Saturday, May 9, 2015

Tagged Under: ,

What It's Like to Have Severe Vaginismus

By: Prosperity Tech On: 6:48 PM

ලිංගික එක්වීමට ඇති බිය වැජිනිස්මස් (Vaginismus )

ලිංගික එක්වීමට ඇති බිය වැජිනිස්මස් (Vaginismus ) රෝගයට ප්‍රධාන ලෙස බලපානවා කාන්තාවන් අතර බහුලවම දක්නට ලැඛෙන ලිංගික ගැටලුව වන්නේ වේදනාකාරී සංසර්ගයයි.

මෙය උගත් නූගත් දෙපිරිසම මහත් සේ පීඩාවට පත්කරවන තත්ත්වයක් බවට පත්වීම නිසාමත් අපවෙත ලැබුණු ගැටලු අතරින් බොහොමයක් මේ හා සම්බන්ධකම් පවත්වන නිසාත් මෙවර වැජිනිස්මස් රෝගය හෙවත් සංසර්ග භීතිකාව පිළිබඳව සාකච්ඡා කරන්නට අප තීරණය කළා. වැජිනිස්මස් රෝගී තත්ත්වය හා ඊට පිළියම් සම්බන්ධයෙන් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් අතර ගැමි කාන්තාවන් මෙන්ම වෛද්‍යවරියන්, හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, ගුරුවරියන් මෙන්ම රජයේ හා පෞද්ගලික අංශයේ ඉහළ නිලතල දරණ අයද වෙනවා. මේ අනුව පෙනී යන්නේ වැජිනිස්මස් හෙවත් යෝනි ප්‍රදේශය තදින් සංකෝචනය වීමේ රෝගී තත්ත්වයට නූගත්කම හෝ නොදැනුවත්කම බල නොපාන බවයි.

මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු වන්නේ තම ලිංගික සහකරු සමඟ ලිංගිකව එක්වීමේ ආශාව ඇතත් යෝනි සංසර්ගය ආරම්භයේදීම ඇතිවන වේදනාව නිසා ලිංගික ආශාව සහ ලිංගික හැඟීම් පහව ගොස් සිත් තැවුලට පත්වීමයි.
යෝනි ප්‍රදේශයේ ඇති පේශීන් තදින් සංකෝචනය වීම හෙවත් වැජිනිස්මස් (Vaginismus ) හෙවත් සංසර්ග භීතිකාව සඳහා හේතු කීපයක් බලපානවා.

පිරිමියකු සමඟ ලිංගිකව හැසිරීම යනු
* අසභ්‍ය හා වැරදි සහගත දෙයක් ලෙස සිතන මානසිකත්වයකින් පසුවීම.
* කුඩා කාලයේදී අප්‍රසන්න ලිංගික අපචාරණයකට හෝ දූෂණයකට ලක්වීම.
* ගර්භ වීම පිළිබඳ අධික බියකින් පසුවීම

* ප්‍රථම ලිංගික එක්වීමේදී අධික වේදනාවක් සහ අධික රුධිර වහනයක් ඇති වෙතැයි යන අනියත බිය.
* තම විවාහයට අකමැති හෝ ඊර්ෂ්‍යා කරන අයෙක්, ලිංගික සංසර්ගය අවහිර කිරීම සඳහා කොඩිවින කිරීම මඟින් කල බන්ධනයක් කර ඇතැයි යන විශ්වාසය.මෙහිදී පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ මානසික තත්ත්වයන් මේ සඳහා බලපාන බවයි.

වැජින්ස්මස් රෝගයට ප්‍රතිකාර ලබාදීමේදී උපදේශනය, මනෝමය ප්‍රතිකාර මෙන්ම නිවැරදි ඉරියව්ව, නිවැරදි පරිසරය සහ ලිස්සන ජෙල් වර්ග භාවිතයට උපදෙස් දීමද වෛද්‍යවරුන් විසින් සිදු කරනවා.

කෙසේ වෙතත් වැජිනිස්මස් රෝගයේ මූලික අවස්ථාවේදීම වෛද්‍යවරයකු ලවා නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සියයට සීයක ප්‍රතිඵල ලබාගත හැකියි. උපදේශනය තුළින් රෝගී තත්ත්වය පහව නොයන්නේ නම් යෝනි ආතතිය දුරලීමේ ව්‍යායාම සඳහා කාන්තාව යොමු කළ යුතු වෙනවා. යෝනි ආතතිය දුරලීමේ ව්‍යායාමයට හුරු කිරීම මඟින් යෝනි මාර්ගයේ වේදනාව පහව යාම සිදු වෙනවා. මෙය පළමුව තමන් තනියමත් ඉන්පසු තම සහකරු සමඟත් සිදුකළ යුතු වෙනවා.

ඈත අතීතයේ සිට පැවත එන කලව බන්ධනය නිසා බොහෝදෙනෙකු පීඩා විදින නිසා එහි දුර්මතද අප බැහැර කළ යුතු වෙනවා. වැජිනිස්මස් රෝගයේදී යෝනි මාර්ගය අවට පේශීන් මෙන්ම යටිබඩේ සහ කලවා ප්‍රදේශයේ පේශීන්ද තදින් සංකෝචනය වීම නිසා වැජිනිස්මස් රෝගයට අතීතයේදී කලවා බන්ධනය යැයි කියනු ලැබුවා.

ලිංගික ක්‍රියාවලිය සාර්ථක ලෙස සිදුවීම වැළැක්වීම සඳහා මනාලිය පිළිබඳ බලාපොරොත්තුවෙන් සිට, එය ඉෂ්ඨ නොවූ කළ ද්වේෂයට පත් දුෂ්ඨයා විසින් කපන ලද කොඩිවිනයක් නිසා කලවා බන්ධනය සිදු වූ යැයි විශ්වාස කිරිම නිසා දරු සම්පතක් ලබා ගැනීමට පවා නොහැකි වූ කාන්තාවන් මට හමු වී තිඛෙනවා. මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී රෝගියා සමඟ පුළුල් සාකච්ඡාවක් ඇතිකර ගත යුතුයි.

මේ සඳහා බලපෑ සියලුම කාරණා වෛද්‍යවරයා විසින් දැන ගැනීමෙන් පසු ඇයගේ මනස සුවපත් කිරීම පළමුව කළ යුතු වෙනවා. ඉන්පසු ඇයට ලිංගික ක්‍රියාවලියේ විද්‍යාත්මක පැත්ත වෛද්‍යවරයා විසින් පහදා දීම කළ යුතු වෙනවා. දරු ප්‍රසූතියකදී දරුවෙකුගේ හිසක් යෝනි මාර්ගය හරහා එළියට එන්නේ නම්, ලිංගික එක්වීමේදී සිදුවන ක්‍රියාවලිය පිළිබඳ බියක් ඇතිකරගත යුතු නොවන බවද ඇයට පහදා දියයුතු වෙනවා.

පළමු යෝනි සංසර්ගය වේදනාකාරී යැයි සිතන කාන්තාවන්ට වැජිනිස්මස් රෝගය වැළඳීමේ ප්‍රවණතාවය ඉතාම වැඩියි. මෙවැනි මිත්‍යා විශ්වාසයන් කාන්තාවන්ගේ මනසට වැඩි වශයෙන් ඇතුළු වන්නේ පාසල් යන වයසේදීයි. වැජිනිස්මස් රෝගයෙන් පෙළුණු බොහෝ කාන්තාවන්ට මෙම වැරදි තොරතුරු ලබා දී තිබුණේ තම පාසල් කාලයේ පන්තියේ යෙහෙළියන් බවද පැවසිය යුතුයි.

0 comments:

Post a Comment