Wednesday, February 11, 2015

Police chase gunman in car across LA

By: Prosperity Tech On: 2:15 AM

ලොස් ඇන්ජලීස් නගරය දෙවනත් කළ අමෙරිකානු පොලීසියේ කාර් හොරා ඇල්ලීමේ මෙහෙයුම (VIDEO)

(SCROLL DOWN FOR THE VIDEO)
මෝටර් රථයක් සොරාගෙන යමින් සිටි කොල්ලකරුවෙක් අමෙරිකානු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අල්ලා ගනු ලබන ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වේ.
මෙහි විශේෂත්වය වන්නේ, ලොස් ඇන්ජලීස්හි ජනාකීර්ණ මාර්ග පද්ධතියක් තුළ මෙම කොල්ලකරුවා ලුහුබැඳ ගොස් අල්ලා ගැනීම ය.
අදාළ කොල්ලකරු බේරීම සඳහා පළා යමින් සිටියදී ඔහුගේ මෝටර් රථය රිය අනතුරු කිහිපයකට ම ලක් වන අතර පසුව වෙනත් මෝටර් රථයක් කොල්ල කා පළා යාමට සැරසෙයි.
අවසානයේ අමෙරිකානු පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට සමත් විය.
සැකකරු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව බීබීසී පුවත් සේවය පවසයි.
මෙහි විශේෂත්වය වන්නේ, සැකකරු මේසා විශාල අනතුරු රැසක් සිදු කර පළා යාමට උත්සහ කළ ද පොලිස් නිලධාරීන් ඔහු ඝාතනය නොකර අවම බලය පාවිච්චි කර ඔහු අත්අඩංගුවට ගැනීම ය.

(newsfirst.lk)

Hirunika Funny Gag

By: Prosperity Tech On: 2:03 AM

Waterfalls in Colombo - Travel Documentary (HD)

By: Prosperity Tech On: 12:14 AM
piyawara: Kumari Falls (Kumari Ella) colombo water fallsශ්‍රී ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කය වන කොළඹ දිස්ත්‍රික්කය අශ්‍රිතව සංචාරකයින්ගේ වැඩි අවදානය දිනා නොගත් අලංකාර දියඇලි 4 ක් තිබෙන බව ඔබ දැන සිටියද ? කුමාරි ඇල්ල, ඇල්ල උඩ ඇල්ල, රන්මුදු ඇල්ල හා දම්බොර ඇල්ල යන එම දියඇලි වල සුන්දරත්වය බලන්න මෙම වීඩියෝවෙන්

Tuesday, February 10, 2015

Jacqueline Fernandez inside the vehical

By: Prosperity Tech On: 11:59 PM

වාහනයක් ඇතුලේ ජැකලින් ගත්ත ආතල්


ශ්‍රී ලාංකීය රු රැජිනක් මෙන් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිලියක් වන ජැකලින් ෆර්ඩිනැන්ඩස් පසුගියදා ඇයගේ මිතුරු මිතුරියන් පිරිසක් සමග වාහනයේ ගමන් කරමින් සිටි අවස්ථාවේ එම වාහනයේ රේඩියෝවේ වන සින්දුවකට අනුව වාහනය තුළදී නර්තනයක යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

Nil Balakaya TVC - Sheril Romen Deker

By: Prosperity Tech On: 11:31 PM
 "අපි කාටවත් කඩේ ගියේ නැහැ - ගිය ආණ්ඩුවට වොයිස් කට් දුන්නේ සල්ලි වලට"
 රුවන් - ෂෙරිල් හෙළිකරයි

පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනපතිවරයාගේ ජයග්‍රහණය උදෙසා නිල් බලකාය විසින් කලාකරුවන් පෙනී සිටි දැන්වීම් පෙළක් රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කරනු ලැබීය. එම දැන්වීම් වලට යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි මෙන්ම ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිලි ෂෙරිල් රොමේන් ඩෙකර්ද පෙනී සිට තිබුණි. ජනාධිපතිවරණය අවසාන වීමෙන් පසුව කලක් නිහඬව සිටි රුවන්-ෂෙරිල් දෙපල අද දිනයේ පුවත්පතකට පසුගිය ආණ්ඩුවට සහය පලකළ දැන්වීම් පිළිබඳව අදහස් පලකොට තිබුනේ මෙලෙසිනි.



ෂෙරිල් රොමේන් ඩෙකර්

"මමවත් රුවන්වත් දේශපාලනය කරන්නේ නැහැ..කරලත් නැහැ...කලාකාරයෝ හැමෝම වොයිස් කට් දෙනවා ඒක හින්ද අපිටත් එකක් දෙන්න කියලා පහුගිය ආණ්ඩුවෙන් අපිට කතා කළා...ඉතින් අපි දුන්නා..අපිට පක්ෂයක් නැහැ...එක පැත්තකට බෙදිලා වැඩ කරන්නේ නැහැ...අපිට වොයිස් කට් දුන්නට සල්ලි හම්බුනා..වෙන වෙන වාසි දෙන්න පොරොන්දු උනා කියලා කව්රුහරි කියනවනම් ඒක සම්පුර්ණ බොරුවක්.."



රුවන් පෙනී සිටි දැන්වීම

 


 

Multi million rupee watch collection for Namal?

By: Prosperity Tech On: 10:34 PM

"මගේ ගාව තියෙන්නේ ඔරලෝසු දෙක තුනයි"

කෝටි 67 ඔරලෝසු චෝදනාව නාමල් ප්‍රතික්ෂේප කරයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පළදින මිල අධික අත් ඔරලෝසු 13ක් පිළිබඳව තොරතුරු වෙබ් අඩවි මගින් පසුගියදා හෙළිදරව් කරනු ලැබුණි. එම ඔරලෝසු 13 වටිනා කම රුපියල් හත් කෝටි හැටහත් ලක්ෂයක් (රු. 76,700,000) බවත් මන්ත්‍රීවරයකු වශයෙන් රුපියල් 54,285ක වැටුපක් ලබා ගනිමින් මෙතරම් ධනස්කන්ධයක් හිමි කරගෙන ඇත්තේ කෙසේ දැයි එම ලිපි මගින් ප්‍රශ්ණ කොට තිබුණි. අන්තර්ජාල වෙබ් අඩවියක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ච්චාවකදී මේ පිළිබඳව අදහස් පලකළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා තිබුනේ මෙවැන්නකි. 


"මගේ ළඟ තියෙන්නේ ඔරලෝසු දෙක තුනයි..ඒකෙන් සමහර ඒව තැගි ලැබුණ ඒව..අන්තර් ජාලය හරහා පිංතූර පෙන්වමින් කරන පදනමක් නැති චෝදනා ජනතාව පිළිගනියි කියල මම නම් හිතන්නෙ නැහැ..එකම ඔරලෝසුව විවිධ අයුරින් පෙන්වමින් ඔවුන් මේ විදියට මඩ ගහනවා.."
 
එම චෝදනාවට ලක්වුණු ඔරලෝසු කිහිපයක් බලන්න පහතින් 
1 2 4 5 6 7 8 9 10 12 13 14 15

(nethfm.com)

Duminda to CID & Sudharman to jail

By: Prosperity Tech On: 11:02 AM
දුමින්ද CID යට, සුධර්මන් වැලිකඩට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කර ඇති දැනුම්දීමක අනුව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නීතිඥවරුන් දෙදෙනෙකු සමග එම දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර පකිස්ථානය ඇතුළු ආසියාවේ රටවල් කිහිපයක සිට ශ්‍රී ලංකාවට හෙරොයින් මත් කුඩු එවු බවටත් ඒවා බෙදා හැරීමට වන චෝදනා මත ඒ සම්බන්ධයෙන් වන ප්‍රශ්න කිරීම සිදුකරනුකරනු ලබයි.
මේ අතර බාලවයස්කාර දරුවෙකු යොදාගෙන මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීව සිටි සුධර්මන් රදළියගොඩ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 24 තෙක් රිමාන්ඩ් කරනු ලැබ තිබේ. පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසවන අන්දමින් විද්‍යුත් මාධ්‍ය දෙකක මෙලෙස සාවද්‍ය පුවතක් පළ කළැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

Monday, February 9, 2015

MP's who lose pension if dissolved parliament sri lanka

By: Prosperity Tech On: 3:23 AM
John Amaratunga

ජෝන් පැරදී පාර්ලිමේන්තුව විසිරෙව්වොත් විශ්‍රාම වැටුප් අහිමිවන මන්ත්‍රීවරු මෙන්න

මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් වහාම පාර්ලිමේන්තුව විසුරවාහරින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පවසා තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරවා හැරීමට යෝජනා වී ඇති අප්‍රේල් 23ට පෙර එය සිදු වුවහොත් අවුරුදු 05 සම්පූර්ණ වීමට ඉතා කෙටි කාලයක් පමණක් අඩු වන වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 69ක් සිටී. ඔවුනට යළි පාර්ලිමේන්තුව නියෝජනයට ඉඩක් නොලැබුණහොත් ඔවුනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමිවන විශ්‍රාම වැටුප අහිමිවනු ඇත.
 
2010 මැතිවරණයේ ප්‍රතිඵල අනුව නවක මහජන නියෝජිතයින් 82ක් පාර්ලිමේන්මේන්තුව නියෝජනය කළද අප්‍රේල් 22ට වසර 05සම්පූර්ණ වන්නේ නියෝජිතයින් 69ට පමණි. අනෙක් නියෝජිතයින් පසුව ඇතිවූ පුරප්පාඩු හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අයවේ.
 
මෙසේ විශ්‍රාම වැටුප අහිමි වන්නේ 2010 වසරේදී පළමු වරට පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන්ටය. නමුත් යම් මන්ත්‍රීවරයෙක් නැවත පාර්ලිමේන්තුවට තේරීපත්ව, වසර 05ක කාලය සම්පූර්ණ කළහොත් ඔවුනට යලි විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ.
 
විශ්‍රාම වැටුප අහිමිවීමේ අවදානමට මුහුණ දී සිටින නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකි මේ.
 
දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තෙ, නාමල් රාජපක්ෂ, වී.කේ ඉන්දික, සනත් ජයසූරිය, මාලිනී ෆොන්සේකා, මනූෂ නානයක්කාර, සජින් වාස් ගුණවර්ධන, රමේෂ් පතිරණ, නිශාන්ත මුතුහෙට්ටිගම, තිලංග සුමතිපාල, උපේක්ෂා ස්වර්ණමාලි, මොහාන් ලාල් ග්‍රේරෝ, සුජීව සේනසිංහ, දුමින්ද සිල්වා, රෝසි සේනානායක, අජිත් පී පෙරේරා, පාලිත තෙවරප්පෙරුම, ජානක වක්කුඹුර, රන්ජන් රාමනායක, කනක හේරත්, එරාන් වික්‍රමරත්න, රජීව විජේසිංහ, ජේ.ආර්.පී සුරියප්පෙරුම, අනෝමා ගමගේ, ටිරාන් අලස්, හර්ෂ ද සිල්වා, ජානක බණ්ඩාර, ශාන්ත බණ්ඩාර, රංජිත් ද සොයිසා, සනී රෝහන කොඩිතුවක්කු, රුවන් රණතුංග, බුද්ධික පතිරණ, රුවන් විජේවර්ධන, විදුර වික්‍රමනායක, තේනුක විදානගම, සරත් වීරසේකර, අශෝක් අබේසිංහ, වසන්ත අලුවිහාරේ, අරුන්දික ප්‍රනාන්දු, වසන්ත සේනානායක
(nethfm.com) 

A Lambogini Seen Close To JVP Main Office

By: Prosperity Tech On: 2:49 AM

ජවීපේ ට ලම්බෝගිනි කොහෙන්ද?

පසුගිය සඳුදා පස්වරුවේ ජවිපෙ ප‍්‍රධාන කාර්යලය ඉදිරිපිට ලැම්බෝගිනි මෝටර් රථයක් දැකගැනීමට හැකිවී තිබේ.

සියලූ දෙනා මේ මෝටර් රථය දෙස විශේෂ උනන්දුවකින් බලා තිබුනේ මීට පෙර ලැම්බොගිනියකින් ජවිපෙ කාර්යාලයට කිසිවෙක් පැමිණ නොතිබුණු නිසාවෙනි. එම රථයෙන් පැමිණ තිබුනේ අන්කිසිවෙකු නොව මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවය. ඔහු පැමිණතිබුනේ සුනිල් හඳුන්නෙත්ති හමුවීමටය.

"මන්ත‍්‍රීතුමා මම ඔබතුමාලගේ කාර්යාලයට ආවේ බයෙන්. මොකද ලැම්බෝගිනිවලට ඔබතුමාලා විරුද්ධයි නේද?" මාලගමුව හදුන්නේතිගෙන් විමසා තිබේ. එවිට එයට පිළිතුරු ලෙස හදුන්නෙත්ති පවසා ඇත්තේ "අපෝ නැහැ. අපි ලැම්බොගිනිවලට විරුද්ධ නැහැ. අපි විරුද්ධ ජනතාවගේ සල්ලිවලින් ජනාධිපති පුත්තු ලැම්බොගිනි පදිනවට. අපි දේශපාලනය කරන්නේ මේ රටේ හැම තරුණයටම ලැම්බොගිනි පදින්න පුළුවන් ආර්ථිකයක් හදන්නයි." යනුවෙනි.

ඩිලන්ත මාලගමුව පැමිණ තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ජවිපෙ මන්ත‍්‍රීවරයෙකුගෙන්ම අසාදැනගැනීමටය.

"මම මීට කලින් මැලේසියාවෙන් ඩෙංගු මඩින්න උදව් ගන්න එකගතාවයක් හදාගත්තා. නමුත් ආණ්ඩුව ඒ ගැන මොකුත් කළේ නැහැ. මේ ආණ්ඩු ජනතාව ගැන හිතන්නේ නැහැ කියලා ඒකෙන් තමයි මම දැනගත්තේ. වකුගඩු රෝගීන්ට ආධාර ලබාදෙන්න ජපානයෙන් උදව් ගන්න පුළුවන්." යනුවෙන් මාලගමුව හදුන්නෙත්ති හමුවේ පවසා තිබේ.

Sunday, February 8, 2015

LE ROSEY -A Prestigious International Boarding School

By: Prosperity Tech On: 7:36 PM

"සල්ලි විතරක් තිබ්බට යන්න බැරි ලෝකේ ගණන්ම බෝඩින් පාසල"

ස්විට්සර්ලන්තයේ තියන ල රොසේ පාසල දැනට ලෝකේ තියන ගණන්ම බොර්ඩින් පාසලයි. ඒකේ අවුරුද්දකට ගාස්තුව ඩොලර් 175,000.


අවුරුදු 135කට වැඩි මේ ඉස්කෝලේ කාමර 179ක් තියනවා. මේ හැම කාමරේකටම වෙනම ටොයිලට් එකකුත් තියනවා. ඉස්කෝලේ පුස්තකාලයේ වෙනම තියටර් එකක් දකින්න පුලුවන්. ඉස්කෝලෙන් එලියේ ටෙනිස් කෝට් 10ක් වගේම, පිහිනුම් තටාකයක් සහ ගොල්ෆ් ගහන්න තැනක් තියනවා. ඒ වගේම අශ්වයන් 30ක් විතර ඉන්නවා. මේ ඉස්කෝලෙට යන වාසනාවන්ත ලමයින්ට නිදහස් වෙලාවට යන්න මීටර 11.5ක් දිග රුවල් නැවකුත් ස්පා එකකුත් තියනවා.



මේ සැප ඔක්කොම තියන ඉස්කෝලෙට යන්න සල්ලි විතරක් මදි. ඉස්කෝලෙට ඇතුලු වෙන හැම ළමයාම සෑහෙන්න අමාරු විභාග වලට මුහුණ දෙන්න ඕනේ. මේ ඉස්කෝලෙට යන්නේ ගොඩක් ප්‍රභූ පවුල් වල ළමයි නිසා ආරක්ෂාව ගොඩක් ඉහළ මට්ටමක තමා තියෙන්නේ.