
ගිනියම් රෑ මියුසික් වීඩියෝවත් එක්ක චමත්කගෙ නම දැන් ගොඩක් ඇහෙනවා නේද? ඔව්, මං නිරූපණ ක්ෂේත්රයට ඇවිත් ගොඩක් කල්. ඒත් මං ගැන හැමෝම කතා කරන්න ගත්තෙ ඉරාජ්ගෙ වීඩියෝ එක කළාට පස්සෙ. ආන්දෝලනාත්මක නිරූපණයක් කළේ ලංකාවේ හිට් කැරැක්ටර් එකක් වෙන්නද?
මට අමුතුවෙන් හිට් එකක් වෙන්න ඕනෑ නෑ. මං ගැන ක්ෂේත්රයේ බහුතරයක් අය දන්නවා.
නොදන්න අයටත් දැනගන්න ඒ ටිකත් කියමු බලන්න?
මම මුලින්ම ආවේ නිරූපණයට. 2015 අවුරුද්දේ මිස් ටීන් ඔෆ් ඒෂියා පැජන්ට් එකට ගියා. මේ අවුරුද්දේ සයිප්රස්වල පැවැත්වුණු මිස් ග්රෑන් ටීන්වලට ගියා. ඊට පස්සෙ මේ අවුරුද්දෙ මිස් ඒෂියා තරගෙට සහභාගි වුණා.
එතකොට චමත්කා ලංකාවේ තරගවලට සහභාගි වෙන්නෙ නැද්ද?