Showing posts with label Local. Show all posts
Showing posts with label Local. Show all posts
Sunday, August 23, 2015
Saturday, July 11, 2015
Monday, November 10, 2014
2014 10 11 Balumgala
By:
Prosperity Tech
On: 11:07 PM
දැක්කොත් කියන්න
ලංකාවේ ජනපි‍්‍රය පුද්ගලයන්ගේ හා සාමාන්‍ය මිනිසුන්ගේ නිවෙස්වල නැවතෙන අපූරු අයියගේ විස්තර දැනගන්න බැලූම්ගල අහන්නThursday, November 6, 2014
Sri Lankan prostitutes in Singapore - Balumgala 2014-10-31
By:
Prosperity Tech
On: 7:49 PM
සිංගප්පුරුවට අපේ රටින් ගෙනයන ගණිකාවෝ
නීතිවිරෝධී ලෙස සිංගප්පුරුවට ගෙන යන ගණිකාවන් පිළිබද බැලුම්ගල අනාවරණය ගැන දැනගන්න අද බැලුම්ගල අහන්න.සම්පූර්ණ කථාව අහන්න LIKE කරන්න
Saturday, October 11, 2014
Maliagawatta Car Parts Robbery - CCTV Footage
By:
Prosperity Tech
On: 11:30 AM
මාලිගාවත්තේ වාහනවල Parts උස්සන හැටි (වීඩියෝ සහිතයි)
මාලිගාවත්ත ප්‍රදේශයේ මාවතක් අසල නවතා තිබෙන වාහන වල උපාංග හොරෙන් ගලවා ගැනීමේ කල්ලියක් ක්‍රියාත්මක වන ආකාරය ඒ අසල සවිකොට තිබූ CCTV කැමරාවක පටිගත වී තිබේ. සංවිධානාත්මක කල්ලියක් විසින් ත්‍රි රෝද රථයකින් පැමිණ වාහනය ආසලටම කොට නවත්වන අතර ත්‍රි රෝද රථයෙන් බැස ගන්නා එක් පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ගන්නා මුවාවෙන් පාරේ සිට ඔත්තු බැලීම සිදුකරනු ලබයි.
ඒ අතරතුරේ වාහනය සමීපයේ නැවතූ ත්‍රී රෝද රියේ සිටින පුද්ගලයා විසින් එම වාහනයේ පිටුපස වීදුරු පිස්නය (wiper) ගලවාගනු ලැබේ. මෙලෙස විනාඩි කිහිපයක් ඇතුලත එම කණ්ඩායම විසින් වාහන දෙකක විදුරු පිස්නා ගලවාගන්නා ආකාරය එම වීඩියෝවේ සටහන් වී තිබේ. මෙම වීඩියෝවේ සිටින අදාළ සොරකම පුද්ගලයන් ඔබ දන්නවානම් අප වෙත දන්වන්න.
ඊයේ (08) දිනයේ දහවල් 03:49 ට පටිගත වූ එම වීඩියෝව බලන්න පහතින්.

Tuesday, October 7, 2014
VEGA : First ever super luxury car manufactured in Sri Lanka
By:
Prosperity Tech
On: 8:54 PM
"වේගා" ශ්‍රී ලංකාවේ නිපදවන ප්‍රථම රේසිං වර්ගයේ මෝටර් රථය
වේගා නම් මෙම මෝටර් රථය එළඹෙන දෙසැම්බර් මස 12 වනදා වෙළඳපොලට ලක්ෂ 3000 ක මිලකට නිකුත් වීමට නියමිත වේ.
සංචාරක සමාගම් සඳහා මෘදුකාංග නිෂ්පාදනය කරන එංගලන්තයේ ට්‍රැවල් සොෆ්ට්වේයාර් නම් මව් සමාගමේ තවත් සමාගමක් ලෙසින් කටයුතු කරන කෝඩ්ජෙන් සමාගම විසින් සුපිරි "වේගා" නම් මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු සිදුකරයි.
සංචාරක සමාගම් සඳහා මෘදුකාංග නිෂ්පාදනය කරන එංගලන්තයේ ට්‍රැවල් සොෆ්ට්වේයාර් නම් මව් සමාගමේ තවත් සමාගමක් ලෙසින් කටයුතු කරන කෝඩ්ජෙන් සමාගම විසින් සුපිරි "වේගා" නම් මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු සිදුකරයි.
Monday, September 29, 2014
Police assault on woman in Ratnapura
By:
Prosperity Tech
On: 5:29 AM
රත්නපුර බස්නැවතුම්පල ඉදිරිපිට සිටින පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට පරුෂ වචනයෙන් බැන වදිමින් බිමදමාගෙන පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පිලිබඳ අප ඊයේ දිනයේ හෙලිකල අතර එම පහරකෑමට ලක්වූ තරුණිය පිලිබඳ තවත් විස්තර සොයාගැනීමට අපට හැකිවුණි.
රත්නපුර බස්නැවතුම්පොලේ වැඩිපුරම ගැවසෙන මෙම කාන්තාව බොහෝ දෙනා අතර ප්‍රචලිතව ඇත්තේ "බට්ටී" ලෙසිනි. මෙයට පෙර ලිපියේ අප හෙළිකළ ආකාරයටම මෙම කාන්තාව බස්නැවතුම්පොලේ ගැවසෙමින් සිය ජීවිකාව ගෙන යන තැනැත්තියක වේ.
සිදුවීම සිදුවූ දිනයේ එම කාන්තාව තවත් කාන්තාවක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය බේරීමට පැමිණි පොලිස් නිලධාරියාටද බට්ටී විසින් බැන වැඩි තිබේ. එවිට කුපිත වූ පොලිස් නිලධාරියා ඇයට බැන වැදී ඇතිඅතර එහි ප්‍රතිපහලයක් ලෙස ඇය පොලිස් නිලධාරියාට ගලකින් ගැසීමට උත්සාහ ගෙන තිබේ.
එම උත්සාහය වළකාලමින් පොලිස් නිලධරියා විසින් මෙම පහරදීම සිදුකොට තිබේ.
මෙම සිදුවීම විකාශය කල ස්වර්ණවාහිණියට පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා විසින් සිය අප්‍රසාදය ලිපියක් මගින් දන්වා තිබේ.

Sunday, September 28, 2014
Police assault woman in Ratnapura (VIDEO)
By:
Prosperity Tech
On: 7:59 PM
රත්නපුරේදී කාන්තාවකට පහරදුන් සැරයන් හඳුනා ගැනේ
රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට කෙරුණු පහරදීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම පහරදීම දැක්වෙන වීඩියෝ දර්ශන ද ඒ සඳහා අදාළ කරගන්නා බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ වීඩියෝ පටය නිරීක්‍ෂණය කර තිබෙනවා. රත්නපුර නගරයේ ඇතිවූ සිද්ධියක් ගැනයි මෙහි සඳහන් වන්නේ. එහෙත් වීඩියෝ පටයේ ඇති කරුණු සම්බන්ධයෙන්ම සියයට 100ක් විශ්වාසය තබන්නේ නැහැ. අවශ්‍ය වන්නේ සිද්ධියට මුහුණපෑ කාන්තාවගේ ප‍්‍රකාශයක් ලබාගැනීමට. එම කාන්තාව දැනට සොයමින් පවතිනවා. එසේම අදාළ සිද්ධිය ඇසින් දුටුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමටද බලාපොරොත්තු වෙනවා.
අදාළ පහරදීම සිදුකළ බව දැක්වෙන පොලිස් නිලධාරියා මේ වන විට හඳුනාගෙන ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මීට අදාළ පොලිස් සැරයන්වරයා හඳුනාගෙන තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කර තිබෙන්නේ මෙම ස්ථානයේ කාන්තාවන් දෙදෙනෙකු අසභ්‍ය වචන කියා යම් ආකාරයක දබරයක් ඇති කර ගත් අවස්ථාවේ තමා එම ස්ථානයට ගිය බව. ඒ අනුව අදාළ කාන්තාවන් සොයාගෙන විමර්ශනයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. එසේම එම විමර්ශනයේ ප‍්‍රතිඵල අනුව පොලිස් නිලධාරීයා බලය වැරදි ආකාරයෙන් භාවිත කර වීඩියෝ පටයේ ආකාරයෙන් පහරදී තිබෙනවා නම් ඔහුට විරුද්ධව විනයානුකූලව සහ නීත්‍යානුකූලව පියවර ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.
රත්නපුර බස් නැවතුම්පොළේදී පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් වූ මෙම සිද්ධිය මාධ්‍ය වෙත වාර්තා වූයේ වාරියපොල බස් නැවතුම්පොළේදී තරුණියක් විසින් තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ද ඇතිව තිිබියදීයි.

Sunday, September 21, 2014
Uva Provincial council election 2014 - Monaragala District - Preferencial Votes
By:
Prosperity Tech
On: 3:31 AM
මොණරාගල ශෂීන්ද්‍ර 1ට - සම්පූර්ණ මනාප ලැයිස්තුව මෙන්න
මොණරාගල මනාප ප්‍රතිඵලවලින් හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මනාප 96,619ක් ලබා පළමු තැනද, එක්සත් ජාතික පක්ෂයෙන් ආනන්ද කුමාරසිරි මනාප 24,421ක් ලබා පළමු තැනද, ජනතා විමුක්ති පෙරමුණෙන් ආර්.එම් ජයවර්ධන මනාප 5785ක් ලබා පළමු තැනටද පත්ව තිබේ.මොණරාගල සන්ධාන මනාප ලැයිස්තුව පහත පරිදිය.
01 - ශෂීන්ද්‍ර රාජපක්ෂ. මනාප -96,619යි
02 - ආනන්ද කුමාරසිරි රත්නායක. මනාප - 59,285යි.
03- උදාර සොයිසා. මනාප - 48,512යි
04 - සාලිය සුමේධ. මනාප - 21,206යි
05 - සෙනරත් අත්තනායක. මනාප - 19,448
06 -විමල් ගලගම ආරච්චි. මනාප - 17,725
07 - හරේන්ද්‍ර ධර්මදාස. මනාප - 15,843
08 - පද්ම උදයශාන්ත ගුණසේකර. මනාප - 12,412
09 - දයා රත්න බණ්ඩාර. 12,046
තේරී පත් නොවූ අපේක්ෂකයින්
01 - චන්දන වැලිවිට. මනාප - - 11,925
02 - සමන් වර්ණකුලසූරිය. මනාප - 7876
03 - කුඩා බණ්ඩාර මැදවෙල. මනාප - 6724
එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ අපේක්ෂකයින්ගේ ලැයිස්තුව
01 - ආනන්ද කුමාරසිරි. මනාප - 24.421යි
02 - ඩබ්ලිව් එච්.එම් ධර්මසේන. මනාප - 18,400යි
03 - ජානක තිස්සකුට්ටිආරච්චි. මනාප - 18,265යි
03 - ජයසිංහ බණ්ඩාර. මනාප - 16,437යි
04 - සම්පත් ජයසූරිය. මනාප - 15,835යි
05 -රෝයි ද සිල්වා. මනාප - 13,619යි
ජනතා විමුක්ති පෙරමුණෙන් තේරී පත්වූ අපේක්ෂකයා
01 - ආර්.එම් ජයවර්ධන. මනාප - 5785යි
Saturday, September 20, 2014
Final Results : Uva Provincial Council Election 2014
By:
Prosperity Tech
On: 9:20 PM
ඊයේ (20) පැවැත්වූ ඌව පළාත් සහා මැතිවරණයේ සමස්ථ ජන්ද ප්‍රතිඵලය මේවනවිට නිකුත් වී තිබේ. ඒ අනුව බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහනයකොට තිබේ. දිස්ත්‍රික්ක දෙකම සන්ධානය ජයග්‍රහණය කලත් එම ජයග්‍රහණය වෙනදා මෙන් නොව ඉතා අඩු පරතරයක් සහිතව ලබාගත් ජයක් බව පෙන්නේට තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල දිස්ත‍්‍රික්කයේ ආසන 6 ක ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂය ආසන 3 ක් ජය ගැනීමට සමත් විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ලේ පස්සර, බණ්ඩාරවෙල, ඌව පරණගම, හපුතලේ, මහියංගනේ හා වියලුව යන ආසන ජය ගැනීමට සමත් විය.
එක්සත් ජාතික පක්ෂය හාලිඇල, බදුල්ල හා වැලිමඩ යන ආසන ජය ගැනීමට සමත් විය.
මොණරාගල දිස්ත්‍රික්කය
මොණරාගල දිස්ත‍්‍රික්කයේ බිබිල ,මොනරාගල , වැල්ලවාය යන ආසන තුනේම ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවී තිබුණි.
2009 මැතිවරණය හා සැසඳීමේදී ප්‍රතිඵල
පසුගියවර (2009) පැවති ඌව මැතිවරණය හා සැසදීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විශාල පසුබෑමක් ලබා ඇත.එම මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රීක්කයට මන්ත්‍රී ආසන 21ක් හිමිව තිබිණ.
එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 2,59,069 (සියයට 67.79) ක් වන අතර එම පක්ෂයට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 14 කි.
එක්සත් ජාතික පක්ෂය එහිදී ලැබූ ඡන්ද සංඛ්‍යාව 98,635 (සියයට 25.81) ක් වන අතර එම පක්ෂයට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 05කි.
ජනතා විමුක්ති පෙරමුණ එම අවස්ථාවේදී බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 9,007 ( සියයට 2.36) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් ඔවුනට මන්ත්‍රී ආසනයක් හිමිවිය.
මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වී තරඟ කල කඳුරට ජනතා පෙරමුණ 2009 මැතිවරණයේදී වෙනම තරඟ කර බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 9,227( සියයට 2.41) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් ඔවුනට ද මන්ත්‍රී ආසනයක් හිමිවිය.
මාධ්‍යය ආයතන වලට බලපෑම්
ඌව පළාත් සභා මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත්වෙමින් පවතින අතර මැතිවරණ ප්‍රතිඵල විග්‍රහකිරීමේදී 2009 ප්‍රතිඵල නොගෙන 2004 වසරේදී පැවති පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල සමග සංසන්දනය කරන ලෙස මාධ්‍ය ආයතන වෙත ඉහළ නියෝගයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.
මැතිවරණ මහලේකම් කාර්යාලයට මොනරාගල්ක අවසන් ප්‍රතිඵලය වරදී
ඌව පළාත් සභා මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිඵලයට අනුව ආසන 1ක් සමග ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ගණන දැක්වුණේ 14,960ක් ලෙස දැක්වුණු අතර පසුව මැතිවරණ මහ ලේකම් කාර්යාල විසින් නිවෙදනයකොට ඇත්තේ එම ප්‍රත්ඵලය ඔවුන්ට වැරදුණු බවකි. ඒ අනුව නිකුත් කල නව ප්‍රතිඵල අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ගණන දැක්වුණේ 15,955ක් ලෙස ය.- See more at: http://www.gossipbook.lk/2014/09/Uva-Provincial-Council-Election-Final-Result.html#sthash.qF6onhU4.dpuf
බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල දිස්ත‍්‍රික්කයේ ආසන 6 ක ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂය ආසන 3 ක් ජය ගැනීමට සමත් විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ලේ පස්සර, බණ්ඩාරවෙල, ඌව පරණගම, හපුතලේ, මහියංගනේ හා වියලුව යන ආසන ජය ගැනීමට සමත් විය.
එක්සත් ජාතික පක්ෂය හාලිඇල, බදුල්ල හා වැලිමඩ යන ආසන ජය ගැනීමට සමත් විය.
- අවසන් ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 209,056 (47.37%) ක් වන අතර හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 09 කි.
- එසේම බදුල්ල දිස්ත්‍රීක්කය තුළ එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 197,708 (44.79%) ක් වන අතර එම පක්ෂයට හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 කි.
- ජනතා විමුක්ති පෙරමුණ බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 20,625 ( සියයට 4.67) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 1කි.
මොණරාගල දිස්ත්‍රික්කය
මොණරාගල දිස්ත‍්‍රික්කයේ බිබිල ,මොනරාගල , වැල්ලවාය යන ආසන තුනේම ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවී තිබුණි.
- මොනරාගල අවසන් ජන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 140850 (58.34%) ක් වන අතර හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 08 කි.
- එසේම මොණරාගල දිස්ත්‍රීක්කය තුළ එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 77065 (31.92%) ක් වන අතර එම පක්ෂයට හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 5 කි.
- ජනතා විමුක්ති පෙරමුණ මොණරාගල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 15955( සියයට 1.14) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 1කි.
පසුගියවර (2009) පැවති ඌව මැතිවරණය හා සැසදීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විශාල පසුබෑමක් ලබා ඇත.එම මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රීක්කයට මන්ත්‍රී ආසන 21ක් හිමිව තිබිණ.
එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 2,59,069 (සියයට 67.79) ක් වන අතර එම පක්ෂයට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 14 කි.
එක්සත් ජාතික පක්ෂය එහිදී ලැබූ ඡන්ද සංඛ්‍යාව 98,635 (සියයට 25.81) ක් වන අතර එම පක්ෂයට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 05කි.
ජනතා විමුක්ති පෙරමුණ එම අවස්ථාවේදී බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 9,007 ( සියයට 2.36) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් ඔවුනට මන්ත්‍රී ආසනයක් හිමිවිය.
මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වී තරඟ කල කඳුරට ජනතා පෙරමුණ 2009 මැතිවරණයේදී වෙනම තරඟ කර බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 9,227( සියයට 2.41) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් ඔවුනට ද මන්ත්‍රී ආසනයක් හිමිවිය.
මාධ්‍යය ආයතන වලට බලපෑම්
ඌව පළාත් සභා මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත්වෙමින් පවතින අතර මැතිවරණ ප්‍රතිඵල විග්‍රහකිරීමේදී 2009 ප්‍රතිඵල නොගෙන 2004 වසරේදී පැවති පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල සමග සංසන්දනය කරන ලෙස මාධ්‍ය ආයතන වෙත ඉහළ නියෝගයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.
මැතිවරණ මහලේකම් කාර්යාලයට මොනරාගල්ක අවසන් ප්‍රතිඵලය වරදී
ඌව පළාත් සභා මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිඵලයට අනුව ආසන 1ක් සමග ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ගණන දැක්වුණේ 14,960ක් ලෙස දැක්වුණු අතර පසුව මැතිවරණ මහ ලේකම් කාර්යාල විසින් නිවෙදනයකොට ඇත්තේ එම ප්‍රත්ඵලය ඔවුන්ට වැරදුණු බවකි. ඒ අනුව නිකුත් කල නව ප්‍රතිඵල අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ගණන දැක්වුණේ 15,955ක් ලෙස ය.
Subscribe to:
Posts (Atom)