Friday, March 27, 2015

Prof. Nalin De Silva's view about Sarath Fonseka & Ven Sobhitha

By: Prosperity Tech On: 10:30 PM

ෆොන්සේකා කළ වීරකමක් නෑ; සෝභිත හිමි දන්න දේශපාලනයක් නෑ – මහාචාර්ය නලින් ද සිල්වා

සරත් ෆොන්සේකා මේ දිනවල වීරයෙකු බවට පත්කර ඇති බවත්, ඔහු කළ වීරකමක් නොමැති බවත්, කරනු ලැබුවේ සුදුකොඩි කතාව හරහා රාජපක්ෂලාට බොරු චෝදනා ඉදිරිපත් කිරීම පමණක් බවත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. එලෙස බොරු චෝදනා ඉදිරිපත් කිරීමට තෑග්ගක් ලෙස ඔහුට ‘ෆීල්ඩ් මාෂල්”තනතුර හිමිවූ බවත්,ඒ නිසාම අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකළහොත් රාජපක්ෂලාට එරෙහිව ඔහු විසින් සාක්ෂිදෙනු ඇති බවත් ඔහු පැවසුවේය. මාඳුළුවාවේ සෝභිත හිමියන්ට දේශපාලනය නොතේරෙන බැවින් උන්වහන්සේ ඕනම කෙනෙකුට පාවිච්චි කළ හැකි බවත් මෙම මහාචාර්ය නලීන්ද සිල්වා මහතා පැවසීය. ජාතික ආණ්ඩුවක් නම් ජාතික වැදගත්කමින් යුතු ගැටළුවකදී රටේ සියලුම පක්ෂ එකමුතුවී පිහිටුවා ගත යුතු එකක් බවත්,සභාග ආණ්ඩුවක් නම් රටේ ප්‍රධාන පක්ෂ එකතුවී පිහිටුවා ගත යුතු ආණ්ඩුක් බවත් ඒ කිසිවක් නැතිව මේ ස්ථාපිත වී ඇත්තේ ඉන්දියාවේ අවශ්‍යතාව මත පදනම්වුණු විජාතික ආණ්ඩුවක් බවත්,එය ආරම්භ වූයේ පසුගිය ජනවාරි 09 දින සිටම බවත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. මේ පවතින්නේ නීත්‍යනුකූල ආණ්ඩුවක් නොවන බවත්, අගමැතිවරයා නීත්‍යනුකූල නොමැති බවත්,ඊයේ පත්කෙරුණු නව කැබිනට් මණ්ඩලයද නීත්‍යනුකූල නොමැති බවත් ඔහු පැවසුවේය. මේ මොහොතේ යළි මැතිවරණයක් පවත්වනු ලැබුවහොත් සිංහල ඡන්ද පදනමෙන් 65% ක් ලබාගනිමින් ජයගන්නා බවත්. මහින්ද පරාජයෙන් සිංහල ජාතිය පරාජයට පත් වූ බවත් ඒ මහතා පවසා සිටියේය. මහාචාර්ය නලීන් ද සිල්වා මහතා මෙම හාස්‍ය උත්පාදක රසකතා හමුව අද(24) කොළඹදී පැවත්වීය. සති දෙකකට වරක් රාජපක්ෂ පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම මාධ්‍යහමුවේදී මහාචාර්ය නලීන් ද සිල්වා මහතාගේ රසකතා වලට අමතර බෙංගමුවේ නාලක හිමියන්ගේද මෙවැනි රසකතා ඇසීමට ඉඩ ප්‍රස්තාව සැලසේ.

President Maithripala Sirisena's brother dies

By: Prosperity Tech On: 9:35 PM

ජනපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත මියයයි

පොරවකින් සිදුවූ පහරදීමකින් බරපතල තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයෙකු වන ප්‍රියන්ත සිරිසේන අද (28) අලූයම මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ අලූයම 3.50ට පමණ ඔහු මිය ගිය බවයි. පොළොන්නරුව - ඇතුමල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ජනාධිපතිවරයාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මිය යන විට වයස අවුරුදු 40ක්.
ප්‍රියන්ත සිරිසේනට පොරවකින් පහර දී තිබුණේ 34 හැවිරිදි හපුතන්ත්‍රිගේ ඉෂාන් ලක්මාල් නමැති පුද්ගලයෙක්. පෙරේදා රාත්‍රියේ පෞද්ගලික ආරවුලක් මත ඇති වූ ගැටුමක් දුරදිග යාමෙනුයි මෙය සිදුව තිබුණේ. අනතුරුව පොළොන්නරුව මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ප්‍රියන්ත සිරිසේන පසුව ගුවන් මගින් කොළඹට ගෙන ඒමට කටයුතු කළා.

Thursday, March 26, 2015

Hirunika lies about her relationship

By: Prosperity Tech On: 9:59 AM

අනේ තාම ලව් එකක් නෑ. මං විහිළුවක් කළේ. -  හිරුනිකා

පසුගියදා සිය ෆේස් බුක් ගිණුමේ තමන් ආදර සම්බන්ධයක් ඇති බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ පළාත් සභා මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඒ සම්බන්ධ වෙබ් අඩවි වල ප්‍රචාරය වීමෙන් පසුව ලජ්ජාවට පත්වීම නිසාදෝ එය ඉවත් කරගෙන තමන් තව දුරටත් තනිකඩ බව කියා සිටින අතර තමන් පෙම් සබඳතාවක් ඇරඹූ බව කියා සිටියේ විහිළුවට බව දැන් කියා සිටිනවා.පසුගිය කාලයේ නාමල් රාජපක්ෂ,
රන්දිම ගමගේ ආදී හිරුනිකාගේ පෙම්වතුන් බවට විවිධ කතා ප්‍රචාරය වී තිබුණ නමුත් ඇය ඒවා ප්‍රතික්ෂේප කර තිබුණා. ඇගේ පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හදිසි ඝාතනයට ලක්වූ අවස්ථාවේ අවේගශීලීව මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරමින් සිටි අවස්ථාවක ඇය ඇගේ

පෙම්වතා රන්දිම ගමගේ බවට ස්වාධීන රූපවාහිනී කැමරාවට මුහුණ පෙන්වමින් ප්‍රකාශයක් කර කියා සිටියේ තමාට වෙනත් අයගේ නම් පට නොබඳින ලෙස ඉල්ලමිනි.
නමුත් කාලයාගේ ඇවෑමෙන් ඇගේ දේශපාලන ක්‍රියාකාරකම් වැඩිවීමත් සමග එම සම්බන්ධය බිඳ වැටුණ බවද ඇය පුවත්පත්වලට කියා සිටි නමුත් ඇය වටේ මේ දිනවල කැරකෙන ඇගේ අලූත්ම පෙම්වතා හඳුන්වා දීමට මැළි කමක් දක්වා තිබුණා.
ඇගේ රහස ෆේස් බුක් ඔස්සේ සතුටින් ප්‍රකාශ කර තිබුණත් එයට නොසිතූ ප්‍රතිචාර ලැබීම නිසාදෝ ඇය එය ෆේස් බුක් ටයිම් ලයින් වලින් ඉවත් කරන්නට මුලින් කටයුතු කර ඇති බව පැය කිහිපයකට පසුව දක්නට ලැබුණි. මේ අතරවාරයේ ඇයට ලැබුණ කිසියම් උපදෙසක් නිසාදෝ ඇය තවත් පැය කිහිපයකින් තමන් කළේ විහිළුවක් බවට නැවත ප්‍රකාශයක් කර තිබුනේ පහත පරිදිය.


President Maitreepala Sirisena's Brother Priyantha Sirisena Attacked In Polonnaruwa

By: Prosperity Tech On: 9:37 AM

ජනපති මෛත්‍රී ගේ බාල සොයුරු ප්‍රියන්ත සිරිසේනට පොරෝ ප්‍රහාරයක්. තත්වය බරපතලයි




පොළොන්නරුව හතරේ ඇළ දී අද සවස හතට පමණ අනතුරකට ලක් වු ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට පොරෝ ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පවසන වෛද්‍යවරු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරති.
සිරිසේන මහතා පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඔහු කොළඹට රැගෙන ඒමටද නියමිත බව දැනගන්නට ඇත.


මේ අතර ඔහුට පහර දුන් පුද්ගලයා පොලිසියට බාරවී ඇත

Wednesday, March 25, 2015

Murder of Rathgama PS Chairman

By: Prosperity Tech On: 4:36 AM

මරාදැමූ රත්ගම මනෝජ්ට මිනීමැරුම් 12 ක චෝදනා තිබුණාලූ. වටේම හෝටල්වලින් කප්පම් ගත්තලූ

මරා දමා ඇත්තේ "පොඩී ලසී" බව හෙළිවෙයි

පෙරේදා රාත්‍රී හික්කඩුව නාරිගම සංචාරක හෝටලයකදී වෙඩි තබා මරා දමන ලද රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් දරුණු ගණයේ අපරාධ රැසකට චෝදනා ලැබ සිටි පුද්ගලයෙකු බව වාර්තා වනවා.
රත්ගම ප්‍රදේශයේ පාතාල කල්ලියක් පවත්වාගෙන ගිය බව කියන මනෝජ් මිනීමැරුම්, කප්පම් ගැනීම්, ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම් රැසකට පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙකු වුවත් ඔහුගේ දේශපාලන බලය නිසා ඒවා යටගසාගෙන තිබුණ අයෙකි.
සිද්ධිය වූ දා රාත්‍රී 11.45 ට පමණ කඩාවැදුනු සන්නද්ධ කණ්ඩායමක් ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබුණ අතර මෙම අපරාධය ඔහු කර ඇති ක්‍රියාවන් හා සම්බන්ධ පෞද්ගලික ආරවුලක් මත සිදුවී ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී
දැන් අනාවරණය වී තිඛෙනවා. වෙඩි තැබීම් සිදුකර ඇත්තේ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන —පොඩි ලසී˜ නමැත්තෙකු බව පොලිසිය දැන් සොයාගෙන ඇත.
ඔහු කලක් මනෝඡ් මෙන්ඩිස්ගේ ගෝලයකු ලෙස සිටි අයෙකි. පොඩි ලසී පෙරේදා රාත්‍රී තවත් පුද්ගලයන් තිදෙනකුද සමග හෝටලයට පැමිණ මනෝඡ් සමග පැය භාගයක පමණ කාලයක් කතාබහ කරමින් සිට රාත්‍රී 11.45 ට පමණ මනෝජ් බීමත්වූ පසු ඔහුව කැඳවාගෙන
හෝටලයේ වෙනත් ස්ථානයකට ගොස් තිබේ. එහිදී මොවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති අතර පොඩි ලසී  මනෝඡ් ට වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර ඇත්තේ එහිදීය.
මනෝඡ් මෙන්ඩිස්ගේ මුහුණ සහ පපු ප්‍රදේශය වෙත වෙඩි ප්‍රහාර කීපයක් එල්ල වී තිබූ අතර ඔහු සිද්ධිය වූ ස්ථානයේම මියගියා.
වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ සුසන්ත නමැත්තා වෙඩි තැබූ පුද්ගලයන්ට වීදුරු බෝතලයකින් දමා ගසා ඇති අතර ඝාතනයට පැමි‚ පුද්ගලයකු එම ප්‍රහාරයෙන් කැපුම් තුවාල ලබා ඇති බව කියැවුණා.
මේ වෙඩි තැබීමෙන් සුසන්ත (42) (කිරිමාමා) සහ සනත් වසන්ත (සංඛ) (36) දෙදෙනා තුවාල ලැබ ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මේ දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
හික්කඩුව පොලිස් වසමේ තොටගමුව ප්‍රදේශයෙහි මොළඔයෙන් වැලි ගොඩ දැමීමේ ආරවුලක් හා හික්කඩුව නගර සභාවේ කැළිකසළ රත්ගම ප්‍රදේශයට දැමීමේ සිද්ධියක් මත
මනෝජ් හා පොඩි ලසීගේ කණ්ඩායම අතර විරසකයක් තිබී ඇත.
මෙම වෙඩි තැබීම සිදුවී ඇති හික්කඩුව නාරිගම පිහිටි සංචාරක හෝටලයද මනෝඡ් මෙන්ඩිස්ගේ මිතුරකුට අයත් එකකි.
හෝටලයේ අයිතිය සම්බන්ධයෙන්ද කලක් ආරවුල් තිබී ඇත වර්තමාන හිමිකරුට හෝටලය ලබා ගැනීම සඳහා උදව් කර ඇත්තේද මනෝජ්ය.
සෑම සඳුදා දිනයකම රාත්‍රි කාලයේ මෙම හෝටලයේ විශේෂ සංගීත සාදයක් පැවැත්වෙන අතර මනෝඡ් මෙන්ඩිස් ඊට සහභාගි වීම සිරිතක්වී ඇත. මිනීමැරුම සිදුවූ දාත් මනෝජ් එම සිරිත අනුගමනය කරමින් සාදයට එක්වී ඇත.
වෙඩි තැබීම සිදුවෙද්දී හෝටලයේ දේශීය විදේශීය සංචාරකයන් රැසක් මත්පැන් පානය කරමින් විනෝද වෙමින් සිට ඇත.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මනෝඡ් මෙන්ඩිස් අසල සිටි ඔහුගේ සගයන් දෙදෙනාටද වෙඩි තැබූ තුවක්කුකරු හෝටලයෙන් පිටතට දිවගොස් නතර කර තිබූ වෑන් රථයක නැගී
පළාගොස් තිබේ.
සැකකරුවන් හඳුනාගෙන තිබුණත් ඔවුන් අතුරුදන්ව සිටින නිසා තවමත් පොලිස් දැලට කොටුවී නැත.
පසුගිය මැතිවරණ සමයේ දී එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද මනෝඡ් මෙන්ඩිස්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණ.
ඊට අමතරව මිනීමැරුම් 12 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව චෝදනා ඇති බව පොලිසිය පවසයි.
හික්කඩුව කොස්ගොඩ, නාරිගම, ගාල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක පිහිටි සංචාරක හෝටල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසකින් මාසිකව කප්පම් මුදල් ලබාගත් බවට මොහුට එරෙහිව පවතින තවත් චෝදනාවකි.
පසුගිය 2007 වසරේ රත්ගම ප්‍රාදේශීය සභාවට තරග කළ මනෝඡ් මෙන්ඩිස් ඡන්ද හත්දහසකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් තේරී පත් විය.
2011 වසරේ දී පළාත් පාලන මැතිවරණයට තරග කළ මොහු ඡන්ද පහළොස්දහසකට වැඩි ප්‍රමාණයක් ලබාගෙන රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්විය.
ඔහු මේ ආකාරයට කප්පම් ගැනීම් වලින් මුදල් ඉපැයීමේ නිරත වන බව කීවත් ඊයේ රූපවාහිනී නාලිකාවල ඔහුගේ බිරිය හැ~ූ කඳුලින් ඛෙරිහන් දුන්නේ "මේ ඔක්කොම බොරු චෝදනා දෙයියනේ...අපේ බැංකු ගිණුම් බලන්න අපේ අල්මාරි බලන්න..අපිට සල්ලි නෑ" යනුවෙනි.

Malaka Silva To Come In To Politics

By: Prosperity Tech On: 12:34 AM

ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි

අනිවාර්යයෙන්ම දේශපාලනයට පැමිණෙන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා පවසයි.

තමාට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදෙන ඕනෑම පක්ෂයකින් ඉදිරියේදි මැතිවරණය සඳහා තරඟකිරීමට සූදානම් බවද ඔහු සඳහන් කරයි.

රාත්‍රී සමාජශාලාවල දී පමණක් තමාගෙන් වැරදි සිදුවි ඇතත් දේශපාලනඥයින්ට පහර දී හෝ දේශපාලන වේදිකා කඩා දමා තමා වැරදිකර නොමැති බව ද මාලක සිල්වා පෙන්වා දෙයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තමා ගරු කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ රාත්‍රී සමාජශාලාවක දී බ්‍රිතාන්‍ය ජාතික යුවලකටපහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් වන නඩුවට පෙනී සිටීම සඳහා ඊයේ (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

Tuesday, March 24, 2015

Girl Commit Suicide in college Toilet

By: Prosperity Tech On: 9:54 PM

පාසල් ක‍්‍රීඩාගාරයේදී දූෂණය වූ සිසුවියක් පාසල් වැසිකිළියේදීම දිවි නසා ගනියි



මගේම රත්තරන් අම්මේ තාත්තේ අක්කේ ”මම ඔයාලට ගොඩාක් දුක් දුන්නා. මම මගේ ජීවිතයට වඩා වොලිබෝල්වලට ආදරය කළා. ඒ නිසා අද මෙහෙම අසරණ වෙලා ඉන්නවා. ප‍්‍රැක්ටිස්වලට ගියාම කියන දේවල් කරලා පැත්තකට වෙලා ඉන්නවා. මේ සියල්ලටම මුල මගේ අහිංසකකම. ඒ අහිංසක කමින් අර ආත්මාර්ථකාමියා මගෙන් ප‍්‍රයෝජන ගත්තා. ඔයාලා මගේ ජීවිතේ උණ දේවල්වලින් නොදන්න දේවල් ගොඩයි. මම 11 වසරට එනකන් කෙල්ලෙකුගේ ජීවිතේ රැක ගන්න දේවල් තියෙන බව දැනගෙන හිටියේ නැහැ.”



fච්.එම්. ගුණවර්ධන මහකා තිදරු පියෙකි. නවෝදි ඔහුගේ දෙවැනි දියණියයි. ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ වාවින්නේ පිහිටි පාසලකය. කුඩා කල සිටම ක‍්‍රීඩාවට දක්ෂ නවෝදා එරන්දි, වොලිබෝල් ක‍්‍රීඩාවට දක්ෂතාවයක්් පෙන්වුවාය. පාසලේ වොලිබෝල් පුහුණු කරුවකු නොමැති නිසා සිවිල් ආරක්ෂක බලකායේ වොලිබෝල් පිළිබඳව දන්නා පුද්ගලයකු මෙම දරුවන් පුහුණු කිරීම සඳහා පාසලට පැමිණියේය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. එම විදුහලේ අත්පන්දු කණ්ඩායමේ පුහුණුවීම් සිදුවූ අතර කිසිවෙකු නොදත් තවත් දෙයක් සිදුවෙමින් පැවතුනි. අත්පන්දු පුහුණු කිරීමට පැමිණි පුද්ගලයා තවත් කාරණයකට මුල පුරමින් සිටියේය. ඒ අත්පන්දු ක‍්‍රීඩාවට දක්ෂ නවෝදා එරන්දි තම ග‍්‍රහණයට අසුකර ගැනීමටය. දිනක් මෙම පුහුණු කටයුතු සිදුකළ පුහුණුකරුට නවෝදා එරන්දි සිසුවිය හමුවිය. කව්රුවත් නැති අවස්ථාවක් බැලූ ඔහු පාසල් ක‍්‍රීඩාගාරය තුළදී අහිංසක එරන්දිගේ හිරිමල් යෞවනය උදුරාගත්තේ ඇයගේ අහිංසක කමින් ප‍්‍රයෝජන ගනිමින්ය. කාලය කෙමෙන් ගෙවී ගියේය. මෙම පුහුණුකරුගේ වංචා ආදරයට නවෝදා එරන්දි නතුවූවාය. දිනෙන් දින ඔහු දෙන පොරොන්දු අතරේ අහස් මාලිගා තනමින් සිටියාය. මෙම කාලය තුළදී ඇය උසස් අධ්‍යාපනය ලැබීමට නගරයේ පාසලකට පැමිණියාය. නමුත් මෙම පුහුණුකරු එරන්දිගේ ඇසුර අත් අහැරියේ නැත. ඇය තම නිවසේ සිට පාසලට පැමිණෙන්නේ සිසු සැරිය බස් රථයෙනි. බස් රථයේ රියැදුරු හිතවත් කරගත් මෙම පුද්ගලයා අතරමගකදී බස් රථය නවත්වා ගෙන නවෝදා එරන්දි සිසුවිය පාසල් නිල ඇඳුම සමගින්ම හෝටලයකට රැුගෙන ගිය අවස්ථා රැුසක් ඇත. දැනට ඉඟිනියාගල පොලිසිය විසින් සිදු කරනු ලබන පරීක්ෂණවලදීද මෙය තහවුරු වී තිබේ.
තම අත් අකුරින් පිටු දෙකක් තමන්ගේ පාසල් ජීවිතයේදී තමාගේ ජීවිතය කාලකණ්ණියෙකු විසින් කෙළෙසු අයුරු අමිහිරි අත්දැකීම් ලියා තබා පාසල් වැසිකිළිය තුළදී ඇට වර්ගයක් සීනි සමග කෑමෙන් මියගිය නවෝදා එරන්දීගේ ලිපියේ ඉහත වදන් කීපය හද කකියවයි.
අම්පාර දිස්ත‍්‍රික්කයේ පරගහකැලේ ගම්මානය අපේ රටේ පැරණ්නන් ජීවත් වූ ගම්මානයකි. ඉගිනියාගල සේනානායක සමුදුර ඉදිකිරීමක් සමගම මෙම ගම්මාන ජනපද බවට පත්විය.

මෙම ගම්මානයේ අනුපවුලකින් ජීවත් වෙන එ
කාලය ටිකෙන් ටික ගෙවී ගියේය. මෙම තිරිසන් ගති ඇති මිනිසාගේ ක‍්‍රියා කලාපය ඇයට අවබෝධ විය. මේ වනවිටත් ඇයගේ ජීවිතය විනාශ කර අවසන්ය. තමාගේ දුක කියන්නට කෙනෙක්ද නැත. සමාජයට මුහුණ දීමට ඇති ලජ්ජාව නිසා ඇය සිය දිවි හානිකර ගැනීමට තීරණය කරන්නට ඇත. එහි අවසන් ප‍්‍රතිඵලය වුයේ රට ට ජාතියට සම්පතක්වීමට සිටි දක්ෂ දියණියක් අපට අහිමිවීමයි.
 

එච්.එම්. ගුණවර්ධන පියා මෙසේ කියයි.
මේ නැතිවෙලා ඉන්නේ මගේ දෙවැනි දුව. එයා වොලිබෝල් ක‍්‍රීඩාවට හරිම දක්ෂයි. මුලින්ම ගමේ පාසලට ගිහින් පස්සේ වැඩිදුර අධ්‍යාපනයට නගරයේ පාසලට ගියා. ඉගෙන ගන්නත් දක්ෂයි. මට 10 වෙනිදා පාසලෙන් කථා කරලා කිව්වා දුවට සනීප නැහැ කියලා එන්න කියලා. මමයි නෝනයි පාසලට ගියා. යනකොට දැන ගත්තා දුව මල් ඇට කාලා රෝහල් ගත කළා කියලා. අපි ගිහින් බලද්දී දරුවා රෝහලේ හිටියා.

SLD_20150322_A003 මගේ දුව වොලිබෝල් ක‍්‍රීඩාවට හරිම දක්ෂයි. ගමේ පාසලේදී ඒ අය පුරුදු කරන්න ග‍්‍රාම ආරක්ෂක සේවයේ හිටපු කෙනෙක් ගමේ විදුහලට ආවා. එයා තමයි  මේ සියලු දෙනාටම පුරුදු කරේ. කොහොම හරි අපේ දුව සහ මේ අය අතර සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. පසුව අපි මේ පිළිබඳව ඉඟිනියාගල පොලිසියට දැනුම් දුන්නා.

මම මේ පිළිබඳව 2014.05.08 වෙනිදා ඉඟිනියාගල පොලිසියට ගිහින් මේ පිළිබඳව කිව්වා. පොලිස් ස්ථානාධිපතිතුමා කිව්වා මේක ගණන් ගන්න එපා කියලා. කොළඹ නම්  ඕවා ගණන් ගන්නේ නැහැ කිව්වා. අපේ පැමිණිල්ල භාර ගත්තේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ මොනවද කරන්නේ කියලා. එදා අපි කිව්ව දේවල් පොලිසිය ඉටු කළා නම් අදත් මගේ දරුවා ජීවත් වෙනවා යැයි කඳුළු පිරි දෙනතින් පැවැසීය.
 

එච්.එම්. දිනුෂා දමයන්ති (අක්කා)
නංගි මගේ යාලූවෙක් වගේ හිටියේ. හැබැයි කිසිම සිද්ධියක් මට කිව්වේ නැහැ. එයා හිටපු ගමන් මාත් එක්ක තරහා වෙනවා. ටික වෙලාවකින් ආයෙත් යාළු වෙනවා. ඉගෙන ගන්නත් කී‍්‍රඩාවටත් හරිම දක්ෂයි. නංගිට උන දේ හිතා ගන්න බැහැ. වොලිබෝල් පුහුණු කරන්න ආපු සිවිල් ආරක්ෂක බලකායේ මිනිහා මගේ නංගිගේ ජීවිතේ විනාශ කරලා තියෙනවා. එදා තාත්තා පොලිසියට ගිහින් කියපු වෙලාවේ පියවරක් ගත්තා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.
කමණි රාජපක්ෂ විදුහල්පතිනිය

මම මේ පාසලට ඇවිල්ලා සතියක් වෙනවා. මේ සිද්ධිය දැන ගත්ත වෙලාවේ මම පන්ති භාර ගුරුතුමිය සමග ඉතා ඉක්මනින් මේ දරුවා අම්පාර මහ රෝහලට යැව්වා. රෝහලේදී දරුවාට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දුන්නා. ප‍්‍රතිකාර ලබමින් සිටියදී තමයි මේ දරුවා මිය ගියේ. අපි ඇයගේ පොත් බෑගය බලද්දී ඒකේ ලියුමක් සහ ජංගම දුරකථනයක් තිබුණා. ඒ ලියුමේ තියෙන දේවල් වලින් මේ සිදුවීම පිළිබඳව අපිට හිතා ගන්න පුළුවන් වුණා. මේ සිදුවීම ඉතාම කනගාටුදායකයි. මේ දරුවා අපේ විදුහලේ හිටිය දක්ෂ දරුවෙක්. ක‍්‍රීඩාවට වගේම ඉගෙන ගන්න හරිම දක්ෂයි. හැබැයි මේ දරුවාට මේ අතවරය වෙලා තියෙන්නේ අපේ විදුහලේදී නොවෙයි. මෙවැනි දේවල් වැළැක්වීම සඳහා අපි සියලූ දෙනා වගකීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් කරුණක් වෙනවා.

55

 

අම්පාර රෝහලේ වෛද්‍ය අධිකාරි ලංකාතිලක ජයසිංහ
අම්පාර නගරයේ විදුහලක දී පාසල් සිසුවියක් ඇට වර්ගයක් කෑම නිසා අම්පාර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියා. මේක ඉතාම ශෝකජනක කාරණයක්. මියගිය සිසුවිය දක්ෂ ක‍්‍රීඩිකාවක්. ඇය මේ රටට ජාත්‍යන්තර ගෞරවයක් ලබාදීමට හැකියාව තිබු සිසුවියක්. මේ සිදුවීම පිළිබඳව සොයා බලද්දී මේ පාසල් සිසුවිය තමන්ට වුණ සිදුවීමක් පිළිබඳව ලියුමක් ලියල තමයි සිය දිවි හානි කරගෙන තියෙන්නේ. මේ ප‍්‍රශ්නය ගැන මේ පිළිබඳව මීට වඩා සැලකිල්ල දැක්වුවා නම් මේ දරුවාගේ ජීවිතය බේරා ගන්න තිබුණා. ඇය මිය යන්න පෙර ලියන ලද ලියුමේ බොහෝ දේවල් සඳහන් වෙලා තියෙනවා. තමන් මුලින්ම ඉගෙන ගත්ත පාසලේ වොලිබෝල් පුහුණු කරන්න පැමිණි පුද්ගලයෙක් තමයි මේකට මුල්වෙලා තියෙන්නේ. කවුරුන් හෝ පුද්ගලයෙක් පිටතින් පාසලකට ඇවිත් කටයුතු කරනවා නම් ඒ පිළිබඳව මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි. පාසල්වලට පිටින් පුහුණු කරුවන් ගන්නවා නම් ඒ පිළිබඳව යම් නිර්ණායකයන් තිබිය යුතුයි. මේ සිදුවීම දිහා බලද්දී ඒ දේ සිදුවෙලා තියෙනවාද කියන සැකය මතු වෙනවා.

ඊළඟ කාරණය තමයි ළමයි තරුණ වෙන්න ගත්තාම හෝමෝන ක‍්‍රියාකාර සමගින් ඔවුන්ගේ ශාරීරික වෙනස්කම් සිදුවෙනවා. ඒක ස්වාභාවික සිදුවෙන දෙයක්. ඔය කාලයේදී පෙම් සම්බන්ධතා ඇතිවෙන්න පුළුවන්. එහෙම අවස්ථාවල ළමයින්ට ගහන්න බනින්න දෙන්න හොඳ නැහැ. ඒ අයට මේ පිළිබඳව කාරුණිකව කථා කිරීමෙන් මේ තත්ත්වයන් පහදා දෙන්න අවශ්‍යයි. මෙහෙම සිද්ධියක් ආරංචි වුණාම ඒ ළමයින්ට තරවටු කරලා බැනලා සියලූම දෙනාට මේක කියලා කටයුතු කරපුවාම ඒ ළමයා තමා ඉන්න සමාජය තුළ අසරණ වෙනවා.

දරුවන් වෙනුවෙන් ඒවගේ දර දඬු තීරණ ගැනීම වැරදියි. මේ වගේ තත්ත්වයන් තුළදී කරන්න  ඕනේ. උපදේශන සේවාවන් ලබාදීම, ඒ තුළින් මේ දරුවන්ට යථාර්ථය හඳුන්වා දිය හැකියි. විදේශ රටවල නම් මෙහෙම සම්බන්ධතා වුණාම ඒ දරුවන් තමන්ගේ දෙමව්පියන්ට කියනවා. එතකොට ඒ දෙමව්පියන් කලබල වෙලා ඒ ළමයින්ට ගහන්නේ නැහැ ඒ අය මේ පිළිබඳව හොයනවා. දරුවන් සමග කථා කරනවා. ඒ අයට උපදෙස් දෙනවා.

දරුවන් නව යෞවන වයසට එද්දී දෙමව්පියන් ගුරුවරුන් දරුවන්ට මුරකාරයෙක් වෙනවාට වඩා යාළුවෙක් වගේ ළං වෙන්න අවශ්‍යයි. එතකොට දරුවෝ තමන්ගේ ගැටලූ දෙමව්පියන්ට ගුරුවරුන්ට කියනවා.

මම විශ්වාස කරන්නේ මේ පිළිබඳව දරුවන් දැනුවත් කළ යුතුයි. දරුවන්ට සමාජ යථාර්ථය හොඳ නරක රටේ සිදුවන දේවල් ජීවිතයක වටිනාකම තරුණ කාලයට එද්දී පාසල් ජීවිතය තුළදී වටහාදීම ඉතා වැදගත් වෙනවා.
 

කැලූම් ශ්‍රී තිලකරත්න සහකාර පොලිස් අධිකාරි 1
අද මේ සමාජය පුදුමාකාර සමාජයක්. අයියයි නංගියි ගෙදර තියන්න බැරි තැන් අද සිදුවෙලා තියෙනවා. මේ පිළිබඳව සිවිල් ක‍්‍රියාකාරීන් හැටියට අපි අවදියෙන් සිටීම අවශ්‍යයි. යම් සිද්ධියක් පිළිබඳව අපට සැකයක් ඇති වුණා නම් ඒ පිළිබඳව පොලිසියට කියන්න. ඒ පිළිබඳව සොයන්න පොලිසිය කටයුතු කරනවා. හැබැයි යම් සිදුවීමක් දැනගෙන ඒක වසන් කරගෙන ඉඳලා විශාල විපතක් වුණාට පස්සේ ඒ පිළිබඳව මොන දේ කිව්වත් වැඩක් නැති බව අම්පාර සිවිල් ආරක්ෂක කමිටු නියෝජිතයන් හමුවකදී සහකාර පොලිස් අධිකාරි 1 කැලූම් ශ්‍රී තිලකරත්න මහතා පැවැසී. පසුගියදා අම්පාර විදුහලක පාසල් සිසුවයක් ඇට වර්ගයක් කාලා ජීවිතය නැති කර ගත්තා. මේ පිළිබඳව සිවිල් ක‍්‍රියාකාරීන් අවධානයෙන් සිටිය නම් දෙමව්පියන් අවධානයෙන් සිටිය නම් පාසල් තුළදී අවධානයක් තිබුණා නම් මෙවැනි දෙයක් සිදු වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට මේ සිසුවියට මේ අතවරය සිදුවෙලා තියෙන්නේ මුලික අධ්‍යාපනය ලබපු පාසලේ ක‍්‍රීඩා කාමරය තුළදී. එතකොට මේකේ වගකීම ගන්නේ කව්ද? 2011 වසරේ වුණ සිද්ධියක් මේක දිගින් දිගටම ගිහින් අවසානයේ 2015 මාර්තු මාසේ 11 වෙනිදා තමයි මේ ළමයා සියදිවි හානි කර ගත්තේ. මේ පිළිබඳව පොලිසියටත් යම් චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි ඒ පිළිබඳව සොයනවා. පොලිසිය පැත්තෙන් වරදක් වුණා නම් මේ පිළිබඳවත් අපි නීතිය ක‍්‍රියාත්මක කරනවා. ළමා සහ කාන්තා ප‍්‍රශ්න ගැන සොයා බලන ආයතන වෙන් වෙන් වශයෙන් වැඩ නොකර එකතුව වැඩ කිරීමේ කාලය එළඹ තියෙන බවද පැවැසීය.

අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සුනිල් ගුණතිලක මහතා: පාසලක සිසුවියක් සිය දිවි හානි කරගෙන තියෙනවා කියලා අපිට වාර්තා වුණා. අපි මේ ගැන හොයා බැලූවා. මම දරුවා මුලිකව ඉගෙන ගත්ත විදුහලේ බාහිර පුහුණුකරුවෙක් මා මේ තනතුරේ සිටියදී අරගෙන නැහැ. මම පැමිණීමට කලින් තමයි මේ පුහුණුකරුවෙක් හැටියට පුද්ගලයෙක් කටයුතු කරලා තියෙන්නේ. මේ සිදුවීම ඉතා කනගාටුදායකයි. මින් ඉදිරියට පාසලේ කිසිම පුහුණුවකට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව කිසිම පුද්ගලයෙක් ඇතුළු නොකර ගන්නා ලෙසට විදුහල්පතිවරුන්ට උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම මම දෙමව්පියන් ගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ දරුවන් පිළිබඳව දැඩි අවධානයකින් ඉන්න කියලා.

කෙසේ වෙතත් කාගෙ කාගේත් නොසැලිලිමත් භාවය නිසා රටට වැඩදායි දරුවකු අකාලයේ අවසන් ගමන් ගියේ සැමදෙනාගේම නෙත්වලට කඳුළු ගඟක් එක් කරමින්ය. මෙම සිදුවීමත් සමගම ඇරඹුණු පොලිස් පරීක්ෂණ සමගින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබේ. තමන්ගේ දරුවා පමණක් දරුවා යැයි සලකන සමාජයක් තුළ මෙවැනි සිදුවීම් හෙට දිනයේද අපට අසන්නට දකින්නට ලැබීමට හැකිය. මෙවැනි දේවල් අප සමාජය තුළින් නැති කිරීමට නම් අප සියලූ දෙනා අවදියෙන්ම සිටිය යුතුව ඇත.
  
(lankadeepa.lk)

Open warrant to arrest teledrama actresses Aksha Sudari

By: Prosperity Tech On: 8:17 PM

ආක්ෂා සුදාරි අත්අඩංගුවට!

මේ වතාවේදී නම් අම්මටයි, දුවටයි දෙන්නටම වැඩ වරදින ලකුණු

නවක ටෙලි නිළියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ඩ වන හංසි සිතාරාට නුගේගොඩ ප්‍රදේශයේ සැලුන් එකක් තුළදී පහරදීම ඇයව සපා කෑම සහ ඇය සතු වටිනා ජංගම දුරකථනයක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇප මත මුදා හැර සිටි ටෙලි නිළි ආක්ෂා සුදාරිට සහ ඇයගේ මවට වරෙන්තු නිකුත් කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඊයේ නියෝග කර තිබෙනවා.

ටෙලි නිළිමේනකා මධුවන්ති, ආක්ෂා සුදාරි හා ඇගේ මවන වන මොහිදින් වහීදා යන තිදෙනා මෙම පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියන් වන අතර, මෙවර මේනකා මධුවන්ති හැර සෙසු සැකකාරියන් දෙදෙනා ඊයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙලෙස වරෙන්තු නිකුත් කිරීමට නියෝග කර තිබෙනවා.

ආක්ෂා සුදාරි හා ඇගේ මව අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔවුන් නොමැතිව මෙම නඩුව පවත්වාගෙන යාමට ද අධිකරණය විසින් මිරිහාන පොලීසියේ නිලධාරීයා වෙත අවසරය ලබාදී තිබෙනවා.








eGossip.lk

Hirunika stars a love affair again

By: Prosperity Tech On: 8:02 PM

දෙවැනි වතාවටත් පෙම් සබඳතාවයක් ඇරඹූ බව හිරුණිකා හෙළිකරයි.

සිය පුද්ගලික ෆේස් බුක් ගිණුම ඔස්සේ තමා දෙවැනි වතාවටත් පෙම් සබඳතාවයක් ඇරඹූ බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය අද ප‍්‍රකාශයට පත් කර තිබු අයුරු දක්නට ලැබුණා.

හිරුණිකා ඇගේ පියා වන භාරත ලක්ෂ්මන් ඝාතනයට වන්නට ප්‍රථමයෙන් පෙම් සබදතාවක් පවත්වාගෙන ගිය ඇය මාධ්‍යට පවසා තිබුණා. එමෙන්ම ඔහු සමඟ විවාහ වන්නට පෙරුම් පුරමින් සිටි නමුත්, පියාගේ ඝාතනයත් සමඟින් තමන් සිය පියාගේ ඝාතකයින්ට එරෙහිව කතා බහ කරන්නට වූ නිසාවෙන්ම ඊට අකමැති වූ සිය පෙම්වතා තමන්ව අත්හැර දැමු බවද පැවසුවා ය.



ඒ දේවල් කෙසේ වෙතත්, හිරුණිකා අයෙමත් පෙම් පළහිලව්වක පැටලෙන බවට පහුගිය කාලය පුරාවටම අනාවැකි ඵල වෙමින් තිබුනත්, හිරුණිකා ඒ ගැන කතා බහ කිරීමෙන් වැලකි ඉන්නට සේම, පළමු පෙම මෙන් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් නොකර ඉන්නට පරෙස්සම් වූ අයුරු අප දුටුවා.

එහිදී කියවුණේ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමගේ පුත්, ''ෂෙනාල් වෙල්ගම'' සමඟින් හිරුණිකා පැටලී ඇති බවයි. කෙසේ නමුත් මේ වනවිට හිරුණිකාගේ විවාහය ඉක්මනිවී ඇති නිසා මේ ආකාරයට ෆේස්බුක් හරහා ඒ ගැන දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඇය මින් පැය කිහිපයකට පමණ පෙර ඒ ගැන හෙළි කර තිබුණ ආකාරයත් එයට මේ වනවිට ලැබී ඇති ප‍්‍රතිචාර කිහිපයකුත් පහත පරිදිය.


























eGossip.lk





Monday, March 23, 2015

Field Marshal Sarath Fonseka vehicle

By: Prosperity Tech On: 5:22 AM

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන වාහනයේ වතගොත මෙන්න 

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමි නිල රථය මෙතෙක් ශ්‍රී ලංකාවේ මහා මාර්ගයක ‍ගමන්ගත් වාහනයක නොතිබූ සළකුණකින් සමන්විත වේ. ඒ එම රථයේ ඉදිරිපස සහ පසුපස තරු 5ක් සහිත පුවරු දෙකක් මගින් මෙහි ගමන් ගන්නේ ෆීල්ඩ් මාෂල් වරයෙකු බව සංකේතාත්මකව අනෙකුත් පාර්ෂවයන්ට හඳුනාගැනීමට ඉඩ සළසා දීමය. සරත් ෆොන්සේකා මහතාගේ නිල රථය වන්නේ බෙන්ස් S 400 මාදිලියේ හයිබ්‍රිඩ් මෝටර් රථයකි. මෙම මෝටර් රථයට යු.හ 5555 අංකය ලබාදී තිබේ. මෙවැනි මෝටර් රථයක මෙරට සාමාන්‍ය මිල රුපියල් මිලියන 34ක් පමණ වේ. මෙම මාදිලියේ රථ වඩාත් පරිසර හිතකාමී බව බෙන්ස් සමාගම සහතිකකර ඇත.03