Monday, March 2, 2015

Fake monk Siridhamma says he is Arhath

By: Prosperity Tech On: 5:16 AM

පිටිදුවේ සිරිධම්ම රහත් වෙලාලූ.. උපන් දින පාටිය ‘ෂෝ බිස්නස් එකක්’ කරගෙන

තමන් අරහත් භික්‍ෂුවක් යයි කියන පිටිදුවේ සිරිධම්ම හිමියන් සිය උපන් දින උත්සවය ‘ෂෝ බිස්නස් එකක්’ කරගෙන ඇතැයි බොදු බල සේනා සංවිධානය පවසයි.
එහි මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමයෝ පවසන්නේ මේවායින් බුදු සසුනට බරපතල හානි සිදුවන බවත් මෙම පිරිහානියෙන් බුදු සසුන බේරා ගැනීමට මහා නායක හිමිවරුන් මැදිහත් විය යුතු බවත්ය.
පිටිදුවේ හිමියන් මේ ආකාරයට බුදු දහමේ අරුත විකෘති කිරීම භික්‍ෂූත්වයටද නිගාවක් යයිද උන් වහන්සේ කියා සිටිති.
(lankacnews.com)

Sunday, March 1, 2015

Mahinda connected with drugs - ranjan ramanayake

By: Prosperity Tech On: 8:54 PM

ශ්‍රී ලංකාවට කුඩු ගෙන ඒමට මහින්ද රාජපක්ෂ සම්බන්ධ බව රන්ජන් රාමනායක පවසයි. 


ඔහු මෙළෙස පැවසූවේ සිරස නාලිකාවේ බලය වැඩසටහනට සහභාගී වෙමිනි. මෙහිදී රන්ජන් ඇමතිවරයා මර්වින් සිල්වා සමඟ වාදයකටද පැටලුණි.

Aruni Rajapaksha photo shoot

By: Prosperity Tech On: 8:08 PM

Aruni Rajapaksha photo shoot

Aruni Rajapaksha is a Sri Lankan film actress, model and a TV presenter. She was crowned Miss Sri Lanka in 2007 and had represented Sri Lanka at the Miss Universe 2008 beauty pageant. Born: January 5, 1984 (age 31), Kandy, Sri Lanka













 

Rajitha Senaratne wants to bring Maitree back to parliment

By: Prosperity Tech On: 7:55 PM

ඇමති රාජිතත් පිස්සු කෙළි? ''මෛත්‍රී'' ජනපති පුටුවෙන්, අගැමති පුටුවට ගෙන ඒමේ ප්‍රයත්නයක්!



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැතිධුර අපේක්ෂකයා වශයෙන් මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න ඉකුත් දින (01) කරන ලද ප්‍රකාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසක් නොවන බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා පවසනවා.
විධායක ජනාධිපතිවරයා සතු බලතල අහෝසි කළහොත් ඉතිරිවන විධායක නොවන නාම මාත්‍ර ජනාධිපතිකමෙන් කිසිදු වැඩක් නැති බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙසට පත් කිරීමට ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ ලක්ෂ 62ක ජනතාව කිසිසේත් එතුමාව බලයක් නොමැති ජනාධිපතිවරයෙකු වශයෙන් සිටිනවා දකින්නට අකැමැති බවත්, එම නිසා ජනාධිපතිවරයා මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කළ හැකි බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදහස් පළ කර තිබුණි.

අමාත්‍යවරයා මේ බව ඵල කළේ සාධාරණ සමාජයක් සඳහා පුරවැසියෝ සංවිධානය විසින් පදනම් ආයතනයේ පැවැති සමුළුවකදී ය. සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සහ පිවිතුරු හෙටක් ව්‍යාපාරයේ යෝජනා පදනම් කරගෙන විධායක ජනාධිපතිධුරයේ බලතල අහෝසි කරන බවත් ජනමතවිචාරණයකින් තොරව එය සිදුකරන බවත් හෙතෙම මෙහි දී අදහස් පළ කර සිටියේ ය.

රාජිත සේනාරත්න මෙහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා වශයෙන් මහ මැතිවරණයකට ඉදිරිපත් කළ හැකි බවට කළ ප්‍රකාශය ගැන මාධ්‍ය විසින් කරන ලද විමසීමක දී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා සඳහන් කළේ රාජිත ඇමැතිවරයාගේ ප්‍රකාශය ගැන තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි නමුත් එම ප්‍රකාශය ජනාධිපතිවරයාගේ මතයක් හෝ ජනපතිගේ අදහසකට අනුව ඉදිරිපත් වූවක් නොවන බව තහවරු කළ හැකි බවයි.


මේ ගැන තව දුරටත් සොයා බැලීමකදී දැනගන්නට ලැබුනේ රාජිත ඇමැතිවරයා මෙම රැස්වීමට පැමිණ සිටිය දී වෙනත් අයෙක් නිකමට මෙන් ඔහු සමග කී දෙයක් ඔහු වේදිකාවට ගොස් මහප්පරාණයක් සේ දෙසූ බවයි. පසුගිය දින කිහිපයේ දී ද කැබිනට් ප්‍රකාශකයා ලෙසත් රාජිත සේනාරත්න ඇමැතිවරයා වගකීමෙන් තොරව කරන ලද ප්‍රකාශ කිහිපයක්ම විය.

පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කැබිනට් තීන්දුවක් ගත්තා යැයි කීවද එවැන්නක් සිදුවී නොතිබිණ. කේ.පී රට ගියා යැයි කීවද එවැන්නක් ද සිදුව නොතිබිණ. හිටපු අගවිනිසුරුවරයා රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දී ඇතැයි කීව ද එවැන්නක් සිදුව නොතිබිණ.

මෙවැනි ප්‍රකාශ රාශියක් නිසා රාජිත සේනාරත්න ඇමැති වගකීමකින් තොරව ප්‍රකාශ නිකුත් කරන්නෙක් බව මේ වන විට දෙස් විදෙස් මාධ්‍යවේදීන් අතර ද තහවුරු වී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් තොරතුරු දැනගැනීම පිණිස ඇතැම් මාධ්‍ය විසින් රාජිත ඇමැතිවරයා සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද මැතිවරනයට පෙර ඔහු විසින් මාධ්‍යවේදීන්ට ලබා දී තිබූ දුරකථන අංකය දැනුම් දීමකින් තොරව වෙනස් කර තිබේ.

Concept is adopted and recreated from the original theme"American Beauty"

By: Prosperity Tech On: 1:55 AM

American Beauty Photo shoot


Concept                - Milinda Premarathne
Model                   - Aish Athukoralage
Hair and Makeup  - Dushmantha Shanaka Kumara
Retouching           - Kasun Jananjaya
Location               - Indoor, Battaramulla
Remarks              - Concept is adopted and recreated from the original theme"American Beauty"


 




Suitable Age for youth

By: Prosperity Tech On: 1:39 AM

සෙක්ස් කරන්න හොඳම වයස


නිසි වයසට පැමිණීමත් සමඟ ලිංගික අවශ්‍යතා ඇතිවීම ස්වාභාවිකයි. එහෙම නොවෙනවානම් ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයේ යම්කිසි අවුලක් පැවතිය යුතුයි. නමුත් මේ නිසි වයස මොකක්ද කියන එක ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් තිබෙනවාද යන්න ගැටළුවක්. මේක නිසි වයසට එළඹීමට ප්‍රථම ලිංගික ක්‍රියා වල යෙදීම වගේම ලිංගික ජීවිතේ ඇරඹීම පමා කිරීම විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇතිවීමට මගපාදනවා. අද අපි මුලිකව කතා කරන්න උත්සහ කරන්නේ ගැබ් ගැනීමකදී ඇතිවිය හැකි ගැටළු පිළිබඳව.
මොකද මම දන්න කිහිප දෙනෙක් විවිධ හේතු නිසා පළමු දරුවා පිළිබඳ අවධානය හුඟක් කල්පහු කළා , සමහරුන්ට ඕන උනේ ලොකු ගෙයක් සම්පුර්ණයෙන් හදාගෙන පළමු දරුවා බිහි කරන්න , සමහරුන්ට උපාධිය අවසන් කරගෙන ඒ ගැන හිතන්න උනා , ඒ අතරේ සමහරු marriage life එක enjoy කරන්න ඕන කියමින් මේ පළමු දරු උපත ප්‍රමාද කළා .

අද වන විට මේ අය ජීවිතේ අතිශ්‍යය සංවේදී දුකක් විඳිමින් ජීවත් වෙනවා , හේතුව සමහරුන්ට දරුවෙක් පිළිසිඳ ගන්නේ නැහැ ,ගත්තත් මාස කිහිපයකින් ඉබේම ගබ්සාවෙලා නැතිවෙලා යනවා, ඉතින් ලෝකේ පුරාම තියෙන දේවාල , කොවිල් වල නවතිනවා , කිහිප දෙනෙක් විතරයි නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙලා ඉන්නෙත් ,
සමහරුන්ට විවිධ ගැටළු සහිත දරුවන් ඉන්නව , ඉතින් ඔවුන් තමන්ගේ මුළු ජීවිත කාළයම ඒ ගැන තැවිතැවී ඉන්නවා , සමහරුන්ගේ දරුවට මාස දෙකයි තාත්තට වයස අවුරුදු හතලිස් හතයි , ටිකක් හිතන්න මේ දරුව පාසල් යන කාලෙට ටිකක් උස් මහත් වෙන කාලෙට තාත්තගේ ආදරය රැකවරණය ඕනම කරන කාළෙට ඒ තාත්තට ඒ රැකවරණය දෙන්නට තරම් ශරීර ශක්තියක් හැකියාවක් තියේද කියල මට නම් සැකයි , ඉතින් අපි දැන ගන්නම ඕන දෙයක් තම පළමු දරුවා බිහි කරන්නට ඕන වයස , විශේෂයෙන්ම මවගේ වයස

ජීව විද්‍යාත්මකව ගත්තම කාන්තාවක තම වයස අවුරුදු 13-15 වගේ සීමාවකදි ලිංගික වශයෙන් පරිනත වීම සිදු වෙවා , ඒ කියන්නේ දැන් ඇයට පුළුවන් පැටියෙක් හදන්න අවශ්‍ය සෛල දෙකෙන්sex1 (ශුකාණු Sperm සහ Ovum ඩිම්බ) එකක් ප්‍රධානය කරන්න , තව විදියකින් කිව්වොත් දැන් මේ දැරිවියගේ ගර්භාෂය තුලට ශුක්‍රාණු ගියොත් ඇයට මවක් වීමේ හැකියාව තියෙනවා . හැබැයි තවම ඇය සමස්ථ වශයෙන් කායිකව , මානසිකව , සමාජයීයව දරුවෙක් ලබන්නට තරම් පරිණත වෙලා නැහැ
ඉතින් මේ වයසේ දරුවෙක්ට දරුවෙක් ලැබීම යම් අනතුරක් සහිත සිදුවීමක් , මේ සියළු තත්තව වලින් යම් පරිනත බවක් ලබන්නට අඩුම තරමේ අවුරුදු 18ක් වත් වෙනකම් ඉන්න වෙනවා . ඒ නිසා තමයි අපේ රටේ අවුරුදු 18ට අඩු කාන්තාවකට විවාහ වීමට අවසර නැත්තෙ. නමුත් වෙනත් සාධක මඟ හැරියොත් , වයස 20තමයි හොඳම කියලත් කියන්න පුළුවන් , එත් ප්‍රායෝගිකව මෙය , මෙම සීමාවෙන් ටිකක් ඈතට යනවා
විශේෂයෙන්ම කියන්නට ඕන දේ දරුවෙක් ලබන්නට හොඳ කායික , මානසික සහ සමාජයී පිරිපුන් බවක් අවශ්‍යමයි , ආර්ථිකයත් වැදගත් , ඒත් පළමු අවස්ථා තුන් ඉන් ප්‍රමුඛත්වයක් ගන්නවා , සෞඛ්‍යානුකූලව .ඒ මෙහෙමයි මුලින්ම දරුවෙක් රඳවා ගැනීම පෝෂණය සහ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් මවට ඕනෑ.
එසේ නොවීමත් අනාගත දරුවාට කරන්නේ අසාධාරණයක්. අනෙක මේ “අළුත් මවට“ , සමාජයේ පිළිගැනීමක් ,වගේම සමාජය පිළිබඳ , සමාජයීය සිදුවීම් , පවුල තුල රැඳිය යුතු ආකාරය , අඹු-සැමි සම්බන්ධය පවත්වාගැනීම වගේ සමාජයීය දැනුමක් පිළිගැනීමක් අත්‍යවශ්‍යයි. හිතන්න වයස අවුරුදු 14ක විතර කෙල්ලෙක් අම්ම කෙනෙක් වෙලා පොඩි පැටියෙක්ව වඩා ගෙන ඉන්නව දැක්කොත් ඔබට මොකද හිතෙන්නේ. අපිට මේ වගේ දසුන් හුරුයි , සමහර පැටික්කියන් තමන්ගේ දරුව හරහට වඩා ගන්නවත් බැහැ , උස නැහැ , පැටියව හුරතල් කරන්නවත් තේරෙන්නේ නැති තරම්.

ඇත්තටම දරුවෙක් බිහි කරන්න හොඳම වයස මොකක්ද කියල ඇහැවුවොත් , මේන්න මේක තමයි වයස කියල හරි අගයක් කියන්න අමාරුයි , ඒකට හේතුව මේ ගැටළුව මුළු ලොවේම තියෙන ප්‍රශ්නයක්. ඉතින් පාරිසරික තත්ත්ව , විවිධ සමාජ සහ සංස්කෘතීමය සිරිත් විරිත්, සමාජයීය සහ ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයක් ලබන්නට ගත වන කාළය වගේ සාධක නිසා වෙනස්වන සුළුයි . නමුත් පොදුවේ ගත්තම ඒවගේම අර මුලික සාධක සියල්ලේ පරිනතියත් සැලකූවම කානතාවකගේ වයස අවරුදු 20-26 අතරේ පළමු දරු පිළිසිඳ ගැනීම වඩාත් සුදුසුයි කියන මතය තමයි වඩාත් ප්‍රචලිත සහ විද්‍යාත්මක පිළිගැනීම .

sex2ඒ කියන්නේ මේ වයස් සීමාව ඇතුලෙදි දරුවෙක් බිහි කරන එක වඩාත් ආරක්ෂාකාරීය කියන එක පමණයි. ඒවගේම දරු පිළිසිඳි ගැනීමක් සඳහා සුදුසුම ශාරීරක පරිසරයත් මේ කාළ සීමාව තුලමයි තියෙන්නේ. බිය වීමට වශය නෑ. මෙයින් අදහස් වෙන්නෙ නෑ නේ 27න් පස්සේ බඳින්න එපා දරුවන් බිහි කරන්න එපා කියල. ඔබේ වයස මින් එහා නම් විවාහ වුනාට දරුවන් බිහිකරාට ප්‍රශ්නයක් නැහැ. ඒත් ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න දරුවෙක් පිළිසිඳි ගැනීමේ හැකියාව අඩු වෙන බව මතක තබාගන්න.

කාන්තාවකගේ උපතේ ඉඳළම තියෙන විශේෂිත පටක වර්ගයකින් තමයි මේ ඩිම්බ සෛල නිපදවෙන්නේ. ඉතින් පරණ වෙන්න පරණ වෙන්න මේ විශේෂිත පටකයේ ක්‍රියාකාරීත්වය අඩුවෙනවා. ඒ වගේම එම සෛල වල විවිධ විකෘතිතා ඇති වෙන්න පුළුවන් (අපේ පරිසරයේ ඒ වගේ විකෘතිතා ඇති කරන්න පුළුවන් සාධක බොහෝමයි)
එහෙම වුනොත් පැටියෙක් නතා ගන්නට ඕන ප්‍රධාන සෛලයක් වන ඩිම්බ සෛල නිපදවීම අඩුවෙන්න හරි නිපදවෙන ඩිම්බ සෛල වල හැකියාව අඩුවෙන්න හරි එහෙම නැත්නම් ජාන විකෘති වගේ තත්ත්ව සහිත ඩිම්බ සෛලයක් නිපදවෙන්නත් පුළුවන්. එහෙම වුනොත් සුන්දර නිරෝගී දරුවෙක් ගැන ඔබේ සිහිනය කදුළු මුසු සිහිනයක් වන්නටත් පුළුවන්.
2009 දි C.D.C.(Center for disease control and Prevention) ආයතනය නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ හැටියට එක් දහස් නමසිය හැත්ත ගනන් වලදි වයස 21දි පළමු වරට මව්පදවිය ලැබීමේ ඉහළ තත්ත්වයක් තිබුණත් 2006 විතර වෙත්දි අපි මුලින් කී හේතු නිසාවෙන් එය අවුරුදු 26 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව හඳුනාගෙන තියෙනවා .
හැබැයි පර්යේෂණය සිදුවෙන්නේ එංගලන්තයේ . කෙසේවෙතත් එම තත්ත්වය අපේ රටෙත් දැන් ටිකෙන් ටික දකින්නට පුළුවන්.
අද එහි ප්‍රධානතම හේතු සාධකය වෙන්නේ ආර්ථිකය සහ සමාජ තත්ත්වය වගේ කරුණු , නමුත් මේ පිළිබඳ පර්යේෂණ කරන ඔහියෝ විශ්ව විද්‍යාලයේ රෝන් ජීක්ල් කියන වෛද්‍ය විශේෂඥයාවරයාගේ(Ron Jaekle, MD, a professor of clinical obstetrics and gynecology at the University of Cincinnati College of Medicine, in Ohio.) අදහසට අනුව කාන්තාවකට තම පළමු දරු පිළිසිඳ ගැනීම සඳහා හොඳම කාළය අවුරුදු 25-30 අතරෙදියි.
ඊට ප්‍රමාදවීම මගින් විකෘතිතා (ඩවුන්ස් සහලක්ෂණය වැනි Downs sysndrom ) ඇති වීමේ අවදානම් වැඩි වන බවය ඔහු ප්‍රකාශ කරන්නේ , නියමිත වයස් සීමාවේදි දරු පිළිසිඳ ගැනීමක් වුනත් මෙවැනි අසාමාන්‍ය තත්ත්ව ඇති වන්නට පුළුවන්. වියපත්ව පිළිසිඳ ගැනීමක් සිදුවීමේදි වන්නේ එම අනතුර ඇති වීමේ අවස්ථාව වැඩි විමක් .

මේ මොන මොන කතා කිව්වත් වයස අවුරුදු 35ට වඩා වියපත්ව දරුවෙක් පිළිසිඳි ගැනීම මවට මෙන්ම දරුවාටත් යම් තරමක ගැටළුකාරීබවයි වෛද්‍ය මතය. මොකද මේ වන විට මවත් විවිධ රෝග , උදාහරණයක් විදියට දියවැඩියාව , අධිරුධිර පීඩනය වැනි රෝගත් ගර්භාෂය ආශ්‍රිත Endometriosis වැනි රෝග තත්ත්ව වලටත් ලක් වෙලාවෙන්න පුළුවන් . ඒ වගේම එම ගර්භනීත්වය ස්වභාවිකවම නැතිවීයාමට ඇති අවස්ථාවත් ඉහළයි. ඒ නිසා කියන්නටම ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මෙම සීමාවෙදි දරු පිළිසිඳ ගැනීමක් සිදු වුවහොත් නිසි වෛද්‍ය උපදෙස් මුල සිටම අනුගමනය කළ යුතු බව , වයස හතලිස් ගණන් වුනොත් මේ අනතුර තවත් ඉහළ යන්නට ඉඩ තියෙනවා .

මේ වන විටත් ඔබේ වයස තිස් ගනණක් නම් , ඔබ විවාහක නම් , අනේ තවත් ප්‍රමාද කරන්න එපා , ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් ඔබේ සෞඛ්‍යය තත්ත්වය ගැනත් විමසලා , ප්‍රමාද කරන්නේ නැතිව දරුsex3 පැටියෙක් හදා ගන්න උත්සාහ ගන්න , ඒවගේම පිළිසිඳි ගැනීමක් වුනොත් වෙන අයට වඩා පරිස්සම් වෙන්න , ඒ ගැන ඔබේ වෛද්‍යවරයාගෙන්ම උපදෙස් තොරතුරු ලබා ගන්න.

මේ ලිපියේ හුඟක් තැන් වල ඔබ කියල ආමන්ත්‍රණය කළේ විවාහක කාන්තා සාමාජිකාවන්ට. මේ කරුණු පිරිමි පාර්ශවයටත් අදාළයි. මොකද වයසට යනකම්ම ඔබේ ශ්‍රක්‍රාණු නිපදවුනත් (කාන්තාවන්ට එම ඩිම්බ නිපදවෙන්නේ අවුරුදු 46-48 විතර වෙනකම් විතරයි) වයසට ගිය ශුක්‍රාණු වල පිහිනීමේ හැකියාව අඩුවන බව සොයාගෙන තියෙනවා. ඔබ දන්නවද ඔයාගේ ශුක්‍රාණු ලොකු තරඟයක් දීල , ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඇතුලේ දුර ගමනක් පීනලා ගිහින් තමයි ඩිම්බ සෛලයත් එක්ක එකතු වෙලා තමයි පැටියෙක් හදන්න පටන් ගන්නේ. ඉතින් පීනන්න බැරි උනොත් ? එයා එනකම් බලා ඉදල දවස් දෙකකට විතර පස්සේ මැරිල යන්න තමයි අර ඩිම්බ සෛලයට වෙන්නේ. ප්‍රතිපලේ දරුවෙක් ලැබීමේ අවස්ථාව තවත් දුරස් වෙන එකයි.
(lankadaily.com)

Saturday, February 28, 2015

I started a new Job ~ Nipunika Hewagamage, Actress, Gossip,

By: Prosperity Tech On: 10:44 PM

මෙතන ෂුවර් නැහැ ඒ නිසා රස්‌සාවක්‌ හොයා ගත්තා - නිපුනිකා 

මම ගොඩක්‌ කාර්යබහුල වෙන්න කැමති චරිතයක්‌ නෙවෙයි. ඒ නිසා මම ලොකු නිර්මාණයකට දායක වෙනවා නම් ලොකු කැප කිරීමක්‌ කරන්න ඕනෑ. මට තවම ඒ විදිහට ලොකු කාලයක්‌ වෙන් කරගන්න අපහසුයි....



Nipunika Hewagamage

Kamal addararachchi & Oshadi Hewamadduma to contest for election

By: Prosperity Tech On: 3:57 AM

කමල් හා ඕෂධී මහමැතිවරණයේදී තරඟ බිමට

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප‍්‍රධාන පක්ෂ දෙකෙන් තරඟ කිරීම සඳහා ජනපි‍්‍රය නළු නිළියන් රැසක් සූදානමින් සිටින බවට වාර්තා වනවා. මේ අතරට ප‍්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි සහ ඕෂධී හේවාමද්දුමගේ නම් ඉදිරියෙන්ම ඇති බවයි වාර්තා වන්නේ. කමල් අද්දරආරච්චි එජාපයෙන් සහ ඕෂධී හේවාමද්දුම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ බිමට එළඹීමට බොහෝදුරට ඉඩ ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.
මීට අමතරව ඉදිරි මහමැතිවරණයේදී තවත් නවක මුහුණු රැසක් තරඟ බිමට එළඹීමට සූදානමින් සිටින බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේ.

Deputy Inspector General of Police Anura Senanayake Arrested

By: Prosperity Tech On: 3:27 AM

පොලිස් ලොක්කා අත්අඩංගුවට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී අනුර සේනානායක මහතාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස විෂය බාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පොලිස්පතිවරයාට නියෝගකර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

බියගම විලේජ් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න මහතා ඝාතනයට සහය දැක්වූ බවට සැකපිට ඊයේ අත් අඩංගුවට ගත් එස්එස්පී වරයාට සහ පොලිස් පරීක්ෂක වරයාට  සහාය දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී අනුර සේනානායක මහතා නිදැල්ලේ සිටීම ගැන ද ජෝන් අමරතුංග ඇමතිවරයාට ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් ම චෝදනා එල්ලවී ඇතැයි  පැවසේ.


බියගම විලේජ් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා ඝාතනයේ සැකකරු වසන් කිරීමට ආධාර අනුබල දුන්නැයි  යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ පතිරණලාගේ විමලසේන සහ ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආනන්ද රාජකරුණා යන උසස් පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ (27) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

ඝාතනය සිදුකරන කාලයේදී මෙම නිලධාරීන් දෙදෙනා එස්ටීඑෆ් එකට අනුයුක්තව සේවය කර ඇත.

2012 පෙබරවාරි 20 වෙනිදා බියගම විලේජ් අධිපති බර්නාඩ් ජයරත්න මහතා දොම්පේදී ඝාතනය කරන ලද අතර එයට සම්බන්ධ ජයරත්න මහතාගේ පුත්‍රයාට ඉහත කී පොලිස් නිලධාරීන් දෙදෙනා පුපුරන ද්‍රව්‍ය ලබා දී ඇති බවට තොරතුරු හෙළි වී තිඛේ

Friday, February 27, 2015

Kumar Sangakkara Enter Politics from Kandy

By: Prosperity Tech On: 7:42 PM

සංගා දේශපාලනයට. අලියාගෙන් මහනුවරට. මහමැතිවරණයේ තරග කිරීමට සුදානමින් 


ඉදිරි මහ මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට මෙරට ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග එක්සත් ජාතික පක්ෂය පැවැත් වූ සාකච්ඡා සාර්ථක වී ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස මෙලෙස එක් වීමට නියමිතව ඇත්තේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතායි.


මෙම සාකච්ඡා ක්‍රිකට් ලෝක කුසලානයට පෙර පැවැත්වී ඇති අතර ඊට එජාපයේ ඉහළම පෙළේ දේශපාලනඥයින් එක් වී ඇත.

මේ අතරම පැවැති ජනාධිපතිවරණ සමයේ එජාප ෆෙස්බුක් හා සමාජ ජාල ප්‍රවර්ධන වැඩසටහන සඳහා එක් වූ  තුෂාර වන්නිආරච්චි ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග  කිරීමට ගෙන ඇති තීරණයද තව දුරටත් මෙම සාකච්ඡාවේදී තහවුරු වූ බවත් සඳහන්.

තුෂාර වන්නිආරච්චිගේ සබඳතාවයක් මත කුමාර් සංගක්කාර ද මෙම යෝජනා සඳහා එකග  වී ඇති බවත් එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය අවසන් වන තෙක් මෙම සාකච්ඡා අනාවරණය නොකිරීමටද පක්ෂය තීරණය කර ඇති බවයි  පක්ෂ අභ්‍යන්තර අරංචි මාර්ග සඳහන් කළේ.