටප්‍රාප්තිය තිබෙන්නේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා වූ ප්‍රබල ජාත්‍යන්තර මැදිහත්වීමක් වූ 1987 ඉන්දු ලංකා ගිවිසුම කඩාකප්පල් කිරීම සඳහා කරන ලද මැදිහත්වීම තුළ ය.
එය එක් පැත්තකින් රෝහණ විජේවීරට සන්නද්ධ කැරැල්ලකින් බලය ඩැහැ ගැනීමට තිබූ ඇල්ම යළි අවදි කර දකුණේ පරපුරක් විනාශය කරා යොමු කරමින් තමන් ද විනාශ වන්නටත්, අනෙක් පැත්තෙන් කොටි සංවිධානයට සම්මුති මාර්ගයෙන් පිට පැන ජාතිවාදී ඊලාම් අරගලය ඉදිරියට ගෙන යන්නටත් දුන් තල්ලුවක් විය.
සෝභිත හිමියන්ට රාජ්‍ය පාලනයේ කිසිදු අත්දැකීමක් නැතිකම පැත්තකින් තබමු. ආගමික ව්‍යූහය තුළ හෝ ඔහු කැපී පෙනෙන නායකයකු නො වේ. ඔහු විසින් කලක් රඟ දක්වනු ලැබුවේ දැන් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව විසින් රඟනු ලබන භූමිකාවයි.
සෝභිත හිමිගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භාවිතාව ගැන දන්නා වෙනත් වැදගත් කරුණක් තිබේ නම් කරුණාකර මෙහි සඳහන් කරන්න.
තමන් ජනාධිපති වී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යි කියූ ජනාධිපතිවරු දෙදෙනෙකු සමග අපි විසුවෙමු. තුන්වැනියකුත් අවශ්‍ය ද?
මීළඟට විමසන ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ම ද?
(w3lanka.com)
Subscribe to:
Posts (Atom)




