Wednesday, January 14, 2015

Tagged Under: ,

Protest against Gammanpila who was begging 100 rupees

By: Prosperity Tech On: 9:43 PM

'ගම්මන්පිලගේ' රුපියල් 100 ඉල්ලා අද උද්ඝෝෂණයක්

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පසුගිය පළාත් සභා මැතිවරණයේදී ජනතාවගෙන් රුපියල් 100 බැගින් අය කර ගත් මුදල් නැවත ඉල්ලා ජාතික හෙළ උරුමය අද (15) උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අද පස්වරුවේ බොරැල්ලේදී මෙම විරෝධතාවය පවත්වන බවත් යහපාලනය වෙනුවෙන් කැප වන බව පවසමින් උදය ගම්මන්පිල මහතා මෙම මුදල් එක්රැස් කළ බවත් හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
පසුගිය දා පළාත් සභා මැතිවරණයේදී ජනතාව තමන් වෙත ලබාදුන් ආධාර මුදල රුපියල් හතළිස් තුන් ලක්ෂ නවදහස් අටසියයක් බව ගම්මන්පිල මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණ.
එම මුදල් මැතිවරණ කටයුතු සඳහා යොදා ගත් ආකාරයද ඔහු විසින් අනාවරණය කරන ලදී.

(asianmirror.lk)

0 comments:

Post a Comment