Friday, May 1, 2015

Tagged Under: ,

Parents Protest Asking For Their Daughter

By: Prosperity Tech On: 4:52 AM

රාජිතගේ පුතාගෙන් දුව ඉල්ලා දෙමාපියන් උද්ඝෝෂණයක්

අමාත්‍ය රාජිතගේ පුතු පැහැරගත් දැරියගේ මාපියන් මානව හිමිකම් කොමිසමට

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයෙකු විසින් පැහැරගත් බව පැවසෙන දැරියගේ මාපියන් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමි‚යා.ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිසි පරිදි විමර්ශන සිදු නොකිරීමෙන් තමන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට පැමි‚ලි කිරීම සදහායි.

අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත්‍රයෙකු විසින් පැහැරගත් බව කියන දැරියගේ දෙමව්පියන් ඊයේ (30) ජාතික ළමා ආරක්ෂක අධිකාරියට එරෙහිව මානව හිමිකම් කොමිසම වෙත පැමි‚ල්ලක් සිදුකළා. ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම අධිකාරියට පැමි‚ලි කර දින 40 කට ආසන්න කාලයක් ගතවූවත්, නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසමින්. ඒ අනුව පැමි‚ල්ලේ වගඋත්තරකරුවන් ලෙස එම අධිකාරියේ සභාපතිවරිය, එහි උප සභාපතිවරයා සහ එහි පිහිටුවා ඇති විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා නම් කර තිඛෙනවා.

මේ අතර, අදාළ දැරියගේ මව, පියා ඇතුළු තවත් බොහෝ පිරිසක් ඊයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ඊට ස්වාමීන් වහන්සේ කිහිප නමක්ද එක්ව සිටියහ.

අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත්‍රයෙකු වන එක්සත් සේනාරත්න එවක 16 හැවිරිදි වියේ පසුවූ දිනිති ආලෝකා රණසිංහ දැරිය පැහැරගෙන තිබුණේ පසුගිය වසරේ පෙබරවාරි මස 24 වනදායී.

0 comments:

Post a Comment