Monday, March 30, 2015

Gayesha back in Politics

By: Prosperity Tech On: 9:35 PM

ගයේෂා නැවතත් දේශපාලනයට

''රටේ මිනිස්සු මට කැමතියි.. ඉතින් දේශපාලනය කරන එකේ ඇති වැරැද්ද මොකක්ද...?''

2006 වසරේ ශ්‍රී ලංකාවේ රූප රාජිණික් වූ ගයේෂා පෙරේරා 'ඉගිලෙන මාලුවෝ' චිත්‍රපටයේ හරහා අන්දොලනාත්මක චරිතයක් නිරුපණය කරන ලදි. එමෙන්ම හිටපු ජනපති සමඟ එක්වෙමින් පසුගිය වසරේ දී දේශපාලන භුමිකාවට පිවිසිමට ද උත්සහයක් ගත් නමුත් බලාපොරොත්තු සුනු විසුණු කරමින් ගයේෂා පෙරේරාට දේශපාලනයට එක්වන්නට නාම යෝජනා නොලැබුණි. නමුත් ඇය දේශපාලනයට එක්වන්නට තිබෙන අදහස නම් අත්හැරගෙන නොමැත. ඇය තවමත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සිය සහය දක්වමින් සිටි. මේ සෑම දෙයක්ම පිටුපස දේශපාලනයට එක්වීමේ අදහසත් ගයේෂාගේ හිතේ තිබෙනවා. ඒ ගැන කියමින් ගයේෂා දැක්වු කෙටි අදහස් කිහිපයකි මේ...

"දින 100යේ යහපාලනයක් ගැන අපි හැමෝම කතාකරනවා. මහජනතාව ජන බලය ලබාදී අවසානයි. අපි බලාගෙන ඉන්නවා දින 100 අවසන් වන තුරු ඔවුන් දුන් පොරොන්දු ඉටු කරයිද? කියලා.

මම තවමත් තීරණය කරලා නැහැ ඉදිරියේ දී දේශපාලනයෙන් තරඟවදිනවාද නැද්ද කියලා අවස්ථාවක් ලැබුණොත් දේශපාලන කටයුතුවල නියෑලෙන්න මම කැමති පක්ෂයක් වටා, මම කැමති පුද්ගලයෙක් වටා එකතු වෙන්න අවස්ථාවක් ලැබුණොත් දේශපාලනය කරන්න සහ මැතිවරණ කටයුතුවල යෙදෙන්න මම අනිවාර්යෙන්ම ඒ අවස්ථාව බාරගන්න ලෑස්තියි.

ලංකාවේ නොවැදගත් මිනිස්සු දේශපාලනයේ නියැලෙන නිසා ප්‍රශ්න ඇතිවන අවස්ථා බොහොමයි. ඒ අය ජනතාවගේ ප්‍රශ්න තෙරුම් ගන්නේ නැහැ... මිනිස්සුන්ගේ ප්‍රශ්න තෙරුම්ගන්න පුළුවන් මිනිස්සු දේශපාලනයේ නියෑලෙන්න අවශයයි.

නළු, නිළියෝ දේශපාලනයේ නිරතවන එකේ මම නම් කිසිම වරදක් දකින්නේ නැහැ... මොකද නළු නිළියෝ කියන්නේ දේශයේ මිනිසුන් ආදරය කරන අය.. ඉතින් ඒ අය තුළිනුත් මං හිතන්නේ උගත්, බුද්ධිමත් සහ වැඩක් කරන්න පුළුවන් නායකයින් බිහිවෙනවා නම්, මිනිස්සුන්ගේ ප්‍රශ්න කතාබහ කරලා ඒ අයට විසදුමක් දෙන්න පුළුවන් වේවි."


 



eGossip.lk

Sirisena son in low's new vehicle

By: Prosperity Tech On: 8:53 PM

සිරිසේනගේ බෑණාට ලක්ෂ 435 මෝටර් රථයක්!

තාත්තාගේ අමාත්‍යාංශය කළු ද සුදු ද කියලාවත් අපි දැකලා නැහැ කියාගෙන නාහේන් අඬාගෙන ආපු යහපාලක මෛත්‍රීපාල සිරිසේනගේ දෝණි නැන්දා දැන් ලහි ලහියේ සුදානම් වෙමින් සිටින්නේ ලඟ එන මහා මැතිවරණයට තරග වැදිමට බව මේ රටේ නොදන්නේ යහපාලනයට කඩේ යන ටොයියන් පමණි. මහින්ද රාජපක්ෂගේ පවුල් ගස ට එරෙහි ගොඩ නැගුණු ජන බලයට නිගා කරමින්, මෛත්‍රීපාල ජනාධිපති වරයා, සිය සහෝදරයා වන පී.ජී.කුමාරසිංහ ව ටෙලිකොම් සභාපති කිරීමෙන් නොනැවතුන අතර සිය බෑණා, දියණීය චතුරිකාගේ සැමියා වන තිලින සුරන්ජිත්ව(Thilina Suranjith ) ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී වශයෙන් පත්කරක ගත්තේ යහපාලනය ගැන තිබුණු බලාපොරොත්තුව බිද දමමනි.

දැන් ඒ ගැන් කතා කර වැඩක් නැත ....මාමණ්ඩියගේ ගෙදරට වෙලා වි තම්බා දෙන බත් පත ගිල දමමින් සිටි සුරංජිත්ට නව රැකියාවෙන් ලැබෙන පඩිය වනුයේ සියලුම දිමනා සහිතව රුපියල් 250000/- කටත් අඩු මුදලකි.

ඒ වුනාට මෛත්‍රී බෑණා පොඩ්ඩ නෑ බෑ නොකියාම ජර්මනියෙන් රුපියල් ලක්ෂ 435ක් වටිනා මෝටර් රථයක් ඇනවුම් කර තිබේන බව යහපාලන ටොයියන් දන්නවාද දන්නේ නෑ.ලබන මස (අප්‍රියෙල්) 10 වැනිදාට පෙර එම රථය ලංකාවට ලගාවිමට නියමිත අතර මේ ලක්ෂ 435 තමන්ට යහපාලන දුව කර ගැහුවාට ලැබුනු දැවැද්ද නොවන බව ටොයියන්ට නොතෙරුනද බයියන්ට හොදටම තෙරේ.

SS -LNWP
(newsofcolombo.com)

Nadesha Hemamali loves Shihan Mihiranga

By: Prosperity Tech On: 3:31 AM

නදීෂා ශිහාන්ට ආදරේ කරන බව ඔහු ඉදිරියේම හෙලිකළ හැටි - වීඩියෝ

නදීෂා හේමමාලී, ශිහාන් මිහිරංග කියන්නේ මේ වෙනකොට ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රියත්වයට පත්වුණු කලාකරුවන් දෙදෙනෙක්. නදීෂා තමන්ගේ රංගන හැකියාවෙන් රසික සිත් වසඟ කරනකොට ශිහාන් ඔහුගේ මිහිරි කටහඬින් ගායන ක්ෂේත්‍රයේ නොමැකෙනා නමක් තබා අවසානයි.
ඔය අතරේ නදීෂාට ශිහාන් ගැන පොඩි ආදරයක් ඇතිවෙලා තියෙනවා. මේ ගැන ඇය තාත්තටත් කියලා.
අපිට මේ ගැන ආරංචි වුනේ ඊයේ (29) දිනයේ හිරු ටීවී තුලින් විකාශය වුනු Copy Chat වැඩසටහනේදී. බලන්නකෝ නදීෂා ශිහාන්ට තියෙන ආදරේ තාත්තාට කීව විදිය ගැන පහත වීඩියෝ එකෙන්ම.

Interesting Things You May Not Know About the Clitoris

By: Prosperity Tech On: 12:38 AM

භගමනිය පිළිබඳව ඔබ නොදත් කරුණු 

සාමාන්‍යයෙන් කාන්තාවන් තමන්ගේ ලිංගික ඉන්ද්‍රියන් පිළිබඳව සාකච්ඡා කරන්නේ බොහෝ අඩුවෙනි. ඒ නිසාම කාන්තාවන්ගේ ලිංගික උත්තේජනයන් පිළිබඳව විවෘතව කථා කෙරෙනාවාද බොහෝ සෙයින් අඩුය.

ලිංගකිව උත්තේජනය වීමේදී පිරිමින්ගේ ශිෂ්ණය ප්‍රාණවත් වී සෘජු වෙනවා සේම කාන්තාවන්ගේ භගමනියද (Clitoris) ප්‍රාණවත් වී දැඩිවන බව ඉතාලියේ වින්සෙන්සෝ පප්පෝ (Ph.D) පවසනවා. මේ බව පප්පෝස් ඇනටොමි ඇන්ඩ් පිසියලොජි කෘතියේ මනාව පැහැදිලි කොට තිබෙනවා.

පහත දැක්වෙන්නේ එම කෘතියේ පෙන්වා දී ඇති කාන්තා භගමනියේ අප නොදත් කරුණු කිහිපයකි.

එය කාන්තාවගේ ශිෂ්ණය ලෙසද හැඳින්විය හැකිය
කාන්තාවගේ භගමනිය නැමැති ඉන්ද්‍රිය පුරුෂයින්ගේ ශිෂ්ණයට සමාන කල හැකිය. එහි වෙනස්කම වන්නේ කාන්තා භගමනිය ශිෂ්ණයට වඩා ප්‍රමාණයෙන් බොහෝ කුඩා වීමයි. නමුත් එය බහු ක්‍රියාකාරී ශිෂ්ණය මෙන් නොව, සම්පූර්ණයෙන්ම එය නිර්මාණය වී තිබෙන්නේ ලිංගික උත්තේජය සඳහාමයි.(පුරුෂ ලිංගය ලිංගික කටයුතු සඳහා මෙන්ම මූත්‍රා පිට කිරීමටද නිර්මාණය වී තිබේ)
කෙසේ වෙතත් මෙම ඉන්ද්‍රියන් දෙකේ ලිංගික උත්තේජය සඳහා දායක වෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් හෝමෝන දෙකකි.
කාන්තා භගමනිය විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත වේ. නමුත් එය ලිංගික උත්තේජය සඳහා කිසිසේත්ම ගැටලුවක් නොවේ.
කාන්තා භගමනිය ප්‍රමාණයෙන් විවිධාකාර වේ. එය භාහිරට සෙන්ටි මීටර් 3 ක් දක්වා දිගින් යුක්ත විය හැකිය.
කෙසේ වෙතත් එම ඉන්ද්‍රිය උත්තේජනය වී සුරතාන්තය දක්වා යන විට එයට දැනෙන හැඟීම් දැනීම් තව තවත් වැඩි වන බව එම කෘතියේ කතෘ පප්පෝ පවසයි.
එයට වයස අදාල වන්නේ නැත
පිරිමින්ට මෙන් නොව කාන්තාවන්ගේ භගමනියේ සංවේදීභාවයට වයස ගැටලුවක් වෙන්නේ නැත. සමහර පිරිමින්ගේ ශිෂ්ණයේ ක්‍රියාකාරීත්වය වයසත් සමග හෝ තරුණ කාලයේදීම හෝ ලිංගික කෘත්‍ය සඳහා ප්‍රාණවත් නොවීමේ ගැටලු මතුවේ. එහෙත් කාන්තාවගේ භගමනියට එවන් ගැටලුවකට මුහුණ දීමට සිදු නොවේ.
කාන්තාවට ඕනෑම වයසකදී ලිංකිකව එක්වීමේ කායික හැකියාව තිබේ.
භගමනිය උත්තේජයෙන් සුරතාන්ත වැඩි ප්‍රමාණයක් ලබා ගත හැකිය
කාන්තා භගමනිය ප්‍රමාණයෙන් සසඳන විට පුරුෂ ලිංගයට වඩා බොහෝ සෙයින් කුඩා ඉන්ද්‍රියකි. එහි ස්නායු අන්තයන් ඉතාමත් සංවේදී වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස එය පුරුෂ ලිංගයට වඩා ඉක්මනින් ලිංගික හැඟීම්වලට ප්‍රතික්‍රියා දක්වයි. එම නිසා පුරුෂයින්ට මෙන් නොව කාන්තාවන්ට ලිංගික සන්තර්පනයන් (සුරතාන්තයන්) වාර ගණනක් අත්විඳිය හැකිය. එම නිසා පුරුෂයකු එක් වරක් ලිංගිකව සන්තර්පනය වන විට, කාන්තාවක් කිහිප වරක් ලිංගිකව සන්තර්පනය වීමට අවස්ථාව තිබේ.
එය පුරුෂ ලිංගයට වඩා විශාල විය හැකිය
ඔස්ට්‍රේලියානු පර්යේෂණයකට අනුව කාන්තා භගමනිය අඟල් 6ක් දක්වා ශරීර අභ්‍යන්තරයට පිහිටා තිබිය හැකිය. එම නිසා එහි සැබෑ ප්‍රමාණය සමහරවිට පුරුෂ ලිංගයට වඩා විශාල විය හැකිය.

Sunday, March 29, 2015

Women With Vaginal Piercings Classified As FGM Victims

By: Prosperity Tech On: 9:22 PM

බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ට යෝනි මාර්ගය සිදුරු කිරීම තහනම්

එංගලන්තයේ වෙසෙන කාන්තාවන්ට ඔවුන්ගේ යෝනි මාර්ගය ආශ්‍රිතව කරාඹු දැමීම සඳහා සිදුරු කිරීම (Piercings) තහනම්කර තිබෙනවා.


මෙම තහනම යෝනිමාර්ගය ආශ්‍රිත රූපලාවන්‍ය සැත්කම් සඳහාද බලපැවැත්වෙන බව මාධ්‍ය වාර්ථා සඳහන් කරනවා. නව නීතිය ලබන මාසයේ (අප්‍රේල්) සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව යෝනි මුඛය හෝ භගමනිය ආශ්‍රිත ප්‍රදේශය සිදුරු කිරීම තහනම් වෙනවා. කෙසේ වෙතත් කිසියම් සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත රූපලාවන්‍ය සැත්කමක් සඳහා යොමුවිය හැකියාව තිබෙනවා.

සංඛ්‍යලේකන වලට අනුව 170,000 පමණ බ්‍රිතාන්‍ය කාන්තාවන් තම යෝනි මාර්ගය ආස්‍රිත ප්‍රදේශය සිදුරුකර තිබෙනවා. කාන්තාවන් මෙසේ යෝනි මාර්ගය සිදුරු කරන්නේ බොහෝ විට කරාඹු පැළඳීම සඳහා බව ප්‍රකට කරුණකි.

 


Twitterati Blames Anushka Sharma For India Loosing The Match

By: Prosperity Tech On: 9:09 PM

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් අනුෂ්කා ෂර්මාට ‘බලු බැනුම්’

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කණ්ඩායම ලැබූ පරාජයට බැනුම් ඇසීමට සිදුව ඇත්තේ, බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාට ය.
වෙන දා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිවෙස්වලට ගල් ගැසූ ඉන්දීය ක්‍රිකට් ලෝලීන් මෙවර අනුෂ්කාගේ නිවසට ගල් ගැසීමට සූදානම් වන බවක් පෙනේ.
විශේෂයෙන්, සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අනුෂ්කා ෂර්මාට විවිධ ආකාරයේ දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.
ඔවුන් චෝදනා කරනුයේ, අනුෂ්කා ෂර්මා හේතුවෙන් විරාට් කෝලිට සාර්ථකව ක්‍රීඩා කළ නොහැකි වූ බවට ය.

මේ අතරින් සුවිශේෂී Tweet පණිවුඩයක් වූයේ, ඉන්දීය ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයෙකු වන Kamaal R. Khan යොමු කළ පණිවුඩය යි.
kohli_anushka_KRK
එහි සඳහන් වන්නේ, ඉන්දියාවේ පරාජයට හේතු වූ අනුෂ්කා ෂර්මාගේ නිවසට ගල් ගැසිය යුතු බව ය.
අනුෂ්කා ෂර්මාට එරෙහිව පළ කළ තවත් Tweet පණිවුඩ කිහිපයක් පහත දැක්වේ.
Mohamed Shifan Tweeted: @mustho Anushka’s too much love is doing him no good. The boy left with just one run. A big lol indeed.
Gautam Bhimani Posted: Hey how far is the NH10 from the SCG?” Anushka
Dr. Neha R Vijayakar Wrote: Why oh why didn’t Anushka have some other surgery to undergo today?
Kamaalrkhan: Request to all the people to go n throw stones at the house of Anushka Sharma who is reason for the defeat of India
Tamil Movies Posted: Dhoni asked Kohli to spend time with Sharma. Kohli understood it as Anushka Sharma instead of Rohit Sharma
SUHEL SETH Posted: I feel sorry for Anushka. To go Down Under to see VIRAT go down under must be heart-wrenching. She could have easily seen him at home.
Zarqa Tweeted: If we make it to the finals, then can they please ban Anushka from the stadium!
Suzi Mann Posted: I knew Anushka landing up in Sydney was a bad idea! #AUSvIND
Zaid Hamid Wrote: Anushka Sharma should be declared National Panauti.
Fun With Hashtags Wrote: Anushka : I want you here in 5 minutes. Virat : Ok My Love.
$ir $ri $ri Magal Posted: Sigh. Kohli is out. On the positive side, the cameraman can get back to focusing on the match instead of Anushka Sharma.
Smita Posted: ANUSHKA SHARMA FILMS BANNED IN OUR HOUSE FROM TODAY !! #IndVsAus
You Know!! : Anushka Bhabhi take first flight and come back to #Ind. Your work is over now. #IndvsAus
Atul Khatri Tweeted: Hey Anushka, can you please distract the Aussie fielders on the boundary by showing them your lip job ? Plleeeaasee
Sittu Wrote: Trouble for Virat, Rohit is scoring runs just to impress Anushka… Virat bach ke ! #IndvsAus
BK Posted: Virat Kohli is an overhyped cricketer..next time make sure ur gf is not there ..u screwed it up big time
Tejas Barot Tweeted: Just watched #IndVsAus and i am blown away. What a brilliant film and specially an outstanding performance by my love Kohli – Anushka !:)

(newsfirst.lk)

 

Shilpa Shetty Accused In Fraud Case

By: Prosperity Tech On: 6:19 AM

කෝටි 9ක් වංචා කළැයි බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටිට නඩු

මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නිළියක වන ශිල්පා ෂෙට්ටිට කල්කටාහි ෂේක්ස්පියර් සාරනී ‍පොලිසිය විසින් කල්කටා මහාධිකරණයේ නඩු පවරා තිබේ. ඇය විසින් මුම්බායිහි පවත්වාගෙන ගිය පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයක් නඩත්තු කිරීම සඳහා කල්කටාහි එම්.කේ. මීඩියා නම් ආයතනයෙන් කෝටි 9ක ණය මුදලක් ලබාගෙන එම මුදල නොගෙවා සිටීමට කටයුතු කිරීම හේතුවෙන් ඇයට එරෙහිව එම ආයතනය විසින් කල්කටා මහාධිකරණයේ නඩුවක් පවරා තිබිණි. එම නඩුව සැලකිල්ලට ගත් මහාධිකරණය මේ පිළිබඳ ෂේක්ස්පියර් සාරනී ‍පොලිසියට විමර්ශනයක් කර අධිකරණයට කරුණු දක්වන ලෙස නියෝග කළේය.
මෙසේ ලබාගත් කෝටි 9ක මුදල වසරකට වාරික දහය බැගින් ගෙවන බවට හා තම ව්‍යාපාරයෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ගෙවන බවට ‍පොරොන්දු වී ශිල්පා ෂෙට්ටි ලබාගෙන ඇති බව ‍පොලිසිය අධිකරණයට දන්වා ඇත.

rivira.lk

Cricket World Cup 2015: Australia crush New Zealand in final

By: Prosperity Tech On: 6:01 AM

ලෝක කුසලානය කැනගරුවන්ට

කි‍්‍රකට් ලෝක කුසලානය ඕස්ටේ‍්‍රලියාව හිමිකර ගනියි. එ් නවසීලන්තය සමඟ අද පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කඩුලූ 7කින් ජය වාර්තා කරමිනි.ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලූදෙනා දැවී ලකුණු 182ක් ලබාගත්තේ ය. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුලූ 3ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 183කි.
ජාත්‍යන්තර කි‍්‍රකට් දිවියේ අවසන් තරගයට කි‍්‍රඩා කළ ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් කලාර්ක් නායකත්ව ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 72කට ලකුණු 74ක් රැුස් කළේ ය.

Sangeetha Weeraratne after long time

By: Prosperity Tech On: 5:08 AM

ඒ පූජා... මේ සංගීතා...සුරූපී සංගීතා දිගු කලකට පසු සමඟ

සංගීතා වීරරත්න මේ ‘සරසවිය’ හා එක්වන්නේ දිගු කලකට පසුවය. එසේ වීමට බලපෑ හේතු සාධක බොහොමයකි. ඒ අමිහිරි අතීතය එලෙසම තියෙන්නට හැර සියලු දේ වෙනස් වන ලෝකයේ, නොවෙනස් වූ සෙනෙහසින් සංගීතා නැවතත් ‘සරසවිය’ පිටු අතරින් මෙසේ පාඨක ඔබ හමුවන්නීය.
බාධක, ගල්පර හමුවේ නොනැවතී ගලා යන සිහිල් දිය දහරක් සේ, ජීවන ගිරි දුර්ගයේ කටුක අභියෝගයන් හමුවේ ඇය තවමත් ඒ සුපුරුදු ළෙන්ගතු සිනහව මුව රඳවා සිටින්නීය.
සංගීතා දැන් රඟපෑමෙන් පොඩ්ඩක් ඈත් මෑත් වෙලා වගේ ඉන්නේ නේද?
ඒ මගේ උවමනාවකට නම් නෙවේ. කොහොම වුණත් චිත්‍රපට දෙකක නම් මම රඟපෑවා. එයින් ‘දෝණි’ චිත්‍රපටය තිරගත වුණා. ඒක බබා හම්බ වුණාට පස්සේ කරපු එකක්. ඒ තමයි මම අවසන් වරට රඟපෑ චිත්‍රපටය. ඒ වගේම බූඩි ‘නිම්නයක හුදෙකලාව‘ චිත්‍රපටයත් එන්න තියෙනවා.
සෑහෙන කලකට පෙර සංගීතා රඟපෑ ‘ධීවරී’ චිත්‍රපටයත් මෑතකදී තිරගත වුණා?
මට මතක හැටියට 1997 දී වගේ ඒ චිත්‍රපටය මම කළේ. සෑහෙන කාලෙකට පස්සේ තමයි ඉතින් ප්‍රේක්ෂකයෝ ඒක දැක්කේ. කොහොම වුණත් ‘ධීවරී’ කරන කාලේ මම කාර්යබහුල නිළියක්. හැබැයි ඒ මම ගොඩක් කැමැත්තෙන් රඟපාපු, වෙනස්ම විදිහේ චරිතයක්.

ඇයි ඔයාගේ රංගන දිවියේ අද ඒ වගේ කාර්යබහුලත්වයක් දකින්න නැත්තේ?
හැමදාම එක වගේ නෑනේ. අනෙක බොරු කාර්යබහුලත්වයක් තියනවා කියලා පෙන්වන්න මට ඕනෑ නෑ. අද මම මවක් විදියට වගකීම්, යුතුකම් රැසකට මැදි වෙලා ඉන්නේ. ඒ නිසා කොළඹින් පිට ගිහින් වැඩ කරන්න අපහසුවක් තියෙනවා. අනෙක අසංක අද නළු නිළියෝ ගොඩක් චිත්‍රපටවලට වඩා කාර්යබහුල ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේනේ.
ටෙලි නාට්‍යවලට සංගීතා එතරම්ම දායක වුණේ නැහැ?
මම එච්චර කැමැති නෑ. මුල ඉඳලම මම ටෙලි නාට්‍යවලට වැඩිපුර සම්බන්ධ නොවුණ හින්දා ද මන්දා මට එහෙම ආරාධනා ලැබුණෙත් නෑ. මට ඊඍ චැනල් එකක් තියෙන නිසා වෙන චැනල්වල රඟපාන්න අකැමැතියි කියලත් සමහරු හිතන්න ඇති. මම හිතන්නේ මං කියන දේට වඩා මිනිස්සු හිතන දේවල් තියෙනවානේ මං ගැන. ඒ අනුව ඔවුන්ම යම් යම් දේ තීරණය කරන්න ඇති.
නමුත් තමන් ගැන අවසන් තීන්දුව ගන්න ඕනෑ තමන්මනේ. විශේෂයෙන්ම සංගීතා වගේ කෙනෙක්?
අනිවාර්යයෙන්ම, මගේ රස්සාව රඟපාන එක. හැබැයි එදා ඉඳන් මම කාගෙවත් පස්සේ ගියේ නෑ. ලැබුණු දෙයක් රඟපාලා හිටපු කෙනෙක්. ඒ ස්ථාවරයේ මම අදටත් ඉන්නවා. ආරාධනාවක් ආවොත් මම පිළිගන්නවා. ඒත් බබා නිසා කොළඹින් පිට ගිහින් වැඩ කරන්න ටිකක් අපහසුයි.
පූජා උමාශංකර් ආවාට පස්සේ අපේ ජනප්‍රිය නිළියෝ පැත්තකට විසි වුණා කියලා කතාවක් හැදුණා එක්තරා කාලෙක. ඒ ගැන සංගීතාගේ අදහස?
පූජා කියන්නේ ඇත්තටම දක්ෂ නිළියක්. පූජා වගේ නිළියකගේ අවශ්‍යතාවය සිනමාවට තිබුණා. එතනදි වුණේ ඇය ඉන්දීය නිළියක නිසා ජනප්‍රිය වුණා කියන දේ නෙවෙයි. පූජා හැර තවත් ඉන්දීය නිළියෝ මෙහේ ඇවිත් රඟපෑවා. නමුත් ඉතින් මෙහෙ හිටියේ නෑනේ. පූජාගේ පෙනුම, ඇගේ ආකර්ෂණය නිසා ඒ තැන එයාට හිමි වෙලා තියෙනවා.
පූජාගේ නිහතමානිකමත් ඇගේ ජනප්‍රියත්වයට බලපෑවා?
ඔව්. පූජා කියන්නේ හරිම හොඳ ළමයෙක්. ඒ වගේම හොඳ නිළියක්. පූජාගේ නිහතමානිකම මම ගොඩක් අගය කරනවා. ඇය රසික, රසිකාවන්ටත් ගොඩක් ආදරය කරන නිළියක්. තමන්ගේ ප්‍රතිරූපයට හානියක් නොවන විදිහට පෞද්ගලික ජීවිතයෙත් වැඩ කරගෙන යන සිනමා නිළියක්. ඉතින් ඇගේ කටයුතුවලට සුබ පතනවා හැරෙන්න වැරදි දකින්න අවශ්‍යය නෑනේ. ඒ පූජා මේ මම. අපි දෙන්නා අතරේ ලොකු වයස් පරතරයකුත් තියෙනවා.
එහෙම දෙයක් මට නම් පෙනෙන්නේ නෑ?
ආ . . . ඇත්තද?
කවදාවත් පූජා ඔයාට අභියෝගයක් වුණේ නැද්ද?
එහෙම නෑ. මොකද අපි පරතර දෙකකනේ. අපි සිනමාවට එන්නේ වෙනස් කාලවල. මම හිතන්නේ නෑ එහෙම අපි සංසන්දනය කළ යුතුයි කියලා. නමුත් අනිවාර්යයෙන්ම පූජා කෙනෙකුගේ අවශ්‍යතාවය තිබ්බා ඒ වකවානුව තුළ.
කොහොම නමුත් සංගීතාට අපේ සිනමාවේ නිසි තැන ලැබුණේ නැහැ කියා මම කිව්වොත්?
නිසි තැන හම්බ වුණ නිළියක් කියන්න මට.
රුක්මණී දේවියගේ කාලේ ඉඳන්මද?
රුක්මණී දේවි, මාලිනී ෆොන්සේකා හැරෙන්න.
ඒ කියන්නේ ඔයා ගැන මම කිව්ව දේ හරි කියන එකද?
නෑ එහෙම නෙවෙයි. අපේ සිනමාව හරි පොඩියි. ඊට සාපේක්ෂව බලද්දී මට විවිධ අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කරන්න ලැබුණා. විවිධ වූ චිත්‍රපට ලැබුණා. මගෙත් එක්ක ක්ෂේත්‍රයට ආපු අනෙක් කිසිම නිළියකට එවැනි අවස්ථාවක් ලැබුණේ නෑ. වර්තමානයේ නළු, නිළියෝ ක්ෂේත්‍රයට එක් වෙනවා. අනාගතයේත් එහෙමයි. නමුත් ඔවුන්ට ගාමිණී ෆොන්සේකා කෙනෙක්, එච්. ඩී. ප්‍රේමරත්න කෙනෙක්, වසන්ත ඔබේසේකර කෙනෙක් හම්බ වෙන්නේ නෑ.
එහෙම බලනකොට ඔයා වාසනාවන්ත නිළියක්?
ඔව්. ඒ වාසනාව මට තිබුණා ඇත්තටම. අද පරපුරට ඒ අවස්ථාව නෑ. 70 දසකයේ මාලිනී ෆොන්සේකාට ලැබුණ සිනමාව මට ලැබුණේ නෑ. නමුත් මම ආපු කාලෙට සාපේක්ෂව මට ලැබුණු අවස්ථා ගැන ඇත්තටම මට සංතෝෂයි. මං හිතනවා මම වාසනාවන්තයි. මට ලැබුණු අවස්ථා එමටයි. අවස්ථා නොලැබුණා කියලා කවදාවත් මම පසුතැවුණෙත් නෑ.
ඉතාමත් දක්ෂ නළු නිළියන් අතරින් පතර හෝ අදත් අපි දකිනවා. නමුත් තරු ගුණය සහිත නළු නිළියෝ දැන් ඇත්තෙම නෑ වගෙයි?
ඒක මේ කාලයත් එක්ක එන ප්‍රශ්නයක් නේද?
කාලයත් එක්ක?
ඔව්. සංගා, මහේලගෙන් පස්සේ එක පාරට ඔයාගේ ඔළුවට එන ක්‍රිකට(ර්) කවුද?
ක්‍රිකට් ක්‍රීඩකයොත් අදාළ ද එතකොට මේ ප්‍රශ්නෙට?
ගායන ක්ෂේත්‍රයේ ඔයාගේ ඵබචප කවුද? මේ අද ඉන්න කෙනෙක්ද? මම හිතන්නේ අසංක මේක සිනමාවට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙවේ. අදත් ඔය ස්ටාර්ස්ලා කියලා ඉන්නවා. ඒත් ඔයා ඇත්තටම එයාලට ආදරේද? තරුවක් කිව්වම අපි ඇත්තටම එයාට ආදරය කරන්න ඕනෑ. ඒක තමයි සැබෑ ජනප්‍රියත්වය. ඒක මාධ්‍යවලින් ගොඩ නගපු බොල් ප්‍රතිරූපයක් නෙවේ.
දැන් සංගීතා කියන්නෙත් මම දන්න විදිහට නම් සැබෑම ජනප්‍රිය නිළියක්?
මගේ චිත්‍රපටයක් විසිහත් පාරක් නරඹපු රසිකයෙක් හිටියා. ඒ වගේම මගේ සප්ත කන්‍යා, දොරකඩ මාරාව, දුවක මවක මිස වගේ චිත්‍රපට කීප වතාවත් නරඹපු අයත් ඉන්නවා. ඔවුන්මයි ඒ බව මට කිව්වේ.
ඒ කියන්නේ සංගීතා ගැන උන්මාදයක් එදා අපේ ප්‍රේක්ෂකයන්ට තිබුණා?
ඔව්. ඒක බොහොම සාමාන්‍ය දෙයක්නේ නේද? එහෙම එකක් තිබ්බා. ඉතිං ඒක අද පරපුරේ නළු, නිළියන්ට තියෙනවද කියන්න නම් මම දන්නේ නෑ. හැබැයි මට ඒ අත්දැකීම ලැබුණා.
ඔයාගේ දැනුමට අනුව කොතනින්ද මේ අපේ සිනමාවේ ‘ස්ටාර් කොලිටි’ එක අවලංගු වෙලා යන්නේ?
‘ස්ටාර් කොලිටි’ එක නැතුවා නෙවෙයි. දැන් පූජාගේ ගත්තත්, අනර්කලීගේ ගත්තත් ස්ටාර් කොලිටි එකක් තියෙනවා.
එතකොට අඩු වැඩි වශයෙන් කාටත් තියෙනවා?
සමහර අයගේ නම් නෑ. ඇත්තම කියන්න ඕනෑ. ඔවුන් හරි දක්ෂයන් වෙන්නත් ඇති. නමුත් අරක නෑ.
වාණිජ සිනමාවේ දඟකාර පෙම්වතිය වෙන ගමන්ම ඔයා කලාත්මක සිනමාවේ පොළොවේ පය ගහලා ජීවත් වෙන අපේ කාලයේ කාන්තාවගේ චරිතයත් නිරූපණය කරනවා. අද ඔය දෙකටම ගැළපෙන නිළියෝ නෑ නේද?
මම නිළියක් හැටියට තවත් නිළියකට ධෛර්යයක් දෙනවා මිස මේ සීමාවන් තුළ ඔවුන් කරන කර්තව්‍යයන් පිළිබඳ විවේචනය කරන්න මට අවශ්‍යතාවයක් නෑ. සත්‍ය අපිට හැම තිස්සේම කතා කරන්නත් බෑනේ නේද?
සාමාන්‍යයෙන් අපි හැමෝටම පරමාදර්ශී චරිත තියෙනවා. දැන් මාලිනී ෆොන්සේකාගේ පරමාදර්ශී චරිතය රුක්මණී දේවි. එතකොට ඔයාගේ පරමාදර්හී චරිතය ඇතැම් විට මාලිනී අක්කා වෙන්න පුළුවන්. දැන් එහෙම එක් එක් ආභාෂයන් ලබා ගන්නවානේ?
අනිවාර්යයෙන්ම.
සංගීතා වීරරත්න, තමන්ගේ පරමාදර්ශී නිළිය කරගත් පසු පරපුරක් හිටියා කියලා ඔයාට හිතෙනවාද?
අද පරපුර එහෙම කියන්න තරම් නිහතමානී නෑ නේද? එහෙම ඇති. ඔයාගේ රඟපෑම් හොඳයි. අහවල් චරිතය ඔයා හොඳට කරලා තියෙනවා කියපු නිළියෝ ඉන්නවා. සමහර විට මගේ රඟපෑම් හරහා තමන්ටත් යමක් එකතු කර ගත් නිළියෝ මම දැකලා තියෙනවා. නමුත් ඔවුන් කවදාවත් ඒවා ප්‍රසිද්ධියේ කියන්නේ නෑ.
‘ධීවරී’ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නේ වසර ගණනාවකට පසුව. දැන් ‘බොරදිය පොකුණ’ චිත්‍රපටයත් තිරගත වෙන්නේ රූගත කර වසර දහතුනකට පසුව?
ඔව්. ‘බොරදිය පොකුණ’ චිත්‍රපටයේ මුලින් රඟපාන්න හිටියේ මම. මුලින්ම ඒ චරිතයට ආරාධනා ලැබුණේ මට.
මොන චරිතයද?
මංගලාගේ චරිතය. පස්සේ ඒ චරිතය කළේ ඩිලානි. සත්‍යා කියන්නේ මගේ හොඳම යාළුවෙක්. අදටත් මගේ හොඳම යාළුවෙක්.
ඇයි ‘බොරදිය පොකුණ’ මඟ හැරුණේ?
මම බෑ කිව්වා ඉතින්. එවැනි චරිතයක් නිරූපණය කිරීමේ අවශ්‍යතාවයක් මට තිබ්බේ නෑ ඒ වකවානුව තුළ.
නෑ මගේ ප්‍රශ්නය වෙන්නේ යම් චිත්‍රපටයක් එහෙම ප්‍රමාද වී ප්‍රදර්ශනය වෙද්දී කල් ඉකුත් වීමක් වගේ දෙයක් වෙනවද?
දැන් ‘සප්ත කන්‍යා’ එහෙම කල් ඉකුත් වෙලා තියෙනවාද?
නෑ. ඒක නියමිත කාලේ තිරගත වුණානේ?
ඔව්. ඒත් පස්සේ බැලුවා කියලා එහෙම වෙනවද? මම හිතන්නේ අද බැලුවත්.
මම අහන්නේ කුමන හෝ හේතුවක් නිසා වසර දහයක්, දොළහක් වගේ කාලයක් ඉකුත් වෙලා මහජන ප්‍රදර්ශනයට චිත්‍රපටයක් එක්වීම නිළියකගේ පැත්තෙන් බලන කොට ඔයාට කොයි වගේ ද දැනෙන්නේ කියලයි?
අද මම චිත්‍රපටයක රඟපෑවා කියමුකෝ. හෙටත් මම හොයනවා ඒකේ අඩුපාඩු. ඒක ඉතින් කවදාවත් වෙනස් වෙන්නේ නෑ. මට වඩා හොඳට රඟපාන අය ඉන්නවානේ. මම මදිනේ කියලා හිතනවා. සමහර විට මම හොඳ නෑ කියලා කනගාටු වෙන චිත්‍රපටවලට මට සම්මානත් ලැබෙනවා. ඒත් ෂඞ මේක තමයි මගේ හොඳම රඟපෑම කියලා තෘප්තිමත් වෙන්නේ නෑ නේද කොතනකවත්. ඒක එහෙම වුණත් චිත්‍රපටයක් කවදාවත් කල්ඉකුත් වන්නේ නෑ. ‘කසබලංකා’ අදත් ඔයා බලයි. කල්ඉකුත් වීමක් නෑ. හොඳ නිර්මාණයක් නම් ඒකට එක්ස්පයර් ඩේට් ඒකක් නෑ.
කවුද ඔබේ ප්‍රියතම අධ්‍යක්ෂවරයා. මම ඇහුවේ ඔයාගේ නිර්මාණ දිවියට ආලෝකයක් වුණු?
එහෙම කියනවා නම් මට නම් තියෙනවා නවයකට වැඩිය කියන්න.
නම් නමේකට වැඩිය?
මම එච්චර වාසනාවන්තයි. ඒකයි මම කිව්වේ මට අතපසු වූ අවස්ථාවන් ඇති. නමුත් මට ලැබුණු අවස්ථාවන් ඊට වඩා වැඩියි.
අයියෝ මට මෙයත් එක්ක වැඩ කරන්න බැරි වුණානේ කියලා දුකක්, කනගාටුවක් හිතෙන අධ්‍යක්ෂවරු නැද්ද?
එහෙම ඉන්නවා කීප දෙනෙක්. තිස්ස අබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක තමයි ප්‍රධාන. ඔවුන් එක්ක වැඩ කරපු අය කියන දේවල් අහන කොට මට හරි ආසාවක් ඇති වෙනවා. ඉතිං ඒ අවස්ථා මිස් වුණා. ඒක ගැන නම් අපරාදේ කියලා හිතනවා. හැබැයි තව පැත්තකින් මට ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, ගාමිණී ෆොන්සේකා කියන අපේ රටේ දැවැන්තම නළුවෝ තුන් දෙනා එක්ක රඟපාන්න ලැබුණා. ඉතිං මම කොච්චර වාසනාවන්තද?
ඒ කියන්නේ රජ තුන්කට්ටුව සමඟ?
ඔව්. ඉතින් ඒ අවස්ථාව ලැබුණ එක මම හිතන්නේ ලොකු වාසනාවක්. ඒ වගේම රවීන්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක, රන්ජන් රාමනායක, කමල් අද්දරආරච්චි, දමිත් ෆොන්සේකා වගේ ඊට පසු පරම්පරාවේ නළුවන් එක්කත් මම රඟපෑවා.
ඔයාගේ සිත් ගත්, නැතිනම් ඔයා රඟපාන්න කැමැත්තෙන් සිටි චරිතයක් වෙනත් නිළියක් රඟපානවා දකින කොට මොන වගේ හැඟීමක් ද ඇති වෙන්නේ?
අද කාලේ හැටියට මට හිතෙනවා මගේ අත්දැකීම් එක්ක මට ඒ චරිතය මීට වඩා සාර්ථකව කරන්න තිබුණානේ කියලා. එහෙම මම හිතපු අවස්ථා තියෙනවා. නමුත් කරන්න දෙයක් නෑ. ඒක අධ්‍යක්ෂවරයාගේ අයිතියනේ.
එතකොට අධ්‍යක්ෂවරයාගෙන් ඔයාට අසාධාරණයක් සිදු වෙලා තියෙනවා?
නෑ . . නෑ . . නෑ . . මම හිතනවා වගේම එහෙම තව නිළියෝ කී දෙනෙක් හිතනවා ඇතිද? ඒ හැමෝටම අවස්ථාව දෙන්න බෑනේ. මම එක්කෙනෙක් විතරයි.
සංගීතා අපේ සිනමාව වෙනුනේ ගොඩක් කැප වීම් කළ නිළියක්. ‘කැප කිරීමේ කුමරිය’ කියන නම ඔයාට පටබැඳුණෙත් ඒ නිසයි. චරිතයක් වෙනුවෙන් හිසිකේ පවා මුඩු කළා. අදත් ඒ වගේ කැප කිරීමකට සූදානම්ද?
ඒ කියන්නේ ආයෙත් හිස බූ ගාන්න . . .
ඒ වගේ දෙයකට වුණත්?
මම බොහොම ආදරේ කළ කෙනෙක් මගේ ආච්චි. ඇය දස සිල් මෑණි කෙනෙක්. ඉතින් ඇය වෙනුවෙන් තමයි මම ඒ චිත්‍රපටය කළේ. ඇගේ ජීවන රටාව මම ගොඩක් භාවිතා කළා ඒ චිත්‍රපටය පුරාම. චිත්‍රපටයේ වටිනාකමක් තියෙනවා නම් මට හිස බූ ගානවා කියන එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවේ. නමුත් එවැනි චරිතයක් කරනවා නම් කාලය, ශ්‍රමය හරියට කැප කරන්න ඕනෑ අපි ගරු කරන්නේ චීවරයටනේ. ඉතින් ඒ චීවරය මම පළඳිනවා නම් නැවත වරක් මම ඒ ගෞරවය දිය යුතුයි. දරුවෙක් ගෙදර ඉන්න කොට මට ඒ කැප කිරීම එදා වගේම අදත් කරන්න පුළුවන් ද කියන එක ගැටලුවක්. හිස බූ ගානවා කියන එක සුළු දෙයක්. ඒක ආපහු වැවෙයි. එතන නෙවෙයි මම ඉන්නේ. කොහොමද අපි චීවරයට ගරුත්වය දෙන්නේ කියන තැනයි.
අද සිංහල සිනමාව කඩා වැටිලා කියන මැසිවිල්ල අපට නොයෙක් දෙසින් ඇසෙනවා. සංගීතාට මොකද මේ ගැන හිතෙන්නේ? සිනමාවේ අර්බුදයක් තියෙනවාද?
අර්බුදයක් ඇති නේද? දැන් අවුරුදු හතකින් ‘සරසවිය’ සම්මාන උළෙල තියලා නෑ. සම්මාන උළෙලක් කියන්නේ සිනමාවේ එක් අංගයක් විතරයි. අර්බුදය කියන්නේ ඒකට නෙවෙයි. සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීම අද එක්තරා විදියක අභියෝගයක් වෙලා තියෙනවා. සිනමාකරුවන්ට තමන්ගේ නිර්මාණ ස්වාධීනව කරගෙන යාමට තියෙන අයිතියට කිසිවකු අත නොගැසිය යුතුයි. ඒවාගේම හොඳ නිර්මාණ කිරීමට අවශ්‍ය පසුබිම සැකසෙන්නත් අවශ්‍යයි. මේ දේවල් හරියට කෙරුණොත් අනාගතයේ අපේ සිනමාව සුබදායක මට්ටමකට එයි. අපට අවශ්‍යය නිර්මාණාත්මක සිනමාවක්.
ඇයි එහෙම සිනමාවක් අද නැද්ද?
එහෙම නැතුවා නෙවෙයි. ඒත් හොඳ නිර්මාණ බිහි නොවීම හෝ ඒවාට යම්, යම් බලපෑම් එල්ල වීම අද ප්‍රශ්නයක් බවට පත් වෙලා. අර්බුදයක් තියෙනවා කියලා අපිට පිළිගන්න වෙනවා. අද පොදුවේ ගත්තාම අපි සමහර කලා නිර්මාණවල දකින්නේ විකෘතිභාවයක්. ඒවා මේ මහ පොළවට ගොඩක් ඈතයි.
නළු, නිළියන් ඇතුළු බොහෝ කලාකරුවෝ පසුගිය කාලේ අපි දැක්කා සෘජුවම දේශපාලනයට සම්බන්ධ වී කටයුතු කරනවා. නමුත් සංගීතා නිහඬ පිළිවෙතක් තමයි ඒ ප්‍රවාහය තුළ අනුගමනය කළේ?
මම 2005 දී මගේ දේශපාලන මතවාදය එළිපිට ප්‍රකාශ කළා. එතනින් එහාට මම කට වහගෙන හිටියා. ඊට පස්සේ මම කවදාවත් දේශපාලනය කළේ නෑ. මොකද මට තේරුණා මමයි, දේශපාලනයයි ගැළපෙන්නේ නෑ කියලා. දේශපාලනයයි, මමයි දෙකක්. මට දේශපාලන මත තියෙනවා. ඒවාට මිනිස්සු එකඟ වෙනවද නැද්ද කියලා මම දන්නේ නෑ. නමුත් දේශපාලනයට වඩා නිර්මාණ හරහා මම ඔවුන්ට කතා කරන එක වැදගත් කියලා මම හිතනවා. නිර්මාණකරුවා සදා අමරණීයයි. ඒ නිසා මම 2005 දී කරපු ඒ මෝඩකම ආයේ කවදාවත්ම කරන්නේ නැහැ.

Saturday, March 28, 2015

Work shouldn't Interfere with family

By: Prosperity Tech On: 9:02 PM

කලාවයි පවුලයි හවුල් කරගන්න කැමැත්තක් නැහැ

වත්සලා දියලගොඩ
කොහොමද වත්සලා ?
සුපුරුදු විදිහට ජීවිතේ ගෙවෙනවා. කාලේ යනවා දැනෙන්නේ නැහැ. පහු ගිය 24 වැනි දා දුවට අවුරුද්දක් ලැබුවා. ඉතින් පහු ගිය දවස් ටිකේ නම් දුවගේ උපන්දින සාදේට වැඩත් එක්කයි කාර්යබහුල වෙලා හිටියේ.
එහෙනම් දුවගේ උපන්දිනේ ජයටම සමරලා තියෙන හැඩයි?
සාමාන්‍යයෙන් හැමෝම වගේ තමන්ගේ බබාගේ පළවැනි බර්ත් ඩේ පාර්ටි එක ජයටම ගන්නවානේ. ඉතින් අපේ දුවගේත් පළවෙනි උපන්දින සාදේ නිසා අපිත් ටිකක් ජයට ගත්තා.
වත්සලාගේ ප්‍රසූත නිවාඩු නම් තව ඉවර නැති පාටයි?
නැහැ නැහැ. දැන් ඉවරයි.

එහෙනම් ළඟදීම රංගනයට එන්නයි සූදානම?
ඔව්. ඒත් තවම කවුරුත් දන්නේ නැහැ මං ආයිත් රඟපාන්න සූදානම් කියලා. දැනට රූපවාහිනි වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් ආයිත් රඟපාන්න සූදානම්.
වත්සලාට නැවත පෙම්වතියක් වෙන්න පුළුවන් වෙයිද?
කොහොම ආරාධනා ලැබෙයි ද කියන්න දන්නේ නැහැ. නමුත් තවම පෙම්වතියක් වෙන්න බැරිකමකුත් නැහැ.
එහෙනම් දැන් රූපය ගැනත් වැඩිපුර හිතන්න වෙයි?
මගේ රූපයේ නම් කිසිම වෙනසක් වෙලා නැහැ. දැන් ඉස්සර හිටියටත් වඩා කෙට්ටුයි.
රංගනයෙන් ඈත් වී සිටි කාලය ඒකාකාරී වුණේ නැද්ද?
මුල් කාලේදී නම් ඒකාකාරී බවක් දැනුණා. විවාහ වුණු මුල් කාලේ දී වුණත් ලොකු වගකීමක් නොතිබුණු නිසා නිදහස තිබුණා. නමුත් දුව ලැබුණහම එය ජීවිතයට ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඉතින් දැන් නම් ඒ දේවල් වලට හුරු වෙලා නිසා කාලේ යනවා තේරෙන්නෙත් නැහැ.
දුව වැඩියෙන් හුරතල් වෙන්නේ අම්මා එක්කද තාත්තා එක්කද?
තාත්තාට තමයි දුව වැඩිපුර කිට්ටු. ඒ නිසා තාත්තා එකක් තමයි වැඩිපුර හුරතල් වෙන්නේ.
දුව ගෙදර තියලා ආයෙත් රංගන කටයුතු වලට යොමු වෙන්න දුක නැද්ද?
ගොඩක් දුකයි. දැන් වුණත් ඇයව දාලා වැඩසටහනකට සහභාගී වෙන්න ගියත් මට නිතරම දුව මතක් වෙනවා. ඉතින් ඒ වෙලාවට දූව බලාගන්නේ මගේ අම්මයි සැමියා ගේ අම්මයි. දුවත් එයාලට ගොඩක් හුරුයි. ඉතින් ඒ ගැන හිතන කොට මගේ හිතට දැනෙන්නේ ලොකු සැහැල්ලුවක්.
ඔබේ සැමියා කලාවට සම්බන්ධයි. ඉතින් ඇයි ඔබ ඔහු ගේ වැඩවලට දායකත්වය ලබා නොදෙන්නේ?
ඔහු ගේ වැඩවලදි ප්‍රධාන වශයෙන් නොවූණත් පුංචි පුංචි දේවල් වලින් මම දායක වෙනවා. අපි අතර තියෙන්නේ කලාවට සීමා වූ සම්බන්ධයක් නෙමෙයි නේ. කලාවයි පවුලයි හවුල් කර ගන්න මගේ කැමැත්තක් නැහැ.
ඔබ ක්ෂේත්‍රයේ හිටපු කාලෙත් බොහොම සීමිත නිර්මාණ කිහිපයකටයි සම්බන්ධ වුණේ?
ඔව්. මම ඇත්තටම පොඩි කාලයක් ඇතුළත පොඩි වැඩ කොටසයි කළේ. නමුත් මගේ පළමු ටෙලි නාට්‍යයෙන්ම මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා.
ඉන් පසු සම්බන්ධ වුණු හැම නිර්මාණයක්ම ජනප්‍රිය වුණා. එය මට ලොකු වාසනාවක්. මේ දිනවල නැවතත් 'මුතු කිරිල්ලි' සහ 'අමා' විකාශය වෙනවා ඉතින් ඒ නිර්මාණ නැවත විකාශය වෙන්නේ ලැබුණු හොඳ ප්‍රතිචාර නිසයි. එවැනි නිර්මාණ වලට දායක වුණාහම මිනිසුන්ට මාව අමතක වෙන්නේ නැහැ.
වත්සලා ඔබේ නැඟණිය දැන් ඔබට වඩා ජනප්‍රියයි?
වෙන්න පුළුවන්. ඇය දැන් ගොඩක් නාට්‍ය වලට සම්බන්ධ වෙලා ඉන්නේ. මම බ්‍රේක් එකක් ගත්තා. මේ ඇය ගේ කාලේ.
ඔබේ තාවකාලික සමු ගැන්ම ඔබේ නැඟණියට ක්ෂේත්‍රයට එන්න මඟක් වුණා?
එහෙම වෙන්නත් පුළුවන්. අපි දෙන්නාගේම ස්වරූපය බොහෝ දුරට සමානයි. ඒ අවස්ථාවත් ඇයට ලැබුණා. ඒ වගේම ඇය දක්ෂයි.
කොහොම හරි අක්කාගේ තැන නංගී අරන්?
වෙන්න ඇති. නමුත් මට කිසිම දුකක් නැහැ. මම කලාවෙන් සමු ගත්තේ තාවකාලිකව. ඒ සමු ගැන්ම මගේ ජීවිතයේ එක්තරා කඩඉමක්. ගැහැනියකගේ ජීවිතයේ උතුම් දේ වෙනුවෙනුයි මම මගේ රංගන ජීවිතය තාවකාලිකව කැප කළේ. අනෙක හැමදාම දකිනවාට වැඩියේ ඉඳලා හිටලා දකින එකත් හොඳයි නේ... හැමෝටම කාලයක් එනවා යනවා. කාටවත් සදාකාලිකව ජනප්‍රිය තලයේ ඉන්න බැහැ. තෝරා බේරගෙන වුණත් හොඳ නිර්මාණ වලට සම්බන්ධ වෙලා හොඳ දෙයක් කළොත් මිනිස්සුන්ගේ හිත් වල හැම දාම රැඳිලා තියෙයි.