අනියම් සැප සොයා ගෙට රිංගූ රොෂාන්ට රහසඟ බෑග් එකක දාගෙන ඉස්පිරිතාලෙ නවතින්න වූ හැටි - Video
‘‘ඇයි අක්කා මට මෙහෙම කළේ කියලා කපපු කෑල්ල ඉල්ලුවා..“
‘‘ඒකි කපලා අනිත් අයට කියනවා කෑල්ල ගේන්නලු..“
පොලොන්නරුව, මින්නේරිය පොලිස් ස්‌ථානයට අනුයුක්‌තව සේවයෙහි නියුතු පොලිස් කොස්‌තාපල්වරයකුගේ රහසඟ තියුණු ආයුධයකින් කපා දමා දැමීමේ සිද්ධිය වාර්තා වුයේ පසුගිය 10 වන දායි.
මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 30 හැවිරිදි කොස්‌තාපල්වරයා ප්‍රතිකාර සඳහා හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය රෝහලට සහ පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට කොළඹ ජාතික රෝහලට මාරු කළා.
පෙරේදා (10) සවස 2.30 ට පමණ හිඟුරක්‌ගොඩ, පාලුවැව, ජන උදානගම ප්‍රදේශයේ පිහිටි අනියම් බිරිඳගේ නිවසේදී මෙලෙස ඇය විසින් රහසඟ කපා ඇති බව හිඟුරක්‌ගොඩ පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ අතර පළමු විවාහයේ සැමියා මියගිය වැන්දඹු කාන්තාව විවාහ කර ගැනීමේ පොරොන්දුව මත කොස්‌තාපල්වරයා දැනට වසරක පමණ කාලයක සිට ඇය සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
අනතුරුව මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කොස්‌තාපල්වරයාගේ අනියම් බිරිඳ හිඟුරක්‌ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ඊයේ (11 දා) හිඟුරක්‌ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.
මේ අතර අනියම් බිරිඳ විසින් කපා දැමූ රහසඟ අදාළ පොලිස් කොස්තාපල්වරයාට බද්ධ කළ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියා. රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකය මගින් සැත්කම කළ අතර තුවාලකරු 4වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
අදාළ සිදුවීම එම ප්‍රදේශයේ කාන්තාවක් පැවසූ අයුරු පහතින් බලන්න...
0 comments:
Post a Comment