Wednesday, April 8, 2015

Tagged Under: , ,

Rowan Atkinson, 60, steps out with girlfriend Louise Ford, 32

By: Prosperity Tech On: 6:47 PM

මිස්ටර් බීන්ගෙ නාඹර පෙම්වතිය

මුළු ලොවක් තම හාස්‍ය රසයෙන් පිනවාලූ මිස්ටර් බීන් පිළබඳව නොදන්නා කෙනෙක් නොමැති තරම්. මිස්ටර් බීන්ගෙ සැබෑ නම වන්නේ රෝවන් ඇට්කින්සන්. මේ වන විට 60 වන වියේ පසුවන රෝවන් ඇට්කින්සන්ගේ පෙම්වතියගේ වයස අවුරුදු 32 ක් වෙනවා.
ලූසි ෆෝර්ඩ් නම් වන ඇයද වෘත්තියෙන් නිළියක්. රෝවන් ඇට්කින්සන් (මිස්ටර් බීන්) සහ ලූසිගෙ ප්‍රථම හමුව සිදුව ඇත්තේ 2012 වසරේදී. ඒ ඔවුන් දෙදෙනා රංගන දායකත්වය ලබා දුන් ක්වාර්ටර්මේන්ස් ටර්ම්ස් නිර්මාණය අතරතුරදීයි.
කෙසේ වෙතත් මොවුන්ගේ ආදර කථාව කරලියට පැමිණියේ මීට වසරකට පෙරදී.

රෝවන් ඇට්කින්සන් (මිස්ටර් බීන් ) සහ පෙම්වතිය ලූසි ෆෝර්ඩ්
රෝවන් ඇට්කින්සන් නොහොත් මිස්ටර් බීන් මීට පෙර විවාහ වී සිටියේ සුනේත්‍රා සාස්ත්‍රී නම් වන අංග රචන (Make-up Artist) ශිල්පිනිය සමගයි. ඇය බී බී සී මාධ්‍ය ආයතනයේ සේවිකාවකි. ඉන්දීය සම්භවයක් ඇති ඇගේ පිය ඉන්දීය ජාතික ඉන්ජිනේරුවෙකි. 80 දශකයේ අගදී ඇරඹුන එම ආදරය විවාහට හැරුණේ 1990 දී. එම විවාහයෙන් රෝවන්ට දරුවන් දෙදෙනෙකු සිටිනවා.
කෙසේ වෙතත් වසර 23 ක විවාහ දිවියට සමුදුන් රෝවන් මේ වන විට නාඹර තරුණියකගේ ආදරයට හිමිකම් කියයි.
රෝවන් ඇට්කින්සන්ගේ වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 85 කි. එය රුපියල් වලින් සඳහන් කලහොත් රුපියල් 16,717,729,146 කි. තවත් විදියකින් සඳහන් කලහොත් එය රුපියල් මිලියන 16,717 කි.
rowan-atkinson-and-his-girl-friend-lucy-ford-2
රෝවන් ඇට්කින්සන් සහ ඔහුගේ පෙම්වතිය පසගියදා ආපන ශාලවකට ගිය අයුරු


0 comments:

Post a Comment