මුල් ඡායා රූ-කෝසල සෙනරත්/ඇතුළත ඡායා රූ-ටෙනිසන් එදිරිසිංහ
(වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිණියක් හා රංගන ශිල්පිනියක් ලෙස නව පරපුරේ ජනප්‍රියත්වයක් දිනා ගත් "ඩිනක්ෂි ප්‍රියසාද්"මෙවර ආලින්දයට ගොඩවදී.දෙරණ නාලිකාව මගින් විකාශනය වන"වස්සාන සිහිනය"ටෙලි නාට්‍යයේ "චාපා"ගේ චරිතයට පණ පොවන හුරු බුහුටි කෙල්ල ඇයයි.)
* කොහොමද මේ දවස්වල ජීවිතේ?
"වස්සාන සිහිනය" ටෙලි නාට්‍යයේ වැඩ කටයුතුත් එක්ක මේ දවස් වල වැඩ සටහන් කිහිපයක නිවේදන කටයුතු කරනවා. වෙළඳ දැන්වීමකටත් සම්බන්ධ වුණා. ඒ වගේම තව ටෙලි නාට්‍ය 2කට ආරාධනා ලැබිලා තියෙනවා. කලා කටයුතු ඇරුණම මම වැඩි අවධානය යොමුකරල තියෙන්නෙ මගේ අධ්‍යාපනය ගැනයි. දැනට මම සිවිල් ඉංජිනේරු අංශයෙන් උපාධිය හදාරනවා. ඒත් එක්කම ලන්ඩන් A/L කරන්නත් බලාපොරොත්තු වෙනවා.
* ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙ කාගෙන්ද?
හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගෙදරට ලියුම්, සුබ පැතුම්පත් ලැබෙනවා. මගෙ ජංගම දුරකථනයට දවසකට කෙටි පණිවිඩ, ඇමතුම් හුඟක් ලැබෙනවා. පිරිමි ළමයින්ගෙන් වැඩි ප්‍රතිචාර ලැබෙනවා. මගෙ රඟපෑම් අගය කරනවා. පිරිමි ළමයි සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය බලනවා අඩුයි. ඒත් සමහරු මට කියනවා මං නිසාම ටෙලිනාට්‍ය බලන්න පුරුදු වුණා කියල. නමුත් මගේ රඟපෑම් ප්‍රතික්ෂේප කරන පිරිසකුත් ඉන්නවා. මම රංගනයට දක්ෂ නෑ කියනවා. ඒත් ඒ හැම ප්‍රතිචාරයක්ම මට සතුටක්.
* කටකතා වලට බයද?
නැහැ, ඇත්තටම බයක් නෑ. මම හිතන විදිහට කලා ක්ෂේත්‍රයේ හුඟක්ම කටකතා වලට මුහුණ දෙන්න වෙන්නෙ කාන්තා පාර්ශවයට. ඒත් ඒකට වගකිවයුත්තේත් එයාලමයි. මම හිතන්නෙ කලාව කියන්නෙ ලෝකයේ තියෙන උතුම්ම ක්ෂේත්‍රයක්. නමුත් මිනිස්සු හිතන්නෙ නරකම මිනිස්සු ඉන්නෙත් කලා ක්ෂේත්‍රයෙ කියලයි. එයාලගෙ වැරදි හැසිරීම නිසයි ඒ වගේ කටකතා පැතිරෙන්නෙ. කලා ශිල්පිණියන් විදිහට නිවැරදිව හැසිරෙනවා නම් කටකතා වලට බිය විය යුතු නෑ. තමන්ගෙ සීමාව හඳුනාගෙන කා සමඟත් කටයුතු කළ යුතුයි. මමත් ක්ෂේත්‍රය තුළ වැඩ කරද්දී බොහොම ප්‍රවේශම් වෙනවා. මගෙ චරිතයට හානියක් නොවෙන විදිහට හැසිරීමට. මම ඒකෙන් අදහස් කළේ අහංකාර වෙන්න ඕන කියල නෙමේ. නමුත් සීමාව හඳුනාගත යුතුයි. මොකද අපට කවදාවත් මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න බෑ.
* කටකතා සම්බන්ධයෙන් ඔබට යම් අත්දැකීම් වලට මුහුණදීමට සිදුවෙලා නැද්ද?
ලොකු අත්දැකීම් නෑ. ඒත් එක් සිදුවීමක් මට මතකයි. නාමල් රාජපක්ෂ, යෝෂිත, රෝහිත අයියලා මගේ හුඟක් හොඳ යාළුවො. අපි ඇසුරු කරන්නෙ සහෝදරයො වගේ. අපේ පවුල් දෙකත් හුඟක් එකතුයි. එකපාරක් අපි විනෝද චාරිකාවක් ගිය වෙලාවක මමයි, නංගියි, නාමල් අයියයි ෆොටෝ එකක් ගත්තා. ඒ ෆොටෝ එක ඊට පස්සේ පත්තරේක පළවුණා. නමුත් ඒ වැරදි ප්‍රවෘත්තියකුත් එක්ක. නමුත් ඇත්තටම අපට ඒක ගැටලුවක් වුණේ නෑ. මොකද අපි දන්නවා ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා. ඒ වගේ බොරු කටකතා නවත්වන්න අමාරුයි. මම ඒ ගැන කනගාටුවෙන්නෙ නෑ. ඒ වගේ බොරු දේවල් වැඩි කාලයක් රැෙඳන්නෙ නෑ. කාලයත් එක්ක මැකිල යනවා.
අද ක්ෂේත්‍රය තුළ මතයක් තියෙනවා තරුණ ශිල්පිණියකට දිගු ගමනක් යාමට අවශ්‍ය නම් හැකියාව වැදගත් වෙන්නෙ නෑ. ඒ සඳහා වෙනත් කැපකිරීම් කිරීම අවශ්‍යයි කියලා. ඒ ගැන ඔබ දරන මතය මොකක්ද?
� � හැකියාවක් නැතුව දක්ෂ රංගන ශිල්පිණියක් වෙන්න බෑ. ඊට අමතරව මම හිතන්නෙ වාසනා ශක්තියත් තියෙන්න ඕන. මම දන්නවා මට වඩා හුඟක් දක්ෂ අය ඉන්නවා ක්ෂේත්‍රයට පිවිසීමට හැකියාවක් නැතුව. මම රංගනයට ඒ තරම් දක්ෂ නෑ. ඒත් මම හිතනවා මට ලොකු වාසනාවක් තිබුණා මේ තරම් පැමිණෙන්න. ඒ ගැන මට සතුටුයි. ඒත් මම දැකල තියෙනවා දැන් බොහෝදෙනෙක් වැරදි මාර්ග වලින් ක්ෂේත්‍රයට පැමිණීම ප්‍රවණතාවක් කරගෙන. ජනප්‍රියත්වය වගේ තාවකාලික දෙයක් වෙනුවෙන් තමන්ගෙ චරිතයට හානියක් වෙන විදියට හැසිරීම අනුමත කරන්න බෑ. ජනප්‍රියත්වය හැමදාමත් රඳවගන්න බෑ. අවුරුදු කිහිපයක් තියේවි. ඒත් ඊට පස්සෙ මිනිස්සුන්ට මුහුණදෙන්නෙ කොහොමද කියන දේ හිතන්න ඕන. ඒ තත්ත්වය ඇතිකරගෙන තියෙන්නෙත් අපේ රංගන ශිල්පිණියන්මයි. සමහර අවස්ථාවල ඇතැම් ශිල්පිණියන්ගෙ හැසිරීම් දකිද්දී කළකිරීමක් ඇතිවෙනවා.මේ දේවල් නිසා කලාවට බැණල වැඩක් නෑ. කරන දේ හරියට කරන්න අපි දැනගන්න ඕන. මමත් චරිතයක් තෝරාගැනීමට පෙර ඉන් මට ඇතිවන බලපෑම ගැන අනිවාර්යයෙන් හිතනවා.
* යම් කෙනෙක් ඔබට චෝදනා කළොත් කෙටි කාලයක් තුළ ඔබට කලා ක්ෂේත්‍රයේ මේ තරම් දුරක් පැමිණීමට හැකියාව ලැබුණේ ඔබේ පියා (දිනේෂ් ප්‍රියසාද්) නිසයි කියල. ඒ ගැන මොකද හිතන්නේ..?
ඇත්තටම. මම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මුලින්ම මම "පුංචි පැංචි" වැඩ සටහනේ නිවේදන කටයුතු වලිනුයි කලාවට සම්බන්ධ වුණේ. මං ඒ වැඩසටහනට තේරුණේ 20දෙනෙක් අතර පැවති සම්මුඛ පරීක්ෂණයකින්. ඒත් එතකොටවත් ඒ වැඩසටහනේ නිෂ්පාදකවරුන් දැනගෙන හිටියේ නෑ මම දිනේෂ් ප්‍රියසාද්ගෙ දුව කියලා. "වස්සාන සිහිනය" ටෙලි නාට්‍යයේදිත් එහෙමයි. සමහර වැඩසටහන් වල මම ඉන්නවා කියල තාත්තා දැනගන්නෙත් රූපවාහිනියෙන් මාව දැක්කමයි. මට හැමදේටම උදව් කරන්නෙ අම්මා. මම තාත්තාගෙන් ගුරු හරුකම් ලබාගන්නවා. නමුත් කවදාවත් මම රැකියාවක් හොයාගන්න මගෙ තාත්තාගෙ නම පාවිච්චි කරන්නෙ නෑ. මට හැකියාවක් නැතත් තාත්තා නිසා මට අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ වගේම තාත්තා නිසා හැකියාව තිබියදී අවස්ථාව නොලැබෙන්නත් පුළුවන්. මොකද තාත්තාගේ තරහකාරයොත් ක්ෂේත්‍රය තුළ ඉන්නවා. මගේ හැකියාවෙන්, ඒ වගේම මගේ සීමාව තුළ ඉඳගෙන කලාව තුළ ඉදිරියට යනවා. නමුත් කවදාවත් මගේ නම කැත කරගෙන මම ජනප්‍රියවෙන්න උත්සාහ කරන්නෙ නෑ.
* ලංකාවේ තරුණ කලා ශිල්පිණියන්ට, ප්‍රවීණයන්ට සාපේක්ෂව සමාජය තුළ ලැබිය යුතු ෙගෘරවය හිමිවන්නෙ නෑ නේද?
ඒකට හේතුව වර්තමානයේ කලා ශිල්පීන් පැරණි ශිල්පීන්ට වඩා වැඩිපුර සාමාන්‍ය ජනතාවත් සමඟ ගැටෙනවා. ජනතාවට නිතරම පොදු ස්ථාන වලදි කලාකරුවන් දකින්න ලැබෙනවා. ඒ නිසා මම හිතනවා ජනතාව තුළ කලාකරුවන් කෙරෙහි තියෙන වටිනාකම, අගය අඩුවෙලා කියලා. නමුත් කලා ශිල්පිණියන් කෙරෙහි ජනතා ෙගෟරවය අඩුවීමට හේතුවක් ලෙස මම දකින්නෙ ඔවුන්ගේ හැසිරීමයි. එහි වරදත් අපේ ශිල්පිණියන්ගෙමයි.
* මේ දක්වා දායක වුණු නිර්මාණ ගැන සෑහීමට පත්වෙනවද? දිගටම කලා ක්ෂේත්‍රය තුළ රැඳී සිටීමට බලාපොරොත්තු වෙනවද?
කලාව තුළ පුංචි කාලයක් තුළ මේ දක්වා පැමිණි ගමන ගැන සෑහීමට පත්වෙනවා. මම හුඟක් වාසනාවන්තයි කියලා හිතනවා. නමුත් රංගනය ගැන සෑහීමට පත්වෙන්නෙ නෑ. සමහර වෙලාවට "වස්සාන සිහිනය" ටෙලි නාට්‍යයේ මම කරපු රඟපෑම් දකිද්දි මටම හිනායනවා. මම රඟපානවා මදි කියල හිෙතනවා. රංගනය තුළ මගෙ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මම මුල්තැන දෙන්නෙ මගෙ අධ්‍යාපනයට. සීනිබෝල චරිතයක් කියනවට වඩා මම කැමතියි උගත්, ඉහළ අධ්‍යාපනයක් ලද ශිල්පිණියක් විදිහට ජනතාව තුළ ගෞරවයක් ලබාගන්න.
* පුංචි තිරයේ "චාපා-කසුන්" වගේද සැබෑ ජීවිතයේ "ඩිනක්ෂි-මාධව"ත්?
අනේ! නෑ, මාධව අයියයි මමයි හුඟක් හොඳ යාළුවෝ. ක්ෂේත්‍රය තුළ එකට වැඩකරද්දි දකින අය ඒ වගේ දේවල් හිතන්න පුළුවන්. අපිට පිටස්තරයො වගේ හැසිරෙන්නත් බෑ. නමුත් කලිනුත් කිව්වා වගේ හැමවෙලේම මම උත්සාහ කරනවා මගෙ චරිතයට හානියක් නොවෙන විදිහට අපි අතර බැඳීම් පවත්වගන්න. ආදරය පිළිබඳ හැඟීම් ඇතිවෙලා නෑ කියලා මම කියන්නෙ නෑ. ඒත්, මගෙ අධ්‍යාපන කටයුතු නිසා ඒ දේවල් දුර දිග ගියේ නෑ. අම්මාගෙයි තාත්තගෙයි කැමැත්ත මත මගේ ජීවිතේ ඒ දේවල් තීරණය වේවි.
* ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා කරදරවලට මුහුණ දීපු අවස්ථා නැද්ද?
නැහැ, ඇත්තටම මගෙ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මට කරදරයක් නෙමේ. මට හුඟක් ප්‍රතිචාර ලැබෙනවා පුංචි නංගිලා මල්ලිලාගෙන්. ඒ වගේ එක් සිද්ධියක් මට මතකයි. මම එක දවසක් කොළඹ විශාකා විද්‍යාලයේ තිබුණ උත්සව අවස්ථාවකට සහභාගි වුණා. එදා මාව දැකලා පුංචි නංගිලා මාව වටකරගෙන සමරු පොත් වලට අත්සන් ගන්න පටන්ගත්තා. ඒ වෙලාවෙ ඇත්තටම අපහසුතාවයට පත්වුණේ මම නෙමේ පාසලේ ගුරුවරු. මට ඒ වෙලාවෙ දැනුණේ කරදරකාරී හැඟීමක් නෙමේ. ලොකු සතුටක්.
* තරුණ කලා ශිල්පිණියක් තමන්ගේ ඇඳුම් විලාසිතා තෝරාගැනීමේදී යම් පාලනයක් තිබිය යුතුයි කියල හිතනවද?
ඇතැම්විට තමන්ට ලැබෙන චරිත අනුව නිළියකට ඇඳුම් විලාසිතාවල පාලනයක් තියාගන්න බැරිවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පිහිනුම් ක්‍රීඩිකාවකගේ චරිතයක් රඟපාන්න ලැබුණොත් අනිවාර්යයෙන්ම පිහිනුම් ඇඳුමක් අඳින්න වෙනවා. එහි වරදක් දකින්න බෑ. නමුත් මම කවදාවත් එවැනි චරිත භාරගන්නෙ නෑ. මම චරිත තෝරාගන්නෙ සීමාවක් තුළ ඉඳගෙන. විලාසිතා කිරීමත් වරදක් නෙමේ. නමුත් අද අපිට හුඟක් වෙලාවට දකින්න ලැබෙනවා බොහෝ ශිල්පිණියන් සාමාන්‍ය අවස්ථාවන්ට පවා සහභාගි වෙන්නේ අශෝබන ඇඳුම් ඇඳගෙන. ඒක අනුමත කරන්න බෑ. කලා ශිල්පිණියන් කියන්නෙ සමාජය තුළ ජනප්‍රියත්වයක් ලබාගත් පිරිසක්. නිතරම ජනතාව ඔවුන්ව අනුකරණය කිරීමට පෙළඹෙනවා. ඒ නිසා අපි නිතරම ජනතාවට නිවැරදි දේ ලබාදිය යුතුයි. ඒකෙදි අපේ හැසිරීම ඉතාම වැදගත්වෙනවා.
thanks for Adaderana