නිළි මනාලියන්ගේ දෙවැනි මනාලිය...
දිනේෂ් ප‍්‍රියසාද් පරපුරෙන්, ශේෂාද්‍රි ප‍්‍රියසාද්ගෙන් පස්සෙ ඔන්න දැන් දිනක්‍ෂි ප‍්‍රියසාදුත් සිනමාවට එක්ව සිටිනවා. ශේෂාද්‍රි සිනමාවෙ ඉන්න කාලෙ දිනක්‍ෂි සම්බන්ධ වුණේ ටෙලි නාට්‍යවලට විතරයි. හරියට අක්කයි නංගියි කතාවෙලා සිනමාවයි රූපවාහිනියයි බෙදාගෙන වගෙයි කටයුතු කෙරුවෙ. ඒත් ශේෂාද්‍රි විවාහයෙන් පස්සෙ තාවකාලිකව වගේ රංගනයෙන් දුරස්වෙලයි ඉන්නෙ. ඒ අතරෙයි දිනක්‍ෂි සිනමාවට මේ එකතුවෙලා තියෙන්නෙ. ඒත් හැබැයි දිනක්‍ෂිනම් කියන්නෙ අක්කයි නංගියි දෙන්නා සිනමාවයි රූපවාහිනියයි බෙදාගෙන හිටියෙ නෑ කියලයි.ඇයට සිනමාව පැත්තෙන් හොඳ ආරාධනා නොලැබුන නිසාලූ සිනමාවට සම්බන්ධ නොවී හිටියෙ. කොහොම උනත් දැන් මේ වෙද්දී සිංහල සිනමාවේ අලූත්ම පෙම්වතිය දිනක්‍ෂි පි‍්‍රයසාද්. ඇය සිනමාවට එකතුවන්නෙ චන්ද්‍රන් රත්නම් අධ්‍යක්‍ෂණය කරන ‘මේ වගේ ආදරයක්’ චිත‍්‍රපටයත් සමඟයි. ලඟදීම එය තිරගතවීමට නියමිතයි. මේ, සිනමාවේ ඒ අලූත්ම පෙම්වතියත් සමඟ වෙනත් මාතෘකාවක් ගැන අපි ඇත්තට තොරතුරු කතා කළ මොහොතයි.
‘‘.... වාර්තාවක් තියන්න මේ මම..? අනේ ඒ මොනවා සම්බන්ධවද... මට නම් හිතාගන්න බෑ... මොනවා සම්බන්ධවද මේ කියන්නෙ කියලා.’’
‘‘...ම්... මේ දිනක්‍ෂි කවදාවත්ම බොරු කියන බොරු කරන කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයාම කියන්නකො මම වාර්තාවක් තියන්න හදනවා කියන ඔය කතාව ගැන..’’
(හයියෙන් සිනාසෙමින්)... ආ, එහෙම ‘රෙකෝඞ්’ එකක් ගැනද ඔයා මේ අහන්නෙ...
‘‘ඔව්, වැඩි දෙනෙකුගෙ දෙවෙනි මනමාලි වුන කතාව නම් ඇත්ත. ඒත් මම එහෙම වුණේ. ඒකෙන් ‘රෙකෝඞ්’ එකක් තියනවා කියන අදහසකින් නම් නෙමෙයි. ඒක මම හිතලා උවමනාවෙන් කරගන්න දෙයකුත් නෙමෙයි. ඒ තුල තියෙන්නෙ පුංචි අහිංසක කැමැත්තක් විතරයි.
‘ඒ ගාන කීයද කියලා එකපාරටම මතකයට එන්නෙත් නෑ. එහෙම නම් ඉතින් එකේ ඉඳලා ගණන්කරගෙනම යන්න ඕනෙ. මම හිතනවා පහලොස් දෙනෙකුට වැඩි මනමාලියො පිරිසකගෙ මම දෙවැනි මනමාලි වෙලා තියෙනවා.’’
‘‘පටන් ගත්තෙ මගෙ බාප්පගෙ දුවගෙන්’’
‘‘ ඉෂාරා සඳමිණිගෙ..’’
අභිෂේකා විමලවීර, භාග්‍යා හෙට්ටිආරච්චි, සමාධි අරුණශාන්ති, ප‍්‍රතිභා හෙට්ටිආරච්චි, ගයත‍්‍රී රාජපක්‍ෂ, මේනකා පීරිස්, ලෝචනා ඉමාෂි... ඉෂාරා සඳමිනි..’’
ලෝචනාගේ දෙවැනි මනාලිය
‘‘ ඊළඟට ආරාධනයක් තවම ලැබිල නෑ..’’
‘‘මම ශ්‍රේෂාද්‍රිගේ අක්කානෙ.. ඒ නිසා ඒක සුදුසු නෑනෙ..’’
‘‘කිසිම රහසක් නෑ.. අපි යාළුවොනෙ. ඒක යාළුකම නිසා සිද්ධවෙන දෙයක්..’’
‘‘ඔව්, එහෙම එක අවස්ථාවක් තියෙනවා. ඒ උදාරි කෞෂල්‍යාගෙ.. එයා මට කතා කරද්දී.. ඒ දවස්වල මම ටෙලි නාට්‍යයක ෂූටින් වලට දින දීලා තිබුණා. ඒ නිසා ඒ අවස්ථාව මඟ ඇරුණා.
‘‘ඔව්, කාවිංග, මාධව, එරංග වගේ අය කීප අවස්ථාවකම මම දෙවෙනි මනමාලි වුන අයගෙ දෙවෙනි මනමාලයො වුණා..’’
‘‘ඇත්තටම ඒ හැම විවාහ උත්සවයක්ම ආදරණීය මතකයක් තමයි. ඒ හැම එකකම ‘‘ඩාන්සින් පාට්’’ එකකුත් තිබුණ නිසා. ඒවා හරි සුන්දර අත්දැකීම් වුණා...
‘‘අනේ නෑ.. එහෙම දේවල් දැනුනෙවත් නෑ..’’
‘‘... එහෙනම් ඉතින් මමත් නොදැනුනා වගේ ඉඳියි..
‘‘.. ම්... ඒක කියන්න බෑ..’’
‘‘ඒකත් කියන්න බෑනෙ..’’
‘‘.. අනේ නෑ... අනේ නෑ...’’
0 comments:
Post a Comment