Wednesday, April 8, 2015

Tagged Under: , , ,

Celebs who had plastic surgery

By: Prosperity Tech On: 7:31 PM

සැත්කම්වලින් ලස්සනවෙන තරු




ප්ලාස්ටික් සැත්කම් යනු අද සමාජයේ  බහුලව සිදුකරනු ලබන සැත්කම් විශේෂයකි. හදිසි අණතුරුවලදී මෙන්ම රූපලාවන්‍ය කටයුතුවලදී ද ප්ලාස්ටික් සැත්කම් කරනු ලබයි. ඒ සඳහා  විශාල මුදලක් වැයකරන අවස්ථා ද අසන්නට ලැබේ. එසේ විශාල මුදලක් වියදම්කර තම ශරීරයේ විවිධ කොටස් වෙනස්කර ගන්නා සුපිරි තරු පිළිබඳව ද බොහෝවිට වාර්තා වේ. පහත දැක්වෙන්නේ එසේ තම ශරීර වෙනස්කර ගත් තරු කිහිපයකි.
කිිිම් කාඩිෂන්
Kim-Kardashian (1)
කිම් ඇයගේ ශරීරයේ  විවිධ කොටස්වලට ප්ලාස්ටික් සැත්කම් කිහිපයක්ම කර ඇති බව වාර්තා වේ. පියයුරු සහ නිතඹ ප්‍රදේශයේ හැඩය වෙනස් කිරීම සඳහා මෙන්ම මුහුණට ද විශේෂ ප්ලාස්ටික් සැත්කම්කර තිබේ.
ප්‍රියන්කා චොප්රා
Priyanka-Chopra
බොලිවුුඩ් තාරකාවක්වන ප්‍රියන්කා ඇයගේ නාසයේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස්කොට ඇත්තේ ප්ලාස්ටික් සැත්කමකට භාජනය කිරීමෙන් බව වාර්තා වේ. එසේම ඇය සමේ වර්ණය වෙනස් කිරීම සඳහා ද සැත්කමක් සිදුකර ඇති බව සඳහන් වේ.
කන්ගනා රනාවන්
Kangana-Ranaut
කන්ගනා ඇයගේ තරුණ පෙනුම රැකගැනීමට විශේෂයෙන් මුහුනේ සැත්කම් කිහිපයක් කරඇති බවත්  ඒ නිසා ඇයට සුන්දර පෙනුමක් ලැබුනු බවත් ඇය පවසයි.
ජෙනිෆර් ලෝෆේස්
Jennifer-Lopezජෙනිෆර් තම නලළ ප්‍රෙද්ශයේ සහ ඇස්වටා සමේ ඇති රැළි නැතිකර ගැනීම සඳහා විශාල මුදලක් වියදම්කොට ප්ල්ස්ටික් සැත්කමක් කරඇති බව සඳහන් වේ. එම හේතුව නිසා ඇයට වයස අවරුදු 40 ඉක්මවූව ද තවමත් තරුණ පෙණුමක් තිබෙන බව  වාර්තා වේ.
ෂාරුක් ඛාන්
shahrukh-khan (1)
සුපිරි නළු ෂාරුක් තම හිසකෙස් දීප්තිමත්ව සහ ශක්තිමත්ව තබා ගැනීමට සැත්කම් කිහිපයක් කරතිබේ.
බ්‍රිට්නි
Britney-Spears
සුපිරි ඇමරිකානු ගායිකාවක වන බ්‍රිට්නි ස්පියර්ස් තම නාසය තම මුහුණට ගැලපෙන පරිිදි වෙනස්කර ගැනීම සඳහා ප්ලාස්ටික්  සැත්කමක් සිදුකර තිිිිබේ. ඇය පවසන්නේ මුහුනේ ඇතුලට එබී තිබූ නාසය එම සැත්කම මගින් වෙනස්කල පසු ඇයගේ මුහුණට නව පෙනුමක් ලැබුණ බවයි.
ප්‍රීති සින්ටා
Preity-Zinta
නිලියකට අවශ්‍යයැයි සැලකෙන සරාගී පෙනුම ලබාගැනීම සඳහා ප්‍රීති සැත්කම් කහිපයකටම භාජනය වී තිබේ. ඒ අතර ඇයගේ දෙතොලෙහි ද වෙනස්කම් කිහිපයක් මෙම සැත්කම මගින් වෙනස්කර තිබේ.
රානි මුකර්ජි
Rani-Mukerji
රානි ද ඇයගේ නාසය සහ මුහුණේ සමහර ප්‍රදේශ ප්ලාස්ටික් සැත්කම්වලට භාජනයකර පෙනුම වෙනස්කර ගත් තවත බොලිවුඩ් තාරකාවකි.
මල්ලිකා ෂෙරාවට්
Mallika-Sherawat
මල්ලිකාගේ උදරය ඉදිරියට නෙරා ඒම වැලැක්වීම සඳහා ඇය විශේෂ සැත්කමක් සිදුකර තිබේ. ඒ තුළින් ඇයගේ ශරීරයේ හැඩය පවත්වා ගැනීමට හැකි වූ බව ඇය පවසයි.
එසේම රන්බීර් කපූර්, සායිෆ් අලී ඛාන්, කරීනා කපූර් ඇතුළු තාරකාවන් කිහිපයක්ම විවිධ අන්දමේ ප්ලාස්ටික් සැත්කම් තුලි්න් තම පෙනුම වෙනස්කර ඇති බව වාර්තා වේ.

You may also like
සල්මන්ගෙ නඩුව අද- පැරදුනොත් 10 කට හිරේ

Leave a Reply


0 comments:

Post a Comment