සම්පූර්ණ ලිපිය කියවන්න LIKE කරන්න
බ්‍රිතාන්‍ය නීතිරීතිවලට අනුව වයස දහසය ඉක්මවූවන් සැලකෙන්නේ තරුණ වැඩිහිටියන් ලෙසය. ඔවුනට තම මවුපියන්ගේ නිවසෙන් එළියට බැස ගොස් රජයේ ආධාර මත ජීවත්වන්නට පුළුවන. රැකියා කරන්නට ද පුළුවන. මවුපිය අවසරය මත විවාහ වන්නට ද පුළුවන. ස්ත්‍රියක හෝ පුරුෂයකු සමඟ ලිංගිකව හැසිරෙන්නට ද පුළුවන. එහෙත් වයස දහඅට වන තෙක් කතිරය ගැසීමට පුළුවන්කමක් නැත.
බ්‍රිතාන්‍යය ‘සමාජ සේවා රාජ්‍යයක්’ යැයි කෙරෙන හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. මෙරට ජීවත්වන ජනයා හට රජය මඟින් ලබා දී තිබෙන මූල්‍යමය ආධාර වරප්‍රසාද සලකා බැලු විට එය සනාථ වේ. උපන් දා පටන් ලබාදෙන ආධාරයේ පටන් ගෙවල් කුලී, විරැකියා දීමනා, අඩු ආදායම් ලාභීනට කෙරෙන දීමනා මෙන්ම තනි මවුවරුන්ට ද ආබාධිත පුද්ගලයනට ද වෛවාරන්න රාජ්‍ය දීමනා ක්‍රමවේදයක් එංගලන්තයේ ඇත. ඩිප්‍රෙශන් හෙවත් ආතතියත්, ඩයබිටීස් හෙවත් දියවැඩියාවත් මෙහි ඇත්තේ ආබාධිත රෝග රාමුවේමය. ආරෝග්‍ය ශාලා සේවය ද ශ්‍රී ලංකාවේ මෙන් නොමිලයේමය.
එංගලන්තයට ළඟා වන සරණාගතයනට ද සැලකෙන්නේ එම හැන්දෙන්මය. නිවාස පහසුකම් ඇතුළුව ජීවත්වීමේ දීමනා ද, විදුලිය, ගෑස්, ඇඳුම් පැලඳුම් සහ ආහාර සඳහා මිල මුදල් ද රජයෙන් ලැබේ. සරණාගතයනට ලැබෙන දීමනා තමන්ට වඩා වැඩි යැයි බ්‍රිතාන්‍යයන්ගේ කන්කෙඳිරි ඉඳහිට අසන්නට ලැබේ. එය සත්‍යයක් ලෙස සැලකිය හැකි වන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් මසකට රුපියල් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ආධාර ලබා ගන්නා සරණාගත පවුල් බ්‍රිතාන්‍යයේ සිටින බවට තිබෙන සාධක නිසාය.
ඒ ආධාර ක්‍රම කෙසේ වෙතත් 1998 සිට බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල සිසුනට සිදුවූයේ මහ අකරතැබ්බයකි. එතෙක් නිදහස් අධ්‍යාපනයක නිරත වී ඔවුන් වසරකට පවුම් දහසක ගාස්තුවකට යටත් කිරීමට එවකට බලයේ සිටි කම්කරු පක්ෂ ආණ්ඩුව පියවර ගත්තේය.
සමාජවාදයේ චැම්පියන්ලා ලෙස හැඳින්වෙමින් සිටි බ්ලෙයාර් ආණ්ඩුව එදා ගත් ඒ පියවර නිසා අද වන විට වසරක පවුම් නව දහසක් ගෙවීමට බ්‍රිතාන්‍ය ජාතික විශ්ව විද්‍යාල සිසුනට සිදු වී ඇත්තේය. එය කෙළින්ම ගෙවා දැමිය හැකිවාක් මෙන්ම පොලී රහිත ණයක් ලෙස රජය මඟින් එම ගාස්තු ගෙවීම සිදු වන්නේය.
උපාධිය ලැබ රැකියාවක නිරත වූ විට ලැබෙන වැටුපෙන් එය අඩු කැර ගැනීම රජයේ අරමුණය. එංගලන්තය මෙලෙස සිසුන් ණයකරුවන් බවට පත් කිරීමට කටයුතු කළ ද ස්කොට්ලන්ත ආණ්ඩුව කළේ ස්කොට්ලන්ත සිසුන්ගේ ගාස්තු රජය මඟින්ම ගෙවා දැමීමයි.
මේ ක්‍රමය යටතේ සිසුවකු විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කරන විට පාඨමාලා ගාස්තු නවාතැන් සහ අනෙකුත් විය හියදම් සඳහා පවුම් 53,000 කට ආසන්න ණය බරකින් මිරිකෙන බව ගණන් බලා තිබේ. මේ තත්ත්වය යටතේ එවැනි වියදමක් දැරීමට නොහැකි පවුල්වල උසස් පෙළ සමත් සිසුන් වැඩිදුර අධ්‍යාපනය අතහැර රැකියා සොයා යෑම සුලබ වී තිබේ.
අධ්‍යාපනය පමණක් නොවේ. බ්‍රිතාන්‍යයේ අද පවතින ආර්ථිකය මත බොහෝ තරුණ තරුණියන්ගේ ජීවන රටාව වෙනස් වී තිබේ. එදා වයස දහසය වන විටම ගෙදරින් පිටව තනි ජීවිතයක් ඇරැඹු තරුණයා අද විවාහ වන වයස පසු වුවද තවම දෙමවුපියන්ගේ වහළ යට ජීවත් වෙයි.
බ්‍රිතාන්‍ය ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වයස 20 - 24 අතර තරුණ පරම්පරාවෙන් සියයට පණහක්ම ජීවත් වන්නේ මවුපියන් සමඟය. දවසින් දවස වැඩි වෙමින් පවතින ජීවන වියදමත් ළඟාවිය නොහැකි තරමට ඉහළ යමින් තිබෙන නිවාස මිලත්, එයට සාපේක්ෂව වැඩිවී තිබෙන ගෙවල් කුලියත් අතර අතරමංව සිටින ඔවුන් ස්වාධීන ජීවිතයකට අඩිතාලම දැමීම අමතක කොට ඇත්තා සේය.
එයට අමතරව ඔවුන්ගේ විවාහයන් ද අතපසු වීගෙන යයි. මවුපිය කැමැත්ත මත වයස දහසයේ දී සිට වුව විවාහ විය හැකිව තිබුණ ද අද වන විට බ්‍රිතාන්‍ය විවාහ වීමේ සාමාන්‍යය පිරිමින් වයස 37 දක්වා ද කාන්තාවන් වයස 34 දක්වා ද ඉහළ ගොස් තිබේ. නමුත් විවාහ කටයුතු අතපසු වී ගිය ද පෙම් සබඳතා සහ ලිංගික ජීවිතය අඩුවක් වී ඇතැයි සිතන්නට සාධන නැත.
තරුණ තරුණියන් බොහෝ දෙනෙක් මවුපියන්ගේ නිවෙස්හි රැඳී සිටින්නේ දෙමවුපියනට ඇති ආදරය නිසා මිස අනෙකුත් විය හියදම් නිසා යැයි නොසිතමි. මොන ආකාරයේ ආධාර උපකාර රජයෙන් ලැබුණ ද 2014 රජයේ රැකියා සහ විශ්‍රාම දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයකට අනුව බ්‍රිතාන්‍යයන් ගෙන් මිලියන 10.6 ක් දරිද්‍රතාවයෙන් පෙළෙන්නෝය. ෆිස්කල් අධ්‍යයන ආයතනයේ වාර්තාවනට අනුව බ්‍රිතාන්‍යයේ ජනතාවගෙන් 23.2% ක් අන්ත දුප්පතුන්ය. කොතරම් ආධාර ක්‍රමවේද තිබුණ ද ෂොපින් ට්‍රොලියකට තම සකල සේසතම පුරවාගෙන පාර අයිනේ නිදන දෙතුන් දෙනෙක් ඈන් ට්රැෆල්ගාර් චතුරස්‍රය අසල සිටිති.
පවට පින් දෙන්න බැරි යැයි පවසන්නේ ඔවුන් වැනි පුද්ගලයින් පිළිබඳව වන්නට ඇත. පාර අයිනේ මෙන්ම උමං දුම්රිය පළවල් අසල කාඩ්බෝඩ් කැබැලි මත සීතලේ ගැහෙමින් රාත්‍රිය ගත කරන පුද්ගලයන් සිටින බව එංගලන්තය සුරපුරයකැයි සිතා සිටින අය දන්නවා ඇතැයි සිතමි.
ලිපිය අවසන් කිරීමට විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිළිබඳව නැවත කතා කළ යුතු යැයි සිතේ. එංගලන්තයේ විශ්ව විද්‍යාලයන්හි නවක වදය නැත්තේ නොවේ. එහෙත් එය ශාරීරික නැත. එමෙන්ම එය විශ්ව විද්‍යාල පාඨමාලවේ අනිවාර්ය අංගයක් ද නොවේ. මෙහි නවක වදයෙන් මරණයට පත්වූ, සියදිවි නසාගත්, ආබාධිත වූ කිසිවෙක් ගැන අසන්නටවත් නැත.
නිවාස අඩස්සියට පත්වූ උපකුලපතිවරුන් ද නැත. පන්ති වර්ජන ද නැත. තමන් ඉගෙන ගත යුතු පන්තිය වර්ජනය කළහොත් අතරමං වන්නේ තමන්ම බව මෙහි සිසුන් හොඳහැටි දනිති. සිසු අරගල යනු මවුපියන්ගේ ද රජයේ ද මුදල් කාබාසිනියා කරන ක්‍රියාවලියක් නොවිය යුතු බව ද මොවුන් හොඳහැටි දන්වා යැයි ද සිතමි. අධ්‍යාපනයේ දී දේශපාලනය යනු පාඨමාලාවේ එක් විෂයයක් පමණක් බව ද ඔවුන් දන්නවා ඇත.

නීතිඥ අනුර හෑගොඩ
(silumina.lk)