Tuesday, October 4, 2016

Chami Asanka Photos - Hot Model of Sri Lanka

By: Prosperity Tech On: 9:55 AM


ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රයේ චාමි අසංකා කියන නම මතුවුණේ පුංචි ආන්දෝලනාත්මක සිදුවීමක් සමගයි. රිවිසරසි පිටු අතරට චාමිගේ ලස්සන එකතුවන්නේ මේ අයුරිනුයි.

චාමි, නිරූපිකාවක් වුණු තැනින් කතාබහ අරඹමු?
නිරූපිකාවක් කියන හැඳින්වීමට වඩා මං ආසයි සරල කාන්තාවක් කියන හැඳින්වීම ලබන්න. මොකද නිරූපණ ක්‍ෂේත්‍රය හරිම අස්ථාවර තැනක්. හැමදාම නිරූපණයේ නියැළෙන්න අපට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

නිරූපිකාවක් වෙන්න තිබුණු ආසාවට දෙමාපියෝ විරුද්ධ වුණේ නැද්ද?
මගේ දෙමව්පියෝ කිසිම දවසක මට නීති දැම්මේ නැහැ. එයාලට මාව විශ්වාසයි. නිරූපිකාවක් විදියට මම බිකිනි ඇඳුමින් පින්තූර ගන්න අවසර ඉල්ලුවත් මට ඒකට අවසර ලැබෙනවා. මොකද මොන විදියේ නිරූපණ වැඩ කළත්, ඒවා ඉවරවෙලා ආපහු ගෙදරට එන්නේ එයාලගේ “දුව“ බව මගේ දෙමාපියෝ දන්නවා.

Monday, October 3, 2016

Nelu adikari - 15 years in music field

By: Prosperity Tech On: 2:05 AM

රැල්ලට දුවලා හති වැටෙන්න මං ආස නැහැ

නෙලූගේ සංගීත දිවියට වසර 15 ය
නෙලූ ලයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගය 9 වැනිදා

සහස්‍රකය (2000) ආරම්භක සමයේදී වෘත්තීය ගායන ක්ෂේත්‍රයට පිවිසි නෙලූ අධිකාරි ඉතාම නිහඬව සාර්ථක ගමනක් සපැමිණි ගායිකාවක් හැටියට හැඳින්විය හැකිය. ගායන දිවියේ සුවිශේෂ කඩඉමක් සනිටුහන් කරමින් වෘත්තිය ගායන දිවියට වසර 15ක් පිරීම නිමිතිකොට ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ නමින් සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමට ඇය මේ දිනවල සූදානම් වේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) මේ මස 9 වැනිදා සවස 6.30 ට පැවැත්වීමට නියමිත එම ප්‍රසංගයේ තොරතුරු ගැනත් නෙලූ අධිකාරිගේ ගායන දිවිය ගැනත් කළ පිළිසඳරකි මේ.
 • ඔබ මේ පවත්වන්නට යන ප්‍රසංගය ගැන මුලින් කතා කළොත්...
මේ මස 9 වැනිදා බීඑම්අයිසීඑච් පරිශ්‍රයේදී ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ නමින් මගේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට මා අදහස් කළා.

• ඇයි මෙවැනි ප්‍රසංගයක් ඔබ පවත්වන්න අදහස් කළේ...
මෙහෙමයි, මම වෘත්තීය ගායන ක්ෂේත්‍රයට පිවිසිලා මේ වසරට අවුරුදු 15ක් වෙනවා. එම නිසා මම හිතුවා දැන් මම ගායන ක්ෂේත්‍රයට දායාද කරලා තිබෙන මගේම කියන නිර්මාණ එකතු කරලා ප්‍රසංගයක් පැවැත්වීමට මට දැන් ශක්තිය තියෙනවා කියලා. ඒ වගේම තවත් සුවිශේෂ වූ කරුණු කාරණා කිහිපයකුත් ඊට හේතු වුණා.

Thursday, September 29, 2016

Ranjan Kisses piumi

By: Prosperity Tech On: 12:36 AM

කවීෂාගේ උපන්දින සාදයේදී රන්ජන් පියුමිට දුන් උණුසුම් හාදුවේ නොදුටු ඡායාරූප එකතුව - Photos

පසුගිය දිනෙක චිත්‍රපට හා ටෙලි නිලියක් වූ කවීෂා අයේෂානිගේ උපන්දින සාදය පැවැත්වුණා. එයට කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සහභාගී වූ අතර රන්ජන් රාමනායක හා පියුමි හංසමාලී මෙහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල වල කතාබහට ලක්ව තිබෙනවා.

එහිදී රන්ජන් රාමනායක හා පියුමි හංසමාලි හාදුවක් දෙන්නට සැරසෙන අයුරු හිරු ගොසිප් කැමරාවේ සටහන්ව තිබුණේ මේ අයුරින්....

Tuesday, September 27, 2016

Mamta Kulkarni denies role in drug racket

By: Prosperity Tech On: 12:03 PM

කෙන්යාවේ සැඟවුණු මම්තා කතා කරයි 

සරාගී නිළියක ලෙස ප්‍රසිද්ධ වී සිටි මම්තා කුල්කාර්නි, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි සැක කරන බව පසුගිය දිනවල ආරංචි පැතිරී ගිය හැටි ඔබට මතක ඇති ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, ථානේ නුවර පොලීසිය මම්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පසුපස ලුහු බඳින බවත් පැවසුණා. ඒ නිසා ඇය කෙන්යාවට පලා ගොස් සැඟවී සිටින බවයි දැනගන්නට ලැබු‍ෙණ්.

මෙලෙස සැඟවී සිටින මම්තා, පසුගියදා මාධ්‍ය හමුවක් ඉදිරියේ කරුණු කියා සිටියා. ඇය එහිදී පැවසුවේ ථානේ පොලීසිය චෝදනා කරන අයුරින් තමන් කිසිදු අවස්ථාවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නොයෙදුණු බවයි.

පොලීසිය විසින් තමන් වෙත කරන ලද චෝදනා තවමත් ඔප්පු වී නැති බවත් මම්තා ප්‍රකාශ කරනවා. පොලීසිය චෝදනා කරන්නේ ඇය, රු. කෝටි 2000 ක් පමණ වූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවකි. මේ චෝදනාවන් ප්‍රතික්ෂේප කරන මම්තාට සහය පිණිස නීතිඥවරු පස් දෙනකු ද මාධ්‍ය හමුවෙහි කරුණු ප්‍රකාශ කළා.

Monday, September 26, 2016

Malee - Samadhi Arunachaya - Gossip Chat

By: Prosperity Tech On: 12:01 AM

ළඳ බොළඳ චරිත බාර ගන්න මගේ කැමැත්තක් නැහැ - පුංචි තිරේ මලී සමාධි අරුණචායා

මලී ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා ගත් සමාධි අරුණචායා මව් පදවිය ලැබීමෙන් පසු රංගනයට කෙටි විරාමයක් තැබුවා. නමුත් ඒ නිහැඩියාවට සමු දෙමින් මලී හෙවත් සමාධි නැවත ඔබේ ආලින්දයට ගොඩවදින්නේ මේ දිනවල විකාශය වන මලී තුන හෙවත් සිඳු ටෙලි නාට්‍ය ඔස්සෙයි.
සමාධි නැවත කාර්යබහුල වෙලා?
ඔව් නේ.
මලී දැන් මවක්?
ඔව්. එය නම් ලොකු වෙනසක්. මගේ පොඩි වයසට වඩා තරමක් මුහුකුරා ගිය චරිතයක් නිසා මුල් කාලේදී තිගැස්මකුත් තිබුණා. මට වයසට සමිප වයසක ඉන්න නංගිලා මල්ලිලාට තමයි මේ චරිතය තුළ මට දුව පුතා කියලා කතා කරන්න වෙන්නේ.. ඉතින් යම් නුහුරු ගතියකුත් තිබුණා.හැබැයි මමත් මේ වෙනකොට මව් පදවිය ලැබූ කෙනෙක් ඉතින් ඒ තුළ යම් මුහුඛුරා ගිය මානසික මට්ටමකට මට එන්න පුළුවන් වුණා.. අනික අම්මා කෙනෙක් වෙන්නම ඕනේ මවකගේ හැඟීම හරියටම තේරුම් ගන්න. ඉතින් ඒ දැනෙන මවකගේ හැඟීම එක්ක මට මේ චරිතයට අවතීර්ණ වෙන්න තරමක් පහසු වුණා.

Sunday, September 25, 2016

Chat with Thanasha Satharasinhe - Gossip Lanka News

By: Prosperity Tech On: 9:22 PM

මම රඟපාන්නේ චිත්‍රපටවල විතරයි - තනාෂා සතරසිංහ

"අනගී" වෙළෙඳ දැන්වීම් තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් තනාෂා සතරසිංහ මේ වනවිට සිනමා නිළියක ලෙස කටයුතු කරන්නීය. නිරූපිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන ඇය පසුගිය වසරේදී "මිස් ශ්‍රී ලංකා" තරගයටද ඉදිරිපත්ව ජයග්‍රහණ කිහිපයක්ද අත්කරගන්නට සමත් වූවාය.

තනාෂාගේ කුලූ‍ඳුල් සිනමා රංගනය තවත් නොබෝ දිනකින් ප්‍රේක්ෂක අපට දැකබලා ගත හැකි අතර, ඒ නලින් රාජපක්ෂගේ ˜‍රන් දේදුන්න˜‍ චිත්‍රපටය හරහාය.

තනාෂා මේ දිනවල ටිකක් කාර්යබහුල කෙනෙක්?

ඔව්, මගේ පළමු සිනමා රංගනය වන ˜‍රන් දේදුන්න˜‍ තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒ නිසා එහි වැඩ කටයුතුත් එක්ක ටිකක් විතර කාර්ය බහුල වෙලා තියෙනවා. ඊට අමතරව භාරගත් වෙළෙඳ දැන්වීම් කිහිපයක් සහ ගීත රූප රචනා කිහිපයක මේ දිනවල වැඩ කරනවා.
"රන් දෙදුන්න" ඔබේ පළමු සිනමා රංගනය?

Rolls Royce Wraith in Sri Lanka

By: Prosperity Tech On: 12:25 AM

ලංකාවට මෙතෙක් ගෙනා මිළ වැඩිම කාර් රථය දැන් වරායේ – ඡායාරූප මෙන්න (PHOTOS)

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේ වන විට වරායට ගෙනවිත් තිබෙනවා.

Rolls Royce Wraith මාදිලියේ මෙම රථය බදු ගෙවූ පසුව රුපියල් මිලියන 158ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මෙහි ඡායාරූප පහතින් දැක්වෙනවා.

Saturday, September 24, 2016

Nadeeka Gunasekara gossip chat

By: Prosperity Tech On: 10:07 AM

චංචල රේඛා බලලා එක රසිකයෙක්‌ මට ලියුම් විසිතුනක්‌ එව්වා

මැරෙන්න මොහොතකට කලින් විජයට මම කතා කළා
හීන් හාමිට සම්මානයක්‌ ලැබෙනවා කියලා විලී බ්ලේක්‌ කිව්වා
සන්ධ්‍යා දර්ශනී ගුණසේකර නදීකා ගුණසේකර වූ හැටි....

Friday, September 23, 2016

Giniyam Ra - Shermaine Willis Ft. IRAJ & Kaizer

By: Prosperity Tech On: 10:28 AM

සමලිංගික පෙමින් ගිනිගත් ඉරාජ්ගේ ගිනියම් රෑ එළිදකී – වීඩියෝව මෙන්න!

ඉරාජ් වීරරත්නගේ නවතම මියිසුක් වීඩියෝව මීට සුළු මොහොතකට පෙර එළි දක්වනු ලැබුවා.
මේ ගීතය නම්කොට ඇත්තේ ගිනියම් රෑ ලෙසින්. මෙය ගායනා කරනු ලබන්නේ Shermaine Willis, ඉරාජ් හා පසුගිය දිනවල මවට කුනුහරපයෙන් බැන්නා යැයි දැඩි කතාබහට ලක්වූ කයිසර් කයිස් විසිනුයි. සමලිංගික ආදරයක් ගැන කියැවෙන මෙම වීඩියෝවද මේ වන විටත් සමාජ ජාලා වෙබ් අඩවි වල ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

Sunday, September 18, 2016

Lochana Imashi Becomes a Mother

By: Prosperity Tech On: 5:55 AM

අලුත උපන් පුංචි පුතා එක්ක ලෝචනා ගෙවන අලුත් ජීවිතය - Exclusive Photos

විවාහ වෙලා තමන්ගේ සැමියා ඉන්න රටට ගිහින් ආයෙත් ලංකාවට ආව නිළි ලෝචනා ඉමාෂී අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා හිරු ගොසිප් අපි මුලින්ම ඔබට කීවා මතක ඇති. මේ වෙද්දි ඒ සිහිනය සැබෑ වෙලා තියෙනවා. ලෝචනාගේ ජීවිතේ වෙනස් කරන්න පුංචි පුතෙක් තමයි ඔවුන්ට ලැබිලා තියෙන්නේ. ඇය කියන විදියට මෙච්චර කල් තිබ්බ ජීවිතයේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා අලුතින් පවුලට එකතු වුණු අමුත්තා නිසා ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න වුණාලු.ඒ වගේම දරුවා ලැබෙන්න විදෙස් රටකට යන්න පුලුවන්කම තිබුණත් ඒ දේවල් පැත්තක දාලා ලංකාවේම හිටපු එකනම් ලොකු දෙයක් කියලත් ලෝචනා කියනවා.මොකද තමන්ගේ පවුලේ හැමෝම වගේ දරුවා ලැබෙද්දි එයා එක්ක හිටපු නිසා ඒ අවස්ථාවේ තමන්ට ලොකු ශක්තියක් වුණා කියලා තමයි ලෝචනා කියන්නේ.
ඒ වගේම අලුත උපන් පුංචි පැටියාගේ ඡායාරූප කිහිපයකුත් ලෝචනා හිරු ගොසිප් අපිටම එවලා තිබුණා. ඒ ඡායාරූප එක්ක මව් පදවිය ලැබුව එක ගැන ලෝචනා අපිත් එක්ක කීව කතාව තමයි මේ.......