මම රඟපාන්නේ චිත්‍රපටවල විතරයි - තනාෂා සතරසිංහ
"අනගී" වෙළෙඳ දැන්වීම් තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් තනාෂා සතරසිංහ මේ වනවිට සිනමා නිළියක ලෙස කටයුතු කරන්නීය. නිරූපිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන ඇය පසුගිය වසරේදී "මිස් ශ්‍රී ලංකා" තරගයටද ඉදිරිපත්ව ජයග්‍රහණ කිහිපයක්ද අත්කරගන්නට සමත් වූවාය.තනාෂාගේ කුලූඳුල් සිනමා රංගනය තවත් නොබෝ දිනකින් ප්‍රේක්ෂක අපට දැකබලා ගත හැකි අතර, ඒ නලින් රාජපක්ෂගේ ˜රන් දේදුන්න˜ චිත්‍රපටය හරහාය.
තනාෂා මේ දිනවල ටිකක් කාර්යබහුල කෙනෙක්?
ඔව්, මගේ පළමු සිනමා රංගනය වන ˜රන් දේදුන්න˜ තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒ නිසා එහි වැඩ කටයුතුත් එක්ක ටිකක් විතර කාර්ය බහුල වෙලා තියෙනවා. ඊට අමතරව භාරගත් වෙළෙඳ දැන්වීම් කිහිපයක් සහ ගීත රූප රචනා කිහිපයක මේ දිනවල වැඩ කරනවා.
"රන් දෙදුන්න" ඔබේ පළමු සිනමා රංගනය?
