Monday, January 30, 2017

Tagged Under: , , , , ,

I can do everything a little - Shanudrie Priyasad

By: Prosperity Tech On: 3:42 AM

මට හැමදේම පොඩ්ඩ පොඩ්ඩ පුළුවන්


යොවුන් රංගන ශිල්පිනියක සේම ගායිකාවක ලෙසද එකසේ ජනප්‍රිය ශනුද්‍රි ප්‍රියාසාද් සමගින් කතාබහ අරඹන්නට අපි සිතුවෙමු. පසුගිය කාලයේ සිය අධ්‍යාපන කටයුතු නිසාම කලා ක්ෂේත්‍රයෙන් ඈත්ව සිටි ශනුද්‍රි මේ වනවිට නැවතත් සුපුරුදු පරිදි කලා කටයුතුවලට දායකව සිටින්නීය. ඇයගේ අලුත්ම ටෙලි නාට්‍යයක් පෙබරවාරි 06 වැනිදා විකාශය වීමට නියමිත අතර, ශනුද්‍රි පළමු වතාවට එහි ප්‍රධාන චරිතයකින් සිය රසික පිරිස් හමුවීමට සූදානමින් සිටියි.

අලුත් වැඩකටයුතු කොහොමද?

අධ්‍යාපන කටයුතු ඉවර හින්දා ආයෙත් මම කලා කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දිනවලත් අලුත් ටෙලියේ රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා වැඩ කරනවා.

කියමුකෝ අලුත් ටෙලියේ විස්තර?

"දෙවැනි ඉනිම" තමයි මම රඟපාන අලුත් ටෙලියේ නම. සරංග මෙන්ඩිස් මහත්මයා තමයි එය අධ්‍යක්ෂණය කරන්නේ. මම "ෂමල්කා" කියන ප්‍රධාන චරිතයට දායක වෙනවා. මේක තමයි මා පළමුවෙන්ම දායක වෙන ප්‍රධාන චරිතය. මා සමගින් දෙරණ "ඩ්‍රීම් ස්ටාර්" තරුවක් වුණ රවීන් කණිෂ්ක තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.
පසුගිය කාලයේ අධ්‍යාපන කටයුතු නිසා කලාවට ඔබේ දායකත්වය ලැබුණේ අඩුවෙන්?

ලැබුණේ නැති තරම් කිව්වොත් හරි. මොකද, අධ්‍යාපන කටයුතු නිසා කලා කටයුතුවලට මම දායක වුණේම නැහැ. අන්තිමට මම ගීතයක් කරලා එය 2015 අවුරුද්දේ එළිදැක්වුවා "ඔබේ ආදරේ" නමින්.

අධ්‍යාපන කටයුතු අවසන් වුණ නිසා දැන්නම් ශනුද්‍රිව නිතර අපිට දකින්න පුළුවන්?

ඔව්, කලා නිර්මාණ කිහිපයකටම දායක වෙන්න අවස්ථා නම් ලැබිලා තියෙනවා. "දෙවැනි ඉනිම" ටෙලි නාට්‍යය තුළින් මාව පෙබරවාරි 06 වැනිදා ඉඳලා දකින්න පුළුවන්.

ඔබ රංගනයට ආවේ චිත්‍රපට හරහා. චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?

තවම නම් නැහැ. නමුත්, ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම භාරගන්නවා. මොකද, ටෙලි නාට්‍යය රංගනයට වඩා මම ගොඩක් කැමතියි සිනමා රංගනයට. මම රඟපාන්න ආවේ සිනමාවෙන්. ඒ නිසා අදටත් මගේ මුල් කැමැත්ත තියෙන්නේ සිනමාවට.

අලුත් ගීතයක් කරන්න අදහසක් තියෙනවාද?

තවම නම් නැහැ. මොකද, විභාගය ඉවර වුණා විතරයි නේ. බලමු, ඉදිරියේදී අලුත් ගීතයක් කරන්න. හොඳ නිර්මාණයක් ලැබුණොත් මම ඉක්මනින්ම අලුත් ගීතයක් කරනවා. මේ දවස්වල මම රයිනි චාරුකා අක්කි ගාව ගිටාර් වාදනය පිළිබඳව ඉගෙන ගන්නවා. මම ගිටාර් වාදනයටත් ගොඩක් කැමති. ලොකු අක්කා දිනක්ෂි පසුගිය කාලේ නිතරම රියලිටි තරගවල දැක්කා. ශනුද්‍රිට එවැනි රියලිටි තරග සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ නැද්ද? ආරාධනා ලැබුණා. එතකොට මම විභාගයට මුහුණ දෙමින් හිටියෙ. ඒ නිසා ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. දැනුත් ආරාධනා නම් ලැබෙනවා. නමුත්, කුමන හේතුවක් මත හෝ ඒ අවස්ථාව මඟ හැරෙනවා. බලමු ඉදිරියේදී එවැනි තරගයක් සඳහා ආරාධනාවක් ලැබුණොත් සලකලා බලනවා.

ශනුද්‍රි කියන්නේ රංගන ශිල්පිණියක්, ගායිකාවක්. වෙනත් දක්ෂතා තිබෙනවාද?

රඟපාන්න, ගීත ගයන්න වගේම නර්තනයට, නිවේදනයටත් මම දක්ෂයි. කොටින්ම කියනවා නම් මම ලොකුවට දක්ෂ නැතිවුණත් මට හැමදේම පොඩ්ඩ පොඩ්ඩ පුළුවන්.

අක්කා වගේ සම්මානලාභිනියක් වෙන්න ශනුද්‍රිගේ හීනයක් නැද්ද?

දිනක්ෂි අක්කාට සම්මාන 5ක් 6ක් පසුගිය කාලේ ලැබුණා. ඒ ගැන ගොඩක්ම සතුටුයි. මටත් සම්මාන දිනාගැනීමේ හීන තියෙනවා. පසුගිය කාලේ වැඩක් කළේ නැහැ. ඉතින් දැන් අධ්‍යාපන කටයුතු නිමා කළ නිසා ආයෙත් වැඩ පටන් ගත්තා. ඉදිරියේදී සම්මාන දිනාගන්න හැකි රඟපෑම් මම ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා.
Description: Shanudrie Priyasad, Actress, Sri Lankan Actress, Models, Gossip, Funny,

0 comments:

Post a Comment