Friday, February 6, 2015

Tagged Under: , ,

Cricket World Cup Song 2015 - Kirula Genemu - CENTIGRADZ ft. Sachithra Senanayake

By: Prosperity Tech On: 12:36 AM

CENTIGRADZ සමඟ සචිත්‍ර සින්දු කියලා – වීඩියෝව මෙන්න


එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක්වන CENTIGRADZ සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ගීතයක් ගායනා කර තිබේ.

Kirula Genemu ලෙස නම් කර ඇති මෙම ගීතය රචනා කර තිබෙන්නේ තිලාන් රංගන විසිනි.

ගීතය පහතින් නරඹන්න


adaderana.lk



දිරිය දෙන්න කොල්ලනේ....
මෙන්න මෙන්න මෙහෙ වරෙව්....
දිරිය දෙන්න කෙල්ලනේ...
මෙන්න මෙන්න මෙහෙ වරෙව්....

මෙන්න මෙන්න මෙහෙම.. මෙන්න මෙහෙම...
මෙන්න මෙහෙ වරෙව්...

සිංහ කොඩිය ලොව හොල්ලන කාලේ අවිල්ලා...
අපට උරුම කිරුල ගන්න එකතු වෙයල්ලා..
එක්වම යමු පෙරටම ජය කෙහෙළි නංවලා..
සිංහ නාද පතුරමු අපේ කොල්ලෝ දිනවලා..


පම් පම් රපම් පපම්... පම් පම් රපම් පපම්...
පම් පම් රපම් පපම්... පම් පම් රපම් පපම්...


දස්කම් තම නමට නොවේ
මුළු රටටයි දිරිය හිතේ
දහසක් බාධක අවත්
මේ පාරත් දෙනවා බැටේ

බැට් එක අතින් අරන්
සහස් පැතුම් හිතේ දරන්
ශ්‍රී ලංකන් අපෙ කොල්ලෝ
වැඩ කිඩ පෙන්නන ලස්සන

යෝකර්ස් සික්සර්ස්
පපරේ එක්ක ෆුල් ෆීචර්ස්
සිංහ පැටව් රජ වෙයි ලොව
අනිත් ටීම්ස් යවයි ගෙදර

එක තමයි අපි කියුවේ
අපිත් එක්ක බෑ කියුවේ
ජය ඝෝෂා හතර වටේ
සිංහ ධජය ලොවම දිලේ


දිරිය දෙන්න කොල්ලනේ....


ක්‍රිකට් අපේ ප්‍රාණයයි...
දේශයේ අභිමානයයි...
ලොවේ උතුම් දේශයයි...
අපට උරුම සිහසුනයි..

ක්‍රිකට් අපේ ප්‍රාණයයි...
දේශයේ අභිමානයයි...
ඔබේ පැතුම් උරුමය ගෙන එන්න කැප වෙලා...
කිරුල ගෙනෙමු අයෙත් අපි සැවොම එක් වෙලා..


දිරිය දෙන්න කොල්ලනේ...

0 comments:

Post a Comment