Sunday, March 1, 2015

Tagged Under: ,

Rajitha Senaratne wants to bring Maitree back to parliment

By: Prosperity Tech On: 7:55 PM

ඇමති රාජිතත් පිස්සු කෙළි? ''මෛත්‍රී'' ජනපති පුටුවෙන්, අගැමති පුටුවට ගෙන ඒමේ ප්‍රයත්නයක්!



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැතිධුර අපේක්ෂකයා වශයෙන් මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න ඉකුත් දින (01) කරන ලද ප්‍රකාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසක් නොවන බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා පවසනවා.
විධායක ජනාධිපතිවරයා සතු බලතල අහෝසි කළහොත් ඉතිරිවන විධායක නොවන නාම මාත්‍ර ජනාධිපතිකමෙන් කිසිදු වැඩක් නැති බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙසට පත් කිරීමට ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ ලක්ෂ 62ක ජනතාව කිසිසේත් එතුමාව බලයක් නොමැති ජනාධිපතිවරයෙකු වශයෙන් සිටිනවා දකින්නට අකැමැති බවත්, එම නිසා ජනාධිපතිවරයා මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කළ හැකි බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදහස් පළ කර තිබුණි.

අමාත්‍යවරයා මේ බව ඵල කළේ සාධාරණ සමාජයක් සඳහා පුරවැසියෝ සංවිධානය විසින් පදනම් ආයතනයේ පැවැති සමුළුවකදී ය. සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සහ පිවිතුරු හෙටක් ව්‍යාපාරයේ යෝජනා පදනම් කරගෙන විධායක ජනාධිපතිධුරයේ බලතල අහෝසි කරන බවත් ජනමතවිචාරණයකින් තොරව එය සිදුකරන බවත් හෙතෙම මෙහි දී අදහස් පළ කර සිටියේ ය.

රාජිත සේනාරත්න මෙහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා වශයෙන් මහ මැතිවරණයකට ඉදිරිපත් කළ හැකි බවට කළ ප්‍රකාශය ගැන මාධ්‍ය විසින් කරන ලද විමසීමක දී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා සඳහන් කළේ රාජිත ඇමැතිවරයාගේ ප්‍රකාශය ගැන තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි නමුත් එම ප්‍රකාශය ජනාධිපතිවරයාගේ මතයක් හෝ ජනපතිගේ අදහසකට අනුව ඉදිරිපත් වූවක් නොවන බව තහවරු කළ හැකි බවයි.


මේ ගැන තව දුරටත් සොයා බැලීමකදී දැනගන්නට ලැබුනේ රාජිත ඇමැතිවරයා මෙම රැස්වීමට පැමිණ සිටිය දී වෙනත් අයෙක් නිකමට මෙන් ඔහු සමග කී දෙයක් ඔහු වේදිකාවට ගොස් මහප්පරාණයක් සේ දෙසූ බවයි. පසුගිය දින කිහිපයේ දී ද කැබිනට් ප්‍රකාශකයා ලෙසත් රාජිත සේනාරත්න ඇමැතිවරයා වගකීමෙන් තොරව කරන ලද ප්‍රකාශ කිහිපයක්ම විය.

පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කැබිනට් තීන්දුවක් ගත්තා යැයි කීවද එවැන්නක් සිදුවී නොතිබිණ. කේ.පී රට ගියා යැයි කීවද එවැන්නක් ද සිදුව නොතිබිණ. හිටපු අගවිනිසුරුවරයා රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දී ඇතැයි කීව ද එවැන්නක් සිදුව නොතිබිණ.

මෙවැනි ප්‍රකාශ රාශියක් නිසා රාජිත සේනාරත්න ඇමැති වගකීමකින් තොරව ප්‍රකාශ නිකුත් කරන්නෙක් බව මේ වන විට දෙස් විදෙස් මාධ්‍යවේදීන් අතර ද තහවුරු වී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් තොරතුරු දැනගැනීම පිණිස ඇතැම් මාධ්‍ය විසින් රාජිත ඇමැතිවරයා සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද මැතිවරනයට පෙර ඔහු විසින් මාධ්‍යවේදීන්ට ලබා දී තිබූ දුරකථන අංකය දැනුම් දීමකින් තොරව වෙනස් කර තිබේ.

0 comments:

Post a Comment