නාසය කැඩුණු මාලකට සැත්කමක්
කොළඹ බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාත්‍රී සමාජශාලාවකට ඇතුළු වී බිමත්ව අශෝභන ලෙස හැසිරෙමින් විදේශ යුවළකට හිරිහැර කිරීමේ දී විදේශිකයාගෙන් පහරකෑමට ලක් වූ ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාගේ නාසයේ අස්ථිය බිඳීගොස් ඇති බවත් පුද්ගලික රෝහලක දී ඔහුට පළමු සැත්කම කර ඇති බවත් එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ‘රිවිර’ට ඊයේ (03) ප්‍රකාශ කළේය.මාලක සිල්වා මහතාගේ නාසයේ අස්ථිය දැඩිලෙස බිඳීගොස් ඇති බවත් හුස්ම ගැනීමේ අපහසුව හේතුවෙන් උගුර කන නාසය පිළිබඳ ශල්‍ය විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය ප්‍රථම ශල්‍යකර්මය සිදු කරමින් ඔහුට හුස්ම ගැනීමේ පහසුව සලසා ඇති බවත් එම වෛද්‍යවරයා පැවසීය.ඔහුගේ නාසයේ අස්ථිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්ලාස්ටික් ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය නිර්දේශ කර ඇති බව ද හෙතෙම පැවසීය.
මේ වන විට මාලක සිල්වා මහතා පුද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ දී වැඩිදුර ප්‍රතිකාර ලබන අතර ඔහුව සිංගප්පූරු රෝහලකට ගෙනගොස් නාසයේ ප්ලාස්ටික් සැත්කම කිරීමට ද විශේෂඥ වෛද්‍යවරිය නිර්දේශ කර තිබේ. මේ අතර රාත්‍රී සමාජශාලාවක දී විදේශ යුවළකට පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාව මත දැනට බන්ධනාගාරගතව සිටින ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගෙන් ඊයේ (03) කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
ඒ මාලක සිල්වා මහතා දැනට ප්‍රතිකාර ලබන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ගොසිනි. එහි දී දීර්ඝ ලෙස ප්‍රකාශය සටහන් කරගෙන ඇත.එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකළ පොලිසියට මෙම ගැටුම ඇතිවීමට ප්‍රධාන සිද්ධි දාමය හෙළිකර ගැනීමට හැකිවී ඇත. එනම් මාලක සිල්වා විසින් විදේශීය කාන්තාව සිපගෙන ඇති අතර එහි දී එම කාන්තාව සිය පාදයෙන් මාලක සිල්වාගේ යටිබඩට ප්‍රහාරයක් එල්ල කර ඇත. එම පහරත් සමග අඩපණ වූ මාලක සිය අතින් වෙර යොදා එම විදේශීය කතගේ මුහුණට පහරදී ඇත. එම පහරදීමෙන් ඇගේ තොල පැළී ලේ වැගිරීමට පටන්ගෙන ඇත. පසුව එය දුටු විදේශික කතගේ පෙම්වතා මාලක සිල්වගේ නාසයට ප්‍රහාරයක් එල්ල කර ඇත. එයින් මාලක සිල්වා ඇද වැටී ඇති අතර ඉන් අනතුරුව මාලකගේ සහචරයන් පිරිස එම යුවළට පහරදී ඇත. මේ සියලු සිද්ධිය සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී ඇති බව පොලිසිය සඳහන් කරයි. එසේම ඊයේ (03) දිනයේ එම රාත්‍රී සමාජශාලවේ ආරක්ෂකයන් පස්දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙන්වා ප්‍රකාශ ලබාගෙන ඇත. එහි දී සඳහන් කර ඇත්තේ එම සමාජශාලාවට ඇතුළු වන විට අවශ්‍ය අවසරපත්‍ර ලබාගත යුතු වුවත් ඔවුන් කිසි දිනෙක එම ශාලාවට ඇතුළු වන විට අවසරපත්‍ර නොගෙන බලහත්කාරයෙන් ඇතුළු වන බවය. කෙසේ වෙතත් ඊයේ (03) දිනය වන විටත් මාලක සමග සිටි සහචරයන් පිරිස අත්අඩංගුවට ගෙන නැති බව වාර්තා විය.
හර්ෂණී වීරරත්න/ගයාන් ගාල්ලගේ
(rivira.lk)
0 comments:
Post a Comment