Thursday, December 11, 2014
Monday, December 8, 2014
Legs & Personality
By:
Prosperity Tech
On: 7:01 PM
"කකුල දිහා බලලා අනාවැකි කියන්නේ මෙහෙමයි"
අද කාලේ පාවහන් පළඳින්නේ දෙපා වල ආරක්ෂාවට පමණක්ම නොවෙයි. හැම දේම වගේ පාවහන් පවා දැන් විලාසිතාවක් වෙලා.ඔබ දන්නවද ඔබ පළඳින පාවහන් දිහා බලල ඔබේ ගැන අනාවැකි කියන්නට පුළුවන් බව.
පාවහන් වල අඩිය ගෙවෙන ආකාරය එක එක අයගේ වෙනස් කියලා ඔබ නිරීක්ෂණය කරලා තිඛෙනවාද? එසේ වන්නේ එක එක්කෙනා ඇවිදින ආකාරය වෙනස් නිසා.
පුද්ගලයා ඇවිදින ආකාරය අනුව එයා ගැන කියන්නට පුළුවන්.
සමහරුන්ගේ සපත්තු වල හෝ සෙරෙප්පු වල අඩිය ගෙවෙන්නේ සමාන්තරවයි.
ඒ කියන්නේ ඉදිරියෙනුත් පිටුපසිනුත් එක ගානට ගෙවෙනවා.
එහෙම අය රටට සේවයක් කරන්නට කැමති , අරපිරිමැස්ම හොඳින් දන්නා, පිනට දහම කැමති අය.
ඒ වගේම ඔවුන් ඔවුන් තීක්ෂණ බුද්ධියක් ඇති කාලය නාස්ති නොකරන දීමට කැමති පුද්ගලයින්.
ඔවුන් ලෙහෙසියෙන් රවටිලිකාරයන්ට හසු වන්නේත් නැහැ. සමහරුන්ගේ වම් පැත්තේ සෙරෙප්පුව දකුණු පැත්තට වඩා වැඩිපුර ගෙවෙනවා.
එවැනි පුද්ගලයින් උත්සාහයට ගැලපෙන ප්‍රතිපල නොලැඛෙන, නිතර චිත්ත පිඩාවන්ගෙන් පෙලෙන, බොහෝ විට අනුන්ගේ නින්දා අපහාස වලට ගොදුරු විය හැකි අයයි.
ඔවුන් බොහෝ දුරට තමන්ගේ හිතේ තිඛෙන දේවල් ඉටු කරගන්නට අපහසු වන අයද වනවා.
දකුණු පැත්තේ අඩිය වම් පැත්තට වඩා ගෙවෙනවා නම් හම්බ කරන දේවල් අපතේ යන, අනුන් වෙනුවෙන් කාලය ගත කරන්නට කැමති, දරුවන්ගේ පවුලේ ප්‍රශ්න ඕනෑවටත් වඩා කල්පනා කරන කෙනෙක්.
මේ වගේ අය අඹු සැමි ප්‍රශ්න වලට මුහුණ දෙන ආත්ම තෘප්තිය නොලබන කෙනෙක් විය හැකියි.
සෙරෙප්පුවේ අඩිය ඉස්සරහින් වැඩිපුර ගෙවෙනවා නම් ඔවුන් ආගමට දහමට ලැදියි.
දියුණුවට කැමතියි.
පුහු අලංකාරයට අකමැති වනවා වගේම නිතර රැවටිලි කාරයන්ට ගොදුරු වන කෙනෙකුද වනවා.
ඔවුන් උපයන දේවල් නිකරුනේ විනාශ වනවාට අකමැතියි වගේම අනිත් අයව පහත් කොට සලකන අයද වනවා.
අඩිය වැඩිපුර පිටුපසින් ගෙවනවා නම් එවැනි අය රට ජාතිය ආගම ගැන නිතර කතා කරන නමුත් කිසිවක් ක්‍රියාවට නගන්නට මැලි වන ටිකක් නපුරු ගති ඇති බොරු ආටෝප වලට කැමති අය වනවා. මොවුන්ට මසුරු ගති ගුණාත් තිඛෙන්නට ඉඩ තිඛෙනවා.
(shaafm.lk)
Is it legal to be topless here?
By:
Prosperity Tech
On: 6:50 PM
නිරුවත් වී අමුතු තාලේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වු මාධ්‍යවේදීනිය (වීඩියෝ සහිතයි)
අමුතු තාලේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වු මාධ්‍යවේදීනියක් පිළිබඳව පුවත්පතක් කැනඩාවෙන් වාර්තා වේ. කැනඩා ජාතික ලොරි වෙල්බෘන් මාධ්‍යවේදිනිය කාන්තා අයිතිවාසිකම් පිළිබදව මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුයේ කෙලෙව්නා නුවර නගරාධිපති වෝල්ටර් ග්‍රේ සමගය.එහිදී මාධ්‍යෙව්දීනිය තම අයිතිවාසිකම් ප්‍රදර්ශනය කරමින් ඇද සිටි ඇඳුම උනා දමා උඩු කය නිරුවත් වුවාය.
නගරාධිපතිවරයාද ඇගේ අයිතිවාසිකම හා සියලු කාන්තා අයිතිවාසිකම් පිළිගනිමින් උඩුකය නිරුවත් මාධ්‍යවේදිනිය සමග දිගටම මාධ්‍ය සාකච්ඡාවේ නිරත වී ඇත.
උඩුකය නිරුවත් මාධ්‍යවේදිනියගේ එම වීඩියෝව පහතින්.
(shaafm.lk)
Thissa Attanayake meets Mahinda
By:
Prosperity Tech
On: 4:40 AM
තිස්ස - ජයන්ත අරලියගහදී ජනපති හමුවෙති
එක්සත් ජාතික පකෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා අරලිය ගහ මන්දිරයට ගොස් තිබේ.Sri Lankan model Ashini Perera
By:
Prosperity Tech
On: 3:58 AM
මිස් ග්ලෝබල් ඒෂනී
ඒෂනි ඔබ කවු ද?
මගේ ගම කුරුණෑගල. ඉගෙන ගත්තෙ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. පවුලේ අම්මයි, තාත්තයි, අයියායි, මමයි. අපි පදිංචි විජේරාමෙ. සාමාන්‍ය පෙළ විභාගයට ලියලා ගෙදර සිටිය දී අම්මා මාව සුදර්ශනීගෙ නර්තන පන්තියකට යොමු කළා. එහි දී නිරූපණයටත් අවස්ථා ලැබුණා. පසුව රූපවාහිනී දැන්වීම්වලට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ”ඞීඑස්අයි” ඇඞ් එකෙන් පටන් ගත්තෙ. මේ අතරවාරයෙදි ආයතන කිහිපයක සේවය කළා. ඉන් පසුව ස්වර්ණවාහිනිය, සියත සහ සන් FM (එෆ්එම්) නිවේදිකාවක ලෙසත් කටයුතු කළා.
අද දවසේ නියැලෙන්නෙ මොන අංශයේ ද?
දැන්වීම්වලට පෙනී සිටිනවා. ඒ වගේම අර්ධකාලීනව නිරූපණයේ යෙදෙනවා. හැබැයි ඒ කරන දේවල් වෘත්තීමය වගකීම වටහාගෙන කරන්නෙ. එහෙම නැතුව ආවට, ගියාට කරන දේවල් නොවෙයි.
ඇයි ස්ථිර අංශයක නිරත නොවන්නෙ?
නිරූපණය, නිවේදනය, සමාජ සත්කාරවලට දායක වීම වගේ ඒ සියලූ දේ කරන්න ආසා නිසා.
රඟපෑමට නාවේ?
වතාවක් ද ෆිල්ම් ටීම් ආයතනය යටතේ මෙහි දී රූගත කළ රුසියානු චිත‍්‍රපටයක රඟපෑවා. ඇත්තටම හොඳ චිත‍්‍රපටයක රඟපාන්න ආසයි. හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා.
මේ කරන කියන දේවල් ආර්ථිකයට ප‍්‍රමාණවත් වෙනව ද?
මගේ අයියා ජ’පුර සරසවියේ උපාධිධාරියෙක්. එයා විද්්‍යුත් මාධ්‍ය ප‍්‍රවර්ධන කටයුතු ආයතනයක් පවත්වාගෙන යනවා. මාත් ඒ කටයුතුවලට සහයෝගය දෙනවා. ඊට අමතරව ACBT එක මම වැඩිදුර පාඨමාලාවක් හැදෑරුවා. ලබන වසරේ දී මගේම විලාසිතා ආයතනයක් පවත්වාගෙන යාම අරමුණයි.

”මිස් ග්ලෝබල්” ගැන විස්තර සඳහනක් කළොත්?
මේ ජාත්‍යන්තර තරගයට මිස් ශ්‍රී ලංකා හෝ මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් සඳහා මෙවර තේරුණේ මමයි. ජැමෙයිකාවේ දී පැවැත්වෙන මෙම තරගයට රටවල් පනස් ගණනක් ඒ රටවලින් තේරුණු මිස් ග්ලෝබල් කිරුළ ලද සුරූපිණියන් සහභාගි වීමට නියමිතයි. මට හිතෙන විදියට රටට කීර්තියක් ගෙන දීමට පුළුවන් වේවි කියලා හිතෙනවා. තමන්ගේ රටේ සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනයට ප‍්‍රචාරය ලබා දීම මෙහි ඉලක්කයයි. ඉතින් මම මගේ රටේ ප‍්‍රවර්ධනයට සේවයක් කරන අතරේ පාසල් කාලයේ සිටම කරන සමාජ සේවයට මීට වඩා ලැදිව කටයුතු කිරීම අරමුණයි. මගේ උපන් දිනය යෙදෙන්නෙ දෙසැම්බර් 4 වැනිදාටයි. එදාට මම ඉන්නෙ ජැමෙයිකාවෙ. 6 වැනිදා පැවැත්වෙන මේ තරගයේ දී ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන ඒම ඒකායන අරමුණයි. මේ සියලූ දේ වෙනුවෙන් මට මේ ලොකු අවස්ථාව ලැබුණෙ ඇමරිකාවේ බොස්ටන් ලංකා මාධ්‍ය ජාලයේ ප‍්‍රධානි චිත‍්‍රාල් ද මෙල් මහතා සහ ලියෝනි ද මෙල් මහත්මියගෙ අනුබලය සහ අනුග‍්‍රහය නිසයි. එය ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැතියි.
හැඩ ගැන්වීම්: මධාරා ප‍්‍රසාදි විතාරණ
පසුතලය: පාක් ස්ටී‍්‍රට් මියුස් (Park Street Mues)
lankadeepa.lk
Sunday, December 7, 2014
UNP General Secretary Tissa Attanayake To Join The Government
By:
Prosperity Tech
On: 11:02 PM
තිස්ස අත්තනායක එ.ජා.ප. මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ, තිස්ස අත්තනායක මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පක්ෂ නායකත්වයට භාර දුන් බව ය.
Anarkali Akarsha weds
By:
Prosperity Tech
On: 6:56 PM
අනර්කලී යුගදිවියට
ජනපි‍්‍රය නිළි අනර්කලී ආකර්ෂා ඊයේ (දෙසැම්බර් 06) වැනිදා අමෙරිකාවේ ජීවත් වන ශී‍්‍ර ලාංකීය තරුණයකු වන ඩිෂාන් ජයසිංහ සමග විවාහ වී තිබෙනවා. ඒ අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සැන් මැරීනෝහිදීයි. ඇයගේ විවාහ කටයුතු සඳහා ඇගේ මව සමගින් අනර්කලී පසුගිය නොවැම්බර් මාසයේදී අමෙරිකාව බලා පිටත් වුණා. එසේ අමෙරිකාවට යාමෙන් අනතුරුව නොවැම්බර් මස 13 වන දින ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුව තිබෙනවා. ලබන ජනවාරි මාසයේදී අනර්කලී යළි දිවයිනට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
අනර්කලීගේ විවාහයෙන් අනතුරුව බොහෝදුරට ඇමරිකාවේ පදිංචිවන්නට ඉඩ තිබෙන අතර ඇය ලංකාවේදී සිදු කළ ඇගේ දේශපාලන වැඩ කලා වැඩ සියල්ලෙන් ඉවත්වන්නටද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙමෙන් අනතුරුව ඇය විසින් දේශපාලනඥයින්, නළු නිළියන්, කී‍්‍රඩකයින් ආදී පිරිස් සහභාගි වන සාදයක්ද මෙරටදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
(nethfm.com)
UK porrrn legislation
By:
Prosperity Tech
On: 2:42 AM
බ්‍රිතාන්‍ය තුල කාමුක චිත්‍රපටවල චර්යාවන්ට තහනමක්
සිය රට තුළ නිපදවෙන කාමුක චිත‍්‍රපට සඳහා ඇතැම් ලිංගික චර්යාවන් තහනම් කිරීමට බි‍්‍රතාන්‍ය රජය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ලිංගික චර්යාවන් 10කට වැඩි සංඛ්‍යාවක් මෙලෙස බි‍්‍රතාන්‍ය චිත‍්‍රපට වාරණ මණ්ඩලය විසින් තහනම් කර තිබේ. කෙසේ වෙතත් විචාරකයින් චෝදනා කර ඇත්තේ නව නීතිය මගින් බි‍්‍රතාන්‍ය ලිංගික සිනමාව විනාශමුඛයට පාත‍්‍රවනු ඇති බවයි.බි‍්‍රතාන්‍ය අන්තර්ජාල පේ‍්‍රක්‍ෂකයින්ට තහනම් කරන ලද දසුන් විදෙස් නිෂ්පාදිත සිනමා පට වලදී දක්නට ලැබෙන හෙයින් මෙහි පදනමක් නොමැති බව ඔවුන්ගේ අදහසයි. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය මාධ්‍යයට අදහස් දක්වමින් කාමුක සිනමා අධ්‍යක්‍ෂිකා එරිකා ලස්ට් පවසා ඇත්තේ නව නීතිය මගින් බි‍්‍රතාන්‍ය කාමුක සිනමාපට යළිත් වරක් කාන්තාවගේ ලිංගික ආශ්වාදය නොතකා හරින තත්වයකට පත්වනු ඇති බවයි.hirufm.lk
Prasanna Solangaarachchi Joins Maithripala
By:
Prosperity Tech
On: 1:42 AM
ප්‍රසන්න සෝලංගආරච්චි පොදු අපේක්ෂක මෛත්‍රීපාලට සහය දීමට තීරණය කරයි
කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන බව පවසයි.ඔහු මේ බව සඳහන් කළේ මේ වනවිට කොටිකාවත්තේ පැවැත්වෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
ජාතික පක්ෂයේ සාමාජිකත්වයක් තමන් ලබා නොගන්නා බවත්, තව දුරට ත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටිමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව ත් ප්‍රසන්න සෝලංගආරච්චි මහතා එහිදී අවධාරණය කළේය.
(newsfirst.lk)
Thursday, November 13, 2014
SayThanks with Facebook's personalized video cards
By:
Prosperity Tech
On: 7:33 PM
ස්තුති කිරීමේ වීඩියෝවක් නිර්මාණය කරමින් මිතුරන්ට ස්තුති කිරීමේ පහසුකමක් ෆෙස්බුක් ආයතනය හදුන්වාදෙයි.
මෙම වසර තුල මහත් වූ සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට ෆෙස්බුක් ආයතනයට හැකි වී තිඛෙනවා. එම සාර්ථකත්වය සදහා හේතුව නම් පරිශීලකයින්ගේ සිත්ගන්නා පහසුකම් ගණනාවක්ම සමාජ ජාලය වෙත එක් කිරීමයි. උදාහරණයක් වශයෙන් පෙබරවාරි මස හදුන්වාදුන් ,ඛදදන ඊ්ජන, පහසුකම හදුන්වන්න පුළුවන්. එම පහසුකම භාවිතා කරමින් ෆෙස්බුක් සමාජ ජාලය තුල තමන් ගත කල කාලය සිහිකරවන කුඩා වීඩියෝ පටයක් තමාටම නිර්මාණය කරගැනීමට හැකියාව තිඛෙනවා.

ෆෙස්බුක් ආයතනය මීට දින කිහිපයකට පෙර හදුන්වා දුන් එවැනිම අලුත් පහසුකමක් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. එම අලුත්ම මෙවලම හදුන්වන්නේ ,ී්හ ඔය්බනි, යනුවෙනි. යම්කිසි මිතුරෙක් සදහා විශේෂ ස්තූතියක් පුද කිරීම සදහා එය ඉතාමත්ම අනර්ඝ පහසුකමකි. එහිදී ඔබේ සහ ඔබේ මිතුරාගේ පින්තූර සහ පොස්ට්ස් යොදා ගනිමින් ස්තූති කිරීමේ අලංකාරවත් වීඩියෝවක් පහසුවෙන්ම නිර්මාණය කරගන්නට පුළුවන්. විශේෂ මිතුරෙකුට ස්තුතිය පුදකිරීම සදහා නිර්මාණය කරගනු ලබන එම වීඩියෝව නිර්මාණය කරගැනීමේදී ඔබ කැමති පින්තූරයන් තෝරාගැනීමේ පහසුකම ඔබට ලැඛෙනවා. එහෙයින් වඩාත් අලංකාරවත් වීඩියෝවක් නිර්මාණය කරගන්නට හැකියාව තිඛෙනවා.
මේ වන විට ඩෙස්ක්ටොප් සහ මොබයිල් සයිට්ස් වලට මෙම පහසුකම ඇතුලත් කර කර ඇති අතර එම පහසුකම මගින් ඔබ උපරිම ප්‍රයෝජන අරගනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. සැමට කලියෙන් මෙම පහසුකම පිලිබදව ඔබව දැනුවත් කිරීමට ලැබීම ගැන නොදුටු ලෝකය අප සතුටු වෙනවා.
එම පහසුකම භාවිතා කිරීම සදහා ඔබ කලයුතු වෙන්නේ පහත ඇති වෙබ් ලිපිනයට පිවිසීමයි.
http://facebook.com/thanks
අලුත් පහසුකම ගැන මිතුරන් දැනුවත් කරන්න ලිපිය පහතින් ීය්රු කරන්නට අමතක කරන්න එපා.
අලුත් පහසුකම ගැන මිතුරන් දැනුවත් කරන්න ලිපිය පහතින් ීය්රු කරන්නට අමතක කරන්න එපා.
Subscribe to:
Comments (Atom)

.jpg)
.jpg)
.jpg)


