Wednesday, March 25, 2015

Murder of Rathgama PS Chairman

By: Prosperity Tech On: 4:36 AM

මරාදැමූ රත්ගම මනෝජ්ට මිනීමැරුම් 12 ක චෝදනා තිබුණාලූ. වටේම හෝටල්වලින් කප්පම් ගත්තලූ

මරා දමා ඇත්තේ "පොඩී ලසී" බව හෙළිවෙයි

පෙරේදා රාත්‍රී හික්කඩුව නාරිගම සංචාරක හෝටලයකදී වෙඩි තබා මරා දමන ලද රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් දරුණු ගණයේ අපරාධ රැසකට චෝදනා ලැබ සිටි පුද්ගලයෙකු බව වාර්තා වනවා.
රත්ගම ප්‍රදේශයේ පාතාල කල්ලියක් පවත්වාගෙන ගිය බව කියන මනෝජ් මිනීමැරුම්, කප්පම් ගැනීම්, ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම් රැසකට පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙකු වුවත් ඔහුගේ දේශපාලන බලය නිසා ඒවා යටගසාගෙන තිබුණ අයෙකි.
සිද්ධිය වූ දා රාත්‍රී 11.45 ට පමණ කඩාවැදුනු සන්නද්ධ කණ්ඩායමක් ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබුණ අතර මෙම අපරාධය ඔහු කර ඇති ක්‍රියාවන් හා සම්බන්ධ පෞද්ගලික ආරවුලක් මත සිදුවී ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී
දැන් අනාවරණය වී තිඛෙනවා. වෙඩි තැබීම් සිදුකර ඇත්තේ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන —පොඩි ලසී˜ නමැත්තෙකු බව පොලිසිය දැන් සොයාගෙන ඇත.
ඔහු කලක් මනෝඡ් මෙන්ඩිස්ගේ ගෝලයකු ලෙස සිටි අයෙකි. පොඩි ලසී පෙරේදා රාත්‍රී තවත් පුද්ගලයන් තිදෙනකුද සමග හෝටලයට පැමිණ මනෝඡ් සමග පැය භාගයක පමණ කාලයක් කතාබහ කරමින් සිට රාත්‍රී 11.45 ට පමණ මනෝජ් බීමත්වූ පසු ඔහුව කැඳවාගෙන
හෝටලයේ වෙනත් ස්ථානයකට ගොස් තිබේ. එහිදී මොවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති අතර පොඩි ලසී  මනෝඡ් ට වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර ඇත්තේ එහිදීය.
මනෝඡ් මෙන්ඩිස්ගේ මුහුණ සහ පපු ප්‍රදේශය වෙත වෙඩි ප්‍රහාර කීපයක් එල්ල වී තිබූ අතර ඔහු සිද්ධිය වූ ස්ථානයේම මියගියා.
වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ සුසන්ත නමැත්තා වෙඩි තැබූ පුද්ගලයන්ට වීදුරු බෝතලයකින් දමා ගසා ඇති අතර ඝාතනයට පැමි‚ පුද්ගලයකු එම ප්‍රහාරයෙන් කැපුම් තුවාල ලබා ඇති බව කියැවුණා.
මේ වෙඩි තැබීමෙන් සුසන්ත (42) (කිරිමාමා) සහ සනත් වසන්ත (සංඛ) (36) දෙදෙනා තුවාල ලැබ ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මේ දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
හික්කඩුව පොලිස් වසමේ තොටගමුව ප්‍රදේශයෙහි මොළඔයෙන් වැලි ගොඩ දැමීමේ ආරවුලක් හා හික්කඩුව නගර සභාවේ කැළිකසළ රත්ගම ප්‍රදේශයට දැමීමේ සිද්ධියක් මත
මනෝජ් හා පොඩි ලසීගේ කණ්ඩායම අතර විරසකයක් තිබී ඇත.
මෙම වෙඩි තැබීම සිදුවී ඇති හික්කඩුව නාරිගම පිහිටි සංචාරක හෝටලයද මනෝඡ් මෙන්ඩිස්ගේ මිතුරකුට අයත් එකකි.
හෝටලයේ අයිතිය සම්බන්ධයෙන්ද කලක් ආරවුල් තිබී ඇත වර්තමාන හිමිකරුට හෝටලය ලබා ගැනීම සඳහා උදව් කර ඇත්තේද මනෝජ්ය.
සෑම සඳුදා දිනයකම රාත්‍රි කාලයේ මෙම හෝටලයේ විශේෂ සංගීත සාදයක් පැවැත්වෙන අතර මනෝඡ් මෙන්ඩිස් ඊට සහභාගි වීම සිරිතක්වී ඇත. මිනීමැරුම සිදුවූ දාත් මනෝජ් එම සිරිත අනුගමනය කරමින් සාදයට එක්වී ඇත.
වෙඩි තැබීම සිදුවෙද්දී හෝටලයේ දේශීය විදේශීය සංචාරකයන් රැසක් මත්පැන් පානය කරමින් විනෝද වෙමින් සිට ඇත.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මනෝඡ් මෙන්ඩිස් අසල සිටි ඔහුගේ සගයන් දෙදෙනාටද වෙඩි තැබූ තුවක්කුකරු හෝටලයෙන් පිටතට දිවගොස් නතර කර තිබූ වෑන් රථයක නැගී
පළාගොස් තිබේ.
සැකකරුවන් හඳුනාගෙන තිබුණත් ඔවුන් අතුරුදන්ව සිටින නිසා තවමත් පොලිස් දැලට කොටුවී නැත.
පසුගිය මැතිවරණ සමයේ දී එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද මනෝඡ් මෙන්ඩිස්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණ.
ඊට අමතරව මිනීමැරුම් 12 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව චෝදනා ඇති බව පොලිසිය පවසයි.
හික්කඩුව කොස්ගොඩ, නාරිගම, ගාල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක පිහිටි සංචාරක හෝටල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසකින් මාසිකව කප්පම් මුදල් ලබාගත් බවට මොහුට එරෙහිව පවතින තවත් චෝදනාවකි.
පසුගිය 2007 වසරේ රත්ගම ප්‍රාදේශීය සභාවට තරග කළ මනෝඡ් මෙන්ඩිස් ඡන්ද හත්දහසකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් තේරී පත් විය.
2011 වසරේ දී පළාත් පාලන මැතිවරණයට තරග කළ මොහු ඡන්ද පහළොස්දහසකට වැඩි ප්‍රමාණයක් ලබාගෙන රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්විය.
ඔහු මේ ආකාරයට කප්පම් ගැනීම් වලින් මුදල් ඉපැයීමේ නිරත වන බව කීවත් ඊයේ රූපවාහිනී නාලිකාවල ඔහුගේ බිරිය හැ~ූ කඳුලින් ඛෙරිහන් දුන්නේ "මේ ඔක්කොම බොරු චෝදනා දෙයියනේ...අපේ බැංකු ගිණුම් බලන්න අපේ අල්මාරි බලන්න..අපිට සල්ලි නෑ" යනුවෙනි.

Malaka Silva To Come In To Politics

By: Prosperity Tech On: 12:34 AM

ස්ථිරවම මැතිවරණයට එන බව මාලක කියයි

අනිවාර්යයෙන්ම දේශපාලනයට පැමිණෙන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා පවසයි.

තමාට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදෙන ඕනෑම පක්ෂයකින් ඉදිරියේදි මැතිවරණය සඳහා තරඟකිරීමට සූදානම් බවද ඔහු සඳහන් කරයි.

රාත්‍රී සමාජශාලාවල දී පමණක් තමාගෙන් වැරදි සිදුවි ඇතත් දේශපාලනඥයින්ට පහර දී හෝ දේශපාලන වේදිකා කඩා දමා තමා වැරදිකර නොමැති බව ද මාලක සිල්වා පෙන්වා දෙයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ මහතාට සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තමා ගරු කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ රාත්‍රී සමාජශාලාවක දී බ්‍රිතාන්‍ය ජාතික යුවලකටපහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් වන නඩුවට පෙනී සිටීම සඳහා ඊයේ (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

Tuesday, March 24, 2015

Girl Commit Suicide in college Toilet

By: Prosperity Tech On: 9:54 PM

පාසල් ක‍්‍රීඩාගාරයේදී දූෂණය වූ සිසුවියක් පාසල් වැසිකිළියේදීම දිවි නසා ගනියි



මගේම රත්තරන් අම්මේ තාත්තේ අක්කේ ”මම ඔයාලට ගොඩාක් දුක් දුන්නා. මම මගේ ජීවිතයට වඩා වොලිබෝල්වලට ආදරය කළා. ඒ නිසා අද මෙහෙම අසරණ වෙලා ඉන්නවා. ප‍්‍රැක්ටිස්වලට ගියාම කියන දේවල් කරලා පැත්තකට වෙලා ඉන්නවා. මේ සියල්ලටම මුල මගේ අහිංසකකම. ඒ අහිංසක කමින් අර ආත්මාර්ථකාමියා මගෙන් ප‍්‍රයෝජන ගත්තා. ඔයාලා මගේ ජීවිතේ උණ දේවල්වලින් නොදන්න දේවල් ගොඩයි. මම 11 වසරට එනකන් කෙල්ලෙකුගේ ජීවිතේ රැක ගන්න දේවල් තියෙන බව දැනගෙන හිටියේ නැහැ.”



fච්.එම්. ගුණවර්ධන මහකා තිදරු පියෙකි. නවෝදි ඔහුගේ දෙවැනි දියණියයි. ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ වාවින්නේ පිහිටි පාසලකය. කුඩා කල සිටම ක‍්‍රීඩාවට දක්ෂ නවෝදා එරන්දි, වොලිබෝල් ක‍්‍රීඩාවට දක්ෂතාවයක්් පෙන්වුවාය. පාසලේ වොලිබෝල් පුහුණු කරුවකු නොමැති නිසා සිවිල් ආරක්ෂක බලකායේ වොලිබෝල් පිළිබඳව දන්නා පුද්ගලයකු මෙම දරුවන් පුහුණු කිරීම සඳහා පාසලට පැමිණියේය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. එම විදුහලේ අත්පන්දු කණ්ඩායමේ පුහුණුවීම් සිදුවූ අතර කිසිවෙකු නොදත් තවත් දෙයක් සිදුවෙමින් පැවතුනි. අත්පන්දු පුහුණු කිරීමට පැමිණි පුද්ගලයා තවත් කාරණයකට මුල පුරමින් සිටියේය. ඒ අත්පන්දු ක‍්‍රීඩාවට දක්ෂ නවෝදා එරන්දි තම ග‍්‍රහණයට අසුකර ගැනීමටය. දිනක් මෙම පුහුණු කටයුතු සිදුකළ පුහුණුකරුට නවෝදා එරන්දි සිසුවිය හමුවිය. කව්රුවත් නැති අවස්ථාවක් බැලූ ඔහු පාසල් ක‍්‍රීඩාගාරය තුළදී අහිංසක එරන්දිගේ හිරිමල් යෞවනය උදුරාගත්තේ ඇයගේ අහිංසක කමින් ප‍්‍රයෝජන ගනිමින්ය. කාලය කෙමෙන් ගෙවී ගියේය. මෙම පුහුණුකරුගේ වංචා ආදරයට නවෝදා එරන්දි නතුවූවාය. දිනෙන් දින ඔහු දෙන පොරොන්දු අතරේ අහස් මාලිගා තනමින් සිටියාය. මෙම කාලය තුළදී ඇය උසස් අධ්‍යාපනය ලැබීමට නගරයේ පාසලකට පැමිණියාය. නමුත් මෙම පුහුණුකරු එරන්දිගේ ඇසුර අත් අහැරියේ නැත. ඇය තම නිවසේ සිට පාසලට පැමිණෙන්නේ සිසු සැරිය බස් රථයෙනි. බස් රථයේ රියැදුරු හිතවත් කරගත් මෙම පුද්ගලයා අතරමගකදී බස් රථය නවත්වා ගෙන නවෝදා එරන්දි සිසුවිය පාසල් නිල ඇඳුම සමගින්ම හෝටලයකට රැුගෙන ගිය අවස්ථා රැුසක් ඇත. දැනට ඉඟිනියාගල පොලිසිය විසින් සිදු කරනු ලබන පරීක්ෂණවලදීද මෙය තහවුරු වී තිබේ.
තම අත් අකුරින් පිටු දෙකක් තමන්ගේ පාසල් ජීවිතයේදී තමාගේ ජීවිතය කාලකණ්ණියෙකු විසින් කෙළෙසු අයුරු අමිහිරි අත්දැකීම් ලියා තබා පාසල් වැසිකිළිය තුළදී ඇට වර්ගයක් සීනි සමග කෑමෙන් මියගිය නවෝදා එරන්දීගේ ලිපියේ ඉහත වදන් කීපය හද කකියවයි.
අම්පාර දිස්ත‍්‍රික්කයේ පරගහකැලේ ගම්මානය අපේ රටේ පැරණ්නන් ජීවත් වූ ගම්මානයකි. ඉගිනියාගල සේනානායක සමුදුර ඉදිකිරීමක් සමගම මෙම ගම්මාන ජනපද බවට පත්විය.

මෙම ගම්මානයේ අනුපවුලකින් ජීවත් වෙන එ
කාලය ටිකෙන් ටික ගෙවී ගියේය. මෙම තිරිසන් ගති ඇති මිනිසාගේ ක‍්‍රියා කලාපය ඇයට අවබෝධ විය. මේ වනවිටත් ඇයගේ ජීවිතය විනාශ කර අවසන්ය. තමාගේ දුක කියන්නට කෙනෙක්ද නැත. සමාජයට මුහුණ දීමට ඇති ලජ්ජාව නිසා ඇය සිය දිවි හානිකර ගැනීමට තීරණය කරන්නට ඇත. එහි අවසන් ප‍්‍රතිඵලය වුයේ රට ට ජාතියට සම්පතක්වීමට සිටි දක්ෂ දියණියක් අපට අහිමිවීමයි.
 

එච්.එම්. ගුණවර්ධන පියා මෙසේ කියයි.
මේ නැතිවෙලා ඉන්නේ මගේ දෙවැනි දුව. එයා වොලිබෝල් ක‍්‍රීඩාවට හරිම දක්ෂයි. මුලින්ම ගමේ පාසලට ගිහින් පස්සේ වැඩිදුර අධ්‍යාපනයට නගරයේ පාසලට ගියා. ඉගෙන ගන්නත් දක්ෂයි. මට 10 වෙනිදා පාසලෙන් කථා කරලා කිව්වා දුවට සනීප නැහැ කියලා එන්න කියලා. මමයි නෝනයි පාසලට ගියා. යනකොට දැන ගත්තා දුව මල් ඇට කාලා රෝහල් ගත කළා කියලා. අපි ගිහින් බලද්දී දරුවා රෝහලේ හිටියා.

SLD_20150322_A003 මගේ දුව වොලිබෝල් ක‍්‍රීඩාවට හරිම දක්ෂයි. ගමේ පාසලේදී ඒ අය පුරුදු කරන්න ග‍්‍රාම ආරක්ෂක සේවයේ හිටපු කෙනෙක් ගමේ විදුහලට ආවා. එයා තමයි  මේ සියලු දෙනාටම පුරුදු කරේ. කොහොම හරි අපේ දුව සහ මේ අය අතර සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. පසුව අපි මේ පිළිබඳව ඉඟිනියාගල පොලිසියට දැනුම් දුන්නා.

මම මේ පිළිබඳව 2014.05.08 වෙනිදා ඉඟිනියාගල පොලිසියට ගිහින් මේ පිළිබඳව කිව්වා. පොලිස් ස්ථානාධිපතිතුමා කිව්වා මේක ගණන් ගන්න එපා කියලා. කොළඹ නම්  ඕවා ගණන් ගන්නේ නැහැ කිව්වා. අපේ පැමිණිල්ල භාර ගත්තේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ මොනවද කරන්නේ කියලා. එදා අපි කිව්ව දේවල් පොලිසිය ඉටු කළා නම් අදත් මගේ දරුවා ජීවත් වෙනවා යැයි කඳුළු පිරි දෙනතින් පැවැසීය.
 

එච්.එම්. දිනුෂා දමයන්ති (අක්කා)
නංගි මගේ යාලූවෙක් වගේ හිටියේ. හැබැයි කිසිම සිද්ධියක් මට කිව්වේ නැහැ. එයා හිටපු ගමන් මාත් එක්ක තරහා වෙනවා. ටික වෙලාවකින් ආයෙත් යාළු වෙනවා. ඉගෙන ගන්නත් කී‍්‍රඩාවටත් හරිම දක්ෂයි. නංගිට උන දේ හිතා ගන්න බැහැ. වොලිබෝල් පුහුණු කරන්න ආපු සිවිල් ආරක්ෂක බලකායේ මිනිහා මගේ නංගිගේ ජීවිතේ විනාශ කරලා තියෙනවා. එදා තාත්තා පොලිසියට ගිහින් කියපු වෙලාවේ පියවරක් ගත්තා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.
කමණි රාජපක්ෂ විදුහල්පතිනිය

මම මේ පාසලට ඇවිල්ලා සතියක් වෙනවා. මේ සිද්ධිය දැන ගත්ත වෙලාවේ මම පන්ති භාර ගුරුතුමිය සමග ඉතා ඉක්මනින් මේ දරුවා අම්පාර මහ රෝහලට යැව්වා. රෝහලේදී දරුවාට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දුන්නා. ප‍්‍රතිකාර ලබමින් සිටියදී තමයි මේ දරුවා මිය ගියේ. අපි ඇයගේ පොත් බෑගය බලද්දී ඒකේ ලියුමක් සහ ජංගම දුරකථනයක් තිබුණා. ඒ ලියුමේ තියෙන දේවල් වලින් මේ සිදුවීම පිළිබඳව අපිට හිතා ගන්න පුළුවන් වුණා. මේ සිදුවීම ඉතාම කනගාටුදායකයි. මේ දරුවා අපේ විදුහලේ හිටිය දක්ෂ දරුවෙක්. ක‍්‍රීඩාවට වගේම ඉගෙන ගන්න හරිම දක්ෂයි. හැබැයි මේ දරුවාට මේ අතවරය වෙලා තියෙන්නේ අපේ විදුහලේදී නොවෙයි. මෙවැනි දේවල් වැළැක්වීම සඳහා අපි සියලූ දෙනා වගකීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් කරුණක් වෙනවා.

55

 

අම්පාර රෝහලේ වෛද්‍ය අධිකාරි ලංකාතිලක ජයසිංහ
අම්පාර නගරයේ විදුහලක දී පාසල් සිසුවියක් ඇට වර්ගයක් කෑම නිසා අම්පාර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියා. මේක ඉතාම ශෝකජනක කාරණයක්. මියගිය සිසුවිය දක්ෂ ක‍්‍රීඩිකාවක්. ඇය මේ රටට ජාත්‍යන්තර ගෞරවයක් ලබාදීමට හැකියාව තිබු සිසුවියක්. මේ සිදුවීම පිළිබඳව සොයා බලද්දී මේ පාසල් සිසුවිය තමන්ට වුණ සිදුවීමක් පිළිබඳව ලියුමක් ලියල තමයි සිය දිවි හානි කරගෙන තියෙන්නේ. මේ ප‍්‍රශ්නය ගැන මේ පිළිබඳව මීට වඩා සැලකිල්ල දැක්වුවා නම් මේ දරුවාගේ ජීවිතය බේරා ගන්න තිබුණා. ඇය මිය යන්න පෙර ලියන ලද ලියුමේ බොහෝ දේවල් සඳහන් වෙලා තියෙනවා. තමන් මුලින්ම ඉගෙන ගත්ත පාසලේ වොලිබෝල් පුහුණු කරන්න පැමිණි පුද්ගලයෙක් තමයි මේකට මුල්වෙලා තියෙන්නේ. කවුරුන් හෝ පුද්ගලයෙක් පිටතින් පාසලකට ඇවිත් කටයුතු කරනවා නම් ඒ පිළිබඳව මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි. පාසල්වලට පිටින් පුහුණු කරුවන් ගන්නවා නම් ඒ පිළිබඳව යම් නිර්ණායකයන් තිබිය යුතුයි. මේ සිදුවීම දිහා බලද්දී ඒ දේ සිදුවෙලා තියෙනවාද කියන සැකය මතු වෙනවා.

ඊළඟ කාරණය තමයි ළමයි තරුණ වෙන්න ගත්තාම හෝමෝන ක‍්‍රියාකාර සමගින් ඔවුන්ගේ ශාරීරික වෙනස්කම් සිදුවෙනවා. ඒක ස්වාභාවික සිදුවෙන දෙයක්. ඔය කාලයේදී පෙම් සම්බන්ධතා ඇතිවෙන්න පුළුවන්. එහෙම අවස්ථාවල ළමයින්ට ගහන්න බනින්න දෙන්න හොඳ නැහැ. ඒ අයට මේ පිළිබඳව කාරුණිකව කථා කිරීමෙන් මේ තත්ත්වයන් පහදා දෙන්න අවශ්‍යයි. මෙහෙම සිද්ධියක් ආරංචි වුණාම ඒ ළමයින්ට තරවටු කරලා බැනලා සියලූම දෙනාට මේක කියලා කටයුතු කරපුවාම ඒ ළමයා තමා ඉන්න සමාජය තුළ අසරණ වෙනවා.

දරුවන් වෙනුවෙන් ඒවගේ දර දඬු තීරණ ගැනීම වැරදියි. මේ වගේ තත්ත්වයන් තුළදී කරන්න  ඕනේ. උපදේශන සේවාවන් ලබාදීම, ඒ තුළින් මේ දරුවන්ට යථාර්ථය හඳුන්වා දිය හැකියි. විදේශ රටවල නම් මෙහෙම සම්බන්ධතා වුණාම ඒ දරුවන් තමන්ගේ දෙමව්පියන්ට කියනවා. එතකොට ඒ දෙමව්පියන් කලබල වෙලා ඒ ළමයින්ට ගහන්නේ නැහැ ඒ අය මේ පිළිබඳව හොයනවා. දරුවන් සමග කථා කරනවා. ඒ අයට උපදෙස් දෙනවා.

දරුවන් නව යෞවන වයසට එද්දී දෙමව්පියන් ගුරුවරුන් දරුවන්ට මුරකාරයෙක් වෙනවාට වඩා යාළුවෙක් වගේ ළං වෙන්න අවශ්‍යයි. එතකොට දරුවෝ තමන්ගේ ගැටලූ දෙමව්පියන්ට ගුරුවරුන්ට කියනවා.

මම විශ්වාස කරන්නේ මේ පිළිබඳව දරුවන් දැනුවත් කළ යුතුයි. දරුවන්ට සමාජ යථාර්ථය හොඳ නරක රටේ සිදුවන දේවල් ජීවිතයක වටිනාකම තරුණ කාලයට එද්දී පාසල් ජීවිතය තුළදී වටහාදීම ඉතා වැදගත් වෙනවා.
 

කැලූම් ශ්‍රී තිලකරත්න සහකාර පොලිස් අධිකාරි 1
අද මේ සමාජය පුදුමාකාර සමාජයක්. අයියයි නංගියි ගෙදර තියන්න බැරි තැන් අද සිදුවෙලා තියෙනවා. මේ පිළිබඳව සිවිල් ක‍්‍රියාකාරීන් හැටියට අපි අවදියෙන් සිටීම අවශ්‍යයි. යම් සිද්ධියක් පිළිබඳව අපට සැකයක් ඇති වුණා නම් ඒ පිළිබඳව පොලිසියට කියන්න. ඒ පිළිබඳව සොයන්න පොලිසිය කටයුතු කරනවා. හැබැයි යම් සිදුවීමක් දැනගෙන ඒක වසන් කරගෙන ඉඳලා විශාල විපතක් වුණාට පස්සේ ඒ පිළිබඳව මොන දේ කිව්වත් වැඩක් නැති බව අම්පාර සිවිල් ආරක්ෂක කමිටු නියෝජිතයන් හමුවකදී සහකාර පොලිස් අධිකාරි 1 කැලූම් ශ්‍රී තිලකරත්න මහතා පැවැසී. පසුගියදා අම්පාර විදුහලක පාසල් සිසුවයක් ඇට වර්ගයක් කාලා ජීවිතය නැති කර ගත්තා. මේ පිළිබඳව සිවිල් ක‍්‍රියාකාරීන් අවධානයෙන් සිටිය නම් දෙමව්පියන් අවධානයෙන් සිටිය නම් පාසල් තුළදී අවධානයක් තිබුණා නම් මෙවැනි දෙයක් සිදු වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට මේ සිසුවියට මේ අතවරය සිදුවෙලා තියෙන්නේ මුලික අධ්‍යාපනය ලබපු පාසලේ ක‍්‍රීඩා කාමරය තුළදී. එතකොට මේකේ වගකීම ගන්නේ කව්ද? 2011 වසරේ වුණ සිද්ධියක් මේක දිගින් දිගටම ගිහින් අවසානයේ 2015 මාර්තු මාසේ 11 වෙනිදා තමයි මේ ළමයා සියදිවි හානි කර ගත්තේ. මේ පිළිබඳව පොලිසියටත් යම් චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි ඒ පිළිබඳව සොයනවා. පොලිසිය පැත්තෙන් වරදක් වුණා නම් මේ පිළිබඳවත් අපි නීතිය ක‍්‍රියාත්මක කරනවා. ළමා සහ කාන්තා ප‍්‍රශ්න ගැන සොයා බලන ආයතන වෙන් වෙන් වශයෙන් වැඩ නොකර එකතුව වැඩ කිරීමේ කාලය එළඹ තියෙන බවද පැවැසීය.

අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සුනිල් ගුණතිලක මහතා: පාසලක සිසුවියක් සිය දිවි හානි කරගෙන තියෙනවා කියලා අපිට වාර්තා වුණා. අපි මේ ගැන හොයා බැලූවා. මම දරුවා මුලිකව ඉගෙන ගත්ත විදුහලේ බාහිර පුහුණුකරුවෙක් මා මේ තනතුරේ සිටියදී අරගෙන නැහැ. මම පැමිණීමට කලින් තමයි මේ පුහුණුකරුවෙක් හැටියට පුද්ගලයෙක් කටයුතු කරලා තියෙන්නේ. මේ සිදුවීම ඉතා කනගාටුදායකයි. මින් ඉදිරියට පාසලේ කිසිම පුහුණුවකට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව කිසිම පුද්ගලයෙක් ඇතුළු නොකර ගන්නා ලෙසට විදුහල්පතිවරුන්ට උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම මම දෙමව්පියන් ගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ දරුවන් පිළිබඳව දැඩි අවධානයකින් ඉන්න කියලා.

කෙසේ වෙතත් කාගෙ කාගේත් නොසැලිලිමත් භාවය නිසා රටට වැඩදායි දරුවකු අකාලයේ අවසන් ගමන් ගියේ සැමදෙනාගේම නෙත්වලට කඳුළු ගඟක් එක් කරමින්ය. මෙම සිදුවීමත් සමගම ඇරඹුණු පොලිස් පරීක්ෂණ සමගින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබේ. තමන්ගේ දරුවා පමණක් දරුවා යැයි සලකන සමාජයක් තුළ මෙවැනි සිදුවීම් හෙට දිනයේද අපට අසන්නට දකින්නට ලැබීමට හැකිය. මෙවැනි දේවල් අප සමාජය තුළින් නැති කිරීමට නම් අප සියලූ දෙනා අවදියෙන්ම සිටිය යුතුව ඇත.
  
(lankadeepa.lk)

Open warrant to arrest teledrama actresses Aksha Sudari

By: Prosperity Tech On: 8:17 PM

ආක්ෂා සුදාරි අත්අඩංගුවට!

මේ වතාවේදී නම් අම්මටයි, දුවටයි දෙන්නටම වැඩ වරදින ලකුණු

නවක ටෙලි නිළියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ඩ වන හංසි සිතාරාට නුගේගොඩ ප්‍රදේශයේ සැලුන් එකක් තුළදී පහරදීම ඇයව සපා කෑම සහ ඇය සතු වටිනා ජංගම දුරකථනයක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇප මත මුදා හැර සිටි ටෙලි නිළි ආක්ෂා සුදාරිට සහ ඇයගේ මවට වරෙන්තු නිකුත් කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඊයේ නියෝග කර තිබෙනවා.

ටෙලි නිළිමේනකා මධුවන්ති, ආක්ෂා සුදාරි හා ඇගේ මවන වන මොහිදින් වහීදා යන තිදෙනා මෙම පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියන් වන අතර, මෙවර මේනකා මධුවන්ති හැර සෙසු සැකකාරියන් දෙදෙනා ඊයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙලෙස වරෙන්තු නිකුත් කිරීමට නියෝග කර තිබෙනවා.

ආක්ෂා සුදාරි හා ඇගේ මව අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔවුන් නොමැතිව මෙම නඩුව පවත්වාගෙන යාමට ද අධිකරණය විසින් මිරිහාන පොලීසියේ නිලධාරීයා වෙත අවසරය ලබාදී තිබෙනවා.








eGossip.lk

Hirunika stars a love affair again

By: Prosperity Tech On: 8:02 PM

දෙවැනි වතාවටත් පෙම් සබඳතාවයක් ඇරඹූ බව හිරුණිකා හෙළිකරයි.

සිය පුද්ගලික ෆේස් බුක් ගිණුම ඔස්සේ තමා දෙවැනි වතාවටත් පෙම් සබඳතාවයක් ඇරඹූ බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය අද ප‍්‍රකාශයට පත් කර තිබු අයුරු දක්නට ලැබුණා.

හිරුණිකා ඇගේ පියා වන භාරත ලක්ෂ්මන් ඝාතනයට වන්නට ප්‍රථමයෙන් පෙම් සබදතාවක් පවත්වාගෙන ගිය ඇය මාධ්‍යට පවසා තිබුණා. එමෙන්ම ඔහු සමඟ විවාහ වන්නට පෙරුම් පුරමින් සිටි නමුත්, පියාගේ ඝාතනයත් සමඟින් තමන් සිය පියාගේ ඝාතකයින්ට එරෙහිව කතා බහ කරන්නට වූ නිසාවෙන්ම ඊට අකමැති වූ සිය පෙම්වතා තමන්ව අත්හැර දැමු බවද පැවසුවා ය.



ඒ දේවල් කෙසේ වෙතත්, හිරුණිකා අයෙමත් පෙම් පළහිලව්වක පැටලෙන බවට පහුගිය කාලය පුරාවටම අනාවැකි ඵල වෙමින් තිබුනත්, හිරුණිකා ඒ ගැන කතා බහ කිරීමෙන් වැලකි ඉන්නට සේම, පළමු පෙම මෙන් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් නොකර ඉන්නට පරෙස්සම් වූ අයුරු අප දුටුවා.

එහිදී කියවුණේ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමගේ පුත්, ''ෂෙනාල් වෙල්ගම'' සමඟින් හිරුණිකා පැටලී ඇති බවයි. කෙසේ නමුත් මේ වනවිට හිරුණිකාගේ විවාහය ඉක්මනිවී ඇති නිසා මේ ආකාරයට ෆේස්බුක් හරහා ඒ ගැන දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඇය මින් පැය කිහිපයකට පමණ පෙර ඒ ගැන හෙළි කර තිබුණ ආකාරයත් එයට මේ වනවිට ලැබී ඇති ප‍්‍රතිචාර කිහිපයකුත් පහත පරිදිය.


























eGossip.lk





Monday, March 23, 2015

Field Marshal Sarath Fonseka vehicle

By: Prosperity Tech On: 5:22 AM

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන වාහනයේ වතගොත මෙන්න 

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමි නිල රථය මෙතෙක් ශ්‍රී ලංකාවේ මහා මාර්ගයක ‍ගමන්ගත් වාහනයක නොතිබූ සළකුණකින් සමන්විත වේ. ඒ එම රථයේ ඉදිරිපස සහ පසුපස තරු 5ක් සහිත පුවරු දෙකක් මගින් මෙහි ගමන් ගන්නේ ෆීල්ඩ් මාෂල් වරයෙකු බව සංකේතාත්මකව අනෙකුත් පාර්ෂවයන්ට හඳුනාගැනීමට ඉඩ සළසා දීමය. සරත් ෆොන්සේකා මහතාගේ නිල රථය වන්නේ බෙන්ස් S 400 මාදිලියේ හයිබ්‍රිඩ් මෝටර් රථයකි. මෙම මෝටර් රථයට යු.හ 5555 අංකය ලබාදී තිබේ. මෙවැනි මෝටර් රථයක මෙරට සාමාන්‍ය මිල රුපියල් මිලියන 34ක් පමණ වේ. මෙම මාදිලියේ රථ වඩාත් පරිසර හිතකාමී බව බෙන්ස් සමාගම සහතිකකර ඇත.03

Sunday, March 22, 2015

Lizzie Velásquez

By: Prosperity Tech On: 9:12 PM

ලෝකයේ කැතම තරුණියගෙන් ලස්සන වැඩ ගොඩක්. අන්තර්ජාලයේ ඇය වටා 5,69,000ක්

ලෝකයේ බොහෝ දෙනාගේ අපහාස උපහාස පරිභවයන්ට ලක් වූ දිරිය දියණියක පිළිබඳ අගනා කතා පුවතක් මාර්තු 14 සෙනසුරාදා පටන් අන්තර්ජාලය ඔස්සේ තටු ලබා තිබුණි. ඈ නමින් ලිසී වැලෙස්කේස් (Lizzie Valasques)ය. අන්තර්ජාලය තුළ ඇය තරම් අකාරුණික ලෙස සැලකුණු තවත් අයකු සිටිත්දැයි සිතෙන තරම්ය. ඇය ඒ සියලු පරිභවයන්ට ලක්වූයේ ඇයට අත්හළ නොහැකි ඇගේම ජන්ම හැඩරුව නිසාමය. එවකට වයස අවුරුදු 17ක් වූ ඇගේ රුව රැගත් වීඩියෝ දසුනක් අන්තර්ජාලයට එක්කර තිබුණේ ඇගේම වයසේ කෙල්ලන් රැළක් විසිනි. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේද ඇය සෙස්සන්ගේ සිනාවට ලක් කිරීම බව පෙනේ. යූ ටියුබය ඔස්සේ මුදාහැර තිබුණු තත්.8ක තරම් කෙටි කාලයක් දිවෙන එම රූප රාමු ලොව පුරා මිලියන 4ක් නරඹා තිබූ බව කියවේ. බොහෝ දෙනා ඇගේ රූපය පිළිබඳ අදහස් පළ කර තිබුණේ දයා විරහිතවය. ඇය අවතාරයක්ද භූතයෙක්ද? යනුවෙන් ඇතැමුන් ප්‍රශ්න කර තිබුණි. ඇගේ දෙමාපියන් ගබ්සාවක් කර නොගත්තේ මන්දැයි ඇසූවන්ද වූහ. මේ අපරූපියා ගින්නෙන් පුළුස්සා දමන්නැයි ඇතැම්හු යෝජනා කළෝය. ඇය මගතොටේ හමු වුවහොත් තම ඇස් අන්ධ වේවායි ප්‍රාර්ථනා කළෝද වූහ. මේ සියලු දෙනා එක්ව ඇය” “ලොව කැතම ගැහැනිය” ලෙස හංවඩු ගසා තිබුණි.
අන්තර්ජාලයේ සෙවීමක් කරද්දී මේ දසුන් ලිසී වැලෙස්කේස්ගේද ඇස ගැටුණි. ඒ සැණින් ඇගේ ලෝකයම කඩා වැටුණි. තම තරුණ ජීවිතයම අවසන් වී යැයි ඇය සිතා තිබුණි. තමා ඒ ගැන කිසිවෙකුට කිසිවක් නොකියා රාත්‍රී ගණනාවක් රහසේ හඬා වැළපුණු බව ඇය පසුව ප්‍රකාශ කර තිබුණි. එතැන් පටන් කිසිවකු හා කතා බහ කිරීමටවත් ඇය එළියට නොපැමිණි බව ඕ පවසන්නීය.
මෙවන් දරුණු ඉරණමකට මුහුණ දුන් ලිසීගේ උපත් බර වී ඇත්තේ කි.ග්‍රෑ. 1.2(රා.2අවු.10ක්) පමණි. අඩු මාසයෙන් උපන් දැරිය රෝගී, දුර්වල මෙන්ම විකල වූ පෙනුමකින්ද යුතු වූවාය. කොපමණ කලක් ඇගේ දිවි රැකේදැයි කීමට පවා වෛද්‍යවරුන් අසමත්ව තිබුණි. එහෙත් දැරිය ජීවත් වූවාය. තම දරුවාට මෙසේ වූයේ ඇයිදැයි තමන් කිසි විටෙක නොසිතූ බව කියන ඇගේ මව්පියන් වන රීටා හා ලූපා තමන්ට අවශ්‍ය වූයේ ඇය නිවසට ගෙන ඒම පමණක්ම බව කියා තිබුණි.
හැඩයෙන් මෙන්ම ලෙඩෙන්ද ඇයට අඩුවක් නොවුණි. උපන්දා පටන් ඇය රෝහල් ගත වූ වාර ගණන නිමක් නැත. වරෙක ඇගේ ඇසක සැත්කමකි. ඊළඟට කනෙහි සැත්කමෙකි. දෙපතුල් හා දෙපා වෙනම සැකසිය යුතුව තිබුණි. ඇගේ අස්ථිවල ඝනත්වය පිරික්සූ වාර බොහෝය. ‍ලේ පරීක්ෂා අනන්තය. බ්‍රොන්කයිටිස් වැනි තවත් රෝගාබාධ වරින් වර ඇයට බැට දුන්නේය. ඇය සැමවිටම ඉතා දුබල දකුණු ඇස අන්ධ, වම් ඇස ද දුර්වල, කෙසඟ දැරියක වූවාය.
සියලු පිරික්සුම් අවසානයේ වෛද්‍යවරුන් ඇගේ රෝග තත්ත්වය පිළිබඳ නිගමනයකට එළඹ තිබුණි. ලිසී පෙළෙමින් සිටියේ උපතින්ම උරුම වූ (Marfon syndrome සහ Lipodystrophy) නමැති ආබාධ දෙකකිනි. මෙවන් රෝගීන් මතෛක් හමුව ඇත්තේ ලෝකයෙන්ම තිදෙනකු පමණක් බව පැවසේ. මේ රෝගය නිසා ඇගේ සිරුරේ මේදය තැන්පත් නොවන අතර ප්‍රතිඵලය වන්නේ ඉතා කෙසඟ සිරුරකි. කොපමණ ආහාර ගත්තත් මහත් නොවන ඇගේ බරද වැඩි නොවේ. දැන් අවුරුදු 27ක් වන ඇගේ උස අඩි 5යි අඟල් 2ක් වුවද බර කි.ග්‍රෑ. 27පමණි.
පෙර පාස‍ලේදී සෙසු දරුවන් ඇගෙන් ඈතට වූවේ ඇයට බියෙන් හා පිළිකුළෙනි. කෙටියෙන් කියතොත් නිවස හැර අන් සැම තැනකදීම ඇයට සිදුව ඇත්තේ පිළිකුල් සහගත ප්‍රතික්ෂේප කිරීම්ය. ඇය සාදරයෙන් පිළිගැනුණේ මව්පියන් විසින් පමණි. ඔවුහු ඇයට නොමඳව දිරි දුන්හ. හිස ඔසවා නිබයව ඉදිරිය බලා ගමන් කරන්නැයි ඔවුහු ඇයට කියා තිබුණි. ප්‍රියමනාපව සිටීමටත් ඇයට කවුරුන් සිනාසුණත් අපහාස කළත් පියකරු ලෙස හොඳින් සිනාසී යන්නැයි ඔවුන් නිතර අවවාද කර තිබුණි.
අවසානයේ කඳුළු පිස ඇය නැගී සිටීමට සමත් වූවාය. දැන් ඇය සිනාසෙන්නීය. තනිවම නොව සමාජයේ උපහාස හා ගැරහිලිවලට ලක් වූ ඇය වැනිම පිරිස් සමග එක්ව සිනාසෙන්නීය. ලෝකයේ බොහෝ දෙනා ඔවුන්ගේ සිනාවට එක්ව සිටිති. ඇය අද මානව ක්‍රියාකාරිනියකව මහ මෙහෙවරක යෙදෙමින් සිටින්නීය.
එහෙත් ලෝකයේ බොහෝ මාධ්‍ය ඇය ගැන කතා කරන්නට පටන් ගත්තේ පසුගිය මාර්තු 14 දා පටන්ය. ඒ ලිසීගේ ජීවන චාරිකාව අළලා “එඩිතර හදවත ලිසී වැලෙස්කේස්ගේ කතාව” නමින් වාර්තා චිත්‍රපටයක් ඇය ජීවත් වන ටෙක්සාස්හි චිත්‍රපට උළෙලකට ඉදිරිපත් කෙරුණ දවසයි. විරූපීව ඉපිද සමාජයෙන් කොන්වන තමා වැනි තරුණියන්ට ජීවිතය දෙස ශුභවාදීව බලා තම ජීවිත ජය ගැනීමට එවන් රූපවාහිනී වැඩසටහන් මනා රුකුලක් බව ලිසී පවසා තිබුණි. චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව වූ සාරා බෝඩෝ කියන්නේ අප කාටත් කරදර තිබුණත් ඒවා ඇගේ කරදරවලට නම් සම කළ නොහැකි බවයි. “ඇගේ ධනාත්මක ආකල්ප ලෝකයේ ඕනෑම කෙනෙකුගේ ආධ්‍යාත්මය ඉහළ නංවනවායි” සාරා කියන්නීය.
එහෙත් ලිසී මානව හිතවාදී ක්‍රියාකාරිනියකව ඇත්තේ ඊට බොහෝ කලකට පෙර සිටය.
2010දී ලිසී හා ඇගේ මව රීටා සමග එක්ව “Lizzie Beautiful” (ලස්සන ලිසී) යනුවෙන් ‍පොතක් පළ කළාය. (අනතුරුව Be Beautiful Be You) ලස්සන වෙන්න වෙන්න ඔබ වෙන්න නම් ‍පොතක් නිකුත් කළාය. ඇය ඇගේ අධ්‍යාපන කටයුතු ද නිසි ලෙස කර ගැනීමට සමත්ව ඇත.
වසර කිහිපයක පටන් ලිසී අන්තර්ජාලයේ TED Talkz නම් වැඩසටහනකට එක්ව සිටියාය. විවිධ පුද්ගලයන් විසින් මිනිත්තු 18ක උපරිමයකට යටත්ව විවිධ වූ වැඩසටහන්, කතා ආදිය ඉදිරිපත් කෙරෙන එහි ලිසී ඉදිරිපත් කළ වැඩසටහන් වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණි. සමාජයේ කොන්වන පුද්ගලයන් වෙනුවෙන් (Anti-bullying campaign) ඇය ඇගේ ක්‍රියාකාරකම් යොමු කර තිබුණි. ඒවා එවන් අලුත් වැඩසටහන් නිර්මාණය වීමට හොඳ උත්තේජනයක් විය. මේ වැඩසටහන් නැරඹූවන් මිලියන ගණනකි. 2013දී ඇය යූ ටියුබයේ ඉදිරිපත් කර ඇති How do you define your self නමැති වැඩසටහන මිලියන 7ක් නරඹා ඇත. මේ ලියන මොහොතේ අන්තර්ජාලයේ ඇගේ පිරිවර 569,046කි.
අවුරුදු 13දී කණ්ණාඩියෙන් තම ප්‍රතිබිම්බය දකිද්දී තමා සුව වෙතැයි ඈ විශ්වාස කර තිබුණි. ඈ ඒ රුවට සාප කළේ එය ඇයට දුක් වේදනාවල තරමටය. එහෙත් අද ඈ තම රුව හා උපහාස තමන් ලද ආශීර්වාදයක් සේ සිතන්නී. එය අන් අයට උපකාර පිණිස යොදා ගැනීමට සිතන්නීය. සමච්චලයට ලක්වීම යනු කුමක්දැයි ඇය දන්නා බවත් අන්තර්ජාලය තුළ එසේ විම හොඳින්ම දන්නා බවත් ඇය කියන්නීය. ඇයට අවශ්‍යව ඇත්තේ තමා පිළිබඳව සෑහීමට පත් නොවන්නන් බේරා ගැනීමට බව අවසාන ඇය තම රෝගය ගැන හොඳින් තේරුම් ගත් බවත් තවදුරටත් එය ගැටලුවක් නොවන බවත් කියන්නේ සිනාසෙමිනි. මේ අභීත චින්තනය තුළින් හොඳ සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කිරීමට ඇයට හැකිව ඇති බව පැහැදිලිය.
යථාවබෝධයෙන් සමාජය ඉදිරියට පැමිණි ඇය ජීවිතය පුරාම තම රෝගයෙන් පීඩා විඳිනු ඇත. එහෙත් ඇයට ආහාර ගත හැක්කේ ඉතා කුඩා ප්‍රමාණයකි. කොපමණ කෑවත් වර්ධනයක් නොවුණද සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට ඇයට නිතර ආහාර ගැනීමට සිදුව ඇත. එහෙත් තද ආහාර ගැනීමේ හැකියාවක් ඇයට නැත. ඇගේ දකුණු පාදය කොයි මොහොතක හෝ කැඩී යාමට ඉඩ ඇත. සම ඉතා වියපත් බවකි. එහෙත් ඇගේ දුර්වල හදවතේ ඇති අයෝමය ශක්තිය පුදුම සහගතය.
ලීසා වැලෙස්කේස්ගේ දැන් වයස අවුරුදු 27කි. සැබවින්ම ඇය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පරමාදර්ශී දිරිය දියණියකි. යථාර්ථය මුවා කර ගැනීමට ප්ලාස්ටික් සැත්කම් හා වෛකල්පිත වෙදකම් පසුපසත් වෙනත් අභිචාරයන් පසුපසත් හඹා යන්නන් ලැජ්ජාවට පත්කර ආපසු හරවන විසල් ප්‍රතිරූපයකි. විසුළුවලට ලක්වන්නන් රැක ගැනීමට එක්සත් රාජධානියේ කොංග්‍රස් පාක්ෂිකයන් විසින් නුදුරු දිනෙක ඉදිරිපත් කිරීමට නියමිත පනතකට හේතුවී ඇත්තේද ඇගේ පෙළඹවීමයි. අද ඇගේ සමාජ සේවාවන්ට උදව් දීමට බොහෝ දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
අනෙක් අතට ලිසීගේ කතාවෙන් අපට පෙනෙන්නේ නිවැරදි මග පෙන්වීමක් තුළ මානව චර්යාව වඩා යහපත් ප්‍රතිචාර දක්වන බවයි. ආත්ම ධෛර්යය වඩා ගැනීමට මෙන්ම අනෙකා දෙස සානුකම්පිතව බැලීමට හුරුවීම බොහෝ මානව ගැටලු ලිහී යාමට හේතු වනු ඇත. සිදුවිය යුත්තේ මිනිසා විසින් මිනිසා හැඬවීම නොව නැගී සිටීමට රුකුල් දීමය.

දීපිකා ප්‍රියදර්ශනී
(lakbima.lk)

Sarath Fonseka becomes Lanka's first field marshal

By: Prosperity Tech On: 8:11 PM

නව ධූරයෙන් පසු ෆොන්සේකාට බිරිඳගෙන් හාදුවක් - (සංවේදී සේයාරූ)


සරත් ෆොන්සේකා ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු ෆීල්ඩ් මාර්ෂල් ධූරයට 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට යුද හමුදාවක උසස්ම තනතුර වන ‘ෆීල්ඩ් මාර්ෂල්‘ තනතුරට හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද (22) පත් කරනු ලැබීය. එම නිල උත්සවය සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ භූමියේදී අද සවස පැවැත්විණ.

ෆීල්ඩ් මාෂල් තනතුරට තරු පහක් හිමි වන අතර ඔහුගේ නිල රථයේ තරු පහක ධජයක් සවිකරනු ඇත. ඔහු කිසි දිනෙක විශ්‍රාම නොයන්නේය. ෆීල්ඩ් මාෂල්වරයකුට කැබිනට් ඇමැති ධූරයකට සරිලන වරප්‍රසාද ඇති අතර සමහර වරප්‍රසාද ඊටත් එහා ගිය ඒවා වේ. එනම් ඔහුට විශේෂ ආරක්ෂක ඛණ්ඩයක ආරක්ෂාව ලැබෙන අතර නිත්‍ය කාර්ය මණ්ඩලයක් ද හිමි ය.
ෆීල්ඩ් මාර්ෂල් වරයෙක් ආචාර කරනුයේ රාජ්‍ය නායකයාට පමණක් වන අතර ආණ්ඩුවේ නායකයාට හෝ ආචාර සමාචාර පවත්වන්නේ නැත. රටක් තවත් රටවල් විසින් ආක්‍රමණික යුද්ධයකට මැදිවී සිටියදී තම රට බේරා ගන්නා යුද ශිල්පයේ අති දක්ෂකම් පෑ ජෙනරාල් වරයෙකුට මෙවන් තනතුරක් ලැබෙනු ඇති නමුත් ශ්‍රී ලංකාවේ යුද්ධය තවත් රටක් අතර යුද්ධයක් නොවූ තම රටේම අභ්‍යන්තර කැරැල්ලක් වූ අතර එවන් අභ්‍යන්තර යුද්ධයකදී දක්ෂකම් පෑ ජෙනරාල් වරයෙකු ‘ෆීල්ඩ් මාර්ෂල්‘ තනතුරින් පිදීමක් මෙතෙක් ලෝකයේ කොහේවත් තැනෙක සිදුවී නැත. යුද කළ රජු හෝ රාජ්‍ය විසින් ෆීල්ඩ් මාර්ෂල් තනතුරකින් තම විශිෂ්ඨ ජෙනරාල් වරයා පුදනවා මිස යුද නොකළ රජු හෝ රාජ්‍යයක් එවැන්නක් සිදුකරනවාද මීට පෙර දැක නැත.


එසේ නමුත් ජෙනරාල් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් තනතුරකින් පිදීමට කිසිවෙක් විරුද්ධ නොවන්නේ යුද ජයෙන් පසු, පැවැති යුද කළ රජය විසින් කරන ලද අතෝරක් නොමැති පලිගැනීම් කුරිරු වද බන්ධන ආදියත් ඔහු ඊට නොසැලී මුහුණ දුන් ධෛර්ය සම්පන්න පිලිවෙතත් නිසා වන හමුදා කාරණා වලට එහා ගිය දේශපාලන කාරණා නිසාමය.

තෙවතාවක්ම යුද බිමේදී තුවාල ලබා බඩවැල් වලින් බාගයක් පවා ඉවත් කර සිටි, යුද්දයක් ජයග්‍රහණය කරා මෙහෙයැවූ ජෙනරාල් වරයෙකුට තමන් කැමැති දේශපාලනයක් කිරීමේ ‘වරදට‘ සිරබත් කන්නට දීමට තරම් පැවැති පාලකයන් මෘගයන් විය.

ජෙනරාල් වරයා ලක්ෂ 48ක මහජන කැමැත්ත ලබා සතියක් ගතවීමේදී නිවසටම පැමිණ කුදලා ගෙන ගොස් සිරගත කිරීමට තරම් හිටපු පාලකයා වියරු වැටී සිටියේ ය. ඔහු වැරදි කරුවෙක් කිරීමට අවශ්‍ය නිසාම යුද අධිකරණය සාමාන්‍ය අධිකරණයක් ලෙසට පිලිගැනීමට පවා හිටපු මෘග පාලකයන් අවනීතික විය.
 

යුද නොකළ ආණ්ඩුවක් ජෙනරාල් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් දීම කෙතරම් යුදමය වශයෙන් විවාදාත්මක වුවද ඉහත කී දේශපාලන කාරණා නිසා ඒ සියල්ල යටපත් වනු ඇත. යටපත් විය යුතුය.

සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයාට ෆීල්ඩ් මාර්ෂල් ධූරය ලබා දීමත් සමග ඒ යුද්දයේ සිටි ගුවන් හමුදාපතිට සහ නාවික හමුදාපතිට ද ඊට සමාන තනතුරු වන ‘ගුවන් හමුදා ෆීල්ඩ් මාෂල්‘ සහ ‘නාවික හමුදා ග්‍රෑන්ඩ් අද්මිරාල්‘ තනතුරු ලබා දෙන ලෙස ඉල්ලීම් තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබිණ. එ්වා අධෝමුඛයෙන් පවා සිනහා උපදවන ඉල්ලීම්ය.

සාමාන්‍ය කොල්ලන් කුරුට්ටන් පිරිසක් ආරක්ෂක අංශ සතුව තිබූ ටී-56 ආයුධ කිහිපයක් මංකොල්ලා කා ආරම්භ කරන ලද කැරැල්ලක් ගුවන් නාවුක සබ්මැරීන් බල සහිත සම්මත හමුදාවකට සමාන ආකාරයට වර්ධනය වූයේ ඔවුන්ට පිටතින් ලැබුනු අවි බලය නිසාමය. දූපතක විසූ සතුරා එතරම් බල සම්පන්න වන තරමට සියළු අවි ලැබුනේ මුහුදු මාර්ගයෙනි.

අවසානයේ ඒ සියළු අවි යටපත් කිරීමට සිදුවූයේ ගොඩබිමින් ගිය යුද හමුදාවටම ය. එලෙස තම මුහුද ආරක්ෂාකර ගැනීමට නොහැකි වූ නාවික හමුදාපති වරයෙකුට ග්‍රෑන්ඩ් අද්මිරාල් තනතුරක් ලබා දෙන්නේ නම් විහිළුවකි විකාරයකි. එපමණක් නොව එම නාවික හමුදාපති කරන්නාගොඩ මේ වන විට සුදු වෑන් කල්ලියක් හදා ගනිමින් නිර්දෝෂී තරුණ සිසුන් පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන මරා දැමූ බවට සාක්ෂි සහිත චෝදනා එල්ල වී තිබේ. යුද අපරාධ කරුවන් ග්‍රෑන්ඩ් අද්මිරාල් ධූර වලින් පුදන රටක් ලොව නැත.

ගුවන් හමුදාපතිවරයාද එවැනිම ය. සතුරා සතුව තිබූ ගුවන් පථ 7 ක්ම හඳුනා ගත්තේ ගොඩ බිමෙන් ගිය යුද හමුදාව විසිනි. ඒ වන තුරු ගුවන් හමුදාව තම රටට සතුරු ගුවන් පථ 7 ක් තිබෙන බවක් හෝ දැන සිටියේ නැත. සතුරු ගුවන් යානා කිහිප විටක්ම අග නගරයට පැමිණ ගුවන් ප්‍රහාර එල්ල කර නිරුපද්‍රිතව පලා ගියද එකදු සතුරු ගුවන් යානාවක් හෝ ගුවනේදී විනාශ කිරීමට ගුවන් හමුදාවට නොහැකි විය.



භූමියේ යුද්ධයට ගුවන් ආරක්ෂාව ලබා දීම හැරුණු විට ගුවන් හමුදාවක් ලෙස ගුවනේදී එක සතුරු ගුවන් යානාවක් බිම හෙළා ගැනීමට අසමත් වූ ගුවන් හමුදාපතිවරයෙකු ගුවන් හමුදා ෆීල්ඩ් මාෂල් ධූරයකින් පුදන්නේ නම් එතැන ඇත්තේ ද විහිළුවක් සහ විකාරයකි.

කෙසේ වෙතත් අද  සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් ධූරයෙන් පිදීමත් සමග පැන නගින ප්‍රශ්න කිහිපයක් තිබේ. ඒවා නම් මෙසේය.

යුද හමුදා නිල ඇඳුම් පසෙක ලෑමෙන් අනතුරුව දේශපාලනයට පිවිසි ඒ මහතා යලි අද සිට යුද හමුදා නිල ඇඳුම් ලා ගත්තේය. එය නිකම්ම නිකම් ලා ගැනීමක් නොව මියෙන තුරා නොගැලවෙන නිල ඇඳුමකි. හමුදා නිලයකි. ඒ එසේ නම් එවැනි ගරු ගාම්භීර නිල ඇඳුමක් ලා ගැනීමෙන් පසු ඔහු තව දුරටත් සිවිල් දේශපාලන චරිතයක් ලෙස කටයුතු කිරීම කෙතරම් නීතියට එකඟද?  කෙතරම් සදාචාරයට එකඟද ? යුද හමුදාවක සිටිය හැකි උසස්ම නිලයේ සිටින පුද්ගලයා සිවිල් දේශපාලනයේදී අනෙකුත් දේශපාලනඥයන් අතර සමානයෙක් නොවනේනේමය. එබැවින් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වනවාත් සමග ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ධූරයෙන් ඉවත් වීමක් සිදුවිය යුතුය.

අනෙක් කරුණ නම් තිස් වසරක යුද්දයකින් පසුව නව රජය පත්වූයේ යුද්දයෙන් වාර්ගික වශයෙන් බෙදී වෙන්වූ ලාංකික සමාජය ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් හරහා සිදුවූ තුවාලයන් සමනය කර ගෙන සමගි සම්පන්න කර ගැනීමට ය. එවැනි ක්‍රියාවලියකදී යුද්දය මෙහෙයැවූ යුද නායකයන්ට තනතුරු පුදනවා සේම යුද්දයෙන් විපතට පත් සිවිල් ජනතාවගේ හිත සුව පිණිසද ක්‍රියා මාර්ග ගත යුතුමය.


අන්තවාදියාගේ හිත සුව පිණිස නොව හිත් පෑරී විඳවන දෙමළ සිවිල් ජනයාගේ සිත සුව පිණිස ක්‍රියා කළ යුතුමය. එහිදී යුද නායකත්වයට සම්මාන පුදනවා සේම යුද අපරාධ කරුවන්ට දඬුවම් දීමද සමාන්තරව සිදුකළ යුතුය. එය උතුරේ දෙමළාගේ පැතුම පමණක් නොවේ. රතුපස්වල සිංහලයාගේද අලුත්ගම මුසල්මානුවාගේ ද පැතුමයි.

ෆීල්ඩ් මාර්ෂල් වැනි නව නිල ඇඳුම් නිර්මාණය කරනවා සේම නිල ඇඳුම් හැඳ නින්දනීය ලෙස දේශපාලනයේ යෙදුනු සියළු හමුදා නිලධාරීන්ටම දඬුවම් දීම ද සිදුකළ යුතුමය. එයද සිංහලයාගේ මෙන්ම දෙමළාගේද මුසල්මානුවාගේ ද පරම පැතුමයි.



-Vimal Dirasekara-


eGossip.lk


Mahinda's sons and Dhanasiri's daughters

By: Prosperity Tech On: 5:49 AM

මහින්දගේ කොලුවන් ධනසිරිගේ කෙල්ලන් සමඟ

පාර්ලිමෙින්තු මන්තී්‍ර නාමල් රාඡපක‍ෂ සහ යෝෂිත රාඡපක‍ෂ යන මහත්වරුන් දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ නිවසට උදේ ආහාරය ගැනීමට අද උදෑසන පැමිණි අවස්ථාවෙිදී ගන්නාලද පිංතූරයකි’ නාමල් සහ යෝෂිත සම`ග සිටින්නේ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ දියනියන් දෙදෙනායි’ 

Several SLFP parliamentarians take oaths before President Sirisena

By: Prosperity Tech On: 4:51 AM

අලුත් ඇමැතිවරු 26 යි. ජ්‍යෙෂ්ඨයන් පිරිසට ඇමැතිකම් නෑ. හිටපු ඇමැතිවරු පිරිසක් පහළට


අලුත් ඇමැතිවරු 11 දෙනා


කැබිනට් ඇමැතිවරු 11ක්, රාජ්‍ය ඇමැතිවරු 5 ක් හා නියෝජ්‍ය ඇමැතිවරු 10 දෙනකු අද දිවුරුම් දුන් අතර ඔවුන්ට හිමි අමාත්‍ය ධූර මෙසේය.

ෆීලික්ස් පෙරේරා – විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
සරත් අමුණුගම – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
මහින්ද අමරවීර – ධීවර අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
රෙජිනෝල්ඩ් කුරේ – සිවිල් ගුවන් සේවා අමාත්‍ය
ඒ.එච්.එම්. ෆවුසි – ආපදා කළමනාකරණ අමාත්‍ය
එස්.බී. නාවින්න  – කම්කරු අමාත්‍ය
එස්.බී.දිසානායක – ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් – පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා – වාරිමාර්ග අමාත්‍ය
පියසේන ගමගේ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
රාජ්‍ය ඇමැතිවරු
පවිත්‍රා වන්නිආරච්චි  - පරිසර
ජීවන් කුමාරතුංග - කම්කරු
මහින්ද සමරසිංහ - මුදල්
සී.බී. රත්නායක - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ත්‍රිය පාලනය
ඩිලාන් පෙරේරා - නිවාස හා සමෘද්ධි
නියෝජ්‍ය ඇමැතිවරු
තිස්ස කරල්ලියද්ද - බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය
දයාශ්‍රීත තිසේරා - ධීවර කටයුතු
රංජිත් සියඹලාපිටිය - ස්වදේශ කටයුතු
ලක්ෂ්මන් සෙනෙවිරත්න - ආපදා කළමනාකරණ
ලක්ෂ්මන් යාපා අබේවර්ධන - සිවිල් ගුවන් සේවා
ලලිත් දිසානායක - වාරිමාර්ග
ජගත් පුෂ්පකුමාර - වැවිලි කර්මාන්ත
ලසන්ත අලගියවන්න - ග්‍රාමීය ආර්ථික කටයුතු
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - උසස් අධ්‍යාපන
ශාන්ත බණ්ඩාර - ජනමාධ්‍ය



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල කණු වන නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, දි.මු.ජයරත්න, රත්නසිරි වික්‍රමනායක, ඩලස් අලහප්පෙරුම වැනි ජ්‍යෙෂ්ඨයනට ජාතික ආණ්ඩුවේ ඇමැතිකම් ලැබී නැත.
පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරුන් වූ පවිත්‍රා වන්නිආරච්චි, රංජිත් සියඹලාපිටිය, ජීවන් කුමාරතුංග, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලක්ෂමන් යාපා, ලලිත් දිසානායක, සී.බී.රත්නායක යන පිරිසට රාජ්‍ය ඇමැතිකම් හා නියෝජ්‍ය ඇමැතිකම් දක්වා පහළ වැටී ඇත.
නිමල් සිරිපාල ද සිල්වා මහතා තවදුරටත් විපක්ෂ නායක වශයෙන් සිටිනු ඇතැයි දැනගන්නට තිබේ.

(lankadeepa.lk)