Sunday, October 5, 2014

Srimali Fonseka Latest Photo Shoot

By: Prosperity Tech On: 3:29 AM
ජනප්‍රිය නිළියක් සහ නිරූපිකාවක් වන ශ්‍රීමාලි ෆොන්සේකාගේ නවතම චායාරූප එකතුවක්

Saturday, October 4, 2014

Balumgala 2014-10-03 Italy Brother (Audio)

By: Prosperity Tech On: 7:27 PM

30 කෑලි හොයන ඉතාලියෙන් පැමිණි අනංගයා

ඉතාලියෙන් එන ප්‍රේමවන්තයා ගැන දැන ගන්න අද බැලුම්ගල අහන්න. 

Sajin Vass assaulting Dr.Chris Nonis

By: Prosperity Tech On: 7:19 PM

ක්‍රිස් නෝනිස්, සජින් වාස් - ගැටුමේ ජය සජින් වාස්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස්ට පහර දීමේ සිද්ධිය පිළිබඳ අවසන් ප්‍රතිඵලය නිකුත් කොට තිබේ. 

පරාජය වී ඇත්තේ ක්‍රිස් නෝනිස්ය.ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් බාරගෙන ඇත.

ඒ අනුව ක්‍රිස් නෝනිස්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ

Can ven Sobitha win the presidential election in Sri Lanka

By: Prosperity Tech On: 6:45 PM

සෝභිත හිමිට ජනාධිපතිවරණය දිනන්නට පුළුවන් ද? 

 රනිල්ට ජනාධිපතිවරණය දිනන්නට බැරි බවත්, දිනන්නට පුළුවන් පොදු අපේක්ෂකයා තමන් බවත් මාදුළුවාවේ සෝභිත හිමි විශ්වාස කරන බව ඔහු විසින් කරනු ලබන ප්‍රකාශවලින් පෙනේ. 

රනිල්ට දිනන්නට පුළුවන් ද, බැරි ද යන කරුණ පැත්තකින් තියමු. 

මාදුළුවාවේ සෝභිත හිමිට ජනාධිපතිවරණය දිනන්නට පුළුවන් ද?

මෙහිදී තිබෙන පළමු ප්‍රශ්නය වන්නේ මාදුළුවාවේ සෝභිත හිමි යනු කවුරු ද යන්නයි. ඔහු විසින් ඔහු ම පොදු අපේක්ෂකයා ලෙස පත් කර ගෙන ඇති බව පෙනේ. ප්‍රධාන විරුද්ධ පක්ෂ වන එජාප, දෙමළ ජාතික සන්ධානය හා ජවිපෙ යන පක්ෂ තුන ම ඔහු පොදු අපේක්ෂක ලෙස පිළි ගෙන නැත. පිළි ගන්නා බවක් පෙනෙන්නට ද නැත. ජනාධිපතිවරණය දිනන්නට පෙර මාදුළුවාවේ සෝභිත හිමියන් උත්සාහ කළ යුත්තේ විරුද්ධ පක්ෂයේ සහයෝගය දිනා ගන්නට ය. 

ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මුල් වටයේ ඔහු හැසිරුණේ එක්සත් ජාතික පක්ෂය කියා පක්ෂයක් රටේ නැති අන්දමිනි. එහෙත්, ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු එජාපය සිය මුද්‍රාව තදින් තබා තිබේ. 

මාදුළුවාවේ සෝභිත හිමිගේ අපේක්ෂකත්වය යෝජනා කරන පාර්ශ්ව වනාහි පුද්ගලයෝ මිස දේශපාලන පක්ෂ හෝ බලවේග නො වේ. 

ඔහු යෝජනා කිරීමේ එක ම අරමුණ පවත්නා ජාතිවාදී හා ආගම්වාදී රැල්ල සමග බද්ධ වී සිවුර විකුණා මහින්ද රාජපක්ෂ පරාජය කිරීම බව පෙනේ. හරියට විසෙන් විස නසනවා වැනි ය.

ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම පිණිස මිස මහින්ද රාජපක්ෂගෙන් පළි ගන්නට නො වේ. 

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස ප්‍රබල ඉතිහාසයක් ඇති අයෙකු ය. සෝභිත හිමියන්ගේ දේශපාලනයේ කූටප්‍රාප්තිය තිබෙන්නේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා වූ ප්‍රබල ජාත්‍යන්තර මැදිහත්වීමක් වූ 1987 ඉන්දු ලංකා ගිවිසුම කඩාකප්පල් කිරීම සඳහා කරන ලද මැදිහත්වීම තුළ ය. 

එය එක් පැත්තකින් රෝහණ විජේවීරට සන්නද්ධ කැරැල්ලකින් බලය ඩැහැ ගැනීමට තිබූ ඇල්ම යළි අවදි කර දකුණේ පරපුරක් විනාශය කරා යොමු කරමින් තමන් ද විනාශ වන්නටත්, අනෙක් පැත්තෙන් කොටි සංවිධානයට සම්මුති මාර්ගයෙන් පිට පැන ජාතිවාදී ඊලාම් අරගලය ඉදිරියට ගෙන යන්නටත් දුන් තල්ලුවක් විය. 

සෝභිත හිමියන්ට රාජ්‍ය පාලනයේ කිසිදු අත්දැකීමක් නැතිකම පැත්තකින් තබමු. ආගමික ව්‍යූහය තුළ හෝ ඔහු කැපී පෙනෙන නායකයකු නො වේ. ඔහු විසින් කලක් රඟ දක්වනු ලැබුවේ දැන් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව විසින් රඟනු ලබන භූමිකාවයි.

සෝභිත හිමිගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භාවිතාව ගැන දන්නා වෙනත් වැදගත් කරුණක් තිබේ නම් කරුණාකර මෙහි සඳහන් කරන්න.

තමන් ජනාධිපති වී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යි කියූ ජනාධිපතිවරු දෙදෙනෙකු සමග අපි විසුවෙමු. තුන්වැනියකුත් අවශ්‍ය ද? 

මීළඟට විමසන ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ම ද? 

(w3lanka.com)

 

Amila met with an accident (VIDEO)

By: Prosperity Tech On: 2:08 AM

අමිලා නදීශානී රිය අනතුරකට ලක්වන වීඩියෝව

Friday, October 3, 2014

Pooja Umashankar New Photoshoot

By: Prosperity Tech On: 7:53 PM
ජනප්‍රිය නිළි පූජා උමශන්කර් ගේ නව චායාරූප එකතුවක්








Pooja Umashankar New Photoshoot

Shahrukh Khan shows off Eight Pack Abs At Google Headquaters

By: Prosperity Tech On: 7:37 PM

Shahrukh Khan ගූගල් වෙත ගොස් බ්ඩේ Cuts පෙන්වයි

Happy New Year චිත්‍රපටයේ නළු නිළි කණ්ඩායම ගූගල් සහ ට්විටර් වෙබ් අඩවි වල ප්‍රධාන කාර්යාල වෙත ගොස් තිබූ අතර Happy New Year සඳහා අන්තර්ජාල ප්‍රවර්ධන කටයුතු සාකච්ඡා කිරීමට ඔවුන් එහි ගොස් ඇත. ඔවුන් එහි ගිය නිසා චිත්‍රපටයට නොමිලේ  ප්‍රචාරයක්ද ලබාදී තිබුණා.

ට්විටර් වෙබ් අඩවි ප්‍රධානී ඩික් කොස්ටොලෝ ෂාරුක්ව ඉහළින් පිළිගත් අතර ඔහු සමග ඡායාරූපයකටද පෙනී සිටියා.

Lamborghini Veneno හිමිකරුවන් තිදෙනා අතර සිටින ප්‍රකෝටිපති ලාංකිකයා

By: Prosperity Tech On: 6:26 AM
Antoine Dominic (ඇන්ටොයින් ඩොමිනික්) කියන්නේ ලොව අංක එකේ රථ වාහන ව්‍යාපාරිකයෙක්. රෝල්ස් රොයිස්, බෙන්ට්ලි හා ලැමිබෝගිනි වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ ව්‍යාපාරයේ නිරත වන ඔහු Bespoke මෝටර් රථ සමාගමෙහි හිමිකරුයි. 

මේ වන විට 51 හැවිරිදි ඔහු ලාංකිකයෙක්. 

අපේ රටේ උපත ලැබූවත් ඔහුගේ හීනය වුනේ අධි සුඛෝපභෝගී වාහනයක හිමිකරුවෙක් වන්නටයි. ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසී කැපවීමෙන් වැඩ කළ ඔහු අද අධි සුඛෝපභෝගී වාහන බෙදාහරින්නෙක් බවට පත්වෙලා.

ඒත් මොහුට ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියක් හිමි වීමට හේතු වුනේ නම් වෙනත් හේතුවක් නිසයි. ලැම්බොගිනි සමාගම පසුගිය දිනෙක සිය නවතම මෝටර් රථය එළිදැක්වූවා. 
Lamborghini Veneno නමින් හැඳින්වෙන ඒ මෝටර් රථය ඩොලර් මිලියන 4ක් පමණ මිල වනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 50කට ආසන්නයි. 

ඒ කෙසේ වුනත් ලැම්බොගිනි සමාගම මේ මෝටර් රථ‍ය එසේ මෙසේ කෙනෙකුටනම් මිලදීගන්නට බැහැ. මොකද ලැම්බෝගිනි සමාගම අවසර ලබාදෙන අයට විතරයි මේ තරම් මුදලක් දීලා වුනත් මිලදීගන්න පුළුවන්.

ඉතින් ලැම්බොගිනි සමාගම විසින් මේ නව ඛ්පඉදරටයසබස ඪැබැබද මෝටර් රථය මිලදී ගැනීම සඳහා ඉඩ ලබාදුන් තුන් දෙනා අතර මේ ලාංකිකයාත් ඇතුලත්.

ලැම්බොගිනි සමාගම මෙලෙස සිය පාරිභෝගියකයින් තිදෙනා තෝරාගෙන ඇත්තේ ලැම්බෝගිනි මෝටර් රථ පිළිබඳ ඇති ඇල්ම, ඒ වගේම ඒ පිළිබඳ ඇති දැනුම වගේම මීට පෙර ලැම්බොගිනි මෝටර් රථ මිලදීගත් ප්‍රමාණයත් සලකා බලා බවයි පැවසෙන්නේ.

ඩොමිනික් මීට පෙර සේවය කර ඇත්තේ ගණකාධිකාරවරයෙක් ලෙසයි. ඒ වගේම
Excel Technology නම් ලේසර් නිෂ්පාදන සමාගමක හිමිකරුවකුව සිටි ඔහු පසුව ඒ සමාගම විකුණා දැමුවා. ඉන් අනතුරුවයි Bespoke Motor Group අරඹා මෝටර් රථ ව්‍යාපාරයට එක්ව ඇත්තේ. අද වන විට ලොව අංක එකේ අධි සුඛෝපභෝගී මෝටර් රථ ව්‍යාපාරිකයින් අතර වැජඹීමට මේ ලාංකික ව්‍යාපාරිකයාට හැකිව තිබෙන්නේ නොපසුඹට වීර්යය නිසා බවයි ඔහු පවසන්නේ.

කෙසේ නමුත් ඔහු නව 
Lamborghini Veneno මෝටර් රථය මිලදී ගත් මුදලට වඩා වැඩි මුදලකට දැනටමත් බොහෝදෙනෙක් ඔහුගෙන් මේ මෝටර් රථය මිලදී ගැනීමට කැමැත්තෙන් සිටින බව වාර්තා වනවා.

(www.gossipbook.lk)

Nadeesha was not in Hareen's bangalow Ravindrani Dias, Harins wife says

By: Prosperity Tech On: 5:40 AM

හරීන්ගේ සැප බංගලාවට නදීෂා ආවේ නැහැ - හරීන්ගේ බිරිඳගෙන් හෙළිදරව්වක්

පසුගිය ඌව පළාත් සභා මැතිවරණදී හරීන් ප්‍රනාන්දුගේ ජන්ද කටයුතු සඳහා ඔහුට අයත් සුඛෝපභෝගී බංගලාවක විශේෂ පහසුකම් රැසක් රෝසි මහත්මියට සලසා තිබුණද ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් ඉන්පසුව එය නදීෂා හේමාමාලිට නැවත්වීම සඳහා ලබාදුන් බවත් අප විසින් මෙයට පෙර වාර්තා කරන ලදී.

නමුත් එම පුවත හරීන්ගේ බිරිඳ වන රවීන්ද්‍රනි යසේන්ද්‍රා ඩයස් විසින් ප්‍රතික්ෂේපකොට තිබේ. ඇයගේ පිළිතුර බලන්න පහතින්. 

කැම්පේන් එකට නදීෂා හේමමාලි වගේ රූමත් නිළියන් පවා ආවා උදවු කරන්න. හරීන් නදීෂාට විශේෂ සැප පහසුකම් සහිත නවාතැන් සපයා ඇති බවත් වෙබ් අඩවි ප‍්‍රචාරය කළා. මේ කතාව ඇත්තද?


නදීෂා බදුල්ලේදී අපි දැක්කේ නෑ. එක දවසක් ඇවිත් මෙහෙම කැම්පේන් එක කරනවා කියලා නදීෂා ගියා. ආයේ හරීන් එයාට කතා කළෙත් නැද්ද කොහෙද. මමයි නදීෂාට එදා කතා කළේ. එයා එයාගේ කැම්පේන් එක ගැන කීවා. අපි ඒවා හොයලා බැලූවෙත් නෑ. එයාගේ පාඩුවේ එයා එයාගේ කැම්පේන් එක කරලා ගියා.

හරීන්ට එයාගේ අක්කියි මහත්තයයි නෑදෑයෝයි යාලූවොයි හරියට උදවු කළා. යාලූවෝ හෝටල් දුන්නා. ඕවා ඔක්කොම සැලසුම් කළේ හරීන් නෙවෙයි අපි. කන්න බොන්න දුන්නෙත් අපි. ඒක කළේ කොහොමද කියලා හරීන් දන්නේත් නෑ. හරීන්ගෙන් මම ක්‍රෙඩිට් බලාපොරොත්තු වෙන්නේ නෑ. මම මගේ යුතුකම් ටික බිරියක් හා මවක් ලෙස ඉටුකරනවා. මම ඒවා කරන්නේ ප‍්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නෙවෙයි.


(gossipbook.lk)

Thursday, October 2, 2014

I will answer any call if i am not bussy

By: Prosperity Tech On: 4:39 AM

Busy නැත්නම් ඕනෑම Call එකකට මම Answer කරනවා

උදාරි වර්ණකුලසූරිය
* උදාරි ගැන පොඩි අලුත් ආරංචියක් මේ දිනවල පැතිරෙනවා?
කියන්නකො බලන්න මටත් දැනගන්නත් එක්ක.
* ඔයා නොදන්නවා වෙන්න විදිහක් නැහැ. ඔබ කාටත් හොරෙන් අංගම්පොර ශිල්ප ක්‍රමය ඉගෙන ගන්නවලු නේද?
මේ මේ මේ . හොරෙන් නම් නෙවෙයි. හැබැයි මං අංගම්පොර ඉගෙනගන්නවා නම් තමයි. ඒ ජනක චමින්ද අත්තනායකගේ කේෂරි නාට්‍යවෙනුවෙන්. මා එහි රඟපාන්නේ බිනරි. තමන්ගේ වරිගය වෙනුවෙන් කතාකරන කෙනෙක්. ජගත් චමිල තමයි මගෙ අයියා සහ බුද්ධදාස විතානාච්චි මහත්මයා මගෙ තාත්තා.
* උදාරි ආයෙත් බොහොමත්ම කාර්යබහුල වෙලා?
ඔව් අනේ. විදෙස්ගත වෙලා ඉඳලා ලංකාවට ආවා විතරයි නාට්‍ය ගොඩක් ලැබුණා. ඒ හින්දා නිවාඩුව දීර්ඝ කරගෙන ලංකාවෙ හිටියා.
* චිත්‍රපටයකුත් ලැබුණානේද?
ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන ආදරණීය කතාවක්. ඒක සංගීතමය චිත්‍රපටයක්. හරිම සුන්දරයි.ළඟදීම එය තිරගත වේවි.
* උදාරි දැන් රඟපානවා රඟපානවා ඉවරයක් නැහැ. ඒ ජීවිතය එපාවෙලා නැතිද?
මං හිතන්නේ මේ වෘත්තිය පෙර වාසනාවකට මට හිමිවෙච්ච දෙයක් කියලයි. රංගනය නිසා මට ලැබිලා තියනදේ බොහොමයි. ඉතින් ඒ වාසනාවට පයින් ගහනවා වගේ වැඩකරන්න වෙන්නේ මං රංගනයෙන් ඈත් වුණොත්. මට කොච්චර රඟපෑවත් කිසිම වෙහෙසක් නැහැ. මං මේ වෘත්තියෙ නියැලෙන්නේ හරි ආදරයන්.
* උදාරි දැන් මවක්, ගෘහනියක්. නමුත් ඔබ ජනප්‍රිය නිළියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නවා. කොහොමද එහෙම වුණේ?
මං ඕන කෙනෙක් එක්ක බොහොම සුහදශීලියි. මොන නම්බරයකින් කෝල් එකක් ආවත් කාර්යබහුල නැතිනම් ඒකට පිළිතුරු දෙනවා. ඒ හින්දා මිනිස්සු මගෙත් එක්ක ඉන්නවා. තැනකට ගියත් අක්කේ, නංගී කියලයි මට කතා කරන්නේ. කවදාවත් කිසිම කෙනෙක් මට මිස්වත් මැඩම්වත් කියලාවත් නැහැ. එහෙම කතා කරනවට මං ආසත් නැහැ. මං ජනප්‍රිය මේ කරුණු නිසා වෙන්න ඇති.
* ඇතැම් අය කියනවා උදාරි එකම රාමුවක කොටුවෙලා කියලා. මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?
මගෙ වයසට මට ලැබෙන්නේ පෙම්වතියගෙ චරිතය. මං ඒකට මක්කරන්නද?
* ඔබට පුළුවන්නෙ පෙම්වතිය වුණත් වෙනස් කරමින් රඟපාන්න. අඩුමගානේ කොණ්ඩා මෝස්තරයවත් වෙනස් කරන්නකො.
නළුවකුගේ හෝ නිළියකගේ කොණ්ඩා සැකසුම කරන්නට වෙනම කෙනෙක් ඉන්නවනෙ. එයා නාට්‍යයට ඕන විදිහට හදයි. කටහඬින් හෝ අංග චලනවලින් මට පෙම්වතියව වෙනස් කරන්න අමාරුයි. මොකද මට ලැබෙන පෙම්වතිය සාමාන්‍ය ජීවිතයෙ හමුවන අය නිසා හැබැයි කේෂරි නාට්‍යයේ බිනරි සමඟ මගෙ රංගන ජීවිතයේ වෙනසක් වේවි.
* ඒත් ඔබ ආදර දෑසක් හි රඟන චරිතය ඔය කියන සාමාන්‍ය පෙම්වතියගෙන් වෙනස්නෙ. ඇය මානසික චිත්ත පීඩාවලට හසු වූ තැනැත්තියක්. ඔබට තිබුණනේ ඔයිටවඩා යමක් එකතුකරමින් රඟපාන්න.
අනේ මට තේරෙන්නේ නැහැ ඔබ අදහස් කරන්නේ මොකද්ද කියලා. හැබැයි ඒ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම ඉහළයි.
* ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් චරිතයක සාර්ථකත්වය මනින්න බැහැ නේද.
නැහැ මං ප්‍රේක්ෂකයින්ගෙ ප්‍රතිචාර වලින් චරිතයේ සාර්ථකත්වය මැනීම නෙවෙයි ඒ කළේ. මං ඔබට ඇත්ත තත්ත්වය කිව්වේ.
* උදාරි රඟපෑවෙම පෙම්වතියගේ චරිතය කියලා කිව්වනේ. එහෙම පෙම්වතිය වෙලා ආදරබර ජවනිකා රඟපාද්දී පෙම්වතා වන නළුවට ඇත්තටම ආදරේ හිතිලා නැතිද?
රඟපෑම කියන්නේ රඟපෑමනෙ. එතනින් එහාට ඒ හැඟීම් යන්නේ නැහැ. මං කොච්චර පෙම් ජවනිකාවලට ඉදලා තියනවද? ඒත් ගානක් නැහැ. දැන් ඒවා සාමාන්‍ය දේවල්.
* උදාරිගේ පුංචි දෝණි ටික ටික ලොකුවෙද්දී පෙම් ජවනිකාවල පෙනී සිටීම ප්‍රශ්නයක් නෙවෙයිද?
දෝනි නෙවෙයිනෙ මමනෙ රඟපාන්නෙ. අනික දැනුම් තේරුම් වයසට පත් වුණාම දෝණි තේරුම් ගනිවි අම්මගෙ වෘත්තිය.
* උදාරි පසුගිය කාලෙ ගායනයටත් යොමුවෙලා හිටියා. අලුත් ගීතයක් ඉදිරිපත් කරනවත් කිව්වා. කෝ තවම නැහැනේ?.
මගෙ පරක්කුව තමයි තියෙන්නෙ. අලුත් ගීතයක් මට ලැබිලත් තියනවා. එය පටිගත කරන්න විදිහක් නැතුව ඉන්නේ රංගන කටයුතුවල කාර්යබහුලකම නිසා.
* මේ කාර්යබහුලකම මැද ගෙදර වගකීම් ඉටු කරන්නෙ කොහොමද?
සිංදු කියන්න වෙලාවක් හොයාගන්න බැරිවුණාට ගෙදර වැඩවලටනම් කෙසේ හෝ වෙලාවක් හොයා ගන්නවා. දුවට සමහර දවස්වල කවන්නෙත් මං. එයාට දවසට එකපාරක් හරි හුරතල් කරනවාමයි. මේ වගේ දේවල් කළේ නැත්තම් මං කොතරම් කේෂත්‍රයේ ඉහළට ගියත් වැඩක් නැහැ.
* යොවුන් නිළියන්ගේ පවුල් ජීවිත ඉතා ඉක්මනින් බිඳීයාමේ ප්‍රවණතාවයක් තියනවා. ඒ ගැන මොනවද උදාරිට කියන්න තියෙන්නේ?
ඒකට ප්‍රධානම හේතුව එකිනෙකා තේරුම් නොගැනීම. ඒවගේම එකිනෙකා අභිබවායන්න උත්සහ කරන්නත් හොඳ නැහැ. අනික සැමියා බිරිඳටත් බිරිඳ සැමියාටත් ගරු කළ යුතුයි. මේ වගේ ගතිගුණ හීන වුණාට පවුල් ජීවිත ගෙනියන්න අමාරුයි.
* ආයෙ කවදද උදාරි සිංගප්පූරුවට යන්නෙ?
මටත් හිතාගන්න බැහැ. මං මෙහෙ ටික දවසක් ඉන්නවායි කියලා මහත්තයාට කිව්වෙ. මං ඔහුට කිව්වා ඉක්මනට බලන්න එන්නම් කියලත්. දැන් ඒකෙ අනෙක් පැත්ත එයා දැන් සැරින්සැරේ මාව බලන්න ලංකාවට එනවා.
* ඔබ මෙතක් කතාබහ කරපු විදිහෙන් ඔබට හොඳ ජනරැල්ලක් ඉන්නවා කියලා හැඟෙව්වා. ඒ තත්ත්වය මත කෙදිනක හෝ දේශපාලනයට එන්න හිතක් නැතිද?
බුදු අම්මෝ. දේශපාලනය මට අරහං. දන්න කලාව හොඳයි.
* කලාවෙන් ලැබෙන්නෙ ජනප්‍රියත්වය පමණයි. නමුත් දේශපාලනය මගින් බලයත් ලැබෙනවනේ.
මට මේ තියෙන බලය හොඳයි. කලාවේ බලය දේශපාලන බලයට වඩා ප්‍රබලයි. ඒක නිසා මේ ඉන්න විදිහ හොඳා.
* මේ තියන ජනප්‍රියත්වය කවදා හෝ ගිලිහුණොත් මොකද කරන්නේ?
මොනවා කරන්නද? හිතහදාගෙන ඉන්නවා ඇරෙන්න. මගේ සැමියා සුජිත් ඉන්නකම් මට බයවෙන්න දෙයක් නැහැ.
* හරි ජනප්‍රියත්වය ගිලිහීම සමඟ ඔබවටා ඉන්න හැමෝම ඈත් වුණොත්?
කිසි ප්‍රශ්නයක් නැහැ. රටකජු විකුණලා හරි මං ජීවත් වෙනවා.