Thursday, October 23, 2014

Tagged Under: , , ,

Crazy Topless Femen Destroys Putin Statue

By: Prosperity Tech On: 1:49 AM
නිරුවත් කත පුටින්ගේ කකුල කඩයි
ලක්ෂ දෙක හමාරක් දඩ


රුසියා ජනාධිපති වැලඩිමීර් පුටින්ට පා පහරක් එල්ල කර ඔහුගේ පාදයක් කැඩූ අඩනිර්වත් කාන්තාවකට පසුගියදා පැරීසියේ ඉහළ අධිකරණයකින් යුරෝ 1500ක (රුපියල් 250469) දඩයක් නියම කළේය. සිද්ධිය සැකවින් මෙසේය¦

පැරීසියේ පිහිටි සුප්‍රසිද්ධ මැටි රූප ග්‍රාවින් කෞතුකාගාරය බොහෝ විදේශිකයන් නැරඹීමට පැමිණෙන සුවිශේෂි ස්ථානයකි. ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ප්‍රතිමා වලින් මෙම කෞතුකාගාරය පිරී ඉතිරී වර්ණවත්වී ඇත්තේය. මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා, ජෝන් එෆ් කෙනඩි, මයිකල් ජැක්සන්, මොහොමඩ් අලී, ජෝන් ලෙනන් ,ලෝක ජන නායකයෝ ඒ අතරින් කිහිප දෙනෙකි. ඔවුන් අතරට රුසියා ජනාධිපති වැලඩිමීර් පුටින්ගේ පිළිරුවක් පසුගිය වසරේ ස්ථාපිත කොට ප්‍රදර්ශනයට තැබුවේය. ප්‍රංශය මූලික කොට ක්‍රියාත්මක වන අඩ නිරුවත් කාන්තාවන්ගේ හඬ නැමැති සංවිධානයේ කාන්තාවක් විසින් පසුගිය ජුනි 25 වැනිදා ඉහත කෞතුකාගාරයට ඇතුල්වී පුටින් ඒකාධිපතියා යැයි කෑමොර දෙමින් පුටින් ප්‍රතිමාවට පා පහරවල් කිහිපයක් එල්ල කිරීම හේතු කොට පුටින් ප්‍රතිමාවේ පාදයක් කැඩී ප්‍රතිමාව අබලන්
සිදුවූ අලභ හානිය හා නිරුවතින් හැසිරීම ප්‍රධාන කොට කෞතුකාගාරයේ බලධාරීන් විසින් ඉහළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කළ පැමිනිල්ලක් හේතු කොට උසාවි වාර කිහිපයකට පසු පසුගිය සතියේ පැරීසියේ ඉහළ උසාවියකින් යුරෝ 1500ක් හෙවත් රුපියල් ලක්ෂ තුනක පමණ දඩයක් ප්‍රංශයේ දේශපාලන රැකවරණය ලැබූ යුක්රේන් ජාතික 26 හැවිරිදි කාන්තාවකට නියම කළේය.
0116
(lankadeepa.lk)jpg4

0 comments:

Post a Comment