Thursday, January 15, 2015

Tagged Under: ,

Protests in Mahiyangana against the move to take Anura Vidanagamage to the government.

By: Prosperity Tech On: 10:13 PM

අනුර නිසා හරීන් හරි අමාරුවක

ඌව පළාත් සභාවෙි හිටපු අමාත්‍ය අනුර විදානගමගේ මහතා ඌව පළාත් සභාවේ වත්මන් ආණ්ඩුව සදහා එක්කර නොගන්නැයි ඉල්ලමින් මහියංගන ප්‍රදේශවාසී විශාල පිරිසක් අද (15) මහා මාර්ගද අවහිර කරමින් මහියංගන නගරයේදි උද්ඝෝෂණයක් ඇරඹූහ. මීට දඹාන ආදිවාසි ගම්මානයේ සාමාජිකයින්ද එක්වි සිටිම විශේෂත්වයක් වේ.
 
පසු ගිය මැතිවරණ සමයේ යුද හමුදා ආබාදිත රණ විරුවන්ගේ කකුල් කඩාපු, බොරු කකුල් හොරකම් කරගෙන ගිය, කුඩා දරුවන්ට පවා මැරවරයන් ලවා ගුටි බැට දුන් මෙවැනි පුද්ගලයන් ආණ්ඩුවට සම්බන්ද කරගෙන තනතුරු හා වරප්‍රසාද දෙන්නේ නම් තමන් මින් ඉදිරයට ජනතා විමුක්ති පෙරමුණ් සාමාජිකයන් සදහා ඡන්දය ලබා දි බලයට පත් කිරිම ආරම්භකරන බව විරෝධතා කරුවන් ප්‍රකාශ කර සිටියා. මහියංගනය පදියතලාව මාර්ගය අවහිර කරමින් විරෝධතා කරුවෝ විරෝධතාවයේ යෙදි සිටියහ.
 
මෙම ගැටලුව සදහා විසදුම් ලබාගැනිම සදහා ඌව පළාත් මහ ඇමති හරින් ප්‍රනාන්දු මහතා දුරකථනයෙන් සම්බන්ධ වු අතර සෙනසුරාදා දහවල් 11ට මහියංගන නගරයට පැමිණ විසදුම් ලබාදෙන බවට පොරොන්දු විමෙන් පසු විරෝධතාවය අවසන් විය. එක්සත් ජාතික පක්ෂයේ මහියංගනය ආසන සංවිධායක හා ඌව පළාත් සභාවේ මන්ත්‍රි උපාලි සේනාරත්න මහතා මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.

ඒ අතර තුර ටෙලිකොම් සංඥා ප්‍රති විකාශන කුලුණක අඩි 200ක් පමණ ඉහලට නැගි පුද්ගලයෙකු කියා සිටියේ අනුර විදානගමගේ වැනි මැරවරයන් ඌව පළාත් සභාවට සම්බන්දකර නොගන්නා බවට පොරොන්දු වන තුරු කණුවෙන් නොබසින බවයි. පසුගිය මැතිවරණ සමයේ විශ්‍රාම ලත් ආබාධිත කර්නල් එම් චන්ද්‍රසිරි මහාට හා මැර ප්‍රහාරයක් එල්ල කළ අතර ඔහු මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි. කර්නල් චන්ද්‍රසිරි මහතාගේ බාල සොහොයුරු එම් පි ඩි සුරසේන මහතා මෙසේ විරෝධතාවය පල කරමින් කුලුනේ නැග සිටියේය.
 
රජයේ ඉහල දේශපාලන නායකයෙකුගේ පොරොන්දුවක් බලා පොරොත්තුවන බවත්කි අතර, මෙවැනි දේශපාලනයට සම්බන්ද කර ගැනිමෙන් යලි මහියංගනයේ ජනතාවට පසුගිය සමයේ ගුටි කෑමට සිදු වු ආකාරයෙන් ම ඉදිරියේදිත් ගුටි කැමට සිදුවන බවත් ඊට වඩා හොදයි පෙට්රල් දමාගෙන තමන් මේ කණුව උඩම ගිනිතබාගෙන මියැදෙන බව මෙම පුද්ගලයා ප්‍රකාශ කර සිටියේ ය.
 
ඌව පළාත් මහ ඇමති හරින් ප්‍රනාන්ද මහතා දුරකථනයෙන් මොහු සමග සම්බන්ද විමට උත්සාහ කළද ඔහු එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ තම බලය වෙනුවෙන් තමන්ගේ ඡන්ද දායකයන් අමතක කර, තමන් වෙනුවෙන් මැවරයන්ගේ ගුටි පුජා වලට ලක්වු විවිධ අපහසු තාවන්ට ලක්වු තමන්ගේ ජනතාව අමතක කර මැරයන් සමග අත්වැල් බද ගත් නිසා ඔහු තමන්ට විස්වාස කළ නොහැකි බව පවසමිනි.

nethfm.com
අනුර නිසා හරීන් හරි අමාරුවක
2015-01-15 18:32:28
      Views - 6775

02 01

0 comments:

Post a Comment