අනර්කලී යුගදිවියට
ජනපි‍්‍රය නිළි අනර්කලී ආකර්ෂා ඊයේ (දෙසැම්බර් 06) වැනිදා අමෙරිකාවේ ජීවත් වන ශී‍්‍ර ලාංකීය තරුණයකු වන ඩිෂාන් ජයසිංහ සමග විවාහ වී තිබෙනවා. ඒ අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සැන් මැරීනෝහිදීයි. ඇයගේ විවාහ කටයුතු සඳහා ඇගේ මව සමගින් අනර්කලී පසුගිය නොවැම්බර් මාසයේදී අමෙරිකාව බලා පිටත් වුණා. එසේ අමෙරිකාවට යාමෙන් අනතුරුව නොවැම්බර් මස 13 වන දින ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුව තිබෙනවා. ලබන ජනවාරි මාසයේදී අනර්කලී යළි දිවයිනට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
අනර්කලීගේ විවාහයෙන් අනතුරුව බොහෝදුරට ඇමරිකාවේ පදිංචිවන්නට ඉඩ තිබෙන අතර ඇය ලංකාවේදී සිදු කළ ඇගේ දේශපාලන වැඩ කලා වැඩ සියල්ලෙන් ඉවත්වන්නටද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙමෙන් අනතුරුව ඇය විසින් දේශපාලනඥයින්, නළු නිළියන්, කී‍්‍රඩකයින් ආදී පිරිස් සහභාගි වන සාදයක්ද මෙරටදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
(nethfm.com)
0 comments:
Post a Comment